ඇතුගල ඇරෙන්න කුරුණෑගල වෙන මොකවත් ඇත්තෙම නැද්ද? මේ දේවල් ගැන ඔබ අනිවා දන්නේ නැතුව ඇති

 

කුරුණෑගල කියන්නේ කොහොම ටවුමක් ද? ඇතුගල තියෙනවා එක හරි. එත් ඉතින් එච්චරයි නේ. මොනවද බලන්න තියෙන්නේ, මෙලෝ වටිනාකමක් නැති ටවුමක් ගැන මොකට කියනවද කියලා ඔබ සිතාවි. ඇත්තටම කුරුනෑගල එහෙමද? වැඩක් ඇත්තෙම නැද්ද? ඉතින් මේ නිසා අනිවා අපි උත්සහ කරන්නේ කුරුණෑගලට ගැන ඔබ දැනගත යුතු දේ මොනවාද කියලා හොයාගන්නයි.

 

1. අධ්‍යාපනය/ ටියුෂන්
Source – smartmarket.lk
Source – smartmarket.lk

ලංකාවේ අධ්‍යාපනය අතින් ඉහල තත්වයක තියෙන පාසල් කිහිපයක්ම කුරුණෑගල සතු වෙනවා. කුරුණෑගල මලියදේව විද්‍යාලය, ශාන්ත ආනා විද්‍යාලය. ඒ අතරින් සුවිසේෂයි.
මෙයට අමතරව ලංකාවේ වැඩිම ප්‍රමාණයක් සාමාන්‍යපෙළ සහ උසස් පෙළ සිසුන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට වෙන කොහෙටවත් වඩා එන්නේ කුරුණෑගලට. නුවර, අනුරාධපුරය වගේ නගර වලට ඇති සමීප බව නිසා බොහෝ ජනප්‍රිය ටියුෂන් ගුරුවරු තමන්ගේ ප්‍රධාන ටියුෂන් මුලස්ථානය විදියට කුරුණෑගල සලකනවා.

 

2. ඇතුගල
Source - wikimedia.org
Source – wikimedia.org

වෙන කොහේටවත් නැති එකම එක වාසියකුත් එක්ක ලංකාවේ ස්වභාවික ආපදා අඩුම නගරයක් ලෙසින් පිළිගන්න කුරුණෑගලට එම තත්ත්වය ඇතිවෙන්න එක හේතුවක් විදියට සලකන්නේ ඇතුගලයි. ඒ ඇතුගල නිසා කුරුණෑගල ප්‍රදේශයට එන සුළං වැසි තත්ත්ව වලට ස්වාභාවික ආවරණයක් ලෙස ක්‍රියා කරන බව කුරුණෑගල වැසියෝ විශ්වාස කරන නිසා.
තවත් මතයක් තියෙනවා කුරුණෑගල මෙතරම් රස්නේ වෙන්නට එක හේතුවක් වෙලා තියන්නේ ඇතුගලට වැටෙන ඉර අව්ව නිසා රත්වන ඇතුගලෙන් පිටකරන රශිමිය නිසා කියලා.

 

3. ඓතිහාසික වටිනාකම
Source - wikimedia.org
Source – wikimedia.org

ඓතිහාසික වටිනාකම ගැන කතා කරනකොට කුරුණෑගල කියන්නේ අපිට අත හරින්නටම බැරි නගරයක්. එය අවට තියෙන පැරණි බෞද්ධ විහාර සහ බලකොටු වගේ දේවල් අපිට මේ සඳහා උදාහරණ විදියට දක්වන්න පුළුවන්. රැස් වෙහෙර බුද්ධ ප්‍රතිමාව, අරංකැලේ වන සෙනසුන, යාපහුව ශෛල බලකොටුව, කැබැල්ලෑලෙන රජමහ විහාරය, දේවගිරි විහාරය,කොදුරුවපොල රජමහා විහාරය, පාදෙණිය රජ මහා විහාරය, පනාවිටිය අම්බලම, පඬුවස්නුවර, රිදී විහාරය සහ සංගමුව විහාරය වගේ විශාල බෞද්ධ ආගමික ස්ථාන සංඛ්‍යාවක් කුරුණෑගල නගරය පුරා පිහිටලා තියෙනවා.

 

4. විදේශීයන් ගේ ආකර්ෂණය
Source - booking.com
Source – booking.com

ඉහත හේතුව වගේම ලංකාවට එන ලංකාවේ ඉතිහාසය සහ සංස්කෘතිය අතිවිදින්නට කැමති විදේශිකයින්ට කුරුණෑගල කියන්නේ ඉතාම හොඳ විකල්පය. පහසුවෙන් ම ලඟා වෙන්න පුළුවන් නැරඹුම් ස්ථාන වගේම ඔවුන්ට නවතින්නට හැකි තරු පන්තියේ හෝටල් වලින්ද කුරුණෑගල පොහොසත්.

 

5. විදේශ සේවක ඒජන්සි
Source - airpowercarriers.org
Source – airpowercarriers.org

සමහර විට ඔබ දන්නේ නැතුව ඇති කුරුණෑගල කියන්නේ මේ වෙනකොට ලංකාවේ වැඩිම සේවකයින් පිරිසක් විදේශ රැකියා සඳහා යවනා ප්‍රදේශය බව. ඔබට පිට රට ජොබ් එකකට යන්න අවශ්‍ය නම්, දවසක කුරුනෑගල වටේ රවුමක් ගහලා එන්න. ඔබට වරදින එකක් නැහැ.

 

6. පොල් ත්‍රිකොනේ
Source - coconut-info.net
Source – coconut-info.net

කුරුනෑගල කියන්නේ පොල් ත්‍රිකොනේට අයත්වෙන ප්‍රදේශයක්. වෙනත් විදිහකින් කියනවා නම් ලංකාවේ වැඩිපුරම පොල් නිපදවෙන්නේ හා ඒ ආශ්‍රිත නිෂ්පාදනත් කුරුනෑගල දිස්ත්‍රික්කයේ තමා.

 

7. ඕනේ තැනකට එකම තැනකින්
Source - wikimedia.org
Source – wikimedia.org

ලංකාවේ ඕනෑම පැත්තකට ඔබට කුරුණෑගල හරහා යන්නට අවකාශ තියෙනවා. කෙටියෙන් කියනවා නම් කුරුණෑගල කියන්නේ ට්‍රාන්ස්පොටෙෂන් හබ් එකක්. කොළඹට නුවරට අනුරාධපුරේට වගේම යාපනේටත් කුරුණෑගල හරහා යන්නට ඔබට පුළුවන්.