ෆේස්බුක් එකේ හොරාපොලිස් කරන අය්යලා නංගිලාගෙන් බේරෙන්න අනිවා උපදෙස්

 

හංගන්න දෙයක් නෑනේ. ලංකාවේ කොල්ලෝ වගේම කෙල්ලෝ වැඩිහරියක් හරියකට ෆේස්බුක් පාවිච්චි කරන්න දන්නෙ නෑ. ඒ කියන්නේ පොදුවේ සමාජ සම්බන්ධතා ගැනම තියෙන දැනුම අල්පයි කියන්න පුලුවන්. ඉතින් ගොඩක් වෙලාවට ෆේස්බුක් එකේ නම් වෙන්නේ තමන් එක්ක අනික් පැත්තේ ඉඳන් සන්නිවේදනය කරන්නේ මොකාද කියලා දැනගන්න දැනුමක් නැති එක. එතකොට අපිට නැති ඇනොනිමස්/සෙඩුනිමස් වීමේ වාසිය ඒ කෙනාට තියෙනවා. මීටත් වඩා තියෙන ගැටළුව තමයි ඇත්ත වගේ පේන්න හදපු ෆේක් එකවුන්ට් එකක් බොහොම පහසුවෙන් අන්තර්ජාල අපරාධයන්ට පාවිච්චි කරන්න පුලුවන් වීම. කොහොමද හැබෑටම ෆේක් එකවුන්ට් එකකින් ඉන්න එකෙක්ව අල්ලගන්නේ?

 

1. ෂුවර් එකටම ෆේක් තමයි!
Source – facebook.com
Source – facebook.com

මේ කියන ෆේකියෝ ගැන ලොකුවට බය වෙන්න දෙයක් නෑ. මේ කට්ටිය ෆේස්බුක් එකේ ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගන්නේ ආතල් එකට. සිරිපිනා නෝනා, හංදියේ රත්ගමයා, පූල් පාකර්, ටිං ටිං මල්ලි, සුට්ටං බට්ටිච්චි, බතල නගා, මං අහිංසකාවි, හැටේ වත්තෙ මල් එතනා, ඩප්පි සිරිපාල වගේ නම් වලින් හදාගත්තු මේ ෆේක් එකවුන්ට් වල තියෙන්නේත් ආතල් විස්තර. ආතල් ප්‍රොෆයිල් ෆොටෝස්. මේ ආතල් එකක් ගන්න එන ෆේක් සෙට් එක එක්ක ආතල් එක සුපිරියටම ගන්න තියෙන ක්‍රමේ ඔබත් ෆේක් එකකින්ම යන එක. එතකොට දෙපැත්තටම සංවේදී තොරතුරු හුවමාරු කරගන්න වුවමනා නෑනේ!

 

2. කෝ බොලං පින්තූරේ?
Source – westmountflorist.com
Source – westmountflorist.com

සාමාන්‍යයෙන් ප්‍රොෆයිල් එකක පින්තූර මොකුත් නැති නම්, ඒ කියන්නේ ඔය පොඩි ළමයි, මල් ගස්, හින්දි නළු නිළියෝ, මෝටර් බයිසිකල් වගේ දේවල් ඇරෙන්න පුද්ගලික ඡායාරූප එකක්වත් නැතිනම් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න එක හොඳයි.

 

3. පින්තූරෙ නං තියෙනවා…
Source – facedetection.com
Source – facedetection.com

සමහර ස්මාට් ෆේක් එකවුන්ට් තියෙනවා, ඒවල පුද්ගලික ඡායාරූප තියෙනවා. මේවා එක් එක් අවස්ථාවලදී ගත්තු එකම කෙනෙක්ගේ පින්තූර නිසා සැක හිතන්නත් බෑ වගේ. හැබැයි ඒක නිශ්චයවම දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ඡායාරූපයක් ඔබේ පරිගණකයේ සුරක්ෂිත කරන්න. දැන් ගූගල් දෙය්යා ගාවට ගියහම ඒකේ ඉමේජස් වල තියෙනවා ඔබේ ගාව තියෙන පින්තූරයක් අප්ලෝඩ් කරලා සර්ච් කරන්න පහසුකම. අන්න ඒකෙන් දැනගන්න පුලුවන් මේ පින්තූරය ඇත්තටම අයිති කාටද, එහෙම නැතිනම් මේ පින්තූරය වෙනත් තැන්වලත් පාවිච්චි වෙලා තියෙනවද කියලා.

 

4. මම ප්‍රොෆෙසර් ගුණේ!
Source – whatculture.com
Source – whatculture.com

දක්ෂ විදියට හදපු ෆේක් එකවුන්ට් අල්ලන්න පුලුවන් තව ක්‍රමයක් තමයි ඒකේ තියෙන විස්තර ටික කියවලා බලන එක. සමහර ප්‍රොෆයිල් වල ඇත්ත ෆොටෝ පවා දාගෙන ඉන්න නමුත් විස්තර කියවලා බැලුවහම අභව්‍ය ගතියක් තියෙනවා. අවුරුදු විස්සක පොඩි කොල්ලෙක් ප්‍රොෆයිල් එකේ දාලා තියෙනවා නං මම අහවල් කොම්පැණියේ ප්‍රධාන විධායක නිලධාරී කියලා, අන්න පොඩ්ඩක් හොයා බලන්න වෙනවා. ඒක ඇත්ත නම් අනිවාර්යයෙන්ම ඒ කෙනා ගැන වෙනත් විස්තර අන්තර්ජාලයේ තියෙන්න ඕන. අඩු තරමින් ලින්ක්ඩ් ඉන් එකවුන්ට් එකක්වත්. අනිත් එක ඔය තෙපානිස් සිල්වා ෆොටෝග්‍රැ‍ෆි කියලා එහෙම දාගෙන ඉන්න අය ෆේක්ම නොවුනට ඔය කියන විස්තර ෆේක් වෙන්න පුලුවන්. එහෙම කෙනෙක්ව වුනත් ඔය විස්තර හොයා බැලීමෙන්, පෝට්ෆෝලියෝ එකක් තියෙනවද කියලා හොයා බැලීමෙන් අල්ලගන්න පුලුවන්.

 

5. ෆොටෝ එකේ දනියෙල්, ඇත්තට නං මිගෙල්
Source – theautomotiveindia.com
Source – theautomotiveindia.com

සාමාන්‍යයෙන් චැට් එකට ඇවිත් සෑහෙන්න පුරසාරමක් කියන්න තියෙන හාදයින්ගෙන්/හාදියන්ගෙන් ප්‍රවේසම් වෙන්නම ඕන. මේ අයගෙත් එකවුන්ට් එක ෆේක්ම කියන්න බෑ. නම පවා ඇත්ත වෙන්න පුලුවන්. ඒත් අනෙක් විස්තර බොරු. ඒක බයානකයි. මේ අයව ගොඩක් වෙලාවට ෆොටෝ වලින් අල්ලන්න පුලුවන්.

උදාහරණයක් විදියට ලොකු සල්ලිකාරයෙක් කියලා පම්පෝරි ගහන මනුස්සයෙක්ගේ ප්‍රොෆයිල් පින්තූරේ තියෙන්නේ BMW එකක් ගාව සඟක් දාගෙන ගත්තු ෆොටෝ එකක් වෙන්න පුලුවන්.  හැබැයි ඒ එකවුන්ට් එකේ පරණ ෆොටෝස් හොයාගෙන හොයාගෙන යනකොට අහුවෙන්න පුලුවන් කපපාරු නොකරපු ගෙයක් පිටිපස්සේ ඉඳන් සඟක් දාගෙන ගත්තු ෆොටෝ එකක්!

 

6. ඇත්ත වගේ යාලු මිත්‍රයෝ!
Source – iromegane.com
Source – iromegane.com

ෆේක් ප්‍රොෆයිල් එකක් ස්පොට් කරන්න තව ටක්කෙටම වැඩ කරන දෙයක් තමයි, ෆේක් ප්‍රොෆයිල් එකේ ඉන්න යාලුවෝ කවුද කියලා බලන එක. ගොඩක් වෙලාවට පිට රටක ඉන්න මිනිස්සු වැඩිපුර ඉන්නව නං, ෆේක් කියලා හිතාගන්න පුලුවන් ප්‍රොෆයිල් ලිස්ට් එකේ වැඩිපුර තියෙනවනං මනුස්සයගෙන් පරිස්සම් වෙන එක හොඳයි.

 

7. චැට් එකේදී පරිස්සම් වෙන්න!
Source – philip.greenspun.com
Source – philip.greenspun.com

මෙන්න මේක බොහෝම තදින් පිළිපදින්න ඕන දෙයක්. ඒ තමයි ෆේස්බුක් චැට් එකක තමන්ගේ විනය තියාගන්න එක. ෆේස්බුක් චැට් වල ස්ක්‍රීන් ෂොට් ගහලා රට පුරා යවන එක දැන් හැමතැනම දකින්න තියෙන දෙයක්. ගොඩක් වෙලාවට ෆුල් සෙක්ස් චැට් එකකට ඔබව නම්මගන්නේ අර ෆේක් ප්‍රොෆයිල් එකෙන් ඉන්න කෙනා වෙන්න පුලුවන්. හැබැයි ඒකට ගොනා වෙන එකේ වගකීම තියෙන්නේ ඔබේ අතේ තමයි. ඇත්ත වගේම පේන ප්‍රොෆයිල් එකක් වුනත් චැට් කරන්න අරන් දවසෙන් දෙකෙන් චැට් එක පුද්ගලික කරුණු පැත්තට අරගෙන යනව නං එතනින්ම නවතින්න. අයින් කරලම දාන්න.

 

8. සීරියස් ෆේක්!
Source – tenetnews.com
Source – tenetnews.com

මේ කියන්නේ සීරියස් විදියට කතා කරන ෆේක් එකවුන්ට් ගැන නෙවෙයි. ඔබවම ඉලක්ක කරලා කවුරු හරි දක්ෂයෙක් ෆේක් එකවුන්ට් එකකින් එනව නං, ඒ කෙනා ගොඩක් දුරට වඩාත් දියුණු උපක්‍රම පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ සමහර විට සෑහෙන කාලයක් ඔබත් එක්ක සාමාන්‍යයෙන් එදිනෙදා කරුණු ගැන කතා කරමින් කල් මරන්න පුලුවන්. එහෙම නැතිනම් එකවුන්ට් කීපයක් තුළින් එකිනෙකට සම්බන්ධ වෙලා ඔබව අන්දන්න පුලුවන්. එතකොට ඔබ දන්න යාලුවන්ගේ නම් විකුණලා විශ්වාසය දිනා ගන්න පුලුවන්. ඉතින් මේ අයත් එක්ක වුනත් පරිස්සම් වෙන්න තියෙන ක්‍රමය තමයි ඔබේ සම්පූර්ණ ජීවිතේම ෆේස්බුක් එකේ වමාරන්නේ නැතුව ඉන්න එකත්, කතා බහේදී වගේම ෂෙයාර් කරන දේවලදී වුනත් දහපාරක් හිතන එකත් තමයි.

 

9. අවදානමට පෙර සූදානම
Source – executiveresumeexpert.com
Source – executiveresumeexpert.com

ආයෙමත් සමස්තයක් විදියට කියනවා නම් ආටිකල් එකේ තියෙන්නේ ෆේක් එකවුන්ට් අඳුනගන්නේ කොහොමද කියන එක ගැන වුනත්, ෆේක් වෙන නොවෙන හැමෝගෙන්ම පරිස්සම් වෙන්න කරන්න තියෙන්නේ සරල දෙයයි. ඒ තමයි තමන්ගේ ජීවිතේ පබ්ලික් නොකර ඉන්න එක. ඒ වගේම කෙනෙක් ෆේස්බුක් හරහා අඳුනගෙන උදව්වක් ඉල්ලුවහම පැනලා ගිහින් උදවු කරන එක හෙණ මනුස්සකමක් කියලා සෑහෙන දෙනෙක් හිතාගෙන ඉන්නවා. නෑ, ඒකට කියන්නේ මොට්ට කම කියලා. කෙනෙක් උදවුවක් ඉල්ලන්නේ ඇත්තටම වෙන්න පුලුවන්. ඒ උදවුව කරන්න කලින් ඔය තියෙන ඔන්ලයින් සම්බන්ධය මහ පොළොවට ගේන්න. මුණගැහෙන්න නැතිනම් දුරකථන අංකය දෙන්න බැහැයි කියන කෙනෙක් උදවු ඉල්ලනවා නම් ඇත්තටම සැක සහිතයි නේ!
 
Cover Image Source – yourkamagraguide.com, dfiles.me