ලංකාවේ ක්‍රිකට් වලට නපුරුකම් කරපු ලොකුම හතුරෝ 9 දෙනෙක්ව අඳුනගමුද?

 

මේ ලියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වලට හිටපු හතුරො ගැන. ලංකාවට හුඟක් ක්‍රිකට් හතුරො හිටියා. ඒත් මෙතනට දාන්නෙ නවදෙනෙක් විතරයි. එතනින් එක්කෙනෙක් ගැන අපේ අනූහයේ ක්‍රිකට් ආටිකල් එකේ තියෙනව වගේම තවත් ෆේස්බුක් පේජ් සහ නෙත් එෆ්එම් එකත් ඒව ලැජ්ජ නැතුව කොපි කරලත් තිබුනා. මේ කියන්න යන්නෙ අපෙන් හොරකං කරපු හොරු ගැන නෙමෙයි. මේ කියන්න යන්නෙ ලංකාවෙ ක්‍රිකට්වලට නොයෙක් විටදි බාධා කරපු මිනිස්සු ගැන. ඒ මිනිස්සු අතරෙ ක්‍රිකට්මය තරහවල් තිබුනා වගේ, අපිව හෑල්ලු කරන්න කරපු වැරදි වැඩ තිබුනා. මේ ටික බලලා තව මතක් වෙන දේවල් අපිට කමෙන්ට් එකක් දාන්න.

 

1. ඩැරල් හෙයා
Source – smh.com.au
Source – smh.com.au

මුරලිට පෙරලපු ගිනි ගෙඩියම ඇතිනෙ මෙයා හතුරෙක් කියලා කියන්න. තව හේතු ඕනම නැහැ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නෝ බෝල් දුන්නා මදිවට මුරලි තමුන්ගෙ ඇක්ෂන් එක අවුලක් නැහැ කියලා ඔප්පු කළාමත් පොර අනංමනං කතා කිවුවා. ඊට කාලෙකට පස්සෙ මේ මෑතකදිත් පොර ඉන්ටවිවු එකක පොඩි හින්ට් ටිකක් ගහලා තිබ්බා. පස්සෙ ඩැරල් හෙයාව අයිසීසී එකෙන් අයින් කළානෙ. ඒකෙ කේන්තියත් ඇති.

ඩැරල් හෙයා විතරක් නෙමෙයි එයාගෙ අඩිපාරේ ගිය රොස් ඉමර්සන් ඇතුලු ඔහුගේ ඥාතී පිරිසත් මේ වෙලාවෙ මතක් නොකර බෑ මිත්‍රවරුණි.

 

2. රෑඩි කර්ට්සන්
Source – alchetron.com
Source – alchetron.com

2003 අවුරුද්දෙ ක්‍රිකට් ලෝක කුසලාන සෙමි ෆයිනල් එ‍කේදි රෑඩි කර්ට්සන් ගිල්ක්‍රිස්ට්ගෙ කැච් එකේ අවුට් එක නොදුන්න එක පට්ට හොරයක්. ඒත් ගිල්ක්‍රිස්ට් මනුස්සකමට අවුට් කියල පිළිඅරගෙන ගියාම මනුස්සයට කට උත්තර නැති වුනා. ඒ විතරක් නෙමෙයි. සංගා ඔස්ට්‍රේලියාවට දාගෙන නෙලද්දි 192දි හෙල්මට් එකේ වැදිලා ගිය බෝලෙට දීපු අවුට් එකත් සැළකිය යුතු වැරුද්දක්. පළපුරුදු අම්පයර් කෙනෙක්ගෙන් ඔහොම මිස්ටේක් වෙන්නෙ තරහට මිසක් වෙන මොකටද මහත්තයො.

 

3. ෂේන් වෝන්
Source – quotesgram.com
Source – quotesgram.com

ෂේන් වෝන් ගැන අපේ හිතේ පොඩි කේන්තියක් තියෙනවා. ඒ ෂේන් වෝන් මුරලිත් එක්ක ගේමට හිටිය නිසායි. ඒ ක්‍රිකට්වලින් මිසක් වෙනිං තරගයක් නෙමෙයි. හැබැයි වෝනුයි අර්ජුනයි අතරේ නම් පැවතුනේ සීතල යුද්ධයක්. 96 ලෝක කුසලානෙදි අර්ජුන වෝන්ව සාමාන්‍ය දඟ පන්දු යවන්නෙක් කියල හැඳින්වුව එකෙන් හිත රිද්දගත්ත වෝන් ඊට පස්සෙ පුලුවන් හැම වෙලේම බැලුවෙ අර්ජුන එක්ක ගේම ඇදගන්න. හැබැයි ඉතින් ඒ හුඟක් වෙලාවට වෝන්ගේ පන්දුවලට අර්ජුනගෙන වැදුනෙ හයේ පාරවල්ම තමයි.

 

4. බිෂේන් බේඩි
Source – planetcricket.org
Source – planetcricket.org

බිෂේන් බේඩි කියන්නෙ නං ගණං ගන්න තරං හතුරෙක් නෙමෙයි. විකට් ටිකක් දාලා තියෙන ඉන්දියන් කැප්ටන් කෙනෙක්. අපි කවද්ද මහත්තයො ඉන්දියන් කැප්ටන්ලව ගණං ගත්තෙ. අපිට ලංකාවෙන් පිට ටෙස්ට් දිනන්න බෑ කියල මුලින් මුලින් ගේම ඉල්ලපු මහලොකු කපිල් දේවුත් අපිත් එක්ක ෂේප් වුනේ පස්සෙදි. හැබැයි බිෂන් බේඩි එහෙම නැතිව දිගට හරහට මුරලිට ගහපු නිසා පොර නිතරඟයෙන් අපිට හතුරෙක් වෙනවා.  බිෂේන් සිං බේඩි මුරලිට චකර් කියලා කිවුවා. මුරලිත් අතඇරියෙ නැහැ.

 

5. මයිකල් වෝන්
Source – uk.yahoo.com
Source – uk.yahoo.com

මෙයාව අපිට තිත්ත වුනේ අපේ ජාතික ගීයට කියපු ටොයිලට් කතාවෙන් පස්සෙ. ඊටත් කලින් වගේම පස්සෙත් මෙයා එක එක ටෝක් දුන්නා. එහෙම ටෝක් දීපු ගොඩක් මැච්වල අපේ අයියලත් පරාද නොවී පොරට ඉන්න තැනට පස් දාගෙන වැලලෙන්න හිතෙන විදියට මැච් ගොඩ දාලා පෙන්නුවා.

 

6. ඇලෙක්ස් ස්ටුවර්ට්
Source – youtube.com
Source – youtube.com

ඒ කාලෙ ඉඳන්ම අපේ හතුරා. ස්ලෙජින් මරුවා. ඇඟවල්වල හැප්පෙනවයි, කුණු කතා කියනවයි, ඒ දවස්වල ජයසූරිය නෙලන නෙලිල්ල දරාගන්න බැරුව මේ සුද්දා හිටියෙ පස්ස කැඩිච්ච කඩියා වගේ. කට්ටියට පොරව දිරවන්නෙම නැත්තෙ අර්ජුනත් එක්ක ගේම ඇදගත්ත කේස් එකෙන් පස්සෙයි.

 

7. ඉයන් හීලී
Source – smh.com.au
Source – smh.com.au

ඉයන් හීලි කියන්නෙත් ඇලෙක් ස්ටුවර්ට් වගේම අපේ හතුරෙක්. අපි 1996  දිනන්න කලිනුත් දිනුවට පස්සෙත් අපේ හැම ප්ලේයර් කෙනෙකුටම වගේ පොර සද්දෙ දැම්මා. මේ තියෙන්නෙ මහානාමට දාපු වැඩක්. අර්ජුනට ෆැට්ෆ$# කියලා බැනලත් තිබුනා. අසූ ගණංවල ඉඳන්ම කෙකිකාරයෙක්.

 

8. කෙප්ලර් වෙසල්ස්
Source – cricketcountry.com
Source – cricketcountry.com

අපේ ලොකු හතුරෙක්. අපිව පාච්චල් කරා. පොර සෙල්ලං කරන රටවල් මාරු කළාට අපි එහෙම නෑනෙ බ්‍රෝ. පොර ඩිල්ෂාන්ගෙ කැප්ටන්සියෙන් දකුණු අප්‍රිකාවට ගිය අපේ ටීම් එක ගැන කිවුවෙ ඒගොලොන්ගෙ “ඒ” ටීම් එක දාලත් අපිව පරද්දන්න පුළුවන් කියලයි. පස්සෙ අපි මැච් එක දිනුවම ඩිල්ෂානුත් දුන්නා කින්ඩියක් පොරට.

 

9. බීසී කුරේ
Source – youtube.com
Source – youtube.com

අ‍ඟේ ඉඳන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා කියල කියන්නෙ මේ වගේ ‍බුවාලට තමයි. මේ ලිස්ට් එකේ ඉන්න එකම ලංකාවෙ බුවා තමයි මේ. සනත් බවුන්ස් වෙලා යන්න ගහපු බෝලයක් ග්‍රැහැම් තෝප් ඇල්ලුවම මේක දුන්නනෙ අවුට් එක. සනත් ඩ්‍රෙසින් රූම් එකට ගිහිල්ලා හැරිලා නෝටි වචනෙකුත් කිවුවා. ඔය පාප කර්ම නිසාමයි පොරගෙ ඔලුවෙ බෝලෙකුත් වැදුනෙ.

 
Cover Image Source – smh.com.au