මෙන්න සංගක්කාරව දිරවන්නෙ නැති වෙන්න අනිවා හේතු 7ක් 😉

 

කුමාර් සංගක්කාර කියන්නෙ ජාත්‍යන්තර සම්මාන ගත්තු, දේශීය සම්මාන ගත්තු, සීයේවා ගහපු, හොඳට කැප්ටන් කරපු, ලෙක්චර් දීපු, මිනිස්සු එක්ක හොඳින් ඉන්න පොරක්. ඒ වගේම මිනිස්සුත් සංගට ආදරෙයි. ඒ උනත් හැමෝම සංගට ආදරේ කරලත් බැහැනේ. ඒ නිසා මෙන්න අපිට සංගක්කාරව දිරවන්නෙ නැති වෙන්න හොඳ හේතු ටිකක්. බලන්න මේ ටික කියෙවුවම ඔයාලටත් ඒ ගැන හිතෙයිද කියලා.

 

1. අන්න ක්‍රිකටර්
Hate Sanga

Source – alloutcricket.com

නියම ලස්සන කවර් ඩ්‍රයිව්, ඕන වෙලාවට පවර් හිටින්, කන්සෙකටිවු හන්ඩ්‍රඩ්ස්, ස්ටම්ප් නං ස්ටම්ප්, ස්ලෙජින් නං ස්ලෙජින්, ෂවුට් නං ෂවුට්, ප්ලෑනිං නං ප්ලෑනිං. ක්‍රිකටර් කෙනෙකුට තියෙන්න ඕන ඔක්කොම හැකියාවල් එකම වහලක් යටින් ගන්න පුළුවන්. ඉතිං එහෙම ක්‍රිකටර් කෙනෙක් ගැන ඉරිසියා හිතෙන්නෙ නැද්ද කියනවකො.

 

2. කතා නං කතා
Hate Sanga

Source – hindi7.com

අන්තිම ටෙස්ට් මැච් එකේ කරා කතාවක් කෝලියටත් ඇඬුනා. කවුඩ්රි ස්පීච් එකත් කොර. ලේසි පාසු ටෝක් නෙමෙයි දීලා තියෙන්නෙ. ඔය කතාවෙ තියෙන පවර් එක හින්දනෙ ඇඩ්වලට වුනත් එක දිගට ඔෆර්ස් එන්නෙ. අපි නම් කතා කලොත් එක්කො ගල් පාරවල් නැත්තං කුණු බිත්තර පාරවල්. ඊටත් අපිටනම් නංගි කෙනෙක්ගෙන් කැමතිද කියල අහද්දිත් ගොත ගැහෙනවා. ඒකට මෙයා!

 

3. හැන්ඩි පෙණුම
Hate Sanga

Source – youtube.com

ඇඩ්වලට ඔෆර්ස් එන්නෙ පෙණුමට කියලා කට්ටිය තර්ක කරන්නත් ඉඩ තියෙනවා. ඇයි යකෝ මොන බම්බුව ඇන්දත් මේකා ලස්සනයිනෙ. ෆැෂන් ෂෝවලට අරං ෂෝට ගස්සලා පාරෙ යැවුවත් පුදුම ගතියක් තියෙන්නෙ. ඉතින් ගණන් වැඩි ඇඳුම් ඇන්දත් කැතට පේන අපි වගේ එවුන්ට කේන්ති යන්නැද්ද කියහංකො.

 

4. අනේ ගෑනියේ!
Hate Sanga

Source – mathrubhumi.com

ගෑනිගෙ පර්ස් එකේ ඉන්නෙත් සංගක්කාර, ප්‍රොෆයිල් එකේ ඉන්නෙත් පොර, ඇහුවම කියන්නෙත් පොර ගැනමයි. අන්තිමේ බැරිම තැන මං ඇහුවා සංගක්කාරයි, රොනාල්ඩෝයි, මායි ඉන්න කාමරයක් ඇතුළෙදි ඔයාගෙ අතේ මුදු දෙකක් තිබ්බොත් දාන්නෙ මොන දෙන්නටද කියලා. මගෙ වස්තුව කීවෙ අනේ සංගක්කාරගෙ වං අතේ වෙදැඟිල්ලටයි, ෂුලැඟිල්ලටයි දානවලු දෙකම. ඉතිං මූව එපා වෙන්නැද්ද කියාංකො මහත්තයො.

 

5. හැමතැනම අවෝඩ්ස්
Hate Sanga

Source – umeshsrinivasanblogs.blogspot.com

අවුරුදු හතරක් පිටපිටම ජනතාවගේ ක්‍රීඩකයා. අයිසීසී එකේ හම්බෙච්ච ට්‍රෝෆි ටික ගේන්න ගිහින් හෑන්ඩ් ලගේජ් බරවැඩියි කියලත් කේස් එකක් ගිහිල්ල. හැම තැනම අවෝඩ්ස්. සංගා වමට හැරැනොත් හොඳම වමට හැරෙන්නාගේ සම්මානය කියලා එකකුත් දෙන තත්ත්වයක් තියෙන්නෙ. ඒකට අපිට ට්‍රෝෆි තියා සර්ටිෆිකට් දෙකක් හොයාගන්නත් මැරෙනකං ඉන්න වෙනව. ඇයි ඉතං තාම තියෙන්නෙ බර්ත් සර්ටිෆිකට් එක විතරයිනෙ. ඩෙත් එකත් එක්ක දෙකයි.

 

6. ෆේස්බුක් ෆීඩ් එක
Hate Sanga

Source – dbsjeyaraj.com

මගේ ෆේස්බුක් ෆීඩ් එක සංගගෙන්මයි පිරිලා තියෙන්නෙ. මං ලයික් කරලා නෙමෙයි. මගේ යාළුවො ෂෙයා කරන ඒවයින්. හැම උලවුව ගැනම සංගගෙන් තමයි මේගොල්ලො උදාහරණ ගන්නෙ. මේකනං දැන් එපා වෙලා තියෙන්නෙ.

 

7. කන්නත් නෑ
Hate Sanga

Source – dbsjeyaraj.com

මේක තමයි මට ඔය සංගව එපා වෙන්න තියෙන හොඳම හේතුව. දවසක් මම අම්මට රෑ බත් එක බෙදල දෙන්න කිවුවම කවදාවත් නැතුව ටිකක් ඉන්න කිවුවනෙ. බැලින්නං මෙයා සංග සීය ගහනකං ඉන්නව බලාගෙන. ඔන්න ඕකයි පිංවතුනි පුල්මුඩේ තත්වෙ. ඉතිං කොහොමද කියාංකො කටක් ඇරලා සංගට සපෝට් කරන්නෙ?

 


 
Cover Image Source – lords.org
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid