ඔබේ නිවසේ වටිනාකම වැඩි වෙන්න මේ වෙනස්කම් 8 කරල බලන්න

 

අනේ අපේ ගෙදරටත් මේ විදියට කොටසක් එකතු වුනා නම් ශෝක් නේද අනේ?

සමහර වෙලාවට හවස් අතේ ටීවී එක බලනකොට එහෙම ඔබේ බිරිඳ එහෙම ඔබත් එක්ක එහෙම කියලා නැද්ද? එහෙමත් නැතිනම් ගෑණු ළමයාව හම්බ වෙන්න ඔය BMICH එකේ ඇතුලේ කරක් ගහනකොට ලස්සන ගෙවල් ගැන තියෙන ස්ටෝල් එකක් ඉස්සරහින් යනකොට ඔබේ පෙම්වතියත් එක්ක ඔබේ සිහින කතා කරලා නැද්ද?

කොහොමත්,
අලුතින් ගෙදරකට වියදම් කරනවට වඩා, තියෙන ගෙදරට කොටසක් එකතු කරන එක හරි, තියෙන කොටස වෙනස් විදියට සකසලා නොතිබුණු ඉඩක් හදා ගන්න එක හරි කලෝතින් මෙතෙක් ගෙදරට නොතිබුණු ඉඩක් එක්කම ගෙදරට අමුතු ලස්සනක් එකතු කරගන්නත් බැරි වෙන එකක් නැහැ.

මේක කරන්න පුළුවන් ගෙදරට කොටසක් හෝ ඉඩක් ගන්න එකෙන් විතරද?
කවුද එහෙම කිව්වේ, ඔබට පහසුවෙන් ම ඔබේ ගෙදර වත්ත ලස්සනට සැකසුම් කලොත් , ඒ වගේම ගෙදරට අලුතින් කොටසක් එකතු කලොත් එය ඔබේ ගෙදර වටිනාකම ඉහල යන්නට හේතුවක් වේවි.

මෙහෙම කරන එකෙන් තියෙන වාසි මොනවද?
ඔබට කවදා හරි මේ දේපල විකුණන්න උවමනා වුනොත් ඔබේ ගෙදරට දෙන්නට පුළුවන් වටිනාකම අනෙක් නිවාස වලට සාපේක්ෂව ගොඩක් වැඩි වෙනවා සත්තයි. ඒ වගේම ඔක්කොටම වඩා වටිනා දේ තමා තමන්ට හිතේ සතුටින් ඉන්න පුළුවන් වෙන එක. කවුද අකමැති තමන් ඉන්න තැන ලස්සනට තියාගෙන ඉන්න?

හරි අපි බලමු දැන් එහෙම දේවල් මොනවද සහ ඒවා එකතු කරන එකෙන් ඔබට තියෙන වාසි මොනවද කියලා..!

ආයිත් වරක් අපි කියන්නේ ඔබට, අමතක කරන්නෙපා, මේ කරන පුංචි පුංචි දේවල් වලින් ඔබට පහසුවෙන්ම ඔබේ නිවසේ වටිනාකමත් ගොඩක් වැඩි කරගන්න පුළුවන් බව.

 

1. Bathroom
අලුත් එකක්!
improve the value of your home

Source – diy.com

අලුතින් ගෙදරට බාත්රුම් එකක් එකතු වෙනවා කියන්නේ තමන්ට තවත් පහසුවක් ඇතිවෙනවා කියන එකයි. නිකමට හිතන්න ඔබේ ගෙදරට හදිසියේ වත් දින කිහිපයකට අමුත්තෙක් නවතින්න ආව කියලා. එහෙම වුනාම ඔහුට/ඇයට නිදහසේ බාධාවකින් තොරව භාවිතා කරන්න වෙනම ම බාත්රුම් එකක් තියෙන එක කොච්චර වටිනවද?

අලුතින් බාත්රුම් එකක් හදන්න විදියක් නැතිනම්?
කිසි අවුලක් නැහැ, ඔබට පුළුවන් තිබෙන බාත්රුම් එකට අලුත් පෙනුමක් දෙන්නට. අලුතින් කණ්නාඩියක්, සින්ක් එකක් ඇතුලු නානකාමර උපාංග අලුත් කරල, ටයිල් එක සහ පේන්ට් එක ටිකක් වෙනස් කරල ගන්න ඔබට හැකියි. මේ වගේ වැඩ වලින් තියෙන බාත්රුම් එකට ලස්සන සහ අලුත් පෙනුමක් දෙන්න ඔබට පහසුවෙන් ම පුළුවන්.

ඒ වගේම ඉක්මනින් අපිරිසිදු වෙන මේ කොටස් නිරන්තරයෙන් පිරිසිදු කිරීමෙන් ඔබට පහසුවෙන් ම ඒවා අලුත් පෙනුමින් යුතුව තියා ගන්නට හැකියාව ලැබෙනවා.

 

2. මුළුතැන්ගේ
improve the value of your home

Source – homgar.seahawaiirafting.com

අලුත් උපාංග තිබෙන මුළුතැන්ගෙයක් ඔබේ නිවස සතුව තියෙනවා කියන්නේ පහසුවෙන් ම ඔබේ නිවසේ ආකර්ශනීයම කොටසක් ලස්සන වෙනවා කියන එකයි.

දැන් මුළුතැන්ගෙය ඉස්සර වගේ නිවසෙන් වෙනම තනන්නේ නැති නිසා නිවාස තුල යම් රටාවක් (theme) තිබෙනවා නම් ඒ විදියටම මුලුතැන් ගෙයත් ලස්සන කරන්න අපේ මිතුරන් උත්සහ ගන්නවා. අලුත් ආරෙට තනාපු ලස්සන පැන්ට්‍රි කබඩ්ස්, උපකරණ, වගේම බිමට ලස්සන රටාවකට ටයිල් අතුරන්නට වුනත් පුළුවන් වේවි. ඒ දේවල් නිවසේ වටිනාකම වැඩි කරාවි.

 

3. කාමර
improve the value of your home

Source – designstrategist.co

අලුතින් නිවසට කාමරයක් සාදා එකතු කරනවා කියන එකෙන් ඔබට එක අවස්ථාවකදී අමතර ආදායමක් වගේම, නිවසේ ඉඩ කඩ සහිතව හිඳින්නට උවමනාවක් තිබෙනවා නම් එයත් ඉටු වෙනවා.

එහෙම නැතිනම්,
පොඩ්ඩක් වැඩිපුර ඉඩ තිබෙන කාමරයක් එහෙම තියෙනවා නම් මෙහෙම කරන්නට පුළුවන්. අලුත් පාටිෂන් ක්‍රමයක් භාවිතා කරලා ඔබට කාමරය කොටස් දෙකක් කරලා ඒ පැත්තට දොරක් දාලා එක කාමරය, එමගින් කාමර දෙකක් කරන්න පුළුවන්.

වැඩිපුර කාමරයක වටිනාකම දැනෙන්නේ, ඔබේ නිවසට අමුත්තෙක් රාත්‍රී නවාතැන් ගන්න ආ විටෙකයි. නිවසක් විකුණද්දී උනත් ආගන්තුකයන්ට සහ මෙහෙකරුවන්ට කාමරයක් තිබීම වාසි සහගත වෙන්න පුලුවන්.

මෙහෙමත් පුළුවන්,
වෙනම කොටසක් කරපු කාමරේ ඕනේ නම් අර ඉහතින් කියපු වෙනස්කම් ටික කරලා ඔබේම කාර්යාලයක් හෝ අධ්‍යයන කාමරයක් බවට පත් කරන්නටත් පුළුවන් වේවි.

 

4. ආලින්දය
improve the value of your home

Source – goodhousekeeping.com

ඔබේ ආලින්දයේ (living room) ඉඩ එතරම්ම නොවුනත්, ඔබට නිවැරදි වර්ණ සහ ගෘහ භාණ්ඩ භාවිතා කරලා ඉඩ වැඩිපුර පෙන්වන්නට හැකියාව ලැබේවි.

නිදසුනක් ලෙස නිවසක බිත්ති වලට සුදු ආලේප කරලා තියෙනවා නම් එය කොහොමත් වැඩි ඉඩක් පෙන්වන වර්ණයක්. ඉතින් මේ නිසා ඔබේ ආලින්දය වර්ණවත් කරනකොට ඊළඟ පාර පොඩ්ඩක් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. හැමදාම තියෙන විදියට නැතිව ගෙදර තිබෙන ගෘහ භාණ්ඩ ටික පොඩ්ඩක් වෙනස් විදියට එහා මෙහා කරලා අලුත් සැකසුමක් කලොත් වෙනදට වඩා වැඩිපුර ඉඩක් ඇත්තට නැතත් ඔබේ හිතට දැනෙන්න ඉඩ තිබේවි.

අනෙක් අතට ආලින්දය වගේ කොටස් වල වැඩිපුර ඉඩ පෙනීම ගැණුම්කරුවාට ඔබේ නිවස ගැන පැහැදීමක් ඇතිකරන්නටත් පුලුවන්. අඩු ඉඩක් වැඩිකර පෙන්වීම සඳහා තරමක් විශාල කණ්නාඩියක් ආලින්දයේ බිත්තියකට සවි කිරීම කරන්න පුලුවන්.

නිවසට ඇතුළු වෙන්නේ ආලින්දයට නම් එහි මකුළු දැල්, අපිරිසිදු වුනු දොර අගුල් වගේ දේවල් පෙනෙන්නට තිබෙන එක එතරම් හොඳ නැහැ. මේ නිසා ඒ කොටස් ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන එකත් වැදගත්.

 

5. අතිරේක විදුලි උපාංග වලට කලින්ම ඉඩක්.
improve the value of your home

Source – home-designing.com

ඔබ ඔබේ නිවසේ ඒසී යන්ත්‍ර සවි කරලා නැතත්, ඔබ නිවාස විකිණුවාට පසුව එන අය ඒ සී යන්ත්‍ර සවි කරාවිද කියලා කවුද දන්නේ. ඒ නිසා ඒවාට භාවිතා කල හැකි ආකාරයට ඔබේ විදුලි පරිපථ සහ ඒවාට බිත්ති වල ඉඩ කලින්ම සකසන්න හැකිනම් හරියට ම හරි.

 

6. සිවිලිම
improve the value of your home

Source – gardenweb.com

ගෙදර සිවිලිමක් නැහැ කියන්නේ, ගෙදර ඉන්න අයට එතරම් අඩුපාඩුවක් විදියට දැනුනේ නැතත්, ඔබ නිවාස විකුණගන්න උත්සහ කරනවා නම් ගෙදර බලන්න එන ගැණුම්කරුවන්ට අඩුපාඩුවක් ලෙස දැනෙන්නට හැකි තැනක්.

මේ නිසා ෆිනිශින්ග් වහලයක් හෝ අඩුවියදම් සිවිලිමක් හෝ සාමාන්‍ය සිවිලිමක් වත් ඔබේ නිවසට ඔබේ ආදායමට අනුව එකතු වීම හරිම වටිනවා.

 

7. ගෙවත්ත
improve the value of your home

Source – pinterest.com

ටිකක් ඉඩ පාඩු තියෙන ගෙවත්ත සතු නම් ලස්සනට සැලසුම් කරන්න පුළුවන් කම තියෙනවා ඔබට. කොනකින් පුංචි පොකුණක් , එහෙමත් නැතිනම් ගිනි උඳුනක් සමග පුංචි සමර් හට් එකක් තනන්නට පුළුවන් නම් මිතුරන් එක්ක සවසක කයියක් දාගෙන ඉන්න පහසුවෙන තැනක් තියෙනවා නේද?

ඒ වගේම හැකියාවක් තියෙනවා නම් ගෙවත්තෙහි පහසුවෙන් ම තණකොළ වවා හරිත වර්ණයෙන් ඔපවත් කරන්නටත් පුළුවන් වේවි.  හොඳින් සහ පිළිවෙලකට නඩත්තු කරන ගෙමිදුලක් කියන්නෙත් නිවසේ පෙනුමට අමතර වටිනාකමක් එක් කරන්නක්.

තව පොඩ්ඩක් ඉඩ තියෙනවා නම්,
සමහර විට ඔබ වාහනයක් පාවිච්චි කරන්න එතරම් කැමැත්තක් නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ වුනත් ගෙදර වාහනයක් නවත්වන්නට ඉඩක් ඔබේ ගෙවත්තේ හදා ගන්නට පුලුවන්නම් හරිම වටිනවා.

එහෙමත් නැති නම් ඔබට මේ වෙනකොට වාහනයක් තිබෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබේ නිවසට එන තවත් වාහනයකට ගෙවත්තේම නවත්වා ගන්නට වැඩිපුර ඉඩක් හදාගන්න පුලුවන්නම්, එයත් ඔබේ නිවසේ වටිනාකම ඉහල දමාගන්න හොඳ අවස්ථාවක් වේවි.

 

8. නඩත්තුව
improve the value of your home

Source – skirnuva.lt

මේ සියල්ල මේ විදිහට පිළිවෙල කරගත්තත් තව පිළිපදින්න ඕනෙ වැදගත්ම දෙයක් තියනවා. ඒ තමයි නිසි ලෙස නිවස නඩත්තු කිරීම. නිතර අතුපතු ගා ගෙබිම මැදීම විතරක් නෙමෙයි. ගෙවත්ත මනාව පවත්වාගෙන යාමත්, ගෘහ භාණ්ඩ, බිත්ති සහ දොර ජනෙල්, යකඩ සහ වීදුරු සහිත කොටස්, නානකාමර සහ මුළුතැන්ගේ උපාංග ආදිය ගැන නිතර අවධානයෙන් සිටින එකත් වැදගත්. නිවසේ අලුත් බවත්, කල්පැවැත්මත් එකසේ පවත්වාගෙන යන්න පුලුවන් නිසි නඩත්තුවෙන්.

 

ඇයි අපි මේවා ඔබට කරන්න කියන්නේ?

කවද හරි ඔබේ නිවාස විකුණන්නට හෝ බද්දට දෙන්නට උවමනා උනොත්, මේ වෙනස් කම් කරනවා කියන්නේ ඔබේ නිවහනට සාමාන්‍ය නිවහනක වටිනා කමකට වඩා වැඩි වටිනාකමක් ලැබෙන්නට අනිවා ඉඩ තියෙනවා.

ඒ නිසා ඔබේ නිවසේ දැනටමත් මේ වෙනස්කම් එකතු වීම් වෙලා තියෙනවා කියන්නේ ඔබ දිනුම් කියලා කියන එකයි.

ජය!

 
Cover Image Source – propertymalaysiainvestment.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Tags:, ,