2017 ට්‍රෙන්ඩ් වෙන අළුත්ම මේකප් ඇන්ඩ් හෙයා ස්ටයිල්ස් මොනවද දන්නවද?

 

කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ්ස් එනව. පරණ තිබුණු ට්‍රෙන්ඩ්ස්ම කැරකිලා අළුත් මුහුණුවරකින් ආයෙමත් එනව. අළුත්ම අළුත් උනත් පරණ දෙයක් ආපහු කැරකිලා ආවත් මේ එන හැම ට්‍රෙන්ඩ් එකක්ම ඒ විදියටම වැලඳ ගන්න සමහරු කැමතියි. අනිවා අපි අද මේ කියන්න හදන්නෙ 2017 ට්‍රෙන්ඩ් වෙන්න තියෙන කොණ්ඩා සහ මේකප් විලාසිතා ගැන. සමහර ඒව පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ උනාට ඒවා ට්‍රෙන්ඩ් වෙන්න ගන්නෙ මේ අවුරුද්දෙ කියලයි ෆැෂන් එක්ස්පර්ට්ල කියන්නෙ.

 

Hair Styles

ඇත්තටම මේ අවුරුද්දෙ එන හුඟක් විලාසිතා බොහොම පහසුවෙන්ම කරගන්න පුළුවන් සහ පහසුවෙන්ම හසුරවාගන්න පුළුවන් එදිනෙදාට වගේම විශේෂ වෙලාවකටත් ගැලපෙන සරල විලාසිතාවන්. සරලකම ට්‍රෙන්ඩ් වෙන බවක් තමා බැලු බැල්මට පේන්නෙ.

 

1. The Bardot fringe/The Grown-Out Shag
2017 Makeup Hair Trends
Source – pinterest.com

සරල කොණ්ඩා විලාසිතාවක්. 1960 ගණන් වල සිට කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් උන මේ විලාසිතාව ඕනෙම කොණ්ඩයකට ගැලපෙන එක තමා විශේෂත්වය. ඒ කිව්වෙ කැරලි කොණ්ඩ, ස්ට්‍රේට් කොණ්ඩ, සාමාන්‍ය කොණ්ඩ වගේම ඝණකම අඩු හෝ වැඩි ඕනෙම තාලෙක කොණ්ඩයකට මේ විලාසිතාව ගැලපෙනව.

 

2. Long Hair
2017 Makeup Hair Trends
Source – pinterest.com

පංච කළ්‍යාණියෙන් එකක්ලු දිගට වැවුන ඝණ කොණ්ඩය. හැබැයි ඒ ආදිකාලෙ, එහෙම නේද හිතුවෙ? ඔන්න දිගු කොණ්ඩා විලාසිතාව ආයෙමත් ඇවිත්. ඉණ දක්වා හෝ ඉණෙන් පහලට දිගු ස්ට්‍රේට් කොණ්ඩය දැන් විලාසිතාවක්. කෙටි කොණ්ඩ තියෙන අය එක්ස්ටෙන්ශන්ස් දාගෙන මේ විදියට කොණ්ඩය දික් කරගන්නව. ඔන්න දිගට කොණ්ඩෙ තියෙන අය කොණ්ඩෙ කපන්න නම් එපා හොඳේ.

 

3. High Ponytail
2017 Makeup Hair Trends
Source – honestbeauty.com

අපි චූටි කාලෙ හරි ආසයි උඩටම කරල පෝනිටේල් එකක් දාගෙන කොණ්ඩෙ පද්ද පද්ද ඇවිදින්න. කොයි ගෑණු ළමයද  එහෙම නොගියෙ පුංචි කාලෙ. ඔන්න ඒ කාලෙ ආයෙමත් ඇවිත්. හයි පෝනිටේල් එක දැන් අළුත්ම ට්‍රෙන්ඩින් විලාසිතාවක්. නිකම් නෙවෙයි ප්‍රසිද්ධ තරු එක්ක හයි පෝනිටේල් එක රෙඩ් කාපර්ට් එකටත් ගිහින්.





 

4. Bed Head Look
2017 Makeup Hair Trends
Source – slodive.com

නම දැක්කම හිතාගන්න පුළුවන් නේද මේ විලාසිතාව කරගන්නෙ කොහොමද කියල. මුකුත්ම විලාසිතාවක් නොකරන එක දැන් විලාසිතාවක් විදියට ට්‍රෙන්ඩ් වෙනව. උදේට ඇඳෙන් නැගිටින කොට කොණ්ඩෙ තියෙන විදියටම පීරන්නෙ නැතුව තියාගන්න එක තමා විලාසිතාව. මේක ටිකක් සරාගී පෙනුමක් ගෙන දෙනව කියලයි කියන්නෙ. මේ එහෙම විලාසිතා කීපයක්.

 

5. Contour Colouring
2017 Makeup Hair Trends
Source – hairworldmag.com

කොණ්ඩෙ වර්ණ ගන්වන එක ඉතින් කාලයක් තිස්සෙ තිබුණ තාමත් තියෙන ස්ටයිල් එකක්. හැබැයි කාලෙන් කාලෙට එක එක වර්ණ සහ ක්‍රම මේකෙත් ට්‍රෙන්ඩ් වෙනව. Golden Blonde, The new Gray, Metallic Manes වගේ විලාසිතා ආසියාකරයේ අපේ හමට ඒ තරම් ගැලපෙන්නෙ නැති උනත් හුඟක්ම සුදු කෙනෙක්ට ට්‍රයි කරන්න පුළුවන් හෙයා කලරින් ස්ටයිල්ස් කියල කියන්න පුළුවන්. Contour Colouring කියන්නෙ කොණ්ඩෙ ඝණත්වය එහෙමත් නැත්නම් වොලියුම් එක වැඩි කරල පෙන්නන්න පුළුවන් හෙයා කලරින් ස්ටයිල් එකක්. මේක අපේ හමටත් ගැලපෙනව. තද සහ ලා වර්ණ කීපයක් අතරින් පතර කලර් කරන එකෙන් කොණ්ඩයට අමතර ඝණකම පෙනුමක් එකතු වෙනව වගේම උඩින් කියපු ලෝන්ග් හෙයා ස්ටයිල් එකට ලස්සනට ගැලපෙනව.

 

6. Braided Top Knots
2017 Makeup Hair Trends
Source – youtube.com

කොණ්ඩයේ ඉස්සරහින් පොඩි කොටසක් ගොතලා ඒක එකතු කරල ඉස්මුදුනට කොණ්ඩය ගැටගහන එක තමා මේ විලාසිතාව. ගිය අවුරුද්දෙ ආපු ටොප්නොට් එකේම එක්ස්ටෙන්ඩඩ් වර්ශන් එකක් කියන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ විලාසිතාව කරගන්න හැටි.

 

Makeup

කොණ්ඩා විලාසිතා වගේම මේ අවුරුද්දෙ ට්‍රෙන්ඩ් වෙන මේකප් විලාසිතාවනුත් බොහොම සරලයි. වැඩි විච්ඡූරණ නැති සිම්පල් මේකප් තමා අළුත්ම ට්‍රෙන්ඩ් එක.

 

1. Au Naturale
2017 Makeup Hair Trends
Source – youtube.com

මේකප් කලා කියල කැපිල නොපෙනෙන මුහුණේ ස්වභාවික හැඩය වඩාත් සරලව සහ සුන්දරව ඉස්මතු කරල පෙන්වන එක තමා මේ මේකප් එකෙන් කරන්නෙ. මේ තියෙන්නෙ මේ විදියට සරල මේකප් එකක් කරගන්න හැටි.

 

2. Black Liner, Interrupted
2017 Makeup Hair Trends
Source – pinterest.com

අයි ලයිනර් එක ඇස් දෙකේ දෙකෙලවරින් එකතු නොවෙන විදියට අඳින එක අළුත්ම අයි ලයිනර් විලාසිතාවක්. Black Liner, Interrupted එක තව ක්‍රම කීපයකට කරනව. උඩ ඇහි පිල්ලමේ අඳින අයිලයිනර් එක යටි පිල්ලමෙන් එන ලයිනර් එකට සම්බන්ධ නොකර උඩට අඳින එකත් එක ක්‍රමයක්.

 

3. Pink All Over
2017 Makeup Hair Trends
Source – lisaeldridge.com

බ්ලශ් එක, අයි ශැඩෝ එක, ලිප්ස්ටික් එක මේ හැම දෙයක්ම ලා රෝස පැහැයෙන් මේකප් කරන එක තමා මේ කියන්නෙ. සමේ පැහැය මොකක් වුනත් මේ මේකප් එක ගැලපෙනව. ඒ කියන්නෙ තරමක් තද පැහැ සමකට වගේම සුදු හමකට උනත් මේ මේකප් විලාසිතාව ගැලපෙනව. මේ නිසාම මේක මේ වුරුද්දෙ ට්‍රෙන්ඩ් වෙයි කියලයි කියන්නෙ.

 

4. Microblading
2017 Makeup Hair Trends
Source – elle.com

වැඩිය ඝණකම නැති ඇහිබැමක් තියෙනව නම් මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ඔබටමයි. ඇහිබැම තාවකාලිකව ටැටූ කිරීම. පර්මනන්ට් ටැටූ එකක් වගේ සදාකල් පවතින්නෙත් නැති සැරින් සැරේ අයිබ්‍රව් පෙන්සිල් එකකින් අඳිමින් වද වෙන්න ඕනත් නැති ක්‍රමයක්. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

 

5. Ombré Orange-Red Lip
2017 Makeup Hair Trends
Source – pinterest.com

තද පැහැයකින් පටන් අරන් තොල් වල මැදට වෙන්න ඊට වඩා තරමක් ලා පැහැයක් ආලේප කරන එක තමා මේ කියන්නෙ. තැඹිලි පැහැය සහ රතු පැහැය තමා හුඟක් වෙලාවට මේ විදියට බ්ලෙන්ඩ් කරන්නෙ. කැපී පෙනෙන්න කැමති ඔබටම ගැලපෙන විලාසිතාවක් කිව්වොත් හරි.

 

6. Two-Tone Lips
2017 Makeup Hair Trends
Source – burlexe.com

උඩු තොල එක පැහැයකිනුත් යටි තොල තවත් පැහැයකිනුත් ආලේප කිරීම තමා මේ ලිප්ස්ටික් ස්ටයිල් එක. ටූ ටෝන් ස්ටයිල් එක කරන තව ක්‍රමයක් තමයි පාට දෙකක ලිප්ස්ටික් බ්ලෙන්ඩ් කරන එක. එකිනෙකට කැපී පෙනෙන පාට දෙකක් තමයි හුඟක් වෙලාවට මේ සඳහා යොදාගන්නෙ. ගිය අවුරුද්දෙ පටන් ගත්තු මේ විලාසිතාව මේ අවුරුද්දෙත් ට්‍රෙන්ඩ් වෙනව කියලයි එක්ස්පර්ට්ල කියන්නෙ.

 

7. Chocolate Glitter Lips
2017 Makeup Hair Trends
Source – pinterest.com

තද රතු පැහැයෙන් පාට කරන ලිප්ස්ටික් ස්ටයිල් එකෙන් පස්සෙ ගිය අවුරුද්දෙ ආවෙ තද චොකලට් පැහැයෙන් දෙතොල් පාට කරන එක. මේ අවුරුද්දට එද්දි ඒක තව චුට්ටක් මොඩිෆයි වෙලා චොකලට් ග්ලිටර් ලිප්ස් විදියට.

 

8. Elegant Shimmer
2017 Makeup Hair Trends
Source – styleonweb.net

තඹ පැහැය, රත්‍රං පැහැය තමා මේ අයිශැඩෝ එක සඳහා හුඟක්ම යොදාගන්නෙ. වෛවර්ණ පැහැයන්ගෙන් තොරව වර්ණ එකක් හෝ දෙකක් තමා පාවිච්චි වෙන්නෙ. හැබැයි මැට් නෙවෙයි දිලිසෙන පැහැයන්.

 

9. Watercolor Eyes
2017 Makeup Hair Trends
Source – fashionmio.com

දියසායම් පෙනුමක් එන විදියට වර්ණ කීපයක් බ්ලෙන්ඩ් කරල අයිශැඩෝ ගාන එක තමා මේ ට්‍රෙන්ඩ් එක. මැට් වර්ණ වගේම දිලිසෙන වර්ණත් මේ සඳහා භාවිතා කරනව.

 

10. Glossy Black Eyes
2017 Makeup Hair Trends
Source – mamiskincare.net

දිලිසෙන තනි කළු පැහැයෙන් අයි මේකප් එකක් කිරීම තමයි මේ ග්ලොසී බ්ලැක් අයිස් කියන්නෙ. තරමක් කැපී පෙනෙන පෙනුමක් ගෙන දෙන මේ මේකප් එක රාත්‍රී කාලයට නම් වඩාත් සුදුසුයි.

 

11. Seafoam Green Eyes
2017 Makeup Hair Trends
Source – pinterest.com

මුහුදු නිල් පැහැය එහෙමත් නැත්නම් මුහුදු කොළ පැහැය භාවිතා කරල ඇස් හැඩ ගැන්වීම සුන්දර අයි මේකප් විලාසිතාවක්. මේ සඳහා යොදාගන්නෙ සීමිත වර්ණ කීපයක්.

 

12. Chrome Nails
2017 Makeup Hair Trends
Source – nailsglamourpcb.com

මෙටලික් කලර්ස් එහෙමත් නැත්නම් ලෝහ වර්ණ කාලෙන් කාලෙට විලාසිතා ලෝකයේ පෙරලි කරනව. අළුත්ම ට්‍රෙන්ඩ් එක මෙටලික් කලර්ස් නේල් පොලිශ්. තනි පැහැයෙන් උනත් කැපී පෙනෙන නිමාවක් මින් ලැබෙනව.

 

 

අනිවා කාන්තා Style & Wellbeing Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – popsugar.com