අතේ ඇති මුදලට ගන්න පුලුවන් හොඳම ටීවී 8ක් ගැන දැනගන්න

 

ටීවී එකක් නැති ගෙයක් කියන්නේ පරිප්පු නැති හෝටලයක් වගේ තමා ඒ තරමට ලංකාවේ හැම ගෙදරකටම ටීවී එකක් තියෙනවා. ඉතින් අද අපි කල්පනා කළා මේ අඩුම මිලට අන්තර්ජාලය තුලින් මිලදී ගන්නට පුළුවන් හොඳම ටීවී 8ක් ගැන තොරතුරු ඔබට ගෙන එන්නට.

මතක තබා ගන්න අපි කතා කරන්නේ රුපියල් 40,000 හෝ ඊට අඩු මිලට තිබෙන රුපවාහිනි යන්ත්‍ර ගැන විතරයි කියන එක.

 

1. Nikai 32 Inch Smart Curve LED TV NTV3200CSLED
Best TV Prices

Source – wow.lk

LED, LCD මේ මොන ටීවී එකක් උනත් ගන්නට පුළුවන් උනාට කවුද හිතුවේ curve TV එකක් මෙච්චර අඩු ගාණකට ගන්න පුළුවන් වේවි කියලා. ටීවී එකේ සයිස් එක 32’. විකුණන්න තියෙන්නේ wow.lk එකේ.  ස්මාර්ට් ටීවී එකක් වෙන මේකේ වයිෆයි සම්බන්ධතාවක් ස්ථාපිත කරන්නටත් පුළුවන්. ඒ වගේම සරවුන්ඩ් සවුන්ඩ් සහ USB, HDMI සම්බන්ධතාවය තිබෙනවා.

මිල : රු: 29,990

http://www.wow.lk/mall/p/nikai-32-inch-smart-curve-led-tv-ntv3200csled-prodcsv21415/prodcsv21415/  

 

2. Samsung 32” J4003 Series 4 HD Ready LED TV
Best TV Prices

Source – takas.lk

සම්සුන්ග් ආයතනයෙන් නිෂ්පාදනය කරලා තියෙන මේ රුපවාහිනියේ තිරය අඟල් 32ක විශාලත්වයෙන් යුතු වෙනවා, ඒවගේම USB, HDMI සම්බන්ධතාව සහිත වන නිසා ඔබේ රසවින්දනාත්මක කටයුතු වලටත් කදිමයි.  ඒ වගේම සම්සුන්ග් රුපවාහිනි වල තිබෙන අති පැහැදිලි තිරය මේ රුපවාහිනියටත් උරුමයි. මේ නිසා වසරක වගකීමකුත් සමග මේ මිලට අත උඩින් ලාබ බව නම් කියන්නම් ඕනේ.

මිල : රු: 33,990

http://takas.lk/offers/televisions/samsung-32-j4003-led-television.html

 

3. Sony Bravia R306C 32″ USB FM Dolby Sound HD Ready LED TV
Best TV Prices

Source – takas.lk

සෝනි බ්‍රාවියා කියන්නේ සෝනි රූපවාහිනී පෙලේ මෙතෙක් පැමිණි හොඳම මාදිලියක් කියලා කියන්නට පුළුවන්. රුපවාහිනිය බලන්නට පමණක් නෙවෙයි. උවමනා නම් රේඩියෝ අහන්නට හැකියාව තිබෙන මේ රුපවාහිනියේ තිරයත් අඟල් 32 තමයි. Motionflow XR පහසුකම ඇති නිසා රූප වඩාත් පැහැදිලිව බලන්නට හැකියාව තිබෙනවා.

මිල : රු: 35,075

http://takas.lk/sony-bravia-r306c-32-usb-fm-dolby-sound-hd-led-tv.html

 

4. ATOM 32 Inch LED TV AM32B7
Best TV Prices

Source – mydeal.lk

සිහින් හැඩය සහ ඇති පැහැදිලි රුප රටා සහිත අප අතරට ඉතාම පහසු මිලට එන ඇටම් අඟල් 32” රූපවාහිනිය ගෙවන මුදලට ඉතාම වටිනා කාර්යභාරයක් ඉටු කරනවා කියලා කියන්නට පුළුවන්. USB, HDMI සම්බන්ධතාව, PC සහ LAPTOP සඳහා සම්බන්ධතාව, අති සුපැහැදිලි තිරය, වසරක වගකීම මේ වගේ පහසුකම් රැසක් සපයන ATOM රූපවාහිනියට ඔබ වියදම් කරන මුදල අපතේ යාමක් නම් වෙන්නේ නැහැ කිසිසේත්ම,

මිල : රු: 36,000
https://mydeal.lk/atom-32-inch-led-tv-am32b7

 

5. SHARP 32 Inch LED TV LE265M
Best TV Prices

Source – wow.lk

ජපාන තාක්ෂණයෙන් ඔබ වෙතට එන SHARP රුපවාහිනි පෙලේ අඟල් 32” රුපවාහිනියේ අති දීප්ත LED backlight තිරය නිසා රුප ඉතාමත් පැහැදිලිව පෙනෙන අතර අනවශ්‍ය විදුලිය වැයවීමෙන්ද ද තොරයි. එහි පවතින වර්ණ නිවැරදි කිරීමේ තාක්ෂණය නිසා ඔබට පහසුවෙන්ම මේ පිලිබඳ විශ්වාසය තියාගන්නට පුළුවන් කම තියෙනවා.
මිල : රු: 23,990

http://www.wow.lk/mall/p/sharp-32-inch-led-tv-le265m-prodcsv4434/prodcsv4434/

 

6. SKYWORTH 24 LED TV – 24500
Best TV Prices

Source – wow.lk

අඟල් 24 මට්ටමේ LED තිරයකින් සමන්විත වෙන මේ රුපවාහිනිය HD ready පහසුකමින් යුතු වෙනවා. ඒ වගේම අනෙක් රුපවාහිනි වලට සාපේක්ෂව ඉතා අඩු මිලකට මිලකර තිබෙන අතර ඒ වාසිය දැන් wow.lk වෙබ් අඩවිය හරහා ඔබට ලබා ගන්නට පුළුවන්.

මිල : රු: 22,999

http://www.wow.lk/mall/p/skyworth-24-led-tv-24e500-prodcsv10866/prodcsv10866/

 

7. Hisense 32 Inch LED TV LEDN32D62
Best TV Prices

Source – mydeal.lk

රුපියල් 30000කට වගේ හයිසෙන්ස් ටීවී එකක් ගන්නට පුලුවන්නම් කොතරම් වටිනවද? මෙන්න එකට අවස්තාවක්. අඟල් 32” හයිසෙන්ස් රුපවාහිනියක් මිලදී ගන්නට ඔබට මේ වාසි සලසන්නේ mydeal.lk වෙබ් අඩවිය හරහායි. සුපැහැදිලි හඬ, සුපැහැදිලි රුප සමඟ කෝම්බ් ෆිල්ටරය සහ අගනා හැඩය  සමඟ එන නිසා ඔබට ලෙහෙසියෙන්ම නිවසේ විලාසිතාවට අනුව හැඩ ගස්වාගන්නට පුළුවන්.
මිල : රු : 30,320

https://mydeal.lk/hisense-32-inch-led-tv-ledn32d62

 

8. TCL 32 Inches Wide Screen LED TV
Best TV Prices

Source – mydeal.lk

TCL  ආයතනයෙන් ඉදිරිපත් කරන අඟල් 32” වන රුපවාහිනිය ඔබ ගෙවන මිලට උපරිම සාධාරණයක් ඉටු කරනවා කියලා කියන්නට පුළුවන්. වර්ණ මිලියන 16.7 විභේදනයක් පවතින මේ රුපවාහිනිය ඔබේ පරිගණකය සඳහා මොනිටරයක් ලෙසත් අවශ්‍ය නම් භාවිතා කල හැකි වීම ඉතා වටිනවා.
මිල: රු: 24,750

https://mydeal.lk/tcl-32-inch-led-tv

 


 
Cover Image Source – techlicious.com
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
Tags:, , ,