ළමා පාතාලයෙන් එන තද රැප් සීන්

 

ටොපික් එක කියෙව්වට පස්සේ අම්මට උඩු කියල කියෙවුනා නේද? අපිටත් එහෙමම කියවුනා මුලින්ම මේ අපේ පුංචි රැප් ස්ටාර්ස් ලගේ වැඩ දැක්කම. දැක්කම නම් දොඩම් ගෙඩි දෙකක් උස නැති උනාට කොල්ලෝ ටික දෙන ටෝක්ස් දැක්කම අපේ උනත් බඩ පපුව සලිත වෙලා යනවා.

 

1. මොනවද මේ රැප්?
Source – youtube.com
Source – youtube.com

රැප් කියන්නේ මීට වසර ගණනාවකට කලින් ඇමරිකාවේ කළු ජාතිකයින් තමන්ගේ හැඟීම් මුදා හරින්නට වේගවත්ව වචන හසුරවන ගීත ශෛලියක්. පසු කාලෙකදී මෙයට පසුබිම් සංගීතයක්ද එකතු වෙලා තමයි මේ ඔය රැප් අද තියෙන තත්වෙට දියුණු වෙලා තියෙන්නේ. ලංකාවේ මුලින්ම රැප් මියුසික් කලේ Shiraz AKA Rude Boy, ඊට පස්සේ භාතිය හා සන්තුෂ්, රනිඳු, රන්ධීර්, Dilon, ක්‍රිෂාන් මහේෂන්, ඉරාජ් මේ වගේ ලිස්ට් එකක්ම ගායකයො සෙට් එකක්ම රැප් සින්දු කරන්න පටන් ගත්තා.

 

2. මොනවද සෙල්ෆි රැප්?
 Source – youtube.com

Source – youtube.com

අපි සෙල්ෆි ගහනවා නේ. ඉතින් සෙල්ෆි රැප් කියන්නෙ  මොබයිල් ෆෝන් එකේ ෆ්රන්ට් කැමරා ඕන් කරලා වීඩියෝ කරන රැප් එකක්. මේක ඉතින්  අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කෝකටත් කියලා මේ සෙල්ෆි රැප් එක අහලා බලන්නකෝ වෙනසක් දැනෙයි.

 

3. ලංකාවේ සෙල්ෆි රැප් සීන් එක
Source – youtube.com
Source – youtube.com

ඉහලින් කිව්වා වගේ ලංකාවේ වෘත්තිමය විදියට රැප් කරන ශිල්පියෝ ඉන්නවා උනත්, මෑතකදී අලුත් ට්‍රෙන්ඩ් එකක් පොපියුලර් වෙන්න ගත්තා. ඒ තමා ලංකාවේ සෙල්ෆි රැප් සීන් එක. එත් මේ සෙල්ෆි රැප් කරන සමහරක් අපේ මචංලා මචිලා දැක්කම නම් ටිකක් දුකත් හිතෙනවා කියලා කියන්න පුළුවන්.

 

4. ඇයි මෙහෙම වෙන්න හේතුව?
 Source – toptenscentral.com

Source – toptenscentral.com

ඒ වෙනමොනවත් නිසා නෙවෙයි, ඔවුන් අරං තියෙන්නේ බටහිර රැප් සිංදුවකින් ඇඳුම් ටිකයි, කුණුහරප ටිකයි, මත්ද්‍රව්‍ය ටිකයි විතරක් නිසා. සමහර විට ඔවුන් තුල යම් හැකියාවක් තියෙන්න පුළුවන්. එහෙත් හරි මඟපෙන්වීමක් නැති වුනාම මෙහෙම වෙනවා කියලයි අනිවා අපට හිතෙන්නේ.

මේ තියෙන්නෙ කලාව දියුණු කරගත්තු කට්ටියක්.

44 කල්ලිය කියන්නේ මුලින්ම බොහොම සුළුවෙන් රැප් සංගීතයට අත්පොත් තිබ්බ කණ්ඩායමක්. ඔවුන් ඔවුන්ගේ වඩාත්ම ජනප්‍රිය වුනු සෙල්ෆි රැප් වීඩියෝව අන්තර්ජාලයට මුදා හරියේ මෙන්න මේ විදිහට…


සමාජ ජාල හරහා මේක වයිරල් වුනාට පස්සේ ඔවුන් මියුසික් වීඩියෝ එකක් කරා මෙන්න මේ විදිහට…

 

5. එතකොට ළමා පාතාලේ කියන්නේ?
 Source – jericho1405.deviantart.com

Source – jericho1405.deviantart.com

මේ සෙල්ෆි රැප් සීන් එකට එකතුවෙලා ඉන්න බහුතරය වයස අවුරුදු 14ත් 18ත් අතර අය.  ඒ කියන්නෙ මේ අය බහුතරය තවම පාසල්  අධ්‍යාපනය  අවසාන කරලා නැහැ. ඒත්  දෙන්නේ “අහසේ දෙයියා නෑ ඩො, ලොකු සීන් එපා හරි,” මෙන්න මේ වගේ තවුසන්ඩ් ටෝක්ස්. ඉතින් මේ වගේ ලොකු ටෝක් දෙන පොඩි එවුන් හන්ද අපේ ෆේස්බුක් යාළුවො මේ පුංචි චණ්ඩින්ව හඳුන්වන්න ගත්තා “ළමා පාතාලේ ” කියලා.

පහුගිය දවස් වල එක පාරටම මේ වැඩ දාන එක අඩු වුනාලු. බලනකොට මෙන්නලු ඒකට හේතුව :p

 

6. මෙහි අනාගතය?
 Source – youtube.com

Source – youtube.com

මොනවා උනත් කියන්න දෙයක් තියෙනවා – රැප් කියන්නේ හරිම ක්‍රියේටිව් වැඩක්. ඒත් ඔහේ වචන කුණුහරප කියවගෙන යන එක නෙවෙයි රැප් කියන්නේ. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. ඒක ෆැෂන් එකකට වඩා සබ්-කල්චර් එකක් කරගන්න වටිනා වැඩක්.

රැප් කරන හැම කෙනාම ගැන්ස්ටර්ස්ලා වෙන්න ඕනෙම කියලා නියමයක් නැහැ. මේක තේරුම් අරන් අපේ යාළුවො රැප් කලොත් ලංකාවේ රැප් අනාගතය බොහොම ආවේනික එකක් වෙන්නත් පුළුවන් නේද?

කෝකටත් මේ ඉරාජ් කියන දේත් අහන්න!

 

Cover Image Source – Youtube