කඩුව පොලිෂ් කරගන්න ලංකාවේ හොඳම කඩු සටන් පන්ති 6 ක් මෙන්න

 

ඉංග්‍රීසි කියන්නේ අද කාලේ නැතුවම බැරි දෙයක් වගේම, ලංකාවේ බහුතරයක් දෙනා භාවිතා කරන භාෂාවක් වෙලා. හෝඩියේ අකුරු 26ක් වීමත්, ජාත්‍යන්තර භාෂාව වීමත්, විලාසිතාවක් වීමත් නිසා වර්තමානයේ අඩුම තරමේ අකුරු දෙකතුනක් ගැට ගහගෙන ඉංගිරිසි වචනයක් කියවා ගන්නට නොහැකි කිසිවෙක් ඉන්නවාද කියලා සැක සහිතයි. ඒ තරමට ඉංග්‍රීසි අපේ ජීවිතේට බද්ධ වෙලා තියෙන්නේ.

මොනතරමට බද්ධ වුනත් ලංකාවේ ජනතාව ඉංග්‍රීසි නිසිලෙස භාවිතාව තවමත් හරිහැටි නොදන්නා බවක් තමයි කරුණු කාරණා විමසු විට දකින්න ලැබෙන්නේ. ඉතින් මේ නිසා අනිවා අපි හිතුවා ලංකාවේ ඉංග්‍රීසි භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්නට උදව් දෙන ආයතන කිහිපයක් ගැන තොරතුරු ඔබට කියන්නට.

 

1. British Council
Source – britishcouncil.lk, futurelankan.com

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මගින් පාලනය වෙන බ්‍රිතාන්‍ය කවුන්සලය කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ මුල් තැනක් ගන්නා ආයතනයක් කිව්වොත් වඩා නිවැරදියි. එක්තරා ආකාරයකට ලංකාවේ ඉංග්‍රීසි පාඨමාලා වල තත්ත්වය පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය කවුන්සලයේ පාඨමාලා බලපෑවා කිව්වොත් තමා හරි. අතීතයේ පාඨමාලා ගාස්තු මිලෙන් ඉහල වුනත්, වර්තමානයේදී පවතින ආර්ථික මට්ටම් නිසා ඒ මිල දැරිය හැකි මට්ටමකට පත් වෙලා කියලා කියන්නට හැකියි.

බාලාංශ පන්ති වල සිසුන්ගේ සිට රැකියාවල නියුතු වැඩිහිටියන් දක්වාම බ්‍රිතාන්‍ය කවුන්සලය තම පාඨමාලා හසුරවනවා. එම පාඨමාලා ගැන සියලු තොරතුරු ඔබට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ලබාගන්නට පුලුවන්. එසේත් නැතිනම් දිවයින පුරා විසිරි ඇති ඔවුන්ගේ ශාඛා වලින් හෝ ඔවුන්ට ඇමතීමෙන් ඒ තොරතුරු ලබා ගන්නට හැකිවෙනවා.


පාඨමාලා කාලය – පැය 25 – 75 අතර

දුරකථනය –  +94 11 45 21 521

වෙබ් අඩවිය – https://www.britishcouncil.lk/english

 

2. SEI Campus
Source – twitter.com/seicampus, seicampus.com

කොළඹ, මාතර, ගාල්ල, බණ්ඩාරවෙල, කුරුණෑගල යන ප්‍රධාන නගර වල තම ශාඛා පිහිටුවා ඇති SEI ආයතනය විසින් ඉංග්‍රීසි කතාව, සවන්දීම, රචනය, කියවීම සහ ව්‍යාකරණ යන පස් වැදෑරුම් කොටස් ආවරණය වෙන පරිද්දෙන් සැලසුම් කොට ඇති පාඨමාලාවන් පවත්වනු ලබනවා.

බ්‍රිතාන්‍ය කවුන්සලය සහ ජනප්‍රිය සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් එකතුවෙන් පිළිගන්වන ඉංග්‍රීසි භාෂා සුදුසුකම සඳහා තමයි මේ පාඨමාලා පැවැත්වෙන්නේ. සිසුන් කණ්ඩායම් හතරකට වෙන් කර සතියේ දින වලදී කණ්ඩායම් දෙකකුත් සති අන්තවලදී කණ්ඩායම් දෙකකුත් වන ලෙසට පාඨමාලා හැසිරවීම කෙරෙනවා. සියලු විස්තර ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා හෝ ඔවුන්ට ඇමතීමෙන් ලබාගන්නට හැකියි.

පාඨමාලා කාලය – පැය 192

දුරකථනය –  +94 71 92 92 927

වෙබ් අඩවිය – http://www.seicampus.com/english-language.php

 

3. Colombo Language School
Source – colombolanguageschool.com

Colombo Language School කියන්නේ මෑතකදී ජනප්‍රියත්වයට පත්වූ ආයතනයක්. ඔවුන්ගේ පාඨමාලා සියල්ලම හසුරවන්නට සුදුසුකම් සහ අත්දැකීම් බහුල දෙස් විදෙස් ගුරුවරුන් සහභාගී කරවන්නේ ඔබට සුපිරි සේවයක් සහ අධ්‍යාපනයක් ලබා දීමේ බලාපොරොත්තුවෙන් තමයි.

නොමිලයේ පවත්වනු ලබන මුලික පරීක්ෂණයකින් අනතුරුව ඔබේ දැනුමට සරිලන පාඨමාලාව තීරණය කරනු ලබන අතර, මේ පාඨමාලාවන් සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම පෙ.ව 9 සිට ප.ව 1 දක්වා පන්ති පැවැත්වෙනවා. මේ පාඨමාලාවන් වලදී DVD වැඩසටහන්, සංවාද, නාට්‍ය සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් සමගින් ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කරගන්නට ඉඩ සලස්වනු ලබනවා.

පාඨමාලා කාලය – පැය 240

දුරකථනය – +94 77 10 47 759

වෙබ් අඩවිය – http://www.colombolanguageschool.com/index.php/courses





4. Pathe Academy
Source – pathestudy.org, education.topjobs.lk

20 වසරකට වඩා අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාසයක් පවතින Pathe Academy ආයතනයත් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් මුලික දැනීමක් පවත්නා අයට සිය දැනුම දියුණු කරගැනීමට පාඨමාලා සංවිධානය කර තිබෙනවා.

මාස 3ක කාලයක් පැවැත්වෙන මේ පාඨමාලා තුලදී ඔබට ඉංග්‍රීසි ලිවීම, කියවීම, කථාව සහ තේරුම් ගැනීම වැනි මුලිකාංග දියුණු කරගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ජනප්‍රිය සිටි ඇන්ඩ් ගිල්ඩ්ස් සුදුසුකම්ද ඔවුන් මේ පාඨමාලා සමග පිරිනමන නිසා ඔබ ගෙවන මුදලට නිසි වටිනාකමක් ලැබෙනවා කියන්නට පුළුවන්.

පාඨමාලා කාලය – මාස 3යි.

දුරකථනය – +94 11 537 7752 | +94 11 236 3112 | +94 11 250 2012

වෙබ් අඩවිය – http://www.patheacademy.com/

 

5. Royal Institute
Source – royalinstitute.org, cie.org.uk

Royal Institute කියන්නේ වෘත්තීය පාඨමාලා වගේම පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙනුත් ජනප්‍රියත්වයට පත් ආයතනයක්. මෙහිදී ඔවුන් විසින් ඉංග්‍රීසි පාඨමාලා කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාම පවත්වනවා. මේ නිසා ඔබේ දැනුම් මට්ටම කුමක් වුනත් ඔවුන් සතුව තිබෙන ඉහල පාඨමාලා ප්‍රමාණය නිසා ඔබට ආපසු හිස් අතින් හැරී එන්නට නම් වෙන්නේ නැති බව අනිවා කියන්නටම ඕනේ.

සාධාරණ මිල ගණන් අයකරන මේ පාඨමාලා වසර පුරා පවත්වනු ලබන අතර ඔබට කැමති පාඨමාලාව තෝරාගෙන ලියාපදිංචි වන්නට හැකියි.

පාඨමාලා කාලය – මාස 3 – 12

දුරකථනය – +94 11 25 84 000

වෙබ් අඩවිය – http://www.royalinstitute.org/English_Courses.html

 

6. British Way English Academy
Source – britishway.lk

නිට්ටඹුව නගරයේ පිහිටා තිබෙන මේ ආයතනය තුලින් පිරිනමන ද්වී මාසික පාඨමාලාව අවසානයේ ඔබේ දැනුම අනුව ඔබට අවශ්‍ය ඉදිරි පාඨමාලාව තෝරාගන්නට හැකියාව තිබෙනවා. මීට අමතරව දින 40 පාඨමාලා, රාත්‍රී සහ සති අන්ත පාඨමාලාවන්ද ඔවුන් පවත්වනු ලබනවා. නවතම ක්‍රමවේදයන් යටතේ සියලුම ක්‍රියාකාරකම් වලට සිසුන් සහභාගිකරගෙන ඔවුන්ගේ ඵලදායිතාව ඉහල දමන වැඩසටහන් පෙළගැස්මක් තිබෙන නිසා, බ්‍රිටිෂ් වේ ආයතනයට යන ඔබට බොහොම පහසුවෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අවස්ථාවක් හිමිවනවා.

පාඨමාලා කාලය – මාස 2 සිට ඉහලට

දුරකථනය – +94 33 37 20 188

වෙබ් අඩවිය – http://www.britishway.lk/2month.html


 

 

අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




Cover Image Source – royalinstitute.org