අවුල්ම බස් රූට් 3

154 – අඟුලාන කිරිබත්ගොඩ – ලැජ්ජා ටැක්සිය

154 - අඟුලාන කිරිබත්ගොඩ - ලැජ්ජා ටැක්සිය
Source – sundayobserver.lk, flickr.com

කොල්ලුපිටිය කිට්ටුවටම ගොස් නැවත හරවා බම්බලපිටියෙන් නයා ගසන මෙම බස් රථ යනු ප්‍ර‍ර්ශනවලට BMICH යන උදවියගෙන්, කොළඹ හා කැළණි විශ්ව විද්‍යාල සිසුන්ගෙන්, House of Fashion යන ෂොපින් පීපල්ස්ලාගෙන්,  NIBM යන ඈයොන්ගෙන්, අටෝරාසියක් ඔෆිස් බුවාලාගෙන්, ආකේඩ් එකේ මල් නෙලන්නන්ගෙන් සහ රෝයල්, ඩීඑස්, තර්ස්ටන්, නාලන්ද, සිරිමාවෝ, දේවී ඇතුළු පාසල් සිසුන්ගෙන් පිරී ඇත්තකි. එතනින් එහාට මෙම අවුල ලිහා බැලීම අප්‍ර‍සන්නය. කොන්දොස්තර මහතා ඉදිරි දොරෙන් කකුලක් පමණක් පිටින් තබාගෙන යන්නෙ මාර්ගයේ ඉඩ ලබාගැනීමටය.

 

255 – ගල්කිස්ස කොට්ටාව – කාළගුණේ

Source - canstockphoto.com, 123rf.com
Source – canstockphoto.com, 123rf.com

කාළගුණේ වාගේය. එක එක කලට වෙනස් වෙයි. විශේෂ වූ හැකියාවන් නොහොත් හොලිවුඩයට හුරැ ලෙස සුපර් පවර්ස් ඇති ඩ්‍ර‍යිවර් මහතුන් සහ කොන්දස්තර මහතුන් මෙම බස් රථ වෙනුවෙන් යොදාගනී. විටෙක අවුරැදු හැත්තෑවේ මෑණිවරැන්ද යන බසයෙන් පනින තරම් අඩු වේගයකින් මේවා ධාවනය වන අතර විටෙක ජේම්ස් බොන්ඩ් පවා බසයෙන් බැසීමට නොහැකිව අසරණ කරවීමට මොවුන් සමත්ය. බසය විටෙන් විට විවිධාකාර වෙයි. ගල්කිස්සේ සිට කටුබැද්දට යන තුරු කොන්දස්තර මහතා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග බසයෙන් බැස බසයේ හෙවණට වී ඇවිද යයි. කටුබැද්දෙන් ගොඩවන අතිවිශාල සෙනග මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ පිළියන්දලින් බැස යයි. මගීන්ගේ අවාසනාවකට බසයේ සෙනග අඩු වුව හොත් එතැන් පටන් රේස් දැකගත හැක. ඒ අනෙක් බසයක් සමග නොව තමන් සමගමය. ගැබිනි මවුවරුන් ළමුන් වදයි, පෙම්වතා බලා සිටිද්දී පෙම්වතිය ජනේලයෙන් විසිවෙයි, යනාදී පෙළහරයන් එතුළ වෙයි.

 

17 – පානදුර මහනුවර – අම්බලම

 

Source - lankaholidays.com, lankareporter.com, visualphotos.com
Source – lankaholidays.com, lankareporter.com, visualphotos.com

දුර ගමන් බසයකට හුරු පුරුදු ලෙස වේගයෙන් නොයයි. කොළඹින් පසු බසය පානදුර තෙක් යන්නේ තමන් කැමති මාර්ගයෙනි. අති ධ්වනි තරංගවලින් යුතු එළිමහන් සංගීත වේදිකාවේ ගීතවලින් කන් පිරෙයි. එහි රූපවලින් ඇස් පිරෙයි. ඇස් වසා ගත්තද කන් පිරෙයි. එම ශබ්දය දෙසවනට වැටෙනු වලක්වන්නට ඉන්ඉයර් ෆෝන්වලටවත් නොහැක. වෙසක් පොසොන් වැනි උත්සව සමයන්ට ඩ්‍රයිවර් මහතා බසය නවතා සිටියදී කොන්දොස්තර මහතා දන්සැලේ අයිස්ක්‍රීම් පෝලිමේ හිඳියි. ඉන්පසු අයිස්ක්‍රීම් කමින් බස් පදියි. දුර ගමන් බසයක දැකිය හැකි වේගය එහි අහලකවත් නැත. එනිසා ගැස්සෙමින්, සිරවෙමින්, හෙමිහෙමින්, දාඩියෙන් සහ කන්දොස්කිරියාවෙන් පිරි බසයකට තවත් උදාහරණ කුමටද?