කෙල්ලෙකුට ඇඳුමක් ගන්න සෑහෙන වෙලාවක් යන්නෙ නිකංම නෙමෙයි…

 

කෙල්ලො එක්ක ඇඳුම් ගන්න ගියාම සෝෆා උඩ දපල ඉන්න පිරිමියෙක් නං මේ ලිවිල්ලට මූලික වෙන ඒ කාලකන්නි හැඟීම ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේ වෙලාවට පොදු පිරිමි චිත්ත සන්ථානෙ තියෙන්නෙ මුං මේ රෙදි කෑල්ලක් උස්සන මෙච්චර මොනවද හිතන්නෙ කියලයි. ඒත් ඇත්තටම උන් හිතන්නෙ මොනවද කියලා කරපු පරීක්ෂණේකින් ආපු නිගමන ගැන තමයි මේ ලියන්න යන්නෙ. මුං හිතන දේවල් ලේසි නැහැ.

 

1. තව එවුන්
Girls While Shopping
Source – casaquadro.com

තව කෙල්ලො මේක ගනියිද? එක්කො මං මේක අරගෙන මේ වගේ ඉතුරු ටික යටින් හංගලාවත් යන්න ඕන. ආපෝ නැත්තං හැම එකාම මේක ඇඳන් එයි. ඔන්න ඕකයි මං මේ වගේ හැම තැනම බ්‍රාන්චස් තියෙන කඩවලට එන්න කැමති නැත්තෙ. කෝකටත් අඳින්නෙ නැතුව ටික දවසක් තිබ්බනං හරි. කවුරුත් ඇන්දෙ නැත්තං මාසෙකට විතර පස්සෙ අඳිනව. කවුරුහරි ඇන්දොත් ගෙදට්ට අඳින්න ගන්න බැරියයි. එහෙමත් නැත්තං අද ගෙදර ගෙනිහිං අදම ඇඳලා දානව ප්‍රොෆයිල් එකට. එතකොට මොකා ඇන්දත් මට පස්සෙනෙ.

 

2. ගැලපෙයිද?
Girls While Shopping
Source – giphy.com

මේකෙ මේ කහ නූල නිල් පාට උනානං මේක මීට වඩා වෙනස් වෙයි නේද? හැබැයි මේකට මගේ අර ලොකු මාලෙ දාන්න පුළුවන් අරගෙන අවුරුදු පහක් වුනාට ඒක තාම දැම්මෙත් නැහැනෙ. මේකට මගේ කොල පාට ස්ට්‍රැප්ස් එක්ක බ්‍රා එක ඇන්දනං හරි. එදත් ඒක ඇඳගෙන ගියාම ලසිත් කන්න වගේ ආසාවෙන් බලං හිටියෙ. කොහොමත් මේ ඇඳුමට ඒක ලස්සනට පෙනේවි. හැබැයි දාන්න ගැලපෙන ෂූස් දෙකක් තමයි නැත්තෙ…

 

3. මේ ගාණට?
Girls While Shopping
Source – destination360.com

රුපියල් තුන්දාස් හත්සීයකට මේක වටිනවද? ගිය සතියෙ මේ වගේ එකක් අරගත්තෙ හත්දාහකට. මේක ඒ ගාණෙන් බාගයයි. ඒකියන්නෙ මේක බාලයිද? බාල වුනත් මොකෝ එක අතකට පෙණුම තියෙනවනං. තුන්දාස් හත්සීයට හතරපාරක් ඇඳගත්තනං ඇති මට.





 

4. ඇජස්මන්ට්ස්
Girls While Shopping
Source – buddytv.com

ඉනෙන් පොඩ්ඩක් අඩු කරලා, කර තව ටිකක් පහත් කරලා හදාගන්න ඕන. මේක මෙතනින්ම හදාගන්නවද? නැත්තං රානි ආන්ටිට දෙනවද? ආපෝ රානි ආන්ටිත් හරි ඕපෙ. ඊටපස්සෙ ගත්තෙ කොහෙන්ද කියලා අහගෙන එයාගෙ දූ බඩ්ඩට මේක අරන් දේවි. ඊට වඩා හොඳයි වැඩේ නීට් නැතත් අම්මටම කියලා කරවගන්න එක.

 

5. මිනිහා
Girls While Shopping
Source – favim.com

ෂනිල් එච්චර කැමති නෑ මේ වගේ ඒව අඳිනවට. ඒත් ඉතින් එයා කැමති නෑ කියලා මම මැරෙන්නයයි. මොකද මට මම ආස ඇඳුමක් අඳින්න බැරිද? මම කැමති ඇඳුම ඇන්ද කියල මම නරක ගෑණියෙක් වෙන්නෙ නැහැනෙ. එයාටනං මොකද? පිළිවෙලක් තියෙන පිරිමියෙක් යැයි. මම මතක් කළේ නැත්තං අන්ඩර්වෙයාවත් අඳින්නෙ නෑ. එහෙම මිනිහ මගෙ මේ ආස ඇඳුමට මොනව හරි කියන්න ආවොත් බලාගන්නංකො මම. කියනව කන් දෙකේ ඇඟිලි ගහගන්න. මට අන්තිමට ඇඳුමක් අරන් දුන්නෙ සති තුනකට කලින්. ඊටපස්සෙ මේ වෙනකං ඇඳුමක් නැහැ.

 

6. මුලින්ම අඳින්නෙ?
Girls While Shopping
Source – boredbug.com

ම්ම්ම්ම්… මේක මුලින්ම අඳින්නෙ කොහෙටද? කොහොමත් මං මේක අඳින්නෙ හතරපාරයි. නැත්තං මේක කොමන් වෙන්න ගන්නව. මුලින්ම අඳිනව ඔෆිස් එකට. අර නිෂානිගෙ ඇස්වලට වැලි ගැහුව වගේ තියෙයි. ඊට පස්සෙ ලබන සතියෙ ගෙට් එකටයි, ශානිගෙ බර්ත්ඩේ අවුටින් එකටයි, ඉරිදට ෂොපින් යන්නයි ඇන්දම ඇති. ලබන පාර ආවම මේකෙ කහපාට එක ගන්න ඕන. මේකට ලස්සනයි කියන අය ඒක ඇන්දොත් මාව බදාගනීවි.

 

 

අනිවා කාන්තා Style & Wellbeing Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – scpxt.com