ඔයාලටත් ඉගෙනගත්තු දේවල්වලට හපං දේවල් පේපර් එකට ආවද?

 

අපිත් ඉතිං අවුරුදුම දහතුනක් ඉගෙනගත්තනෙ. සමහරු නං ඊට වඩා වැඩියෙන් ඉගෙන ගන්න ඇති. තවත් සමහරු ඊට වඩා අඩුවෙන් ඉගෙන ගන්නැති. ඒත් ඉතිං දන්න මිනිස්සු දන්නවා ඔච්චර ඉගෙනගත්තට ඒ ඉගෙනගත්තෙ පේපරේට ලියන්න මිසක් ජීවිතේට නෙමෙයි කියලා. හරිවිදියට ඔය ඉගෙන ගත්තු දේකින් ප්‍රයෝජනයක් ගන්නෙ ගුරුවරු ටික විතරයි. මේ කියන්‍න යන්නෙ ටිකක් විතර ඒ කාලෙදි වෙච්ච අවුල් කතාවක්. අපි ඉගෙනගත්තුවට හාත්පසින් වෙනස් දේවල් පේපරේට ඇවිත් තියෙනවද? ඔවුනේ.. අපි හැමෝටම එක පාරක් හරි පේපරේ දිහා බලාගෙන හිනා යන්න ඇතිනෙ. මේ මොකද්ද මේ වුනේ කියලා. ඔන්න අපිත් හැදුවා ඒ විදියට ඒ ඒ විෂයට එයි කියලා හිතන ප්‍රශ්න ටිකක්. ඔයාලට ආපු ප්‍රශ්න මතක නං අපිටත් කියන්න.

 

1. සමාජ අධ්‍යයනය
Questions For Subjects

Source – freeman-pedia.com

පෘතුගීසීන් මෙරටට එන විට අප මුතුන් මිත්තන් සිටියේ?

  1. ඕප කෙලිමින්
  2. දත් සුද්ධ කරමින්
  3. වැල්ලට වී සොක පූදමින්
  4. කපු කටිමින්

 

2. භෞතික විද්‍යාව
Questions For Subjects

Source – youtube.com

කොල්ලා විසින් මීටර් පහක් දුර සිටි බල්ලාට අංශක 67ක ආනතියකින් තත්පරයට මීටර් පහක ප්‍රවේගයෙන් ගලක් එල්ල කරයි. බල්ලගේ ලේ කොල්ලගේ කකුල් දෙක අසලට ගලා එන්නට කොතරම් වේලා ගත වේවිද?

 

3. ගණිතය
Questions For Subjects

Source – innerconsciousness.com

රමල් අම්මා සමග කඩයට යාමට අම්මා සමග පැමිණි නිසා ඔහුට ටොපි පහක් ලැබෙයි. එයින් එක් ටොපියක් ඔහුගේ මිතුරන් වන නිමල් සහ විමල් විසින් බෙදාගෙන කන්නට ඉල්ලයි. දැන් එතන මිනී කීයද?

 

4. ඉංග්‍රීසි සාහිත්‍ය
Questions For Subjects

Source – theinkbrain.wordpress.com

මිල් ඔන් ද ෆ්ලොස් වොස් රිට්න් බයි ජෝජ් එලියට්. එක්ස්ප්ලේන් වයි ඊස් දැට්.

 

5. සිංහල
Questions For Subjects

Source – tenor.co

දෙමාපියන් එපා යැයි කියන දේ කරන්නට ඇය ඉතා කැමතිය. මෙම වාක්‍යය කුමාරතුංග මුනිදාසයන් විසින් රචනා කළේ නම් කුමනාකාරයක් ගනීද? උදාහරණ සපයන්න.

 

6. ආරම්භක විද්‍යාව
Questions For Subjects

Source – tenor.co

අප බසයක ඉදිරියට ගමන් කරන විට කවුළුවෙන් එපිට ඇති දෑ පසුපසට ගමන් කරන්නා සේ පෙනෙයි. එවිට බසයෙන් එපිට සිටින කපුටෙකුට අපව පෙනෙන අයුරු පහදන්න.

 

7. ඉතිහාසය
Questions For Subjects

Source – vikingsword.com

පළමු වන විමළධර්ම සූරිය රජතුමා ගල් පුවරු තම නමට ඈඳා ගැනීමේලා විශේෂ ලැදියාවෙක් තිබූ අයෙකු ලෙස ප්‍රකටය. ඔහු විසින් නම් නොගැසූ වැඩ දෙකක් පවසන්න.

 

8. සිංහල සාහිත්‍ය
Questions For Subjects

Source – fineartamerica.com

කණ්ඩායම් නායක උපාලි විසින් කජු වත්තේදී ජින්නාවම ගහට නගින්න තෝරාගත්තේ ඇයි?

  1. ජින්නාගේ කකුල් ඇලෙන නිසා
  2. ජින්නා කොහොමත් හොරාට පොල් කඩන නිසා
  3. අහුවුනොත් ජින්නාට වේගයෙන් දිවයා හැකි නිසා
  4. ඉහත කිසිවක් නොවේ.

 

9. ජීව විද්‍යාව
Questions For Subjects

Source – express.co.uk

පරීක්ෂණාගාරයට ගන්නා ලද ගෙම්බකුගේ එක් කකුලක් අනෙක් කකුලට වඩා දිගින් යුතු විය. ඒ ඇයි?

  1. දත් ලොඹු චීනෙකුට හසුවීම
  2. ගලකට හිරවී ඇදී යාම
  3. ලබා උපන් හැටි
  4. ඉහත කිසිවක් නොවේ

 

10. ජීවන නිපුනතා
Questions For Subjects

Source – tumblr.com, infolanka.com

කැලයකදී හදිසියේ පොල් සම්බෝල කෑමට අවශ්‍ය වුවහොත්

  1. පොල් හොයාගෙන හිරමණයෙන් ගාගෙන ලුණු මිරිස් දමා කැලේ ගලක් උඩ අත්ගලෙන් අඹරාගැනීම
  2. සම්බෝල ගෙදරින් ගෙනයාම
  3. සම්බෝල එපා යැයි සිතීම
  4. හදිස්සියකදී අවශ්‍යවන්නේ වතුර හෝ කොළ බව සිහියට නගා ගැනීම

 

11. රසායන විද්‍යාව
Questions For Subjects

Source – huffingtonpost.co.uk

අරවාට මෙවුව දැමූවිට ගිනිගනියි. අරවා යනු සංයෝගයක් වන අතර මෙවුවා යනු මූල ද්‍රව්‍යයකි. මෙවුවාගේ මෞල අගය කීයද?

 


 
Cover Image Source – rivira.lk
 

ඔබේ තේරීම share කරගන්න


කැමතිද? අකමැතිද?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid