බීබිසී එකටත් ගිය අපේ ඉස්කෝලෙ සාරි කේස් එක ගැන අනිවා හෙලිදරවුව කරගත් (බොරුම බොරු) රහස් 5ක්

 

පහුගිය දාක අගනුවර ප්‍රසිද්ධ ඉස්කෝලයක් ඉස්සර ලොකු බෝඩ් එකක් තිබ්බ. ඒ ඉස්කෝලෙ උගන්නන සර්ලගෙ පන්තිවලටම අනිවා යන්න කියල නෙමෙයි. ළමයව ගෙදර අරං යන්න එද්දි, දෙමාපිය රැස්වීම්වලට එද්දි, ළමයට කෑම එක දෙන්න එද්දි වගේ පාසල ඇතුළට අම්මලා එද්දි ඒ අම්මට සාරිය ඇරෙන්නට වෙනිං ඇඳුමක් අඳින්න එපා කියපු බෝඩ් එකක්. ඕක ගියා ජාත්‍යන්තරේට. ඒ කියන්නෙ බීබීසීයට. බීබීසීයට ගියත් ඒගොල්ලොත් නිවුස් එක ලිවුව ඇරෙන්න දෙයක් කළේ නැති නිසා, අපි හොයන්න යන්නෙ මෙහෙම තහනමක් ගෙ‍නාවෙ ඇයි කියලයි.

 

1. කෝ සතුරෝ
Source – bustle.com

Source – bustle.com

ඉස්කෝලෙ ඉස්සරහ තියෙනවලු ජීන්ස් විකුණන කඩයක්. ඉස්කෝලෙ සුවනියර් එකකට ඇඩ්වටීස්මන්ට් එකක් ඉල්ලන්න ඕබීඒ එකෙන් ගියාම ඒ කඩේ අයිතිකාර ගෑනු කෙනා ඇඩ් එකක් දෙන්න බෑ කියලා. දෙවනි තුන්වෙනි පාර වැඳලා ඉල්ලද්දිත් මේ මනුස්සය නෙමෙයි කනකටවත් අරගෙන තියෙන්නෙ. ඒකට කේන්ති ගිහින් ප්‍රින්සිපල්ට ගතු කියලා ඒ මනුස්සයගේ බිස්නස් වට්ටන්න ඕබීඒ එකෙන් ගහපු ගේමක් වෙන්න පුළුවන් ෂුවර් එකටම.

 

2. වයිෆ්ස් ඇසෝසියේෂන්
Source – pandawhale.com

Source – pandawhale.com

ඉස්කෝලෙ සර්ලගෙ වයිෆ්ලා නිකමට ඉස්කෝලෙට ඔලුව දාපු දවසක හැම අම්මම එක එක ඇඳුම් ඇඳගෙන ඉන්නව දැක්කම තමන්ගෙ ස්වාමිවරු සම්බන්ධයෙන් ආවලු පොඩි ජෙලස් සීන් එකක්. එහෙමයි කියලා රස්සාව නවත්තන්නත් බැරි නිසා, ස්වාමිවරුන් වෙනුවෙන් මැදිහත් වෙලා, එයාලා ගෙනාපු නීතියක් වෙන්නත් පුළුවන්. හැබැයි එයාලා නොදන්නව ඇති ජීන්ස්වලට වඩා සාරිය සෙක්සි කියලා.

 

3. පාට්ටයිම්
Source – patrika.com

Source – patrika.com

පඩි මදි නිසා ටීචර්ලා දෙ‍තුන් දෙනෙක් සාරි හැට්ට මහන්න ගත්තලු. ළමයි අතරෙ සන්නිවේදන මාර්ගෙන් අම්මලාට කතාව යැවුවට මාසෙටම සාරි හැට්ට තුනයිලු විකුණුනේ. මේකට හේතුව බැලුවම අම්මලා සාරි අඳින්නෙ නැති එක තමයි කේස් එක කියලා දැනගෙන එයාලා ගත්තු තීරණයක්ලු මේ. පඩි වැඩි කරන්නැයි කියල පාරට බැහැලා පොලීසියෙ වතුර නාස්ති කරන්නෙ නැතුව, අධ්‍යාපන අමාත්යාන්ශෙ හෝල් බුක් කරපු කට්ටියගෙ වැඩ අවුල් කරන්නෙ නැතුව ප්‍රශ්න විසඳගන්න බලන එක ගැන අපි ටිකක් සතුටු වෙමු.

 

4. ලවින්ග් නන්දා
Source – airforce.lk

Source – airforce.lk

අනිත් ඔක්කොම ඈයො එක එක කෝලං ඇඳුම් ඇඳ‍ගෙන එනකොට නන්දා මාලිනී නෝනා විතරක් සාරියක් ඇඳගෙන චිරු ලෝකඩ පිලුම් අවෝඩ්ස් ආපු එක ගැන ගොඩක් කට්ටිය කතා වුනා. සමහරු කිවුව නන්දා මාලීනී නෝනට වොයිස් මේන්ටේන් කරනව ඇරෙන්න පෙනුම මේන්ටේන් කරන්න වැඩක් නැති නිසාත්, තමුන්ගෙ වයසට ගැලපෙන්න අඳින්න ඕන නිසාත්, එයා හැමදාම ඇන්දෙ සුදු සාරිය නිසාත් එයා සුදු සාරියක් ඇන්ද විත්තිය. ඔය දේට කැමති වෙච්ච අය ඉස්කෝලෙ ඇතුළෙත් හිටියා. මේක ඒ අයගෙ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. හොඳ වෙලාවට කවුරුහරි සුදු සාරි විතරක් අන්දවන්න කිවුව යෝජනාවට විරුද්ධ වෙන්න ඇති.

 

5. නිකං බෝඩ්
Source – lowes.com

Source – lowes.com

ඉස්කෝලෙට ගොඩක් උදවු කරන ළමයෙකුගෙ තාත්තා කෙනෙක් අලුතෙන් බෝඩ් ගහන බිස්නස් එකක් පටන් ගත්තලු. ඉස්කෝලෙට හොඳට උදවු කරන නිසාත්, මොන මොනවහරි මුළු ඉස්කෝලෙම පිරෙන්න බෝඩ් වදින නිසාත් ඉස්කෝලෙන් අවසර දුන්නලු. ඔය නිසා හැම පුංචි හේතුවකටම මිනිහා දැන් ‍බෝඩ් ගහනවලු. ඔය හොඳයිලු. ඉස්කෝලෙ ඇතුළෙ හැම රෙද්දෙම බෝඩ් ගහලලු. චූ දමන තැනට තව දුර කියලා මීටර් දහයෙන් දහයට, කැන්ටිමේ රෝල් තියන හොට් කබඩ් කෑල්ල ඉස්සරහ රෝල් කියල, ග්‍රවුන්ඩ් එකේ හතරෙ සීමාව වටේට හතරෙ බෝඩ් විස්සකුත් ගහලලු.
 
Cover Image Source – sareedreams.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid