ගෑණු ළමයා යන්න කැමති කොෆී ලෝන්ජ් එකකටනං මේ තැන් ඔයාලගෙ ආදරේට හොඳින්ම ගැලපෙනවා

 

කොෆී ෂොප් කියන්නෙ කාලෙකට කලින් ටිකක් පොෂ් සීන් එකක් වුනාට දැන් කොෆී ෂොප්වල ඕනම ලෙවල් එකක අය සෙට් වෙනවා. ඒ කොෆි ෂොප් ඇතුළෙ තියෙන නිස්කලංකත්වය, ඒ ඇතුළෙ තියෙන කෑම වර්ග සහ බීම වර්ග වල විවිධත්වය වගේ හේතු ගොඩක් නිසායි. ඒ නිසා තාමත් මේවා පොෂ් නිසා යන්න ඕන නෑ කියල හිතාගෙන ඉන්නවනං මේ තැන්වලට යන්න කියල කරන ආරාධනේකුත් එක්කයි මේ ගැන ලි‍යන්න පටන්ගන්නෙ. කොළඹදි හදිස්සියට සීතල අයිස් කෝපි කෝප්පයක් අඩු ගාණට රසවිඳින්න බම්බලපිටියෙ අයිලන්ඩ් කෝපි එකත් තියෙන බව මතක් කරලම අපි මේ ලිස්ට් එක දාන්නම්.

 

1. Avirate Cafe
Coffee Lounges
Source – facebook.com/AvirateCafe

සිනමන් ගාඩ්න්ස්වල තියෙන මේ කෝපි කඩේ බීමට වගේම කෑමටත් ප්‍රසිද්ධයි. හොඳ උකු ගතියක් තියෙන රස හොට් නියුටෙලා බීම එක මෙයාලගේ සිග්නේචර් බීම එකක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම පැණි රහ වෑහෙන කෑම ජාතිත් පුරෝලා තියෙනව. කෝපි කඩයක් කිවුවට කෝපිම විතරක් නෙමෙයිනෙ. මේකෙ තියෙනව බීම ජාති ගොඩක්. ඒ අතරෙ උණු කෝපි කෝප්ප ජාති ගොඩකුත් තියෙනව. උදේ හතහමාරෙ ඉඳන් රෑ නමය වෙනකං ඇරල තියෙනව. දෙන්නකුට රුපියල් දාහකින් විතර ෂේප් වෙන්න පුළුවන්.
ටෙලි -011 4380780 / +94 773033862
මැප්
 

 

2. Barista
Coffee Lounges
Source – facebook.com/AvirateCafe

බැරිස්ටා තියෙනවනෙ හැම තැනම. තුම්මුල්ලෙ, සිනමන් ගාඩ්න්ස්වල, මියුසියම් එකේ, ස්ටේෂන් රෝඩ් එකේ වගේ තැන් ගොඩක බැරිස්ටා තියෙනව. සංගාටයි මහේලටයි වෙන්වුනු විශේෂ සංගාස් බ්‍රවුනී කොකෝ ෂේක් එකත්, මහේලස් කොකෝ ලේට් කට් එකත් බීම දෙකක් විදියට දක්වන්න පුළුවන්. බැරිස්ටා එකටම විශේෂ අමුතු බීම ටිකත් එක්ක පොලොස් සැන්ඩ්විච් එක නැගලා යන කම්බිනේෂන් එකක් මවාවි.
ටෙලි – 011 7389210 / 011 2553187
මැප්
 

 

3. Coco Veranda
Coffee Lounges
Source – facebook.com/CocoVeranda

කොකෝ වැරැන්ඩා එකේ කෑම ජාතිත් රසයි. බීම ජාතිත් ගොඩයි. හේසල්නට් චොකලට් ෆ්ලේවර් එකෙන් හදන හොට් චොකලට් එකනං ගොඩේ ගොඩ. ඒ කෑමත් එක්ක නියමට ගැලපෙන බීම ටිකත් එක්ක එළියෙ ඉඳන් උනත් ඇතුළෙ ඉඳන් වුනත් කන්න පුළුවන් ප්ලේස් එකක් විදියට කොකෝ වැරන්ඩා එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ගණංනං චුට්ටක් වැඩියි තමයි. හැබැයි රසත් ඒ වගේමයි.
ටෙලි – 011 7635635 / 112 445235
මැප්
 





 

4. Cafe Shaze
Coffee Lounges
Source – facebook.com/shazecafe, newsradio.lk

හැවුලොක් ටවුන්වල තියෙන කැෆේ ෂේස් එකේ ගණං හිලවු එහෙමත් ටිකක් ෂේප් ටයිප් එකෙන් තියෙනව වගේම බීම ජාතිවලට වෙනස් හැඩයන් දෙන්න ඔවුන් සමත් වෙලා තියෙනව. උදාහරණෙකට ෆෘට් ජූස්වලට පල්ප් එකත් ඒගොලොන්ගෙන් අරගන්න පුළුවන්. ගාණත් ටිකක් වැඩි පැත්තට දාන්න පුළුවන්. නියම රස චොකලට් ෆ්‍රැපේ එකක් එක්ක යන්න නියම රෝස්ට් පාන් කොත්තුවක් දාගත්තනං රෑටම තමයි ෂේස් එකෙන් එන්න වෙන්නෙ.
ටෙලි – +94 768433122 / 011 5922263
මැප්
 

 

5. The Coffee Bean & Tea Leaf
Coffee Lounges
Source – drecome.lk

මේ කඩේ තැන් දෙක තුනකම තියෙනව. එකක් කොල්ලුපිටියෙ ලිබර්ටි ප්ලාසා එකේ. අනික කොල්ලුපිටියෙ අබාන්ස් එක ඉස්සරහ පැත්තෙ. අපි කතා කරන්නෙ සිනමන් ගාඩ්න්ස් එකේ තියෙන කඩේ ගැන. රස බීම ජාති බොන්න කැෆේ එකකට යනවනං කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් කියන්නෙ කියාපු තැනක්. කන්න මහ ගොඩක් ජාති නැතත් හොඳ රස ගොඩක් තියෙන බීම බොන්න පුළුවන් නිසා ලොකුවට කෑමක අඩුවක් දැනෙන්නේත් නැහැ. අයිස්ඩ් හේසල්නට් ලාටේ එකක් බිවුවනං රස විඳින්න තිබ්බ නැට්ටටම. ගණංනං මධ්‍යම ප්‍රමාණෙ. උදේ හයේ ඉඳන් රෑ 12 වෙනකං කෝපි කඩේ ඕපන්.
ටෙලි – +94 773928888 / 011 2699860
මැප්
 

 

6. Mitsi’s Cafe
Coffee Lounges
Source – colomboo.lk, zomato.com, colombocoffeeclub.com

මිට්සීස් කියන්නෙ කෑමට මුල් තැනක් දෙන තැනක්. හොඳ සාධාරණ ගාණකට බඩ පැලෙන්න කන්න පුළුවන්. එස්ප්‍රෙසෝ, මාකියාටෝ, ඇමරිකානෝ, කපුචිනෝ, කැෆේ ලාටේ, කැෆේ මෝකා ඔක්කොම ජාතිවලින් උණු කෝපි බීම වගේම අයිස් කෝපිවල ඉඳන් කුකීස් ඇන්ඩ් නට්ස් ෆ්‍රැපේ වගේ අයිස් බීමත් තියෙනව මෙතන. ඒ නිසා මිට්සීස් කියන්නෙ හොඳට කාලා රස කෝපි කෝප්පයක් බොන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්.
ටෙලි – +94 777163090
මැප්
 

 

7. Java Lounge
Coffee Lounges
Source – allaboutwindowsphone.com, drecome.lk, kapruka.com

ජාවා ලෝන්ජ් තියෙනවනෙ ගොඩක් තැන්වල. ඒ හැම තැනක්ම එකවගේ ප්‍රසිද්ධ කෝපිවලට. ඒ තැන්වල ඒකටම හරියන නිදහසක් ගැබ්වෙලා තියෙනව. කෝපි බොන්න යන්න ජාවා ලෝන්ජ් එක විදියට අපි තෝරගත්තෙ හැවුලොක් ටවුන් ප්ලේස් එක. හැබැයි වැල්ලවත්ත ප්ලේස් එකත් වැඩේට කදිමයි. ෂේප් ගාණකට හොඳට හිත පිරෙන්න කන්න මෙතනින් පුලුවන්. චිකන් වොෆල්ස් එක්ක නියම කෝපි ආතල් එකක් දාන්න ප්ලේස් එක මරු.
ටෙලි – 011 2556633
මැප්
 

 

 

අනිවා Delicious Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂

* indicates required




 
Cover Image Source – whatsonsanya.com