මහේල ස්මිත්ට ගහන්න දාපු Tweet එක දැක්කද? ඊටත් අමතරව රට පනින්න තරං කොල්ලගෙ හිත රිදෙන්න ඇති හේතු 5ක්

 
ඔස්ට්‍රේලියාව පළවෙනි පාරට ලංකාවෙන් ටෙස්ට් සීරීස් එකක් වයිට් වොෂ් වෙන්නම කෑව. ලැජ්ජයි තමයි. ඒකත් වැ‍ඩියෙම්ම ස්ටීවන් ස්මිත්ට. ඊට පස්සෙ යාංතං ගාටගෙන ගිහිල්ල ඕවර තුනකුයි විකට් තුනකුයි ඉතුරු තියෙද්දි පළවෙනි වන්ඩේ මැච් එක ගැහුවා. ඒකෙ ගෞරවේ ටීම් එකේ ඔක්කොම එවුං බෙදාගත්තා. ඔන්න ඉතිං පොරත්වයේ සිහින දැකලා අඟහරුවාදා දවල් වෙන්න ඇහැරිලා දෙවනි මැච් එක ගැහුව විතරයි. බඩු පැකට්! ලකුණු අසූගානකින් පරාදයි. ඒකත් ආයි ස්මිත්ගෙ කරේ.

ඕකට දුක හිතිලා පොර කැප්ටන්සියත් කෝනර් වෝනර්ට දීලා ගිහින් ප්‍රැක්ටිස් කරනවලු. හේතුව ඇහුවම විළි ලැජ්ජාවෙ බැරිකමට කියල තියෙන්නෙ ඊලඟ සවුත්තු ඇෆ්‍රිකා සීරීස් එකට සූදානං වෙන්නයි කියලා.

ඇත්තටම ඉතිං හිතනවකො ඕලෙවල් මැද්දෙන් ලියන ගමන්, ඒක ලියන එක නවත්තල ගෙදරට වෙලා ඉඳිද්දි අම්ම ඇයි කියල ඇහුවම ඒලෙවල්වලට සූදානං වෙනව කියල කිවුව වගේ ගොං උත්තරයක්නෙ ඒක.

කොහොමද ඕකට මහේල දාපු කිංඩිය?

මයින්ඩ් ගේම්ස් වලින් අනුන්ට ගහන ඔසීස්ලට ඔන්න ඉතිං නියම මයින්ඩ් ගේමක්!

Source – youtube.com
Source – youtube.com

එයාලගෙ හිටපු ප්ලෙය්ර්ස්ලටත් මේ ගේම වැඩිය අල්ලල නැහැ වගේ.

කොයිකටත් අපි ඇත්තටම හෙවුව ඇයි ස්මිත් ගියේ කියල. කතා ටිකක් තියෙනව. මෙන්න ඒවා.

 

1. ධුඛ්ඛායි!
Source – tvnz.co.nz
Source – tvnz.co.nz

පළවෙනි එකේ කාපු කේන්තියට ඇන්ජිය යකා වෙලා කියලා ස්මිතා හොඳටම අඬලා. උකුළෙ තියං වෝනර් ඔලුවත් අතගාලා. එක ගැහුවත් දෙක බැරිවෙයි කියා සිතාලා. දුක වැඩි වීලා. බයටම චූත් ගිහිල්ලා. ‍මැච් එක කාලා. දුකටම අඩියක් ගහලා. තීරණෙ කරලා අම්මි ගාවට යනවා කියාලා.

 

2. ඉමාරා ඔයා
Source – tensports.com, lankahotnews.net
Source – tensports.com, lankahotnews.net

සිරසෙන් අයින් වෙලා හින්දා ඉමාරාට වෙනිං වැඩකුත් නෑ. මේ දවස්වල වැඩත් නැති හින්දා පබ්ලිසිටි පාරකටත් එක්ක එයා ප්‍රසිද්ධ වෙන්න අල්ලපු බෝඩ් එක ෆේස්බුක් එකේ වයිරල් විදියට වෙනස් වෙවී ගියා. දුකයි තමා. ඔක ගැන ස්මිත් අහල තියෙනවා රසල් ආනල්ඩ්ගෙන් හිටං කියන්නෙ මොකද්ද කියලා. ආනල්ඩ් ඉතිං කිණ්ඩියටත් එක්ක කියල තියෙන්නෙ මං ස්මිත්ට ආදරයෙ කියලලු. තවත් ඉතිං යන්න හොඳ හේතුවක් ඕන නැහැනෙ.

 

3. පූජිත්
Source – colombogazette.com
Source – colombogazette.com

දෙවැනි මැච් එකේ ස්මිත් බේලි එක්ක පාට්නර්ෂිප් එක අදින වෙලාවෙ පූජිත් ජයසුන්දර මහත්තය ස්මිත් ඉන්න පැත්ත බල බල කතා කරලා තියෙනවා. ඒ වෙලාවෙ එහා පැත්තෙ හිටපු සංතුෂ් කොල්ලත් එතන ඉඳලා තියෙනවා. සංතුෂ් දවසක් ඔස්ට්‍රේලියාවෙ ෂෝ එකක ඉද්දි ස්මිත්ගෙ කෙල්ල ඔටෝග්‍රාෆ් එකක් ඉල්ලපු එකට ස්මිත් සංතුෂ්ට එහෙදි මොනමොනවද කිවුවලු. ඔය හිතේ දුකට තමයි පොර ඒ වෙලාවෙ අවුට් වෙලා තියෙන්නෙ. පස්සෙ ඩැනී මොරිසන්ගෙන් ඒ කවුද කියලා අහන කොට තමයි පූජිත් ‍ලොක්කා ස්මිත් ඉන්න පැත්තට ඇඟිල්ල දික් කරා කියලා මතක් වුනේ. ඉතිං ආයෙ ඉඳියිද රටේ.

 

4. කැරකෙන ලෝකේ
Source – khabar.ibnlive.com
Source – khabar.ibnlive.com

ටෙස්ට් මැච් ටිකේ ස්පින් දැකලම එපා වුනා. වන්ඩේවලට ආවෙ ෆෝක්නර්, ස්ටාක්, හේසල්වුඩ් අරං වැඩ පෙන්නන්න. ආයෙත් ස්පින් ට්‍රැක්. ඒ මදිවට සඳකැන්, අපෝන්සු, දිල්රුවන්, ධනංජය, ඩිල්ෂාන්, මිලින්ද, සීක්කු සෙට් එකම බස්සලා. බාගෙට බාගයක් ඕල්රවුන්ඩර්ස්ලා. ස්කොඩ් එකෙන් ඇස් වහගෙන තුන්දෙනෙක් බැස්සුවත් මැච් එකක් ඉවර කරන්න පුළුවන් සයිස් එකක්. ආයෙ චාටර් වෙන්නෙ නෑ කියලා හිතලා පොර, පොරට එච්චර දිරවන්නෙ නැති වෝන්ර්ට කැප්ටන්සිය දීලා ගියාලු කාලා වරෙන් කියලා.

 

5. හේරයි ඩිලයි මාලියි
Source – indianexpress.com, news.com.au
Source – indianexpress.com, news.com.au

හේරා ටෙස්ට් ටික වනසලා වනසලා නැවතුනා. ෆිෆ්ටිෆිෆ්ටිවල දකින්න නැතත් ආයෙ එයිද කියල බයයි. ලංකාවෙ හැටි එහෙමනෙ. ඒ අස්සෙ මාස ගනංවලට නැගිටින්නෙ නෑ කියපු මාලිංගයා අන්න ප්‍රැක්ටිස් කරනවා. ඒකට ස්මිත්ගෙ හොඳටම හිත රිදිලා. ඊටපස්සෙ ආරංචි වුනේ ඩිලා යනව කියලා. ඒ කියන්නෙ තුන්වෙනි මැච් එකේ හොඳට ගහයි. ඒකියන්නෙ හතරවෙනි එකේ ඉඳං කුසලා ඕපන් කරයි. බණ්ඩාරනායකෙන් යන්න කලිං ආපු පැත්ත හැරිලා බලනකොට ලංකාවෙ එකෙක් කිංඩියට මංජුලා තිළිණිගෙ පින්තූරයක් පෙන්නලලු.

 
Cover Image Source – adelaidenow.com.au, thecricketmonthly.com