කෝමාරිකා කියන තරම් හොඳද? පිළිකා ඒඩ්ස් සුව කරනවද? කෝමාරිකා ගැන නොකියන ඇත්ත මෙන්න

 

කෝමාරිකා කියන්නේ බොහොම හොඳ බෙහෙතක්/ ආහාරයක් කියන එක අපෙ අම්මලා තාත්තලා ඉස්සර සිටම කියනවා. ඇත්තටම කෝමාරිකා වලට වසර 6000 ක පමණ අතීතයක සිට භාවිතා කල බවට විවිධ රටවල් වලින් සාක්ෂි හමුවෙනවා. ඉතින් ඒ වගේම වර්තමානයේ විවිධ ඖෂධීය නිෂ්පාදන වලටත් කෝමාරිකා භාවිතා වෙන බවට කරුණු පල වෙනවා. ඉතින් අපි අද උත්සහ කරන්නේ මේ භාවිතා කරන කෝමාරිකා ඇත්තටම ගුණයක් තිබෙනවද? එසේනම් ඒ මොනවද? ගුණය ලැබෙන්නේ කොහොමද? කියන කාරණා ගැන පොඩි සොයා බැලීමක් කරන්නටයි.

 

1. ඊට කලින් සිද්ධාර්තේ ගැන අහලා ඉන්ට…
Aloe Vera Expose

Source – ayurvediccorp.gov.lk

ඉස්සර අපේ සමාජෙ තිබුනා එක තෙල් වර්ගයක් එකේ නම සිද්ධාර්ථ තෛලය. ඉස්සර ගම් වල ඕනෑම කෙනෙක් මොකක් හරි අසනීපයක් වුනාම කරන්නේ අර තෙල් වර්ගයෙන් පොඩ්ඩක් අරගෙන ගාන එක. කොන්දේ අමාරුව? ගාන්නකෝ සිද්ධාර්තේ, අතේ රුදාව? ගාන්නකෝ සිද්ධාර්තේ, දණිස්ස රිදෙනවද? ගාන්නකෝ සිද්ධාර්තේ, ඒ විතරක් නෙවෙයි පොඩ්ඩක් පපුව රිදෙන්න ඇල්ලුවත් ගාන්නේ සිද්ධාර්තේම තමා. ඉස්සර කෝකටත් තෛලේ කියලත් මේ සිද්ධාර්ථ තෛලය හැඳින්නුවා.

 

2. මේ නම් කිනම් වස්ත්‍රයක් ද මේ?
Aloe Vera Expose

Source – aloeforever4you.net

දැන් ඔබ බලනවා ඇති ඇයි මේ කෝමාරිකා ගැන කියන්න ඕනේ වෙලේ සිද්ධාර්තයක් ගැන කියවන්නේ කියලා. ඒකට හේතුව තමා ලෝකේ වෙළඳ පොළ කෝමාරිකා ගැන මවලා තියෙන රූපයත් ඊට දෙවෙනි නැහැ. හරියට ඔබේ වත්තේ කෝමාරිකා ගහක් තියෙනවා නම් ආපහු ඔබට දොස්තර කෙනෙක් ගාවට යන්න උවමනා වෙන එකක් නැති ගානටයි මේ මාධ්‍ය සහ අනෙකුත් වෙළඳ පොළ මගින් කෝමාරිකා ගැන ප්‍රතිරුප මවලා තියෙන්නේ.

නිකමට ඔබ අන්තර්ජාලයේ කෝමාරිකා කියා සිංහලෙන් හෝ Aloe Vera කියලා ඉංගිරිසියෙන් සෙවුමක් දමා බලන්නට පුලුවන්නම් මේ ගැන ඇත්ත නැත්ත තේරුම් යාවි. අක්මාවේ පිළිකා සුව කිරීමේ සිට බැක්ටීරියා ආසාදන සුව කිරීම දක්වාම සියලුම දේවල් මේ කෝමාරිකා වලින් කරන්නට පුළුවන් කියලයි ඔවුන් කියන්නේ.

 

3. ඇත්තටම සමාජය් මෙහෙම කියන්න හේතුව මොකද්ද? ඇත්තටම කෝමාරිකා වල මේ කියන තරම් ගුණයක් තියෙනවද?
Aloe Vera Expose

Source – kirtipatel.com

මෙහෙමයි, කෝමාරිකා ගැන ගුණ වයන්න අපේ සමාජය පටන් ගැත්තේ අද ඊයේ හිටන් නෙවෙයි. කෝමාරිකා ශාකය භාවිත කරලා ග්‍රීකයින්, සහ රෝමන් වාසින් තමන්ගේ තුවාල සඳහා ඖෂධයක් ලෙස යොදාගත්තා මෙයට අවුරුදු 6000කට පෙරදීත්. ඒ වගේම මධ්‍යතන යුගයේදී යුරෝපියානුවෝ තම සිරුරු විරේචනය කරගන්නට කෝමාරිකා භාවිතා කර තිබෙනවා. ඉතින් මේ තත්වය අදටත් වෙනසක් නැතුව පවතින්නේ මෙන්න මේ නිසා කියලයි අපි නම් හිතන්නේ.

 

4. ඒ වගේම…
Aloe Vera Expose

Source – thesleuthjournal.com

ඇමෙරිකාවේ ෆෙඩරල් ඖෂධ අධිකාරිය (FDA) කෝමාරිකා කියන බෙහෙත ලැයිස්තු ගත කරලා තියෙන්නේ ආමාශ ගත ප්‍රදාහා වලට භාවිතා කල හැකි “පුරකයක්” (ඖෂධයක් ලෙස නොව) විදියටයි. මෙයට අමතරව කෝමාරිකා තුවාල සුව කරන්නට, කුඩා තුවාල සඳහා යොදන්නට වගේම, ඇඳ තුවාල සඳහාත් යොදාගන්නවා.

කෝමාරිකා පිත්තේ ඇතුලත තිබෙන කොමාරිකා ජෙලි වැනි කොටස භාවිතා කරලා තැනූ විවිධ බෙහෙත් වර්ග අපිට ඕනෑම ඔසු හලකින් සොයාගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අපිට ස්වභාවිකව කෝමාරිකා පිත්තකින් සූරා ගත් ජෙලි වැනි කොටස මලබද්ධයක් පවතින අවස්තාවක හොඳ අත්බෙහෙතක් ලෙස භාවිතා කරන්නටත් පුළුවන් වෙනවා.

 

5. නමුත්
Aloe Vera Expose

Source – foreverliving.com

ඇමෙරිකාවේ NCCIH (National Center for Complementary and Integrative Health) ආයතනය පවසා සිටින්නේ ඔවුන් සතුව කෝමාරිකා වලින් කියනා තරම් ප්‍රයෝජනයක් ඇතිබව ඔප්පු කරන්නට තරම් සාක්ෂි නොමැති බවයි. එම ආයතනය එලෙසින් කියුවත් තවමත් විවිධ ඖෂධ සමාගම් මේ කෝමාරිකා ශාකය භාවිතා කරමින් තමන් නිෂ්පාදනය කරන බෙහෙත් වර්ග විකිණීමේ යෙදී සිටිනවා.

එක වරකදී මේ සම්බන්ධයෙන් නිති මාර්ගයෙන් ක්‍රියා කරන්නට රජය කටයුතු කලේ මෙන්න මේ අයුරින්.

 

1996 දී ඇමෙරිකාවේ මේරි ලෑන්ඩ් හි එක්තරා සමාගමක් කෝමාරිකා වලින් කල නිෂ්පාදනයක් වෙළඳ පොලට මුදා හරින්නේ T-UP නමින්. ඔවුන් කියා සිටින්නේ මේ බෙහෙත පිළිකා, ඒඩ්ස්, හර්පීස් සහ ස්වභාවික ප්‍රතිශක්ති ඌනතා වලට ප්‍රතිකාරයක් ලෙසිනුයි. රට පුරාම මේ දිව්‍ය ඔසුවක් වගේ වෙන බෙහෙත ගැන විස්තර ප්‍රචාරය වෙන විට එහි අලෙවියත් බොහොම ඉහල ගියා. නමුත් පසුව කල පරීක්ෂණ වලින් හෙළි වන්නේ T-UP හි එවැනි ඖෂධ මය ගුණයක් නොමැති බවයි. පසුව 1999 දී එම සමාගමට ෆෙඩරල් ඖෂධ අධිකාරිය මගින් නඩු පවරන්නේ ජනතාව නොමග යැවීමේ වරදට හසු කරමින්.

 

6. දැන් ඔබ මොකද හිතන්නේ කෝමාරිකා ගැන?
Aloe Vera Expose

Source – quora.com

කෝමාරිකා එදිනෙදා අවශ්‍යතාවලට භාවිතා කරන්නට හැකි වුනත්, සත්‍යවශයෙන්ම එහි පවතින ශාරීරික ගුණාත්මක භාවය ගැන කිසිවෙක් මෙතෙක් ඔප්පු කරලා නැහැ. ඉතින් මෙන්න මේ නිසා ඔය පිළිකා ඒඩ්ස් වගේ දේවල් වලට නෙවෙයි. සාමාන්‍ය පිච්චීම්, තුවාල සහ පොඩි පොඩි අත් බෙහෙත් සඳහා භාවිතා කරන්නට පුලුවන් කිසිම අවුලක් නැතිව. අනෙකුත් ලෙඩ රෝග සඳහා මෙහි ගුණ අගුණ ගැන සඳහන් කිරීමට මෙතෙක් ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැති බව මතක තබාගන්න එක හොඳයි.

 
Cover Image Source – alwayshealthyliving.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid