නියම විදිහට බැංකුවක් තෝරාගන්න මෙන්න අපෙන් නොවරදින ටිප්ස් 9ක්

 

ඉස්සර අපි බැංකුවක ගිණුමක් ආරම්භ කරන්න කල්පනා කරනකොට හිතට ගන්න මුල්ම ප්‍රශ්නය තමයි එකේ පොලිය කීයක් වෙයිද කියන එක. එහෙත් වර්තමානය වෙනකොට හැම බැංකුවක ම වගේ පොලිය එක හා සමාන වෙනකොට අපි හිතන්න පුරුදු වුනේ එකකට එකක් වෙනස් කාරණා ගැන. ඉතින් අද අපි අනිවා තුලින් කියන්න යන්නේ අපි බැංකු ගිණුමක් ආරම්භ කරන්නට යද්දී සලකා බලන අතිරේක  කාරණාවන් මොනවා වෙන්න ඇතිද කියන එක ගැනයි. තමන් දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් නැති නාස්ති නොවී රැක ගැනීමට කැමති නම් මේ උපදෙස් ඔබ සැමට වැදගත් වෙයි.

 

1. සුහදශීලි සේවය
how to choose a bank
Source – qip.com.au

බැංකු ගිණුමක් අරඹන්න හිතුවට පස්සේ හිතට එන ප්‍රධානතම කාරණාව තමයි එහි සේවය කරන්නන් ගනුදෙනු කරුවන්ට ලබාදෙන සේවය මොන වගේද කියන එක. අපි හැමෝම කැමතියි අපි එක්ක හිනාවෙලා බොහොම සහයෝගෙන් අපේ අවශ්‍යතාව ඉටුකරදෙන්නට සැදී පැහැදිලා ඉන්න සේවක මණ්ඩලයක් ඉන්න බැංකුවක අපේ ගිණුම පිහිටුවන්නට.

 

2. පහසුකම්
how to choose a bank
Source – antekante.com

ටෙලර් මැෂින්, ක්‍රෙඩිට් කාර්ඩ්, පහසු බැංකු ණය, මෙන්න මේ වගේ දේවල් ගනුදෙනුකරුවන් හැටියට අපිට පහසුවෙන් ලබා ගන්නට පුළුවන් බැංකුවක් නම් අපිට බොහොම පහසුවෙන් ඊට ආශක්ත වේවි. ඒ වගේම ඔවුන් අපිට ලබාදෙන සේවාව, නිදසුනක් හැටියට ටෙලර්, ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් ඉල්ලුම් කිරීමෙන් කෙතරම් කාලයක් ඇතුලත නැවත ලැබේවිද වගේ කාරණාවන් මෙහිදී සැලකිල්ලට ලක්වෙනවා.

 

3. වැඩිහිටියන්ට පහසුකම්

තවද ජ්‍යෙෂ්ට පුරවැසියන්ට විශේෂ වාසි ලබාදෙන ගිණුම් ක්‍රම සහිත බැංකු ගැනත් බොහෝ දෙනා අවධානය යොමු කරනවා. එහෙම ඉතින් අවධානය යොමු කරන එකෙත් වරදක් නැහැනේ. අපි හැමෝම වයසට යනවනේ. ඉතින් මෙන්න මේ හේතුව නිසා වැඩිහිටියන්ට දෙන පහසුකම් අනුවත් අපි කුමන බැංකුවක අපේ ගිණුම පවත්වාගෙන යනවද කියන කාරණය ගැන සැලකිලිමත් වෙනවා.

 

4. විවෘත කාලය
how to choose a bank
Source – heartsongs.narod.ru

බැංකුව විවෘත කරලා තියෙන කාලය සාමාන්යෙන්  උදේ 9ත් සවස 3-4 අතර කාලය වුනාට අපිට හැමෝටම හැම වෙලාවේම එකම වේලාවන් වල බැංකුවට යන්න ලැබෙන්නේ නැහැනේ. විශේෂයෙන් දිවා කාලයේ කාර්යබහුල කෙනෙක්ට මේ කාලය ඇතුලත තම බැංකු කටයුතු වල යෙදීම අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම ATM කාර්ඩ්ස් භාවිතා නොකරන බැංකු ගිණුම් පොත තුලින්ම තම ගනුදෙනු කරන ජනතාව තවමත් අපේ බැංකුවල ගනුදෙනු කරුවන් වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මෙහෙම අයට වඩා වැඩි කාලයක් විවෘත කර තිබෙන බැංකුවක ප්‍රයෝජනය නම් කියලා නිම කරන්නට බැහැ.

 

5. ශාඛා ජාලය
how to choose a bank
Source – howstuffworks.com

ලංකාව පුරාම විහිදුනු හොඳ ක්‍රියාකාරී ශාඛා ජාලයක් පැවතීම හොඳ බැංකුවකට බොහෝදෙනාගේ අවධානය යොමුවෙනවා කියන එක ගැන ආපහු කියන්නට දෙයක් නැහැ. තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාල බැංකු පහසුකම් ආදිය පැමිණුනත් තවමත් බොහෝ අය කැමති හුරුපුරුදු ක්‍රමයට බැංකුව වෙත ගොස් ගණුදෙනු කිරීමටයි. තමන්ට උවමනා වෙලාවක සෑම නගරයකම පාහේ සිය ශාඛා පිහිටුවලා තියෙන බැංකුවක තමන්ගේ බැංකු ගිණුම් ආරම්භ කරන්න අපි හැමෝම කැමතියි.

 

6. අන්තර්ජාල සහය
how to choose a bank
Source – boc.web.lk

ඉස්සර වගේ නෙවෙයි දැන් අපි බැංකුවට අඩිය තියෙන්නේ නැතුවම නිවසේ හෝ වැඩකරන ස්ථානයේ සිට ම අපේ බැංකු කටයුතු කරගන්න පුරුදු වෙලා. ලංකාවට මේ ක්‍රමය අලුත් අත්දැකීමක් වුනත් ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක අන්තර්ජාල බැංකු කටයුතු කරගන්නට පහසුකම් තිබීම කියන්නේ වර්තමානයේ බොහොම අවධානයක් යොමුවන්නට හැකි අවස්ථාවක් වෙනවා.

 

7. ස්මාර්ට් දුරකථන යෙදුම් (apps)
how to choose a bank
Source – www.pyxle.net

මේක ගොඩක් දුරට භාවිතා කරන්නේ සහ ප්‍රචලිත වෙලා තියෙන්නේ නම් තරුණ පිරිස අතර ම තමා. මොකද අද වෙනකොට ඔවුන් බොහෝ වෙලාවට තමන්ගේ දුරකථන සහ ස්මාර්ට් උපාංග එක්ක වැඩ කටයුතු කරගන්නට යොමුවෙලා තිබෙන නිසා ඒ පරම්පරාව ආකර්ෂණය කරගන්නත් බැංකු විසින් බොහොම පහසුවෙන්  අන්තර්ජාලය හරහා එදිනෙදා බැංකු කටයුතු කරගන්නට හැකියාව ලැබෙන පරිද්දෙනුත් සිය බැංකු ගිණුම් සියල්ලකට ම වාගේ මේ පහසුකම් දෙනවා නම් ගනුදෙනු කරුවන් අමුතුවෙන් ඔවුන්ට හොයන්නට උවමනා වෙන එකක් නැහැ.

 

8. ණය සහ උගස් ණය පහසුකම්
how to choose a bank
Source – capital.sigmalive.com

මේකත් වර්තමානයේ අපි බැංකු ගිණුමක් පිහිටුවන්නට කල්පනා කරනකොට රටට ගන්න ප්‍රධානතම කාරණාවක් වෙනවා. අපි බැංකු ගිණුමක් ආරම්භ කරන්නේ අපේ සල්ලි ප්‍රවේසම් කරගන්නම විතරක් නෙවෙයි. ඒ වගේම අපිට මුදල් අවශ්‍යතාවයක් වුනාට පස්සේ රස්තියාදුවකින් තොරව අපිට යම් දෙයක් ඇපයට තියලා හෝ අපේ අවශ්‍යතාව සම්පුර්ණ කරගන්නට ණය මුදලක් ලබා ගැනීම අපි හැමෝගෙම බලාපොරොත්තුවක් වෙනවා. මේවා නැවත ගෙවීම සඳහා සහනදායී පොලී අනුපාතයක් තිබීමද අනිවා වැදගත් වෙනවා. ඉතින් අන්න ඒ නිසා එවැනි ණය පහසුකමක් බොහොම පහසුවෙන් ගන්නට හැකියාව තියෙන බැංකුවකට ආකර්ෂණය වීම සිදුවන්නේ නිතැතින්.

 

9. වැඩි පොලියක් සහිත ස්ථිර තැම්පතු
how to choose a bank
Source – fixeddepositsoftware.in

සාමාන්යෙන් දශම ගණනක වෙනසක් වාර්ෂික/මාසික පොලී අනුපාත සහිත ස්ථිර තැම්පතු ක්‍රම තමා මොන බැංකුවෙත් තියෙන්නේ. වැඩි පොලියක් කියන්නෙ අපිට සහනයක්. ඒ උනත් පොලිය මතම නොරැඳී ඔබ තෝරාගන්නා බැංකුව හෝ මූල්‍ය ආයතනය මහ බැංකුව යටතේ ලියාපදිංචි එකක්ද නැද්ද යන වගත් කලින්ම සොයාබැලීම වැදගත් කාරණයක් වනවා. එය ඔබේ තැන්පතුවේ සුරක්ෂිත භාවය කෙරෙහි වැඩි බලපෑමක් කලහැකි සාධකයක්.

 
Cover Image Source – youtube.com