ලංකාවට දාලා තියෙන හොඳම ටෙස්ට් පාට්නර්ෂිප් ටික තියෙන්නෙ මෙන්න මේ අයගෙන්

 

ලංකාව කියන දේ ගැන ජාත්‍යන්තරයේ කතාවෙන දේවල් අතරේ ලොකුවටම තියෙන්නෙ එක දෙයයි. ඒ තමයි ක්‍රිකට්. මේ තමයි ඒ ක්‍රිකට් කතාවෙ ටෙස්ට් පිටියෙදි අපේ කොල්ලො දාපු ලොකුම පාට්නර්ෂිප් දහය. අපේ කොල්ලොන්ගෙ පාට්නර්ෂිප් ලිස්ට් එකේ මුලින්ම තියෙන ස්කෝර්ස් දෙක තමයි ලෝක වාර්තාවෙත් මුල්ම ෆිගර්ස් දෙක. ඉතිං පිටරැටියනේ ලැජ්ජා වෙයව්. අපි ආඩම්බර වෙන්නං.

 

1. මයියගෙයි සංගගෙයි මැරතන් එක
Highest Partnerships for SL

Source – cricwizz.com

මහේල ජයවර්ධනයි කුමාර සංගක්කාරයි 2006 අවුරුද්දෙ ජූලි මාසෙදි එස්එස්සී එකේදි ඒ කැඩුවෙ අපේම සනත් ජයසූරියයි රොෂාන් මහානාමයි වැඩිම ලකුණු වෙනුවෙන් තාමත් තියෙන 952ක ටෙස්ට් ලෝක වාර්තාව වෙනුවෙන් දාපු පාට්නර්ෂිප් එක තමයි. මේ පාට්නර්ෂිප් එකේදි අවුට් වෙන්න චාන්ස් එකක් නොතිබ්බ එකම මොවුන්ගෙ විශිෂ්ඨත්වය පෙන්නනවා. ටිකක් ළගින් ගිය එල්බීඩබ්ලිව් එකක් විතරක් දීල තියෙන මේ වගේ පාට්නර්ෂිප් එකක් එක්ක ඉන්දියන් කාරයො ඇස් පනාපිට අවුට් වෙවී අම්පයර්ලගෙ උදවුවෙන් ගහන ඉනිං බලු වෙනවා. මේකෙදි මහේල ලාරගෙ රෙකෝඩ් එක ගාවටම ආවත් අවාසනාවකට ලකුණු 26න් රෙකෝඩ් එක මිස් වෙනවා.සවුත් අප්‍රිකාවට ඉනිමකින් ගහලා දිනන්නෙ මේ පාට්නර්ෂිප් එක නිසායි.

පෞද්ගලික ලකුණු –

මහේල ජයවර්ධන – 374(572)

කුමාර සංගක්කාර – 287(457)

සම්බන්ධතාවය – 624

ලකුණු පුවරුව – https://goo.gl/1dWa20

 

2. සනත්ගෙ හයියයි මහානාමගෙ නිදහසයි
Highest Partnerships for SL

Source – nonstopten.com

අනූ හතේ අගෝස්තු මාසෙ මුල ඛෙත්තාරාමෙ තිබ්බ මේ මැච් එකේදි ඉන්දියාව අපිට පලමු ඉනිමෙ සීයෙ තුනක් එක්ක ගහනව ලකුණු 537ක්. ඒ මදිවට අපේ පලවෙනි විකට් එක ලකුණු 39දි ගත්ත. එතන ඉඳන් තමයි කරුමෙ පඩිසන් දුන්නෙ. දෙවනි දවසෙ හවස මාවන්ව ගත්තට ඊලඟ දවස් දෙකම විකට් නැතුව බෝල් කර කර ඉන්න ඉන්දියන්කාරයොන්ට සිද්ධ වුනා. මේ මැච් එකේ අන්තිම දවස අපේ ප්‍රේක්ෂකයන්ට නොමිලේ බලන්න දුන්නා. මේ දෙන්නා කැඩුවෙ නවසීලන්තෙ ඇන්ඩෘ ජෝන්සුයි මාටින් ක්‍රෝයි අපිට තියල තිබ්බ රෙකෝඩ් එකක්. අදටත් නොකැඩී තියන ලෝකෙ වැඩිම ටෙස්ට් ලකුණු රෙකෝඩ් එක තිබ්බෙත් මේ මැච් එකේ. පස්සෙ කාලෙක මේ දෙන්නගෙ රෙකෝඩ් එක කඩන පාට්නර්ෂිප් එකේ කොටස් කාරයෙක් වෙන මහේලගෙ පලවෙනි ටෙස්ට් එකත් මේක.

පෞද්ගලික ලකුණු –

සනත් ජයසූරිය – 340(578)

රොෂාන් මහානාම – 225(561)

සම්බන්ධතාවය – 576

ලකුණු පුවරුව – https://goo.gl/C5MDyQ

 

3. ෂෝ ඔෆ් ක්ලාස්
Highest Partnerships for SL

Source – cricket.yahoo.com

අතපත්තුයි සංගයි කියන්නෙ අපිට හිටපු ක්ලාසිම බැට්ස්මන්ලා දෙන්නෙක්. අතපත්තු පලවෙනි ටෙස්ට් එකෙත් සීයක් ගහල ෆෝම් එකේ හිටියෙ. මේ දෙන්නම 300 සලකුණ පහු කරයි කියල හිතුවට දෙන්නගෙන් එක්කෙනෙකුටවත් ඒක කරන්න බැරි උනා. සංගක්කාර ගහපු 3 වැනි බෝලෙදිම කැච් එකක් දීල ඒක පන්යන්ගාරා මිස් කළා. මැච් එක ගැහුවෙ 2004 මැයි සිම්බාබ්වේවල බුලවායෝ වලදි.

පෞද්ගලික ලකුණු –

අතපත්තු – 249(324)

සංක්කාර – 270(324)

සම්බන්ධතාවය – 438

ලකුණු පුවරුව – https://goo.gl/CwkpJi

 

4. හෙමින් ගිය මැච් එකක්
Highest Partnerships for SL

Source – cricketdawn.com

මහේලයි සමරවීරයි පරිස්සමට තට්ටු දදා ගැහුව මැච් එකක්. ගොඩක් වෙලා විකට් එකේ ඉඳල ගහපු ඉනිම් කීපයක්ම දෙපැත්තෙන්ම වාර්තා උන නිසා මැච් එක ඩ්‍රෝ එකක් පැත්තට හැරවුණා. අපි 644ක් ගැහුවට පකිස්ථානෙත් ඊට දෙවැනි නොවී 765ක් ගහනවා. යුනිස් කාන් 313ක් ගහන්නෙ විනාඩි 760ක් විකට් එකේ ඉඳලයි. ඒක ඒ වෙද්දි තුන්වැනියට වැඩිම විනාඩි ගාණක් විකට් එකේ හිටපු ඉනිමක් උනා. පකිස්තානෙ අපිට ලීඩ් තියල අපේ මුල් විකට් 5 ඉක්මනට ගලවලා අපිව ටිකක් බය කලත් අන්තිමට මැච් එක ඩ්‍රෝ උනා. ඒ විදියට අල්ල අල්ල ගහපු ගැහිල්ලකදි මැච් ඩ්‍රෝ වෙන එක අහන්න දෙයක් නෙමෙයි.

පෞද්ගලික ලකුණු –

මහේල – 240(424)

තිලාන් – 231(318)

සම්බන්ධතාවය – 437

ලකුණු පුවරුව – https://goo.gl/2VkQVC

 

5. ජයවර්ධන ඩුවෝ
Highest Partnerships for SL

Source – timesofindia.indiatimes.com

ජයවර්ධනලා දෙන්නා කැඩුවෙ ඩොන් බ්‍රැඩ්මනුත් සම්බන්ධ වෙන රෙකෝඩ් එකක්. ඒ වෙද්දි 6 වැනි විකට් එකට ඩොන් බ්‍රැඩ්මනුත් ජැක් ෆින්ගල්ටනුත් තියල තිබ්බ 346 රෙකෝඩ් එක කඩල. කොච්චර ගැහුවත් මේ මැච් එකත් ඩ්‍රෝ උනා. මොකද ඒ මැච් එකේදි ඉන්දියාවත් ඉනිං දෙකේදිම ටිකක් හොඳ ලකුණු වලට ආවා. අපේ ජයවර්ධන ජෝඩුවත් පොඩි තට්ටු දැමිල්ලක හිටපු නිසා ඒක එච්චර නැගල ගිය මැච් එකක් වුනේ නැහැ.

පෞද්ගලික ලකුණු

මහේල – 275(435)

ප්‍රසන්න – 154(145)

සම්බන්ධතාවය – 351

ලකුණු පුවරුව – https://goo.gl/oMKjDZ

 

6. ක්ලාස් ඇන්ඩ් පවර් හිටිං
Highest Partnerships for SL

Source – bleacherreport.com

2000 ජුලියෙදි අස්ගිරියෙ පකිස්තානෙ එක්ක අස්ගිරියෙ ගහපු මේ මැච් එක පටන්ගන්නෙම මේ ෂෝ එකෙන්. සනත් සාමාන්‍යෙයන් ටෙස්ට් හෝ වන්ඩේ කියලා වෙනසක් නැතුව අත දිගෑරලා ගහන මනුස්සයා වුනත් මේකෙදි සනත් ටිකක් තට්ටු දානව වැඩියි කියලයි හිතෙන්නෙ. අතපත්තු ජයසූරිය මැච් එක පටන් ගත්ත ගමන් පලවෙනි විකට් එකටයි මේ පාට්නර්ෂිප් එක තිබ්බේ. පලවෙනි විකට් එක 335ට ගියාට ඊට පස්සෙ 467 වෙද්දි විකට් 5ක්ම වැටෙනවා. වැස්ස නිසා අපේ ඉනිම ඉවර කරගන්නත් වෙන්නෙ නෑ. පකිස්තානුවන්ව හොඳට මඩවලා අපි විතරක් බැටිං කරපු මැච් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්.

පෞද්ගලික ලකුණු –

මාවන් – 207(457)

සනත් – 188(358)

සම්බන්ධතාවය – 335

ලකුණු පුවරුව – https://goo.gl/ED0MeR

 

7. ආයෙත් ෆේවරිට්ම ජෝඩුව
Highest Partnerships for SL

Source – news18.com

මේක ගහන්නෙත් සංගයි මයියයි. සංගා මේ පාට්නර්ෂිප් එකේ ගහපු 200ත් එක්ක වාර්තා පොත් වලටත් යන්න සමත් උනා. ඒ බැක් ටු බැක් සෙන්චරි ගහපු ලෝකෙ 5 වැනියා හැටියට. මේ පාට්නර්ශිප් එක නිසා ලොකු ලීඩ් එකක් තියලා ඉනිමකින් දිනන්න ලැබුණා කියලත් කියන්නම ඕන.බංගලියොන්ට අපි තනි ඉනිමෙ ගහපු පන්සීය ඉනිං දෙකේදිම ගහගන්න බැරිවුනා. හැබැයි ඉතිං මෑන් ඔෆ් ද මැච් ලැබෙන්නෙ මේ දෙන්නගෙන් කෙනෙකුටනං නෙමයි. විකට් දොළහක් දාපු මුරලිට.

පෞද්ගලික ලකුණු –

සංගා – 222(277)

මහේල – 165(210)

සම්බන්ධතාවය – 311

ලකුණු පුවරුව – https://goo.gl/xw4Lmi

 

8. ආයෙත් අතපත්තුයි සනායි
Highest Partnerships for SL

Source – lt.lk

අතපත්තුයි සනායි 2004දි සීම්බාබ්වේවලට හරාරේ ග්‍රවුන්ඩ් එකේ ගහපු මේ පාට්නර්ෂිප් එකේ විශේෂත්වෙ වෙන්නෙ සනත්ගෙ වේගවත් පිති හරඹෙ. බෝල 90 කින් වගේ තමයි සෙන්චරිය ගහන්නෙ. අවුට් වෙද්දි බෝල 147ට ලකුණු 157යි. එක ඕවරේකට ලකුණු 18කුත් ගහලා. සිම්බාබ්වේ පළවෙනි ඉනිමෙ ගහපු ගාන අපේ මුල් විකට් පාට්නර්ෂිප් එකෙන්ම කඩල ලීඩ් තියලා ඉනිමකින්ම දිනනවා කියන එක අපිට ආදරණීය මතක සැමරුමක්. හැබැයි මේකෙදි මෑන් ඔෆ් ද මැච් වෙන්නෙත් විකට් අටක් දාපු මුරලිමයි.

පෞද්ගලික ලකුණු –

අතපත්තු – 170(253)

සනත් – 157(147)

සම්බන්ධතාවය – 281

ලකුණු පුවරුව – https://goo.gl/gPxOIx

 

9. එලොව ගිහින් මෙලොව ඇවිත්
Highest Partnerships for SL

Source – images99.com

ලකුණු 48කට විකට් 4ක් ගිහිල්ල ඉද්දි තමයි මේ පාට්නර්ෂිප් එකෙන් ඉනිම ගොඩදාන්නෙ. කණ්ඩායම් දෙකේම  අනිත් කිසිම පිතිකරුවෙකුට හරියට ලකුණු ගහන්න බැරි උන මේ මැච් එකේ මේ පාට්නර්ෂිප් එකෙන් ආපු වාසිය නිසාම බංගලාදේසෙට දෙපාරක් ගහන්න දීල ඉනිමකින් පරද්දන්න ලැබුණා. ඒ වගේම සමරවීරගෙ මන්දගාමී වුනත් ස්ටෙඩී පිතිහරඹයට ඩිල්ෂාන්ගෙ වේගවත් ප්‍රහාර එකතු වෙච්ච අවස්ථාවක් විදියට මේක දක්වන්න පුළුවන්.

පෞද්ගලික ලකුණු –

සමරවීර – 138(217)

ඩිල්ෂාන් – 168(179)

සම්බන්ධතාවය – 280

ලකුණු පුවරුව – https://goo.gl/kDZtm9

 

10. එංගලන්තෙට ඉනිමකින්
Highest Partnerships for SL

Source – nonstopten.com

ජයවර්ධනයි සමරවීරයි කියන්නෙ සහෝදර පාසල් දෙකක සමකාලීනයො නිසා ඒ දෙන්නා දෙන්නට දෙන්නා ගැන හොඳට දන්නවා. ඒ වගේම දෙන්නගෙම හෝම් ග්‍රවුන්ඩ් එක වෙච්ච එස්එස්සී එකේදි තමයි මැච් එක ගැහුවෙ. බෝල ටිකක් වැඩිපුර අනුභව කළාට මේ පාට්නර්ෂිප් එක නිසා  ඒ හින්දම 628ක් වගේ ලොකු ගාණකට ගිහින් එංගලන්තෙට නෙළුවා කියලා කියන්න පුළුවන් වුනත්. මේ දෙන්නගේ දායකත්වය වගේම සනත්ගෙ, ඩිල්ෂාන්ගෙ වගේම උපුල් චන්දනගෙත් ලකුනු හැත්තෑ සහ අසූ ගනංවල දායකත්ව ගැන සඳහන් කළ යුතුමයි.

පෞද්ගලික ලකුණු –

තිලාන් – 142(408)

මහේල – 134(246)

සම්බන්ධතාවය – 262

ලකුණු පුවරුව – https://goo.gl/oEjwDV

 


 
Cover Image Source – cricket.yahoo.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid