නව වසරේ ඔබව ෆිට් පොරක් කරන්න පුළුවන් ෆිට්නස් ට්‍රෙන්ඩ්ස් 6ක්මෙන්න

 

අලුත් අවුරුද්ද උදා වෙලා මාසෙකුත් ගත වෙන්න ගිහිල්ලා, අවුරුද්ද උදාවෙනකොටම අපි දැක්කා ගොඩක් අය තමන්ගේ සෝෂල් මීඩියා පිටු වල තමන්ගේ අලුත් අවුරුද්දේ එකම ටාගට් එක සෞඛ්‍යමත් ජීවිතයක් ලබාගන්න එක කියලා පාරම් බාලා තිබ්බා.

ඉතින් මේ වෙනකොට ඒ ටාගට් වලට මොකද වෙලා තියෙන්නේ? එක අඩියක් වත් ඉස්සරහට තියලා තියෙනවද? එහෙම නැතිනම් තාමත් හිටපු විදියටම ලගා ගහගෙන ඉන්නවද? මේ ඔක්කොටම වඩා මේ අපි කියන්න හදන ෆිට්නස් ට්‍රෙන්ඩ්ස් ටික දැනගෙන හිටියා නම් ඔයාගේ ජීවිතේට පුංචි හරි වෙනසක් තියෙන බව දැනේවි.

 

1. යෝගා
New Fitness Trends
Source – watchfit.com

ඉන්දියානු ඉගැන්වීම් අනුසාරයෙන් වේද ග්‍රන්ථ වල සඳහන් වෙන තරම් පැරණි ඉතිහාසයක් තියෙන යෝගා ව්‍යායාම අද වෙනකොට ලොව පුරාම ජනප්‍රියයි. භාවනාවක් ලෙස පුහුණු කලත් වර්තමානය වෙනකොට සෞඛ්‍ය මුලික කරගත්තු ව්‍යායාම ක්‍රමයක් ලෙසට ප්‍රචලිත වෙලා තියෙන යෝගා තුලින් දීර්ගායු ලබාදෙමින් සෞඛ්‍යමත් බව දියුණු කරන ජීවන ක්‍රමයකට ඔබව හුරු කරවන බව සඳහන්.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ යෝගා තියෙන්නේ බොහොම පළපුරුදු අයට විතරක් කරන්නට හැකි ව්‍යායාම/ භාවනා ක්‍රමයක් හැටියට කියලයි. ඒ වුනත් මේ ව්‍යායාමයට බොහොම ආධුනික කෙනෙකුට වුනත් අවතීර්ණ වෙන්නට කිසිම අපහසුවක් නැහැ.

ඒ වගේම යෝගා ව්‍යායාම වලින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය, පැහැපත් බව, නම්‍යශීලි බව, තරුණ පෙනුම වැඩිවීම සහ බර අඩු වීමත් වෙනවා.

 

2. බොඩි වේට් ට්‍රේනින් (Bodyweight Training)
New Fitness Trends
Source – bodybuilding.com

නම ඇහුවම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ වගේ නේද? මෙහෙමයි. කිසිම උපකරණයක් භාවිතා නොකර තමන්ගේ සිරුරේ බර උපයෝගී කරගෙන සිරුරට ව්‍යායාම දීම තමයි බොඩිවේට් ට්‍රේනින් කියලා කියන්නේ. ස්කොට්ස්, ටක් ජම්ප්ස්, බර්පීස් වගේ නොයෙකුත් ව්‍යායාම කොහේටවත් යන්නෙත් නැතුව කාගෙන්වත් උපදෙස් ගන්නෙත් නැතුව කරන්න පුළුවන් ව්‍යායාම තමයි. අනික සෞඛ්‍යයටත් කිසිම ආබාධයක් නැහැ, මොකද තමන් උස්සන්නේ තමන්ගේ බර ම නිසා. හැබැයි ඉතින් නිවැරදි ඉරියවුවලින් යුතුව මේ ව්‍යායාම වල නිරතවෙන්න වග බලාගන්න ඕනෙ.

 

3. නිවැරදි ජීවන ක්‍රමය

New Fitness Trends
හරි විදියට ජීවත් වෙන එකත් එක්තරා ආකාරයක ෆිට්නස් ට්‍රෙන්ඩ් එකක් තමයි. තමන් ගැන තමන්ට වගකීමක් තියෙන එකත් කරන්න ඕනේ හොඳින් බුද්ධිය පාවිච්චි කරලා. සමබර ආහාර වේලක් ගැනීම, ප්‍රමාණවත් නින්ද, දුම්වැටි භාවිතය නැවතීම, නිසි වයසක නම් සිටින්නේ ලිංගික ක්‍රියාකාරී බව වගේ කාරණා ඔබව නිරෝගී කරන බව නම් නොකියාම බෑ. ඉතින් එහෙම කල්පනා කරලා ජීවත් වෙන එකම හොඳ ව්‍යායාමයක් නෙවෙයිද?





 

4. වෙයාරබල් ටෙක්නොලොජි
New Fitness Trends
Source – tickertape.tdameritrade.com

ටෙක්නොලොජි කියන්නේ අපිව එක්තරා ආකාරයකට යටත් කරගන්නා දෙයක් කියලා ගොඩක් අය  කිව්වත් බොහොම හොඳ ආකාරයකට අපිව යටත් කරගන්න ටෙක්නොලොජිකල් ට්‍රේන්ඩ්ස් එහෙමත් තියෙනවා. මේකත් එහෙම තමා, වෙයාරබල් ටෙක්නොලොජි කියලා කියන්නේ ශරීරයේ පළඳින්නට පුළුවන් හෙල්ත් ඩිවයිස් එකක් කියලා කිව්වොත් තමා හරි. මේ හරහා අපේ සිරුරේ දහනය වෙන කැලරි ප්‍රමාණය, හදවත ස්ඵන්දනය වෙන වාර ගණන වැනි විවිධ තොරතුරු ලබාගන්න පුළුවන්.

 

5. සමුහ පුහුණුවීම්
New Fitness Trends
Source – youtube.com

තනියෙන් ව්‍යායාම කරන්න බැරි නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි ජිම් යන සෙට් එකක් එක්ක සෙට් වෙලා පුහුණුවීම් කරන එක. එහෙම කරනකොට තමන්ට කම්මැලි කමක් තිබ්බත් තමන්ගේ යාළුවන් පුහුණුවීම් කරන නිසා නොකර බැරි වෙනවා. ඒ වගේම ටික කාලයක් යනකොට අවශ්‍යතාවකට වඩා පුරුද්දක් බවට පත් වෙනකොට නොකර බැරි වෙන නිසා එයින්ම ඔබේ සෞඛ්‍යමත් බව වැඩි දියුණු වෙනවා.

 

6. Hi Intensity Interval Training – HIIT
New Fitness Trends
Source – jukeperformance.com

HIIT කියන්නේ ව්‍යායාම රැසක එකතුවක් කියලා කිව්වොත් තමයි වඩාත් නිවැරදි කියලයි අපිට නම් හිතෙන්නේ, හදවතට හිතකර ව්‍යායාම, සිරුර උණුසුම් කරන ව්‍යායාම, ඇරොබික්ස් යන ව්‍යායාම් ත්‍රිත්වයේ සංකලනයක් වෙන මේ ව්‍යායාම පන්තිය කරන්නට කිසිදු උපකරණයක් අවශ්‍ය නොවීමත් විශේෂයි.

විශේෂම දේ මෙන්න මේකයි මේ ව්‍යායාමය වර්තමාන ලෝකේ ප්‍රධාන වශයෙන් කාර්යාල වල වැඩ කටයුතු කරගෙන යන, තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් එතරම් වෙලාවක් වෙන් කරන්නට නොහැකි අයට කදිම ව්‍යායාම පන්තියක් බවට සැකයක් නැහැ. ඒකට හේතුව අඩු කාලයක් ඇතුලතුල වැඩි කැලරි දහනයක් සිදුවෙන ආකාරයට මේ ව්‍යායාම සැකසිලා තිබීමයි.

සැලකිය යුතුයි- මේ ව්‍යායාම ක්‍රම සහ සංකල්ප අනුගමනය කරන්නට පෙර තමන්ගේ වයස, ශරීර ප්‍රමාණය සහ ලෙඩරෝග ආබාධ ආදිය ගැන සලකලා වෛද්‍යවරයෙකුගෙන් හෝ පිලිගත් ශාරීරික යෝග්‍යතා පුහුණුකරු‍වෙකුගෙන් උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.

 

 

අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – nation.lk