අලුත් අවුරුද්දෙ මේ අයගෙ බලාපොරොත්තු මොනවද කියලා හිතුවද?

 

අලුත් අවුරුද්දට හැමෝම අලුත් වෙන්න පතනවා. ඒ අතරෙ සමහරු “අළු”ත් වෙන්න පතනවා. ඒ කියන්නෙ ලිපේ තියෙන “අළු”නේ. ඉතිං අපි මේ කියන්නෙ නවතාවයක් එක්ක අලුත්‍ වෙන්න හිතං ඉන්න කට්ටිය ගැන.මේ අය ඔයාලට අපිට එදිනෙදා දකින්න ‍ලැබෙන ප්‍රසිද්ධ අය. මේ ප්‍රසිද්ධ අය කරන කියන දේවල් එක්ක මෙයාලා මොනවා අලුත් අවුරුද්දට පතනවා ඇද්ද කියලා හිතන එක කරන්නම ඕන දෙයක්. අපි බලමු ඒ ඒ අය මොනවද පතන්නෙ කියලා.

 

1. මෛත්‍රීපාල සිරිසේන
NY Resolutions of Popular SLans
Source – onlanka.com

සියළු ප්‍රවෘත්ති කලින් දැනගැනීමට හැකි ලෙස අර්ලි එඩිෂන් ටෙලි මාලාවේ අයුරින් දිනක් කලින් පුවත්පතක් එන ඉන්ද්‍රජාලයක් මගේ ජීවිතයට සිදු කරනු මැනවි!

කුමක් කළත් කොහේ ගියත් මොනා වුනත් මට වෛර කරන ජනයා මගේ පැත්තට හැරවෙන්නට කලින් කෙනාට මෙන් මටත් කොන්තයක් ලැබෙනු!

මගේ පුතාට නමේ අර්ථය වැටහේවා!

 

2. යුරේනි ‍නොෂිකා
NY Resolutions of Popular SLans
Source – youtube.com

සාරිපොටේ 2 – ජංගි කොටේ වීඩියෝ එක හිට්වේවා!

ලබන වීඩියෝ එකත් ගොඩයන්නට බෑඩ් පබ්ලිසිටි කතා ටිකක් මට සෙට්වේවා!

දාඩිය දුඟද නැතිවේවා!

 

3. රනිල් වික්‍රමසිංහ
NY Resolutions of Popular SLans
Source – zeenews.india.com

නළුවෙක් නොව මොලයක් කියූ එකා මට හසුවේවා!

දැන්වත් මෛත්‍රී(ජනාධිපති) අතින් මගේ තීරණ වෙනස් නොකෙරේවා!

දැන්වත් මෛත්‍රී(බිරිඳ) අතින් මගේ තීරණ වෙනස් නොකෙරේවා!

 

4. පියුමි හංසමාලි
NY Resolutions of Popular SLans
Source – lankanewschannels.com

මට හංසමාලි කියලා නම දාන්න අම්මිට කියපු එකා මට හසුවේවා!

මගේ ෆොටෝ හොඳට බලලා පස්සෙ මට බැනලා සුදනො වෙන්න හදන උන් හැඳි ගෑවේවා!

මිනිස්සුන්ට මාකටින් වැටහේවා!

 

5. සුජීව ප්‍රසන්න ආරච්චි
NY Resolutions of Popular SLans
Source – sarasaviya.lk

ගඟ දිය උතුරා විසි වැනි කොටසත් සාර්ථක වේවා!

කෝමල් ඇප් හරහාද මගේ ඉලවු සියල්ලෝ අසත්වා!

කතා කියවලා කෙල්ලො එවන ලියුම් බිරිඳට හසු නොවේවා!

 

6. මහින්ද රාජපක්ෂ
NY Resolutions of Popular SLans
Source – alchetron.com

මාවත් බලෙන් හරි පක්ෂෙකට ඔබා ගනීවා!

මටත් පොඩියට හරි මොකක්වත් දිනන්න ලැබේවා!

අඩියක් දාලා ඉන්න වෙලාවට කැමරා බුවාලා ඉදිරියට නොඒවා!

 

7. අර්ජුන රණතුංග
NY Resolutions of Popular SLans
Source – mid-day.com

නත්තල් ගහටත් කෙලවෙච්ච එකේ අවුරුද්දට වෙලමැද්දෙ ලෝකෙ ලොකුම පඹයා හිටවගන්න හැකි වේවා!.

මල්ලිට ක්‍රිකට් සභාපතිකම යළි ලැබේවා!

වරායෙ වඩු කර්මාන්තශාලාව ලොකු කරන්න බජට් එකෙන් ප්‍රතිපාදන වෙන්වේවා!

 

8. රාවණා
NY Resolutions of Popular SLans
Source – bhagavatam-katha.com

උන් කියන කියන පාරට මං නැගිටින්නෙ නෑ කියලා උන්ට වැටහේවා!

මගේ නම විකුණං බිස්නස් කරගන්න උන්ට කෙළවේවා!

මං නොකරපු වැඩ මගේ එකවුන්ට් එකට නොදැමේවා!

 
Cover Image Source – hdwallpapery.com