බජට් එකට මාලදිවයිනේ රොමාන්තික සංචාරයක් යන්නේ මෙහෙමයි!

මෙයට අනුග්‍රහය:

Vista Rooms Logo
ඔබේ පෙම්වතාව හෝ පෙම්වතියව, එහෙමත් නැතිනම් සැමියාව හෝ බිරිඳව පුදුම කරවන්න අඩු මුදලකට මාලදිවයිනේ රොමාන්තික සංචාරයක් සූදානම් කරගන්න පුලුවන් නම් ඔබ ඒකට බැහැ කියනවද?

ඉන්දියානු සාගරයේ විසිරුණු කොදෙව් දූපත් සමූහයකින් සැදි රටක් වෙන මාලදිවයින ගැන ලංකාවේ බොහෝ දෙනෙක්ගේ හිතේ ඇඳිලා තියෙන චිත්‍රය වෙන්නේ සුන්දර වෙරළ තීරයන්ගෙන් මායිම් වූ චිත්තාකර්ෂණීය ඉන්දියානු සාගරය සහ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයන්ගෙන් සැදුණු සංචාරකයින්ගේ පාරාදීසයක්. කොහොම වුනත්, ලංකාවට කොතරම් ආසන්නයෙන් පිහිටා තිබෙන රටක් වුනත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් මාල දිවයිනේ නිවාඩුවක් ගත කරන්න ඉදිරිපත් නොවෙන්නේ, එවැනි සංචාරයක් තමන්ට දැරිය හැකි වියදමක් නොවෙයි කියලා හිතාගෙන තමයි. හැබැයි අපි කියන්න යන්නේ තව දුරටත් එහෙම හිතන්න ඕන නැහැ කියලා තමයි!

අඩුම බජට් එකකට සංචාරය කරන්න හිතන කෙනෙක්ට වුනත් මාල දිවයිනේ කරන්න දේවල්, දකින්න දේවල් බොහෝමයි. එහෙමනම් වියදම ගැන සැක සංකාවන් පැත්තකින් තියලා එන්න අපිත් එක්ක මාලදිවයිනේ සංචාරයකට එකතු වෙන්න! විවේකී සුවයට කැමති සංචාරකයින්ටම ගැලපෙන සුන්දර, හුදෙකලා මුහුදු වෙරළ, එතැන ඉඳන් ඔබේ.

ආදරවන්තයා/ආදරවන්තිය එක්ක අත්විඳින්න පුලුවන් ඉන්දියානු සාගරයට එපිටින් හිරු බැසයන චමත්කාරය එක්ක ඔබේ ආදරයත් එකතු වුනහම කොයි තරම් ආස්වාදජනක නිවාඩුවක් වේවිද? ඒ විතරක් නෙවෙයි, ඔබට දකින්නට ලැබෙන සුන්දර දසුන් ෆේස්බුක් හරි ඉන්ස්ටග්‍රෑම් හරි එකතු කරන්නත් කිසිම තහනමක් නැහැ. හැබැයි ඒ පින්තූර දැකලා ඔබේ යාලුවෝ නං අනිවා ඉරිසියා හිතනවට සැකයකුත් නැහැ.

 

1. බෝට්‍ටුවක් පැදන් යමුද සුදෝ මාලදිවයින්!

Source - reddottours.com
Source – reddottours.com

බෝට්‍ටුවෙන් යන්න ඕන නෑ, ප්ලේන් එකේම යන්න පුලුවන්. විශ්වාස කරන්න, අනෙක් ජාත්‍යන්තර ගුවන් ගමන් එක්ක බැලුවහම ඔබ හිතනවාට වඩා සෑහෙන අඩු මුදලකට දැන් මාලදිවයිනට ශ්‍රී ලංකාවේ ඉඳන් ගුවනින් යන්න පුලුවන්. එහෙමට වෙලාවක් යන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි, වීසා ගැන කරදර වෙන්න ඕනෙත් නෑ. ලංකාවේ ඉඳන් මාලදිවයිනට යන ඔබට ගුවන්තො‍ටුපලේදීම වීසා ලබාගන්න පුලුවන්.

මාලදිවයිනට යනවා කියන්නේ ප්‍රධානම සහ විශාලතම දූපත වෙන මාලේ වලට ගොඩබහිනවා කියන එකනේ. එතන ඉඳන් වෙනත් දූපත් වලට යනවා නං සී ප්ලේන් එකක යන්නත් පුලුවන්. හැබැයි ඒක ටිකක් ගණන් වැඩියි. ස්පීඩ් බෝට් එකක යන එකත් ගණන් වැඩියි, හැබැයි අර තරම් නැහැ. බජට් එකට යනවා නං ගැලපෙන්නේ පොදු ප්‍රවාහන සේවය වෙන ෆෙරී බෝට්‍ටුවක නැඟලා යන එක තමයි.

 

2. වෙරළේද ‍රැය පහන් කරන්නේ?

Source - lookandlovewithlolo.blogspot.com
Source – lookandlovewithlolo.blogspot.com

වෙරළේ ‍රැය පහන් කරන්නත් කොහේ හරි රිසෝට් එකක නවතින්න ඕනනේ. ඉස්සර වෙලාත් කිව්ව විදියට ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ මාලදිවයිනේ නතරවෙනවා කියන්නේ දරන්න බැරි වියදමක් කියලා. හැබැයි ඔබ නොදන්න දේ තමයි ඔබ නොහිතන තරම් අඩු මුදලකට, සැප පහසුකම් එක්ක මාලදිවයිනේ නවතින්න තැන් තියෙනවා කියන එක. තව දුරටත් එක ‍රැයකට ඩොලර් 1,000 ක් වියදම් කරන්න ඕන නැහැ. විස්ටා රූම්ස් මෑතකදී මාලදිවයිනේත් තමන්ගේ මෙහෙයුම් පටන් ගත්තා. දැන් විස්ටා රූම් එක්ක මාලදිවයිනේ නවතින්න අඩු මුදලට වැඩි පහසුකම් එක්ක තැනක් හොයන එක ලෙහෙසි පහසු දෙයක්.

මෙන්න උදාහරණ:

Captains Residence by Vista – Diffushi : එක් රැයක් රු. 8,754 පමණයි.

Source - booking.com

Diffushi දූපතේ පිහිටලා තියෙන මේ සංචාරක නිකේතනය ඔබට සුවපහසුව විතරක් නෙවෙයි, බෝට්‍ටු සවාරි, කිමිදුම් ඇතුළු මුහුදේ කරන්න විනෝදජනක ක්‍රියාකාරකම් ගණනාවකුත් ලබාදේවි. Captains Residence වල එක් ‍රැයකට දෙදෙනෙකුට අය කෙරෙන්නේ රු.  8,754 ක් (LKR) විතරයි.

 

Vista BnB Dhiffushi 1- Diffushi : එක් රැයක් රු. 9,629 පමණයි.

Source - airbnb.com

Diffushi දූපතේම තියෙන නිවාඩු නිකේතනයේ ඔබට එක් ‍රැයකට වියදම් වෙන්නේ රු. 9,629 ක් (LKR) විතරයි. සුන්දර මුහුදු වෙරළේ අසිරිය විඳින්න, ස්කූබා ඩයිවින්ග් ඇතුළු ජල ක්‍රීඩා වල නිරත වෙන්නත් මෙතන කදිමයි.

 

Thoddoo Beach View by Vista – Thoddoo : එක් රැයක් රු. 18,967 පමණයි.

Source - homeaway.co.in

පළතුරු රසවිඳින්න කැමති අයට පාරාදීසයක් කියලා හඳුන්වන සුන්දර Thoddoo දූපතේ තියෙන මේ නිවාඩු නිකේතනයේ එක් ‍රැයක් ගත කරන්න ඔබට වැය වෙන්නේ රු. 18,967 ක මුදලක්. මේ දූපතේ සුන්දරත්වයත්, සුඛෝපභෝගීත්වයත් එක්ක බලනකොට ඒ මුදල වැඩි නැහැ කියලා ඔබට හිතෙයි.

 

Captains Sunset Lodge by Vista – Diffushi : එක් රැයක් රු. 10,943 පමණයි.

Source - airbnb.co.uk

මනා සුවපහසුකම් එක්ක නිදහසේ ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය එක්ක කාලය ගත කරන්න කැමති ඔබට Diffushi දූපතේ තියෙන Captains Sunset Lodge by Vista නවාතැනේ ‍රැයක් ගත කරන්න වියදම් වෙන්නේ රු. 10,943 ක මුදලක්. මුහුදේ ඇති තරම් සෙල්ලම් කරන්නත් කිසිම තහනමක් නැහැ.

මේ ඇරෙන්න තවත් විකල්ප ඔබට ‍තෝරාගන්න පුලුවන් මාලදිවයිනේ ක්‍රියාත්මක වෙන විස්ටා රූම්ස් නිවාඩු නිකේතන අතරින්. ඒ එක්කම කියන්න ඕන දේ තමයි මේ හැම තැනකම ඔබට උදෑසන ආහාර, කාමර සේවාව, ලොන්ඩරි සේවය, කාමරයට යාබද නාන කාමර, වායු සමීකරණ වගේම නොමිලේ වයි-ෆයි සම්බන්ධතාවය තියෙන බව. ඒ වගේම පිරිසිදුකම සහ ආරක්ෂාවත් උපරිමයි.

 

3. මාලදිවයිනේ කොයි තරම් දේවල් කරන්න තියෙනවද?

ඔබට මාලදිවයිනේ කරන්න තියෙන දේවල් සැලසුම් කරගන්න පුලුවන් ඔබට වුවමනා කොයි ආකාරයේ නිවාඩුවක්ද කියලා හිතා බැලුවොත්. ඔබට මුහුදේ පීන පීන නාන එකේ ඉඳලා ස්කූබා ඩයිවින්ග්, ස්නෝක්ලින්ග්, කයැකින්ග් දක්වා විවිධාකාරයේ ජල ක්‍රීඩා, ස්පීඩ් බෝඩ් රයිඩින්ග්, තල්මස් සබ්මැරීනයක රවුමක් යන්න වගේ ක්‍රියාකාරකම් එක්ක උද්වේගකර නිවාඩුවක් ගත කරන්න පුලුවන්. එහෙම නැතිනම් වෙරළේ ඇවිදලා, මාලේ දූපතේ ඇවිදලා, මාලදිවයිනේ කෑම රහ බලලා මාලදිවයින් සංස්කෘතිය අත්විඳින්න පුලුවන්. එහෙමත් නැතිනම් හුදෙකලා මුහුදු වෙරළක ඔබේ ආදරවන්තයා/ආදරවන්තියත් එක්ක නිසංසලේ කාලය ගත කරන්න, ඉර බැහැගෙන යන හැටි බලන්න, නිදහසේ සාමකාමී නිවාඩුවක් ගත කරන්න පුලුවන්. මේ හැමදේකටමත් උඩින් මාල දිවයින් දූපත් සමූහයේ තියෙන සුන්දරත්වය ඔබට ජීවිතේට අමතක නොවෙන අත්දැකීමක් තිලිණ කර දෙනවා නොඅනුමානයි.

මාලදිවයින කියන්නේ මේ මහ පොළොව මත පාරාදීසයන් තිබෙනවා කියලා ඔබට තහවුරු කරන තැනක්. මෙන්න මාලදිවයින් ගිහින් දෙන්නත් එක්කලා කරන්න පුලුවන් දේවල් ටිකක්.

 

ස්කූබා ඩයිවින්ග්:
Source - voyadamaldives.com
Source – voyadamaldives.com

ලෝකේ ස්කූබා ඩයිවින්ග් වලට තියෙන සුන්දරම තැන් කීපයෙන් එකක් තමයි මාලදිවයින අවට මුහුද. එහෙම කියන්නේ මුහුද ඒ තරමටම නිල් කැටේ වගේ ලස්සන නිසා තමයි. මඩුවෝ, තල්මස් මෝරු, කැස්බෑවෝ එහෙමත් කරදරයක් නැතුව බලාගන්න පුලුවන්.

 

ස්නෝක්ලින්:
Source - luxurholidays.com
Source – luxurholidays.com

ස්කූබා ඩයිවින්ග් හරියන්නේ නැත්නම් තියෙනවා ස්නෝක්ලින්.  මාලදිවයිනේ තියෙන ගල්පරයන් කොයි තරම් නොඉඳුල්ද කියන එක ඔබ දෑසින්ම දැක ගන්න ඕන. බනානා රීෆ් වගේ නම් වලින් තියෙන ජනප්‍රිය ස්නෝක්ලින් සයිට්ස් මාලදිවයිනේ බොහෝමයක් තියෙනවා.

 

සර්ෆින්ග්:
Source - theinertia.com
Source – theinertia.com

සර්ෆින්ග් ලෝලීන්ටත් මාලදිවයින කියන්නේ පාරාදීසයක් තමයි. මාර්තු ඉඳන් ඔක්තෝබර් වෙනකන් තමයි ඒකට හරියනම කාලේ. ඒ ඒ ලෙවල් එකේ සර්ෆර්ස්ලට හරියන ස්පොට් මාලදිවයින අවට ඕනෑ තරම් හොයාගන්න පුලුවන්.

 

හිටගෙන පැඩ්ල් බෝඩින්ග්:
Source - baros.com
Source – baros.com

සර්ෆින්ග් වගේ එකක් හරියන්නෙ නැති අයට එන්ජෝයි කරන්න මෙන්න තියෙනවා පැඩ්ල් බෝඩ් රයිඩින්ග්. මේකට මාලදිවයින අවට හරියටම හරියන්නේ සර් ‍ෆින්ග් වලට හරි යන ‍රැළි සහිත මුහුදු තීරයන් වගේම, ශාන්ත ගැඹුරු නැති සුන්දර මුහුදු තීරයනුත් මාලදිවයින වටේ දූපත් එක්ක ඕනෑ තරමට හොයාගන්න පුලුවන් නිසාමයි.

 

තල්මස් සබ්මැරීනයේ සවාරියක්:
Source - z.qyer.com
Source – z.qyer.com

මේක මාලදිවයිනේ සංචාරයට යන ගොඩක් දෙනෙක්ගේ ජනප්‍රිය තේරීමක්. කිමිදෙන්න අකමැති අයට ගල් පර ආශ්‍රිත මතස්‍ය ජීවිතය දැකබලාගන්න පුලුවන් මේ විදියට.

 

මාලේ වල රවුමක්:
Source - people-dont-have-to-be-anything-else.wikia.com
Source – people-dont-have-to-be-anything-else.wikia.com

මාලදිවයින් වල විශාලතම දූපත වගේම අගනුවර වෙන මාලේ දූපත හැඳින්වෙන්නේ “රජුගේ දූපත” කියල තමයි. මාලදිවයිනේ සංස්කෘතිය එක්ක අත්දැකීමක් ලබාගන්න කැමති නම් අපි කියන්නේ මාලේ වල රවුමක් ගිහින් එන්න කියලා. මාලේ වල බලන්න දේවලුත් සෑහෙන්න තියෙනවා. මාලේ මාලු මාකට් එක, පරණ සිකුරාදා පල්ලිය, අලුත් මහා සිකුරාදා පල්ලිය, මාලේ ජාතික කෞතුකාගාරය, කෘත්‍රිම වෙරළ, සුල්තාන් උද්‍යානය විතරක් නෙවෙයි, මාලේ වල තියෙන ගිෆ්ට් ෂොප් වලට, මාලදිවයින් වැසියෝ එහෙම යන රෙස්‍ටුරන්ට් එකකට එහෙම ගිහින් ආවට පාඩු නෑ.

 

4. මාලදිවයිනේ රවුමක් යන්න නම් මේ දේවලුත් ඔලුවේ තියාගන්න.

Source - pinterest.com
Source – pinterest.com

මාලදිවයින් දූපත් කියන්නේත් ශ්‍රී ලංකාව වගේම ඝර්ම කලාපීය රටක්. ඒ නිසා අවු කණ්ණාඩි කුට්ටමක්, සන්ස්ක්‍රීන් එකක් එහෙම අරන් යන එක පහසුවක් වේවි.

ඔබට කෑම බීම මිල අධික අවන්හල් වලින් ගන්නවාට වඩා සාමාන්‍ය ජනතාව කන බොන තැනකටම සෙට් වෙන එක වඩාත් බජට් එකට ගැලපෙන තේරීමක් වේවි. ඔබ මුහුදු මාළු වලට ප්‍රිය කරනවා නම් මාලදිවයිනේ කෑම ඔබට ප්‍රසන්න අත්දැකීමක් වේවි.

ඒ එක්කම මතක තියාගන්න, මාලදිවයින කියන්නේ සුනි ඉස්ලාම් රටක්. විශේෂයෙන්ම ඔබ නවාතැන් ගන්නා රිසෝට් එකක බාර් එකේ තිබුණොත් මිසක් මත්පැන් එහෙම හොයාගන්නත් නැහැ. හැමවෙලාවකම මාලදිවයිනේ ආගමික චාරිත්‍ර වාරිත්‍රයන්ට, සංස්කෘතිකාංගයන්ට, සිරිත් විරිත් වලට ගරු කරන්න.

 

ඉතින් යමුද අපි Vista එක්ක මාලදිවයිනේ බලන්න?

මාලදිවයිනෙහි රොමාන්තික සංචාරයකට Vista සමඟ එක වන්න: VISTA ROOMS Maldives

කෙලින්ම VISTA ROOMS එක්ක කතා කරන්න අමතන්න: 0767 629 831

 

 

Cover Image Source – musiqclub.in