ඔබේ ගිණුමට වැඩිම පොළී දෙන ලංකාවේ බැංකු මෙන්න

 

බැංකුවක මුදල් ආයෝජනය කරද්දි අපේ මුදල් වලට ලැබෙන ආරක්ෂාව වගේම තැන්පතු වලට ලැබෙන ඉහල ප්‍රතිලාභ ගැනත් අපි ගොඩක් දෙනෙක් විමසිලිමත් වෙනවා. තමන්ගේ සැලසුම් වලට අනුව ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ගිණුමට වැඩිම පොළී ප්‍රතිශතයක් ලැබේවා කියන එක තමයි හැම ගණුදෙනුකරුවෙකුගෙම ප්‍රාර්ථනය. ඉතින් අනිවා අපි හිතුවා තමන්ගේ මුදලට වැඩි පොළියක් ලබාදෙන බැංකුවක් සොයමින් ඉන්න ඔයාලට පොඩි උදවුවක් වෙන්න.

අපි මේ පහතින් ලැයිස්තුගත කරන්නේ විවිධ කාලසීමාවන්ගෙන් යුත් ස්ථාවර ගිණුම් වලට සහ ඉතුරුම් ගිණුම් වලට වැඩිම පොළී මුදලක් ලබාදෙන ලංකාවේ බැංකු ගැන තොරතුරුයි. ඉතින් වෙබ්සයිට් පීර පීර මේ තොරතුරු හොයනවට වඩා අපේ අනිවා හිතවතුන්ට ලේසියෙන්ම මේ දත්ත ඇසුරින් තමන්ගේ ඉතුරුම් ගැන තීරණයක් ගන්නට පුලුවන් වේවි.

 

1. මාස්පතා පොළිය ලැබෙන වසරක ස්ථාවර තැන්පතු සඳහා (12 Months – Interest Paid Monthly)

 

අවුරුද්දක ස්ථාවර තැන්පතුවකට පොළී මුදල ලබාගැනීම ඔබට දෙයාකාරයකින් කරන්න පුලුවන්. ඒ තමයි මාස්පතා මුදල ලබාගැනීම හෝ කල්පිරීමේදී එකවර පොළී මුදල ලබාගැනීම. මාස්පතා පොළිය ලබාගන්නවානම් මේ මොහොත වනවිට ඒ සඳහා ලංකාවේ ඉහලම පොළී ප්‍රතිශතයක් ලබාදෙන්නේ මර්චන්ට් බැංකුවයි(MBSL). කාගිල්ස් බැංකුව, සණස සංවර්ධන බැංකුව සහ NDB  යන බැංකුත් කරට කර සටනක් දෙමින් ඒ ආසන්නවම පොළී ප්‍රතිශතයන් ලබාදෙනවා.

පහත තිබෙන්නේ වසරක ස්ථාවර තැන්පතුවකට මාස්පතා වැඩිම පොළියක් ලබාදෙන බැංකු 5යි

Highest Interest Rates in SL

 

2. කල් පිරීමේදී මුදල් ලබාගන්නා වසරක ස්ථාවර තැන්පතු (12 Months – Interest at Maturity)

 

වසරක කාලයකට කල්පිරීමේදීත් වැඩි පොළී ප්‍රතිශතයක් ලබාදෙන බැංකුව වන්නේ MBSL බැංකුවයි. කාගිල්ස් සහ සණස සංවර්ධන බැංකු විසින් ඊළගට වැඩිම පොළී ප්‍රතිශත ලබාදෙමින් දෙවැනි සහ තුන්වැනි ස්ථාන ලබා ගන්නවා.

Highest Interest Rates in SL

 

3. මාස 3ක ස්ථාවර තැන්පතු (3 Months)

 

මාස තුනකින් කල්පිරෙන ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩිම පොළී ප්‍රතිශතයක් වන 12.5% ලබාදෙන්නෙ සණස සංවර්ධන බැංකුවයි. සමාන පොළී ප්‍රතිශතයක් ලබා දෙමින් බැංකු 4ක්ම දෙවැනි ස්ථානයේ වැජඹෙනවා.

 

Highest Interest Rates in SL

 

4. ජ්‍යේෂ්ඨ පුරවැසි (Senior Citizen) මාස්පතා පොළිය ලැබෙන වසරක ස්ථාවර තැන්පතු (12 Months – Interest Paid Monthly)

 

අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් විශේෂ පොළී අනුපාතයක් ලබාදෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති. රුපියල් මිලියනයක් දක්වා වන මුදලකට වසරක කල්පිරීමකදී 15%ක පොළී අනුපාතයකුත්, මාස්පතා ගැනීමේදී 14.06% පොළී අනුපාතයකුත් ලියාපදිංචි සෑම බැංකුවක් විසින්ම ලබාදෙනු ලබනවා. මේ මිලියනයක මුදලට අමතර මුදලක් තැන්පත් කර ගිණුමක් ආරම්භ කරද්දි ඒ සඳහා වැඩිම පොළී ලබාදෙන බැංකු ගැනයි අපි මේ කියන්නෙ.

මේ තමයි මාස්පතා පොළී ගන්න අවුරුද්දක ස්ථාවර තැන්පතු සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වැඩිම පොළී ප්‍රතිශත ලබාදෙන බැංකු ලැයිස්තුව.

Highest Interest Rates in SL

 

5. ජ්‍යේෂ්ඨ පුරවැසි (Senior Citizen) කල්පිරීමේදී පොළිය ලැබෙන වසරක ස්ථාවර තැන්පතු (12 Months -Interest at Maturity)

 

අපි දැන් බලමු අවුරුද්දක් අවසානයේදී කල්පිරීමේදී වැඩිම පොළී මුදලක් ප්‍රදානය කරන බැංකු මොනවද කියලා. MBSL බැංකුව තමයි මේ ලැයිස්තුවෙනුත් අංක එකට එන්නෙ.

Highest Interest Rates in SL

 

6. ළමා ඉතුරුම් ගිණුම්

 

දරුවෙක්ට කුඩා කාලෙ පටන් ඉතිරිකිරීමට ආදර්ශ දෙන එක දෙමවුපියන් විසින් කරන්න අත්‍යාවශ්‍යම දෙයක්. මහලොකු මුදලක් නැති උනත් තමන්ට හැකි අයුරින් මේ ඉතුරුම් පුරුද්ද දරුවාටත් පෙනෙන්නට පවත්වාගෙන යෑම වැදගත්.

දරුවන්ගේ ඉතුරුම් ගිණුම් ලැයිස්තුගත කරන එක තරමක් අමාරු කාර්යයක් බව මුලින්ම ඔබට කියන්න ඕනෙ. එකම බැංකුවක විවිධ නම් වලින් ළමා ඉතුරුම් ගිණුම් රාශියක්ම තිබෙනවා. අවම තැන්පතු මුදල සහ තවත් නොයෙකුත් කොන්දේසි අනුවයි ඒ ගිණුම් එකින් එකකට වෙනස් වන්නේ. ඒ නිසා කුඩා දරුවෙක්ට විතරක් නෙමෙයි වැඩිහිටියෙක්ට උනත් මේවා එකකට එකක් සැසඳීමේදී ගැටලු මතුවෙන්න පුලුවන්.

අපි පහතින් ලැයිස්තුගත කර ඇත්තේ අවම මුදලකින්(රු. 1000/- තුල) ආරම්භ කලහැකි වැඩිම ඉතුරුම් ප්‍රතිශතයක් ලබාදෙන ඉතුරුම් ගිණුමුයි. මෙහිදී ස්ථාවර ගිණුම් වලට වැඩිම පොළී ලබාදුන්න බැංකු අභිබවා පෑන් ඒෂියා, යුනියන් සහ කොමර්ෂල් බැංකු ඉදිරියට එන්න සමත් වෙලා තියනවා.

Highest Interest Rates in SL

 

7. සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම්

 

සාමාන්‍ය ඉතුරුම් ගිණුම් අතරින් කාගිල්ස් බැංකුවේ High Return Saver ඉතුරුම් ගිණුම 6.5%ක ඉහල පොළියක් ලබාදෙනවා. ඉතුරුම් මුදල වැඩිවන ආකාරය අනුව මෙය 8.25% දක්වා වර්ධනය කරගැනීමටද පුලුවන්

Highest Interest Rates in SL

 
[os-widget path=”/anishayasaratne/%E0%B6%94%E0%B6%B6%E0%B6%A7-%E0%B6%AB%E0%B6%BA%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AB%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BA%E0%B6%B8%E0%B6%BA-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AD%E0%B7%80-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B8%E0%B7%99%E0%B6%BA-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1″ of=”anishayasaratne” comments=”false”]