පච්ච සිරා… මෙන්න ලංකාවේ ටැටූ එකක් ගහන්න හොඳම තැන් 6ක්!

ඉස්සර නම් පච්ච කොටන් ඉන්න අයව හැඳින්වුවෙ අයි ආර් සී කාරයො කියල. තමන්ගෙ චණ්ඩිකම් වගේ දේවල් ප්‍රදර්ශනය කරන්නත් ඒ කාලෙ හරියට පච්ච ගහල තියනව. ඉතින් ඒ කාලෙ සමාජය පච්චයක් දිහා බැලුවෙ තරමක් පහත් විදිහටයි.

වර්තමානය වෙද්දිනම් මේ ටැටූ මාධ්‍යය සහමුලින්ම වෙනස් වෙලා. මේක ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් වෙලා… තමන්ට සිතැඟි දේවල්, තමන්ගෙ ජීවිතේට ළඟ දේවල් සහ සැමරුම් ටැටූ කරගන්න හුඟක් අය පෙළඹිලා ඉන්නෙ මේ දවස්වල. පිරිමි අතරේ තරමටම කාන්තාවන් අතරත් මේ ටැටූ කලාව අද ඉතා ප්‍රචලිත වෙලා තියෙන්නෙ ඒ නිසයි.

ටැටූ එකක් ගහන එක ලේසි කාර්යයක් නෙමෙයි. තමන්ට වැය කරන්න හැකි මුදලත් ටැටූ එකේ ගුණාත්මක බවත් (quality) ගැන හිතල ආයෙ දෙපාරක් කරදරවෙන්න ඕනෙ නැති තැනකින් ටැටූ එකක් ගහන එක තමයි සාර්ථක වෙන්නෙ. මොකද ටැටූ එකක් ගහනවට වඩා කරදරයි ඒක මකන්න හෝ වෙනස් කරන්න ගියාම.

යාලුකමට නිකන් ටැටූ ගහන අයත්, රුපියල් දාහට දෙදාහට ටැටූ ගහන අයත් ඕනෙ තරම් ඉන්නවා. එහෙම අය අතර දක්ෂයොත් ඉන්නවා උනාට බොහොමයක් අයගෙ නම් හැකියාව ඉතා දුර්වලයි. විශේෂයෙන් වර්ණ ගැලපීම්, සෙවනැළි (shades) ඇඳීම්, විස්තරාත්මක (details) බවින් වැඩි ටැටූ එකක් කරද්දි මේ කියන දක්ෂයො සහ අදක්ෂයො අතර වෙනස් සක්සුදක් සේ දැකගන්න පුලුවන් වෙනව. ඊට අමතරව එකම ටැටූ කටු නැවත පාවිච්චි කිරීම, බාල තීන්ත වර්ග පාචිච්චි කිරීම වගේ දේවලුත් එවන් බොහොමයක් අය අතින් සිදුවෙනව. එය ඔබේ සෞඛ්‍යටත් අවදානමක්.

ටැටූ එකක ප්‍රමාණය, ඒකෙ තියන විස්තර සහ වර්ණයන් ප්‍රමාණය සහ සංකීර්ණ බව අනුව තමයි බොහෝවිට ටැටූ එකක මිල ගණන් තීරණය වෙන්නෙ. සාමාන්‍යයෙන් රුපියල් හාර පන් දහසේ සිට ඉහලට නියම වන මුදලකට ඉතාම හොඳ ටැටූ නිර්මාණ ශිල්පියෙකුගෙන් ටැටූවක් කරගන්න ඔබට හැකියාව තිබෙනවා.

අපි මේ කියන්න හදන්නෙ ටැටූ එකක් ගහන්න හිතන් ඉන්න ඔයාලට දෙගිඩියාවක් නැතිව ගිහින් නිදහසේ ටැටූ එකක් ගහගන්න පුලුවන් එහෙම තැන් කීපයක් ගැනයි. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම,විවිධ වර්ගවල ටැටූ කෙටීමේ හැකියාව, වර්ණ පිළිබඳ දැනුම, නිර්මාණශීලීත්වය සහ ටැටූවේ කල් පැවැත්ම තීරණය කරලයි මේ හොඳම තුන් දෙනාව අපි තෝරලා තියෙන්නෙ.

 

1. රොෂාන් රොඩ්රිගෝ – Living Art Studio

tattoo artists - 01

රොෂාන් කියන්නෙ ඕනෑම ආරෙක ටැටූ ගහන්න අති දක්ෂයෙක්. සමහර වෙලාවට අපි ටැටූ කරගන්න තෝරාගෙන යන ටැටූ ඩිසයින් එක තියනවටත් වඩා හොඳට වර්ණ සහ ඡායාවන් (shades) වෙනස් කරල ඒක තවත් වැඩි දියුණු කරන්න රොෂාන්ට පුලුවන්. ඔබ කරගන්න යන්නෙ විස්තරාත්මක බවින් වැඩි ටැටූ එකක් නම් බය නැතිව රොෂාන් ගාවට යන්න කියල අපිට නිර්දේශ කරන්න පුලුවන්. බම්බලපිටිය ස්ටේෂන් පාරේ තමයි ඔහුගේ ස්ටූඩියෝ එක තිබෙන්නෙ. වැඩි විස්තර සඳහා රොෂාන්ගේ Facebook පිටුව නරඹන්න කියලත් අපි ඔබට ආරාධනා කරනව.

tattoo artists - 01b

 

2. නිර්මාල් ඩයස් – Tattoo Paradise

tattoo artists - 02නිර්මාලුත් රොෂාන් වගේම ටැටූ කලාවේ දක්ෂයෙක්. Tattoo Paradise ස්ටුඩියෝවේ නිර්මාල්ට අමතරව අෂාන් සහ යශීරත් ටැටූ ශිල්පියො හැටියට වැඩ කරනව. ඔවුන් සමග සාකච්ඡා කරල ටැටූ එකක අදහස තවත් වැඩි දියුණු කරල තමන්ට සුදුසු ආකාරයකට නිර්මාණය කරගන්න ඔබට පුලුවන් වේවි. Tribal, 3D ආදී ටැටූ විලාසිතා කිරීමේදී මේ අය ඉදිරියෙන් ඉන්නව.

නිර්මාල් ඇතුලු පිරිස ගැන වැඩි විස්තර සහ ඒ අය ටැටූ ශිල්පී වෘත්තියට යොමුවූ හැටි ගැන තොරතුරු දැනගන්න පුලුවන් ඒ අයගෙ වෙබ් අඩවියෙන්.

tattoo artists - 02b

 

3. දිම්මු ප්‍රනාන්දු – Tattoo art studio

tattoo artists - 03දිම්මු කියන්නෙත් ලංකාවේ ටැටූ ශිල්පය ගැන කතාකරද්දි ඉහලින්ම කියවෙන නමක්. ටැටූ නිර්මාණකරනය අතිනුත් දිම්මු ඉහලින්ම ඉන්නවා. ඒ නිසා ඔබ අන්තර්ජාලයෙන් අරන් යන පින්තූරය හෝ ඔබේ හිතේ තිබෙන ඩිසයින් එක හොඳ ටැටූ එකකට පෙරළීම ගැන සැක සංකා තබාගන්න ඕනෙ වෙන්නෙ නෑ.

සමහරු කැමතියිනෙ තමන්ගෙ සමීපතමයන්ගෙහෝ තමන් ප්‍රිය කරන තරුවකගෙ රුව ටැටූ කරගන්න. ඒ වගේ ටැටූ එකක් බය නැතිව දිම්මුගෙන් කරගන්න පුලුවන්. මෙන්න ඔහුගේ Facebook පිටුව.

tattoo artists - 03b

ඉහත අපි සඳහන් කරපු ටැටූ ආටිස්ට්ලාට අමතරව ඔබලාට ටැටූ එකක් කරගන්න පුලුවන් තවත් තැන් කිහිපයක් ගැන ඔත්තුයි මේ.

 

4. Tony and Dee – Tony And Dee Salon London

tattoo artists - 04Tony And Dee කියන්නෙත් ලංකාවේ ටැටූ එක්ක බැඳිච්ච ප්‍රසිද්ධ නමක්. ටැටූ ක්ෂේත්‍රයේ ඔවුන්ගේ සුදුසුකම් සහ පළපුරුද්ද ඉතා ඉහලයි. සාමාන්‍ය ටැටූ වලට අමතරව ටැටූ මගින් කෙරෙන රූපලාවන්‍ය කටයුතු (permanent make up) ආදියත් ඔවුන් විසින් සිදු කරනු ලබනවා. ඔබට ටැටූ එකක් මකා ගන්න අවශ්‍යනම් ඒ සේවාවද ඔවුන්ගෙන් ලබා ගන්න පුලුවන්.

tattoo artists - 04b

 

5. Aloka Tattoos

tattoo artists - 05ආලෝකත් ටැටූ නිර්මාණ ශිල්පියෙ දක්ෂයෙක්. ගල්කිස්සෙ තමයි මේ Aloka Tattoos පිහිටා තිබෙන්නෙ. වැඩි විස්තර සහිත සියුම් ටැටූ නිර්මාණ වලටත්, Freehand ටැටූ නිර්මාණ නිසාත් ඔහු ප්‍රසිද්ධියක් උසුලනවා. ඔහුගේ Facebook පිටුවට ගොඩවැදී ඔහු විසින් කරනු ලැබූ ආකර්ෂණීය ටැටූ නිර්මාණ එකතුවක් බලාගන්නත් ඔබට හැකියාව තිබෙනවා.

 

tattoo artists - 05b

 

6. සජී ටැටූ – Tattoo and Body Piercing School

tattoo artists - 06සජී ටැටූ ශිල්පීන් ඉන්නෙ කොළඹින් මදක් බැහැර ගාල්ල ප්‍රදේශයේ . මේ අයගෙත් හොඳ ටැටූ නිර්මාණ එකතුවක් දකින්නට ලැබෙනවා. ඊට අමතරව Body Piercing වැඩ වලටත් මේ අය හොඳයි. ඔවුන්ගේ වැඩි තොරතුරු මෙතැනින් හා මෙතැනින් ලබාගන්න.

tattoo-artists-03replace