මේ වචන දාලා කෙල්ලො අල්ලගන්න හිතනවනං සෙට්කරගන්න වෙන්නෙ නිකරගුවාවෙන් තමයි

 

ලංකාවෙ මහා ලොකුවට ඩේටින් කල්චර් එකක් නැති නිසා ඔය කොයි ලවු එකත් සැළකිය යුතු කට්ටක් කාලයි පටන් ගැනෙන්නෙ. සුද්දගෙ රටේදි නං කෙල්ලෙක් සෙට් කරගන්නව කියල එක මහ කට්ටක් නෙමෙයිනෙ. අනික එහෙදි ඒ වැඩේට කෙල්ල පැකිලෙන්නෙත් නැහැනෙ. ඊටත් වඩා අපේ රටේදි කෙල්ලට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ ඉඳම්ම ගොඩ යන කොල්ලෙක් තමයි බොහෝ විට කෙල්ලව දිනාගන්නෙ. ඒ හින්දා කෙල්ලෙකුට වචනයක් දාන්න යන්න අපේ අයියලා හරිම බයයි. ඒ නිසා සමහරැන්ගෙ ඇස් කතා කරනවා, තව සමහරු චිට් පාස් කරනවා, තව සමහරු එක දිගටම කෙල්ලට නොටිෆිකේෂන් යන විදියට ප්‍රොෆයිල් පික්වලට ලයික් කරනවා වගේ දේවල් කරනවා. ඔය විදියට නොහිතන හිත එඩිතර කොල්ලො කෙලිම්ම ගිහිල්ල කෙල්ලට කතා කරනවා. මේ කියන්න යන්නෙ ඔහොම ගිහිල්ල පටන් ගන්නකොටම කියන්න හොඳ නැති කතා ටිකක්. මොකද මේව කිවුවොත් ආදරේ කෙසේවෙතත් අනික් පැත්තට කුණු කතන්දර අහගන්න වෙනවමයි.

 

1. ආ නංගී… කොහෙද යන්නෙ?
Source - youtube.com
Source – youtube.com

ඒක කිවුව ගමන් කෙල්ලට හිතෙන්නෙ මූ හැම විස්තරේම හොය හොය වද දෙන ජාතියෙ කොල්ලෙක් කියලයි. ඒ නිසා ඉතිං ඒක ගොඩ යන වචනයක් නෙමෙයි. අනික ඕවට කෙල්ලො අනිත් පැත්තට ඔරවගෙන ගස්සගෙන ගියොත් හොඳයි. තවත් සමහරු ඔයාට මොකටද? කියල ගියොත් හොඳයි. මොකද චණ්ඩි ෂාමා ටයිප් එකේ නංගි කෙනෙකුට ඇහුනොත් මේ වගේ කතාවක් අහගන්න වෙයි.

ඇයි අහන්නෙ පරිස්සං කරන්නද?

‍කවුද? ‍මගේ කොල්ලද කිවුවෙ මං ගැන හොයලා කියන්න කියලා. නිකං ණයට කහින්නෙපා හලෝ.

නාන්න යන්නෙ. එනවද පිට අතුල්ලගන්න? මේක රස්සාවද?

 

2. නංගී වෙලාව පොඩ්ඩක් කියනවද?
Source - prettyspainishroses.tumblr.com
Source – prettyspainishroses.tumblr.com

ඕක හරිම පරණ සිස්ටම් එකක්. ඒ නිසා කෙල්ලොන්ට ඕක ඇහුව ගමන් කේන්ති යනව. මොකද හිතන්නෙ මේ වගේ ඕල්ඩ් ෆැෂන් බුවාලද පස්සෙන් එන්නෙ කියලානෙ. ඒ නිසා ඔය කතා කිවුවමත් කතා අහගන්න සිද්ධ වෙන්න පුළුවන්.

ඔච්චර පරණ ක්‍රමවලට අහුවෙයි ආච්චිලා

ඔරලෝසුවක් ගන්නවත් සල්ලි නැතුවද හලෝ කෙල්ලොන්ට ලයින් දාන්න ආවෙ?

ඊයෙ වෙලාවම තමයි. හරියට වෙලාවට වැඩ කරන මනුස්සයෙක් කියල දැක්ක ගමන්ම පේනව

 

3. ඔයා හරිම ලස්සනයි
Source - vampirediaries.com
Source – vampirediaries.com

ඕක ඉතිං  කට්ටිය කතාබහ පටන් ගන්න දාන වර්ඩ් එකක් වුනාට ඕවට අහුවුනේ චීස් කෑල්ල කටේ තියන් හිටපු කපුටො විතරයි. දැන් කාලෙ කෙල්ලොන්ට ඕව කියල ලයින් දාන්න ගියොත් නරක කතා අහගන්න වෙන්න පුළුවන්.

ඔවු මගේ හස්බන්ඩුත් කිවුව

මං දන්නව හැබැයි ඔයානං හරිම කැතයි

ඒකට කමක් නෑ. හැබැයි පිරිමියෙක් ඔහොම කිවුවම හරි ‍ගොං

 

4. ඔයාට පරක්කු නැත්තං කෝපි එකක බොන ගමං කතා කරමුද?
Source - sayidy.net
Source – sayidy.net

ටිකක් වෙලා කතා කර කර හිටපු කෙල්ලෙක්ට හෝ කලින් අඳුරන කෙල්ලෙකුට නං මෙහෙම කිවුවට කමක් නැහැ. ඒත් එක පාරට දකින කෙල්ලෙකුට මේ විදියට කිවුවම වැඩේ අල වෙන්න තියෙන ප්‍රසන්ටේජ් එක හරි ඉහලයි.

ඔයත් එක්ක කෝපි බොන්න මං කවුරු කියලද හිතුවෙ?

ඔයා තනියෙන් ගිහිං බොන්න. මට බඩේ අමාරුවක් නැහැ.

පොෂ් වෙන්නද ඔයා කෝපි බොන්නෙ. කෝපි බිවුව කියලා ගොංකම ඇරෙන්නෙ නැහැ.

 

5. අපි කළුද?
Source - khurki.net
Source – khurki.net

ඕක අහන්නෙ කෙල්ල ගස්සලා බැලුවොත් තමයි. ඕක ඉතිං හුඟක් ඉස්සර අහපු දෙයක්. දැන් කොල්ලො කෙල්ලට පළවෙනි වචනෙ කතාකරන්න කලින් දාහක් දේවල් කියල ඉවරයිනෙ. ඒ කොහොමද කියල දැන් අහන්න එපා. අහක බලං යන්නෙ නංගි ඇයි අපි කළුද කියලා රොනී ලීච් ඇහුවට පොර දැනං ඉන්නෙ නැතුව ඇති ඒ තට්ටෙ හින්දා කියලා. මෙවුව දැන් කිවුවොත් අහගන්න වෙන්නෙ නෝටි වචන.

කළු නං බැරියැයි. ඔයා අප්‍රසන්නයි.

කළු නෙමෙයි තද කළු

මං මුලින් හිතුවෙ කාගෙ හරි හෙවනැල්ලක් කියල ඒ තරං කළුයි.

 
Cover Image Source – youtube.com