තනියෙන් ට්‍රිප් යන එක බෝරිංද? කවුද කියන්නෙ? මෙන්න තනියෙන් සංචාරය කරද්දී විඳින්න පුලුවන් සුපිරි වාසි

 

හැමෝම ගමන් යන්නේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ සාමුහිකව, මිනිස්සු කියන්නේ එහෙම ජාතියක්. ඒත් තනිවම මේ දේවල් කරන්න කියන්න කියන්න කාගෙන් තහනමක්ද? ඔබ සිටින්නේ තනිවම නම්, තනිවම සිටින්නට, ගමන් යන්නට කැමති ඔබට මේ වාසි හොඳටම දැනිලා ඇති.

තනියෙන් සංචාරයක යන්න බයනම් මේ ලිපිය කියෙවුවම ඒ බය නැති වෙලා ඒ වගේ සංචාරයකට කැමැත්ත්කුත් ඇතිවෙනවා නියතයි!

 

1. කැමති තැනක්
Source - intrepidmotion.com

Source – intrepidmotion.com

කාගෙන් වත් අහන්නේ නැතුව backpack එක කරේ දාගත්තා හිත හැරුණු අතේ යන්නට තියෙන නිදහසම උදාහරණ කරන්න පුළුවන් එකේ තව වෙන මොනවා බලන්නද? කාගෙන් අහන්නද? කිසිම දෙයක් නැහැ. පරක්කු වෙනවා කියලා කවුරුත් කියන්නේ නැහැ. මම ආස තැනට, මට ඕනේ වෙලාවට, මගේ කැමැත්තට ගියා එච්චරයි.

 

2. කෑම බීම
Source - thestar.com

Source – thestar.com

තමන් කැමතිම දේවල් කන්න බොන්න කාගෙන් වත් තහනමක් නැහැ. ඔබ සතුව මුදල් යහමින් තියෙනවා නම් කාගෙන් වත් අවසර මොකටද තමන් ආසම කෑම වේල රස විඳින්න? ඒ වගේමයි ඔබේ අතේ මුදල් යහමින් නැත්නම් තියන විදිහට බැලන්ස් කරගන්නත් පුලුවන්.

 

3. දැකපු දේවල් වෙනස් විදියට දකින්න
Source - faithatthebeach.com

Source – faithatthebeach.com

මේ වැඩේ ඔබ කලා කරුවෙක් නම් ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් වේවි. ඒ කියන්නේ අනෙක් අයට කරන්න බැරි බව නෙවෙයි. වෙනදා ඔබ පිරිසක් එක්ක ගිහින් ජිවිතේ විඳපු විදිහට නෙවෙයි. ඔබ තනිවම සිටිත්දී ජිවිතේ විඳින්නේ, එහෙම හිතන්නට ඔබට උවමනා අවකාශය නිදහස ඔබට උවමනා තරම් ලබා ගන්නට කිසිම තහනමක් නැහැ ඔබ තනිව සිටිනකොට.

 

4. තමන් ගැන හිතන්න හොඳම වෙලාව.
Source - diariodiunconsulente.it

Source – diariodiunconsulente.it

බාධාකිරීම් වලින් තොර වෙලා තමන් ගැන හිතන්න හොඳම වෙලාවතමා තමන් විතරක් තමන්ගේ තනියට සිටින වෙලාව. කොයි වෙලෙත් කතා බහ කරන අය නැති නිසා තමන්ගෙ හදවතට වැඩිපුර ඇහුම්කන් දීමේ අවස්ථාව ඔබට හිමි වෙනව. තමන් සම්බන්ධයෙන් තීරණ බලාපොරොත්තු විතරක් නෙවෙයි ඉලක්ක වුනත් තියාගන්න මේ වෙලාව යොදාගන්න ඔබට පුළුවන්. ☺

 

5. තමන් කැමති දේ කරන්නත් හොඳයි
Source - ittakes10k.wordpress.com

Source – ittakes10k.wordpress.com

සමූහයක් හැටියට ගමනක් ගියාම අපි කරන කියන දේවල් ගැන තීරණ ගන්න වෙන්නෙත් සාමූහිකවයි. යම්කිසි ස්ථානයක් බලන්න යාම, කන්දක් නැගීම, කිමිදීම වගේ දෙයක් ගත්තත් කණ්ඩායමේ වැඩි දෙනෙක් දක්වන උනන්දුව මත තමයි ඒ දේවල නිරත වෙනවද නැද්ද කියල තීරණේ වෙන්නෙ. තමන් තනියම ගියහම තමන්ගෙ ඒකච්ඡන්දයෙන්ම වැඩේ සම්මත වෙනවා. තමන් කැමති අත්දැකීම ඒ සැනින් ලබන්න පුලුවන්.

 

6. අලුත් යාලුවෝ
Source - startupdope.com

Source – startupdope.com

අපි කට්ටියක් එක්ක ට්‍රිප් එකක් ගියහම කන්නෙ බොන්නේ ගැවසෙන්නේ ඒ අයත් එක්ක විතරයි. යාලුවෝ එක්ක පිස්සු කෙල කෙල ඉන්නවා මිසක් අහල පහල මනුස්සයෙක් එක්ක කතාබහක නිරත වෙන්න උනත් ලැබෙන ඉඩ අඩුයි. තනියෙන් යාමේදී ඔබ කන බොන, නවාතැන් ගන්නා සහ සංචාරය කරන තැන්වල හමුවන මිනිස්සුත් එක්ක වැඩිපුර කතාබහක, ආශ්‍රයක නිරත වෙන්න ඔබට අවස්ථාවක් ලැබෙනව. අලුත් මිත්‍රකමුත් ඇතිවෙයි, සුන්දර පරිසරයට අමතරව එකිනෙකාට වෙනස් සුන්දර මිනිස්සු ගැනත් අමතක නොවන අත්දැකීම් ලැබිය හැකිවෙයි.

 

7. වියදම
Source - financialjuneteenth.com

Source – financialjuneteenth.com

තමාගේ වියදම තමන්ට දරා ගැනීමට හැකිවීම නිසා මේ තත්වයේදී අපිට වියදම් සම්බන්ධයෙන් බොහොම සැප පහසුවක් තියෙනවා. අනික අනවශ්‍ය දේට වියදම නොකර අවශ්‍ය දේට වියදම් කරලා ලේසියෙන්ම හිත තෘප්තිමත් කරගන්නට අපිට පුළුවන්.

 

8. කාලය? කිසි ප්‍රශ්නයක් නෑ
Source - livescience.com

Source – livescience.com

තමන්ට කැමති නම් දවල් වෙනකම් නිදාගන්න පුලුවන්, එහෙම නැත්නම් ඉර ඇහැරෙන්නත් කලින් ඇහැරිලා තවත් තැනක සංචාරය කරන්න අරඹන්න පුලුවන්. අනිත් අය මේකප් දාගෙන එනකන් කාලෙ නාස්ති කර කර ඉන්නවත්, අනිත් අයගෙ ප්ලෑන් නිසා ගමන ඉක්මනට නිම කරන්නටත් ඕනෙ වෙන්නෙ නෑ. තමන්ට රිසි පරිදි නිදහසේ සංචාරය කරන්න පුලුවන්

 

9. ඉන්න හිටින්න
Source - mariawenttotown.wordpress.com

Source – mariawenttotown.wordpress.com

පවුලක් එක්ක ගියාම අපිට හරි කරදරේ ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙන්න ගියහම එත් අපි තනියෙන් යද්දී කා ගැන කරදර වෙන්නද, මමයි මගේ පාලුවයි නේ. ආතල් එකේ තමන් කැමති තැනක, ඕනේ නම් හෝටලේක, එහෙම නැත්තම් ලොජ් එකක, එහෙමත් නැත්තම් විශ්‍රාම ශාලාවක, ඊටත් අඩුවෙන්නම් හාමුදුරුවන් ගෙන් අවසර අරගෙන බණ මඩුවේ මුල්ලක  උනත් කරදරයක් නැතිව රැයක් පහන් කරන්න පුළුවන්.

 
Cover Image Source – theodysseyonline.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid