හිත සතුටෙන් නින්දට යන්න මේ මෙසේජ්වලින් එකක් කැමති කෙල්ලට ටයිප් කරලා නිදියන්න

 

කොල්ලොන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි රෑට නින්ද නොයන එක. ඇයි ඉතිං කොච්චර දේවල් හිතන්නද? හෙට ක්ලාස් එකේ සුදු කෙල්ල මොන ඇඳුම ඇඳගෙන එයිද? හෙට ක්ලාස් එකේ කළු සෙක්සි කෙල්ල ම‍ට පේන තැනක ඉඳගනීද? අද බස් හෝල්ට් එකේ හිටපු අක්කා පාර දැන් මොනව කරනවා ඇද්ද? අම්ම හෙට උදේට කොස් තම්බලා පොල් සම්බෝලයි කරෝල හොදියි හදයිද? වගේ ප්‍රශ්න කොල්ලන්ට ඕන තරං තියෙන නිසා කොල්ලොන්ට නින්ද යන්නෙ නං නෑ. මේ කියන්න යන්නෙ එහෙම නින්ද යන්නැතුව ඉන්න කොල්ලොන්ට කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි හිත කැමති කෙල්ලට සරළ මෙසේජ් එකක්. එහෙමත් නැත්තං ෆේස්බුක් චැට් එකට දාන්නත් පුළුවන්. හැබැයි මේ සරළ මෙසේජ් එක නිසා සර්ප්‍රයිස් වෙන කෙල්ල පහුවදාට උදේට ඔයා ඇහැරෙනකොට හිතන්න බැරි උත්තරයක් එවලා තියේවි. එක්කො ලැබේවි. නැත්තං බනීවි. කොයිකත් එකයිනෙ ඉතිං.

 

1. අවංක
Late Night Messages

Source – huffingtonpost.com

මං අංක හයක පඩියක්, කාර් එකක්, සුපිරි ගෙයක් තියෙන කොල්ලෙක් කියලා ඔයා හිතනවනං ඒක විහිළුවක්. හැබැයි මට පුළුවන් ඔයාගෙ කචකචේ අහගෙන මහ රෑ වෙනකං ඇහැරිලා ඉන්න. බලන්න දැනුත් වෙලාව දෙකහමාරයි.

 

2. ට්‍රබල් බබල්
Late Night Messages

Source – thesocialsecurityattorney.com

අද උදේ ඉඳන් කරදර. මුලින්ම ටීවී එකේ වැඩ කරද්දි කරන්ට් වැදුනා. අද කරපු වැඩක් අවුල් ගිහින් ලොක්කගෙන් බැනුම් ඇහුවා. හැමදාම වාඩි වෙලා එන බස් එකේ අද හිරවෙලා එන්නත් වුනා. දැන් පාන්දර තුනයි. ඒ මදිවට තාම නින්ද යන්නෙත් නෑ. ඔයාට තේරෙනවද ඔයා අවුරුද්දෙ පළවෙනි නිවාඩුව ගත්තම මට සිද්ධ වෙන කරදර. ආයිත් නිවාඩු ගන්නෙපා. මං ආදරෙයිනෙ.

 

3. ඌට වඩා
Late Night Messages

Source – mundomarketing.com

ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට කොල්ලෙක් නෑ කියලා මම හිතන්නෙ නෑ. ඒ වගේම ඌත් ඔය ලස්සන කටහඬ අහ අහ රෑ තිස්සට ලගා ගහං ඉන්න ඇති කියල හිතලයි මෙච්චර පහුවෙනකං එස්එම්එස් එකක් නොගහා හිටියෙ. මට ඌට වඩා ඇහැරිලා ඉන්න පුළුවන්. මට කැමති වෙනවකො.

 

4. පැනික්
Late Night Messages

Source – weheartit.com

අර බස් එකේ එහා පැත්තෙ ගිය හෝතම්ඹුව හස්බන්ඩ්ද? පොර දැන්වත් නිදි ඇති කියලයි මේ මෙසේජ් එක එෆ්බී දාන්නෙ. මං නං නිදියන්නෙ නෑ. රෑ තිස්සට ලැජ්ජාවෙ බෑ ඉතිං.

 

5. සොබාදහම
Late Night Messages

Source – mtv.com

වවුල්ලු එල්ලීගෙන ඉන්නව. පාන්දරනෙ. නෑ නෑ වැලේ නෙමෙයි පුළුන් ගහේ. මං මේ මිදුලට වෙලා ඉන්නෙ වල්ග තරුවක් කඩං වැටෙනකං. උදේ වල්ග තරුවට ප්‍රාර්ථනාවක් කරාම ඉෂ්ඨ වෙනවලුනෙ. ඕන්න දැන් එකක් ගියා. එහෙනං අද ඔෆිස් එද්දි අර කළු පාට ටීෂර්ට් එක ඇඳන් එන්න හො‍ඳේ. ගිය මාසෙ දෙවැනිදයින් පස්සෙ ඇන්දෙ නෑ ඒක.

 

6. නයිට් ස්ටෑන්ඩ්
Late Night Messages

Source – bestanimations.com

පොතක් කියවන්න ගත්තා මදැයි. ඒකෙ ඉන්න කෙල්ලගෙ නමත් අහිංසා. ඉතිං කොහෙද අහිංසා අපි හිත හදාගෙන පොත් කියවන්නෙ. මතක් වෙන්නෙම ඔය ලස්සන කෙල්ලව. අම්මප හෙට නං උස්සං යනව ක්ලාස් ඉන්ටවල් එක වෙලාවට කොහේහරි.

 

7. ටූ ස්ටෙප්
Late Night Messages

Source – aww.ge

1 – හැපි බර්ත් ඩේ! මං ඔයාට විෂ් කරන්න ඕන නිසයි ඇහැරුනේ. නැත්තං හොඳට නින්ද ගිහිල්ල තිබ්බෙ

2 – ආහ් සොරි. මං දැන් ඔයාගෙ ෆේස්බුක් එකෙන් බැලුවෙ. අද ඔයාගෙ  බර්ත්ඩේ නෙමෙයි නේද? මං හීනයක් දැක්ක ඔයාගෙ බර්ත් ඩේ පාටි එක ගැන. ඒකයි එවුවෙ.

 


 
Cover Image Source – videohive.net
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid