දවසම වුනත් තට්ටු දදා ඉන්න පුළුවන් අපිට හිටපු සුපිරි ටෙස්ට් ප්ලේයර්ලා 10 දෙනා

 

ටීටුවෙන්ටි වගේ ෆාස්ට් මෝඩ් එන්න කලින් බැටින් සයිඩ් එකේ එක පැත්තක් උදැල්ල දාගෙන ඉන්න ගැහුවා වගේ අල්ලගෙන ඉන්න කට්ටිය ඕන වුනා. ඒ නිසා ඒ වෙනුවෙන්ම සමහර ක්‍රීඩකයො පුරුදු වුනා. ඔය අතරෙ හිටියා ඩිවිලියර්ස් ටයිප් ඕන තැනට හරි විදියට ඉවසීමෙන් මොලේ කල්පනා කරන ප්ලේයර්ස්ලත්. ඒවගේම නොහැකියාව නිසා තට්ටු දාන ප්ලේයර්ස්ලත්. අද කියන්න යන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරිම තට්ටු දාන්නො 10 දෙනෙක් ගැන කතාවක්.

 

1. කුමාර් ධර්මසේන
Defensive Batsmen

Source – youtube.com

අපිට කෙලවෙච්ච වෙලාවල්වල ගේම් ගොඩදාන්න උරදීපු කොල්ලෙක්. ඒ බැටින් වගේම බෝලින්වලිනුත්. ඒවගේම සමහර මැච්වල මයිකල් බෙවන්ගෙන් සැපට කාපු කොල්ලෙක්. ඒ නැතත් හොඳ ෆීල්ඩර් කෙනෙක්. මේ කියන්න යන්නෙ එයාගෙ තට්ටු හැකියාව ගැන. සාමාන්‍ය‍යෙන් කොහොමත් බෝලේ පේස් එක පාවිච්චි කරල ගහන හින්දා හැන්ද දානවා වගේ තමයි දකින්න තියෙන්නෙ. කුමාර්ගේ ටෙස්ට් ස්ට්‍රයික් රේට් එක 32.57යි. එක්දින තරගවලදි ඒක 65.03. ඒ කාලෙ ධර්මසේන වන්ඩේ මැච් ගහනව බලං ඉන්න කම්මැලි වුනත් විකට් ගිහින් හිරවෙලා තිබ්බ අමාරු මැච් ගොඩක එක පැත්තක් අල්ලගෙන ඉඳලා මහානාම එක්ක ඒ ගේම් ගොඩදාන්න තමුන්ගෙ වගකීම නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. ඒ නිසා ඉතිං 65ක එක්දින ස්ට්‍රයික් රේට් එකට සමාව දෙන්න පුලුවන්.

 

2. හශාන් තිලකරත්න
Defensive Batsmen

Source – cricketcountry.com

හෂාන් ස්ටාන්ස් එකේ ඉන්න විදිය ගොඩක් කොල්ලො කොපි කළේ ෆැෂන් එකට නෙමෙයි. පොඩි උපහාසෙකටත් එක්ක. අල්ප දයන්න වගේ ඉඳගෙන එක ෂොට් එකකට කලින් තුන් හතර පාරක් පස්ස වනන්නෙ බෝලර්ව නොමග යවන්නද, කීපර්ව නොමග යවන්නද කියලා අපි දන්නෙ නෑ. ඔය ඔක්කොටම හපං පොරගෙ වන්ඩේ ස්ට්‍රයික් රේට් එක ධර්මසේනටත් අඩුයි. ගණනින් 57.51යි. වෙස්ට් ඉන්ඩීස්ලට විතරක් එයා යකා වුනේ ගහපු සෙන්චරි දෙකම එයාලට ගහලයි. ඇම්බ්‍රෝස්ලා වොල්ෂ්ලා යක්කු වගේ අත් කරකව කව ඉන්න හූපර්ගෙ ෆීල්ඩ් සෙටින් තියෙන ටීම් එහෙකට එහෙම ගහපු එකත් වටිනවා.

 

3. තිලාන් සමරවීර
Defensive Batsmen

Source – indiatoday.intoday.in

මතක විදියටනං මේ මහත්තයා මුලින්ම හයක් ගහන්නෙ ටෙස්ට් මැච් පනහත් පැන්නුවට පස්සෙ. තිලාන්ගෙ ටෙස්ට් ස්ට්‍රයික් රේට් එක ලොකුම අවුලක් පේන්න නොතිබුනත් තට්ටු අල්ලපු එකම තමයි කළේ. කොච්චර හදිස්සි වෙලාවක වුනත් පොර වැඩේ පටන්න්නෙ ලෑල්ලෙන්ම තමයි. ඉනිම ගොඩනගන්න සෑහෙන බෝල ගාණක් කෑවට ටිකක් සෙට්ල් උනාම ගහන නිසා වෙන්නෝන ස්ට්‍රයික් රේට් එක ඒ තරම්ම පහළ නැත්තෙ. තට්ටුව පවුලෙන් එන දෙයක් කියලා හිතෙන්නෙ එයාගෙ එයාගෙ අයිය වන දුලිප් සමරවීරත් ටෙස්ට් 7යි ස්ට්‍රයික් රේට් 26යි වගේ රෙකෝඩ් එකකට හිමිකම් කියන නිසායි.

 

4. අසංක ගුරුසිංහ
Defensive Batsmen

Source – cricketique.wordpress.com

අපේ මැදපෙළ ශක්තිමත් කරපු, අපිට හිටපු ගහක් ගලක් වගේ බය නැති මනුස්සයා. පොල් රයිෆල්ගේ ෆාස්ට් බෝලවලට හෙල්මට් නොදා හයේවා නෙලපු අපේ යෝධයා. ටෙස්ට් මැච්වල ස්ට්‍රයික් රේට් එක 36යි. වන්ඩේවලදි 60යි. බැලූ බැල්මට අඩුයි තමයි. කාලයක් පොර ප්ලේ කළේ සනත්ටයි කලූටයි යටින්. ඉතිං දෙයියනේ ගිනි පුපුරු වගේ පුපුරන මුල් බෝල ටිකට පස්සේ මේ තට්ටුව සෙට් වුනාම මිනිස්සුන්ට එපා වෙනවා. ලයිනප් එක ස්ටේබල් නැති වුනත් කමක් නෑ කියලා ඒ දවස්වල සමහරු ප්‍රාර්ථනා කලේ ගුරා ඉක්මනට අවුට් වෙලා ගිහින් අරවින්ද මහත්තයා ඉක්මනට ග්‍රවුන්ඩ් එකට එන්න කියලයි.

 

5. චන්දික හතුරුසිංහ
Defensive Batsmen

Source – sporting-heroes.net

ටෙස්ට් වන්ඩේ ගහන කාලෙ ජීවිතේට 6 පාරක් ගහල නැද්ද කොහෙද? මතක හිටින්නෙ උරිස්ස දෙපැත්තෙන් හිටින්න බෙල්ල බේරෙන්න ලේන්සුවක් බැඳගෙන එන නිසායි, යක්කු වගේ ගහන්න තරමට බංගලිදේශෙ ෆෝම් කරපු නිසායි විතරයි. ඉස්සර මහානාම එක්ක ඕපනින් එන්නේ. ලස්සන පාරවල් දෙක තුනක් තිබ්බා හැබැයි ස්ලෝ. අන්තිම මැච් හරියේ නම් ටිකක් වේගවත්ව ගැහුවා. ටෙස්ට් ස්ට්‍රයික් රේට් එක 35යි වන්ඩේ 57යි.

 

6. සංජීව රණතුංග
Defensive Batsmen

Source – sundayobserver.lk

අර්ජුන රණතුංගගෙ මල්ලි. අර්ජුන මහත්තයා තරං බඩක් නොතිබ්බට කල්පෙකට දැකපු කම්මැලිම බැටෙක්. මැච් 9කට සීයේ දෙකක් එක්ක ඇවරේජ් 33ක් කියන්නෙ ඒ කාලෙ හැටියට සෑහෙන හොඳයි. අන්තිම ටෙස්ට් එකට කලින් එකෙත් ඉනිම් 2ම 50 ඒව ගහලා. ඒත් තට්ටු ගැහිල්ල නිසාමද කොහෙද එයා ටීම් එකෙන් කැපුනා. තමංගෙ පලවෙනි වන්ඩේ එකේම ඕපනින් ඇවිත් 31 ගැහුවෙ බෝල 84ක් කාල. වන්ඩේ ස්ට්‍රයික් රේට් එක 48යි.

 

7. තරංග පරණවිතාන
Defensive Batsmen

Source – alchetron.com

මෙයාට නම් දාන්න තරම් විශේෂ තට්ටු මතකයක් නැහැ. එයාට වන්ඩේවලට චාන්ස් නොදුන්නෙ එයා මේ ප්ලේ කරන ස්ලෝ තිය නිසා වුනත් සැළකිය යුතු තරමක ස්ටෙඩී පිතිකරුවෙක්. තව ටිකකින් මේ ලිස්ට් එකේ කියවෙන නමක් වෙන මලින්ත වර්ණපුර එක්ක ඉනිම ඕපන් කළාට මලින්තට වඩා ටැලන්ටඩ් කියලා කියන්න පුළුවන්. සීයෙ දෙකක් එක්ක මැච් තිස්දෙකකට මෙයාගේ ස්ට්‍රයික් රේට් එක 42ක්.

 

8. බ්‍රෙන්ඩන් කුරුප්පු
Defensive Batsmen

Source – cowkorner.wordpress.com

මේ මහත්තයාගෙ පළවෙනි ටෙස්ට් මැච් එකේ මෙයා ගැහුව ඩබල් සෙන්චරියක්. අපේ රටෙන් ආපු පළවෙනි ඩබල් සෙන්චරිය. මිනිත්තු 777ක් පුරා බෝල 548කින් ගහපු ඒ දෙසීය එකට හතරෙ පාරවල් 24ක් තිබ්බා. ඒ කියන්නෙ එතනම අනූහයක් ගහලා බෝල 24න්. ඉතුරු 105 ගහන්න බෝල 524 ගිහින්. එදා ඉඳන්ද දන්නෑ ලංකාවෙ තට්ටු ගෙවල් හදන්න ගත්තෙ. ලෑල්ලෙන් වාර්තා පොතට ගිය පුරුෂයෙක් වුනාට ඉතිං අදහන්න ඕන චරිත. ඒකාළෙ මෙයාලා කරපු කැපකිරීම් නොවෙන්න අද ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තැන නෑ කියන්න නං හේතු ගොඩයි. දෙවැනි ටෙස්ට් එකේ බෝල 50ට ලකුණු 3යි. සනීපයි නේහ්.

 

9. මයිකල් වැන්ඩෝට්
Defensive Batsmen

Source – abc.net.au

මේ හඳුන්වාදෙන්නෙ තවත් ලෑලි පියෙක්. ස්ට්‍රයික් රේට් බැලුවොත් ටෙස්ට්වල 47යි වන්ඩේවල 41යි. ඕපනර් කෙනෙක්ට ගැලපෙන තර්ටි යාඩ් සර්කල් එක පන්නන්න පුළුවන් හොඳ උසක් තිබ්බට ප්‍රයෝජනයක් උනේ නෑ. ඕස්ට්‍රේලියාවෙ බව්න්ස් ඇන් පේස් වල ඔරොත්තු දෙන්න කියලා ඕඩීඅයි එකක් දුන්නා. දිනන්න ලකුණු 319ක් ගහන්න තිබ්බ ඒ මැච් එකේ වන් ඩවුන් ඇවිත් බෝල 117ක් කාල 48ක් ගැහුවා. එතනින් වන්ඩේවලට නෝ චාන්ස්.

 

10. මලින්ත වර්ණපුර
Defensive Batsmen

Source – cricbuzz.com

අපිට හිටපු සුපිරි ලෑල්ලක් තමයි. දැන් අර ටීවී එකේ විශේෂඥ විස්තර විචාරෙ කරනවා සේන නන්දවීර එක්ක. ඒක තට්ටු දැමිල්ලටත් හපං. බන්දුල වර්ණපුරගේ ඥාති පුතෙක්. ටෙස්ට්වල ස්ට්‍රයික් රේට් එක තියෙනවා 58ක් විතර. ගහපු මැච් දාහතරට සීයෙ දෙකකුත් පනහෙ හතකුත් තියෙනවා. ලකුණු හොඳ වුනාට තට්ටුව වැඩි නිසා චාන්ස් නැති වුනා වගේම අවශ්‍ය මොහොතවල්වල පෆෝම් කළෙත් නැහැ.

 


 
Cover Image Source – Worldcrickerplayers.blogspot.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid