මේ කියන්න යන්නෙ ඇල්කොහොල් ප්‍රේමියෙකුට යන්න නියමම රටවල් ගැනයි

 

අනිවා කියවන්නෙත් කන බොන මිනිස්සු නිසා අපි හැදුවා ලිස්ට් එකක්. ඒ තමයි ඇල්කො‍හොල් හිතවන්තයෙකුට යන්න හොඳම රටවල් සෙට් එක. ඒ නිසා අපි දැන් මුල ඉඳන් මේ වැඩේට හොඳම රටවල් දහය ලියනවා. අන්තිමටම ලියන්නෙ සුපිරිම රට. ඉන්න රටත් වැඩේට සුපිරිම රටක් තමයි. මේ රටවල් ගැනත් කියවලා බලන්නකෝ.

 

1. ඔස්ට්‍රේලියාව
Best Countries for liquor lovers

Source – servicecentral.com.au, geology.com

දැනට කියන්න තියෙන්නෙ නං බැසගිය සඳක් කියලා තමයි. කාලෙකට කලින් ඇල්කො‍හොලික් වැඩේ හිටපු සුපිරි රටක් වුනත් මේ වෙනකොට ඒ ගොල්ලෙ එතැනින් විතැන් වෙලා. ඒත් තාමත් දහය ස්පොට් එකේ රැඳී සිටිනවා. තවදුරටත් ඉස්සර තිබ්බ ගණං අඩු බියර් ඔස්ට්‍රේලියාවෙ හොයාගන්න නැති වෙලා. හොඳ ලාගර් බියර් බීපු මිනිස්සු දැන් වයින් ගහන්න හුරු වෙලා. හැබැයි ඉතිං සුපිරි අතීතයක් හිමියි. මොකද එයාලගෙ හිටපු අගමැති බොබ් හෝක් තමයි බියර් පයින්ට් දෙකහමාරක් තත්පර එකොළහකින් ගහලා ගිනස් පොතටත් ගිහිල්ල ඉන්නෙ.

 

2. ජර්මනිය
Best Countries for liquor lovers

Source – 1001beersteins.com, geology.com

ජර්මනිය කිවුව ගමන් ඩෝර් ගාලා බියර් මතක් වුනාට යුරෝප හොඳම බියර් බොන්නන් ඉන්නෙ චෙක් ජනරජයෙ නිසා මෙයාලව අංක නමයට වැටෙනවා. ඔක්ටෝබර්ෆෙස්ට් එකත් උන්ගෙ වීම නිසා මේගොල්ලොත් චෙක් ජනරජයට කරට කර සටනක් දෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ප්‍රශ්න අමතක කරන්න බොන ජාතියක් විදියට ටිකක් ප්‍රසිද්ධ මෙයාලට රට ඇතුළෙම තියෙන සුපිරි තිරිඟු වගාව නිසා වැඩේ තවත් ලේසියි. මේගොල්ලො ඉතිං වෙරි බහින්නත් බියර් බොන ජාතියක්.

 

3. උගන්ඩාව
Best Countries for liquor lovers

Source – howwe.biz, geology.com

ඔන්න බෝතලයක් ගැහුවත් හිතෙන්නෙ නැති ජාතියෙ රටක්. අප්‍රිකාවෙ වැඩිම ඇල්කොහොල් පාවිච්චියෙ වාර්තාව තියෙන්නෙ මෙයාලට. මෙයාලා ගාව වෙරි වෙන කෙසෙල් ගෙඩි ජාතියකුත් තියෙනවා. ඒක අමුතු ආකාරයකට සකසන නීතියෙනුත් තහනං කෙසෙල් ගෙඩියක්. උඩිම්ම පාවිච්චිය තියෙන්නෙ වරාගි කියන රටේම හදන බීමක්. ඒකට වෝ ජින් කියලත් කියනවා. ඒ ඒක කාලයක් සොල්දාදුවොන්ගෙ පිපාසෙ නිවන්න දීපු නිසාලු. මෙයාලගෙ ක්ලැසික් එක තමයි අජෝනෝ කියන බියර් එක.

 

4. දකුණු කොරියාව
Best Countries for liquor lovers

Source – kstylick.blogspot.com, geology.com

දකුණු කොරියාව කියන්නෙ වෙරියට හොඳ තැනක් දෙන රටක්. බිස්නස් එකක් වෙන්න නං අඩියක් ගැසිය යුතුමයි. ජීවත් වීම සරළ කරලා පහුසවෙන් ඉස්සරහට ගෙනියන ලුබ්රිකන්ට් එකක් විදියට මෙයාලා බීම සලකනවා. රටේ කොච්චර නීති තිබ්බත් අරක්කුවලට ඒවා නැති ගානයි. ලොක්කොයි සොක්කොයි උදේට වෙරිමතේ බ්‍රදර් කියාගෙන කානු පල්ලෙන් නැගිටින රටක් විදියටත් ලිස්ට් එකට ඇඩ් වෙනවා. මේගොල්ලො විස්කියි බියරුයි එකට දාලා බෝම්බ කියලා ෂොට්ස් හදාගෙන ගහනවා. සෝජු කියලා ගමේ හදන ලාභ වොඩ්කා එකකුත් මෙයාලා අතරේ ප්‍රසිද්ධයි. හරියට අපේ අර බල්ලොන්ට ගහන ඒවා වගේ.

 

5. මෝල්ඩෝවා
Best Countries for liquor lovers

Source – onlypurenature.com, geology.com

ඉස්සර සෝවියට් රාජ්‍යක් වෙච්ච මේගොලොන්වත් ලිස්ට් එකට එන්නට තරම් එයාල බීමේ ප්‍රවීණයෝ. කාලෙන් කාලෙට ලෝකෙ වැඩිපුරම බොන අය හැටියටත් මේ අය ඉදිරියට එනව. එයාලට එයාලම හදන වයින් තියෙනවා වගේම එයාලගෙම විශේෂ පළතුරු වලින් පෙරන (නෑ නෑ එවුව නෙමෙයි) බ්‍රැන්ඩි ජාතිත් ඕනතරං තියෙනවා. එයාලගේ සුප්‍රකට බීමක් විදියට බෝසා කියන එක පෙන්නන්න පුළුවන්. ඒක නිකං අච්චාරු ගතියක් තියෙන ලා පැණි රහකුත් තියෙන මෝල්ටඩ් බීමක්ලු.

 

6. ඉක්වදෝරය
Best Countries for liquor lovers

Source – cristianaricashots.blogspot.com, geology.com

ඉක්වදෝරෙ තත්ත්වෙ කොච්චර දරුණුයිද කියනවා නං එහේ හැන්ග්ඕවර් කියන නම තියෙන බීම ජාතිත් තියෙනවලු. ඒකෙන්ම තේරෙනවනෙ ලංකාවෙ ඩබල් ඩිස්ටිල්ඩ් ගහනව වගේ ඔලුවට ගල් බැඳගෙනයි බොන්න ඕන කියලා. ෂොට් තුන හතරෙන් නැට්ටට වදින උක් දඬුවලින් පෙරාපු සමීර් කියලා බීමක් තියෙනවා මෙහේ. මේගොල්ලො බොද්දි නීති එහෙමත් දාගෙන බොන කන ජාතියක්. ක්‍රිස්ටල් කියලා ෂැම්පේන් එකකුත් මෙයාලා අතරෙ ප්‍රසිද්ධයි.

 

7. ප්‍රංශය
Best Countries for liquor lovers

Source – completefrance.com, geology.com

කොයිවෙලෙත් බීගෙන ඉන්නවය කියලයි කට්ටිය කියන්නෙ. වයින් වීදුරුව අතේම තියෙන ජාතියක්. වතුරට වඩා ගණං අඩු, උදේ කෑම වේල එක්ක ඇරෙන්න අනිත් හැම වෙලාවකම බොන්න දෙන වයින් මෙයාලගේ ප්‍රසිද්ධම බීමයි. හැබැයි ඔරිජිනල් ප්‍රංශ වයින් විතරයි වැඩේට පාවිච්චි කරන්නෙ. මෙයාලා කොච්චර බිවුවත් රට ජාතිය පාවලා දෙන්නෙ නැහැ. ඒ හින්දා එහෙන් පිටරටක ඇල්කොහොල් බීමක් හොයාගන්න වෙන්නෙ කලාතුරකින්.

 

8. රුසියාව
Best Countries for liquor lovers

Source – dantri.com.vn, geology.com

හරි සරළයි. වොඩ්කා කියලයි කියන්න තියෙන්නෙ. අපි බොමුද? හා වොඩ්කා බොමු. අපි කමුද? හා වොඩ්කා ෂොට් එකක් දාලම කමු. අපි සෙක්ස් කරමුද? ඉන්නකො මේ වොඩ්කා බෝතලේ ඉවර වෙනකං. මේ ඒයි මට ටොයිලට් යන්නෝන. මේ කඩපු බෝතලේ ගහලම යන්න. ජාතියෙ දෙබස් තියෙන රටක් තමයි ඒ. රුසියාවට වොඩ්කා කියන්නෙ ඉතිං අපිට බඩේ බත් වගේ තමයි.

 

9. චීනය
Best Countries for liquor lovers

Source – qz.com, geology.com

ධාන්‍යවලින් පෙරන එවුවා ගහන්නයි මෙයාලා ආස. එහෙ බිලියනපතියො ඩොලර් දහදාහෙ බෝතලුත් බොනවලු. චීනෙ බුවාලා සැමරුම්වලට ආසයි. ස්මරණ අරක්කු බීම්, වෙඩින්, පාටි, උපන්දින, බිස්නස් ඩීල් කියන හැම එකක්ම හොඳට බොන කන ඉවෙන්ට්ස්. මුං එක්ක බොන්න ගියාම පිට මනුස්සයෙකුට පිස්සු හැදෙන්න ඉඩ තියෙන්නෙ නප්පියට ගහල හිටියත් ආචාර ධර්ම රැකගෙන හැම තිස්සෙම ඔලුව නම නම ඉන්න නිසාලු.

 

10. මහා බ්‍රිතාන්‍ය
Best Countries for liquor lovers

Source – thedrinkingdome.yolasite.com, geology.com

රැජිනගෙ රට තමයි එක. අපි ඉතිං කොමන්වෙල්ත් කන්ට්‍රියක් විදියට මේ ගැන ආඩම්බර වෙන්නෝන. සාමාන්‍යයෙන් අපි අහල තියෙන්නෙ අයිරිෂ් බුවාලා බොනව වැඩියි කියලනෙ. ඒත් බ්‍රිතාන්‍ය පොරවල් ඊටවඩා තුන් ගුණයක්වත් බොන ඩයල්ලු. ගෙදරද බාර් එකේද කියලා බේදයක් නැතුව කරටි කැඩෙන්න ගහන්නෙ අන්තිමට ගුටි ඇනගන්න ඇමති ජනපති පුත්තු කියලා එවුන් එන්නෙ නැති නිසායි. එහෙම එවුන් රටේ තොටේ නැති වුනාම හිත නිදහසේ බොතෑකිනේ කොහොමත්. සමහර බුවාලා බොන්නෙ උන්ගෙ රටේ සම්ප්‍රදාය ගොඩදාන්නලු. ඒ නිසා පබ්වල හැමදේම සිද්ධ වෙනවා. ලවු සීන්, බිස්නස් සීන්, වලි අහවර වීම්, වලි හටගැනීම් වගේ ඩ්‍රැමටික් සීන් බාර්වල බහුලයිලු. ඔය කොයි වෙරියත් උදේට සොසේජස්, බේකන්, බිත්තර, මස්, ටෝස්ට් පාන්, මෑ ඇට, හතු එක්ක බඩ පැලෙන ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් එකක් කෑවම ගොඩයනව ඇති.

 
Cover Image Source – fastforwardorg.wordpress.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid