වාහනයක් ගන්නවා හෝ විකුණනවා නම් මෙන්න අපෙන් Car Sale සයිට් ඔත්තු 9ක්

 

ලංකාවේ අපි තවමත් හුරුවෙලා ඉන්නේ පත්තරෙන් බලලා අපි කැමති වාහනයක් තිබෙනවා නම් එය බලන්නට යන්න. එහෙමත් නැතිනම් තැරව්කරුවෙක් හරහා ගොසින් අපේ අවශ්‍යතාවට ගැලපෙන වාහනය තෝරා ගැනීමට.  නමුත් මෙහිදී එක අවාසියක් තිබෙනවා. ඒ තමයි අපිට වාහනයට යට කරන මුදලට අමතරව තැරව්කරුවාටත් යම් මුදලක් වෙන් කරන්න වීම.

පුවත්පත් හරහා තමන්ට අවශ්‍ය වාහනය සොයාගැනීමට අමතරව අපිට අතරමැදියන් රහිතව අපි කැමති වාහනය තෝරාගන්නට හැකි ආකාර වලින් එකක් නම් වාහන විකිණීම සම්බන්ධවම විශේෂයෙන් තිබෙන වෙබ් අඩවි හරහා අපේ අවශ්‍යතාව ඉටු කරගැනීම. ඉතින් මෙන්න මේ හේතුව නිසා අපි කල්පනා කළා, ලංකාවේ තිබෙන වාහන විකිණුම් වෙබ් අඩවි කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරවන්නට.

 

1. Patpat.lk
Car Sale Website
Source – patpat.lk

පට් පට් වෙබ් අඩවියේ එක විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි අපිට වාහනයක් මිලදී ගන්නට සහ විකුණන්නට අමතරව අපිට දරන්නට හැකි කල්බදු වාරිකය අනුව අපිට අවශ්‍ය වාහනය තෝරාගන්නට හැකිවීම. ඒ වගේම වාහනයේ හිමිකරුට සෘජුව දුරකතනයෙන් අමතන්නට හෝ වාහනය මිලදී ගන්නට කල්බදු සහය අවශ්‍ය නම් එයත් පට් පට් වෙබ් අඩවිය හරහාම විසඳාගන්නට හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පලකිරීමට මුදල් අය නොකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Car/ Pickup/ SUV/ Van
  • දුරකථන – 94 11 744 9999

 

2. Ikman.lk
Car Sale Website
Source – angel.co, ikman.lk

ඉක්මන් කියන්නේ හැම දෙයක්ම විකුණන්නට තිබෙන වෙබ් අඩවියක්. එහි වාහන විකිණුම් සඳහා වෙනම කොටසක් වෙන් කර තිබෙනවා. එහිදී පහසුවෙන්ම වාහනයේ පින්තූර සහ සියලුම විස්තර දකින්නට හැකියාව තිබෙනවා. ඔබ වාහනය ගැන සෑහීමට පත්වෙනවා නම් ඔබට වාහනයේ හිමිකරුට දුරකථනයෙන් අමතා වේලාවක් වෙන් කරගන්නට හැකියි. ඒ වගේම මේ අඩවියෙත් ඔබේ දැන්වීමක් පළකරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා ගිණුමක් තනා අන්තර්ජාලය හරහා මුදල් ගෙවීම කරන්නටත් හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පලකිරීමට මුදල් අයකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් ඇත.
  • Android | iOS
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van
  • දුරකථන – 0112350355

 

3. Carmudi.lk
Car Sale Website
Source – carmudi.lk, carmudi.lk

කාර්මුඩි වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය වාහනය සෙවුම් කර සොයා ගන්නට හරිම ලෙහෙසියි. පහසුවෙන්ම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වසර, අපේක්ෂිත මිල පරාසය යොදලා සෙවුම් බොත්තම ක්ලික් කල විට ඔබේ අවශ්‍යතාවයට බොහෝසෙයින් ගැලපෙන වාහන පෙළක් ඔබ හමුවට ඒවි. එහෙමත් නැතිනම් මේ පරාස වලින් එකක් හෝ කිහිපයක් පමණක් දමා සෙවුම් කරන්නත් එහි හැකියාව තිබෙනවා.  ඒ වගේම ඔබේ වාහනය විකුණා ගන්නට බොහොම පහසුවෙන් පියවර තුනකින් යුතු ක්‍රියාවලියක් ඔවුන් හඳුන්වාදීලා තිබෙනවා.

  • දැන්වීමක් පළකිරීමට මුදල් අයකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් ඇත.
  • Android | iOS
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van

 

4. Autolanka.com
Car Sale Website
Source – twitter.com/autolanka, autolankaonline.com

Autolanka කියන්නේ අන්තර්ජාලයේ තිබෙන පැරණිතම වාහන පිළිබඳ වන වෙබ් අඩවි වලින් එකක් විදියට කියන්නට පුළුවන් එකක්. මුලින්ම වාහන ලිස්ටින්ග්ස් පමණක් තිබූ මේ වෙබ් අඩවිය අද වෙනකොට වාහන ගැන අදහස් බෙදාගත හැකි ෆෝරම වර්ගයේ වෙබ් අඩවියකිනුත් සන්නද්ධයි. ඒ වගේම වාහන අමතර කොටස් ගැනත් ඔබේ අවශ්‍යතාවන් මේ අඩවිය හරහා පහසුවෙන් සපුරා ගන්නට හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පලකිරීමට මුදල් අයකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van
  • දුරකථන – 94 11 250 7440

 

5. Riyasewana.lk
Car Sale Website
Source – riyasewana.com, riyasewana.com

තමන්ට අවශ්‍ය වාහනය සොයාගන්නට වගේම, බොහොම පහසු විදියට තමන්ගේ දැන්වීම නොමිලයේ පළකරගන්නට හැකියාව පවතින වෙබ් අඩවියක් තමයි රිය සෙවන කියන්නේ. වෙනත් වෙබ් අඩවි වලට වඩා බොහොම ඉක්මනින් ලෝඩ් වෙන නිසා කිසිදු බාධාවකින් තොරව ඔබට අවශ්‍ය දේ මේ අඩවිය හරහා කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම  වෙනත් අඩවි වල පළකර නැති විදියට බොහොම පහසුවෙන් මේ අඩවියේ දැන්වීමක් පළකරගන්නා ආකාරය රිය සෙවන වෙබ් අඩවිය මගින් වීඩියෝවක්  විදියට පෙන්වා දී තිබීම බොහොම ප්‍රශංසනීය බව කියන්නට ඕනේ.
 

 

  • දැන්වීමක් පළකිරීමට මුදල් අය නොකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van

 

6. Automart.lk
Car Sale Website
Source – automart.lk, giantautomart.net

මේ වෙබ් අඩවියත් නොමිලයේ වාහන දැන්වීම් පළකරගන්නට හැකි වෙබ් අඩවියක් බව කිව යුතුයි. නමුත් මේ සඳහා වෙබ් අඩවියේ ඔබ ලියාපදිංචි වී සිටිය යුතු වෙනවා. වාහනයක් විකිණීම හෝ මිලදී ගැනීමට වඩා වැඩි සේවයක් මේ අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබෙන බව කියන්නට අවශ්‍යයි. රක්ෂණ ආවරණ තොරතුරු, රීකන්ඩිෂන් වාහන විකුණන ආයතන, අලුත්ම වාහන විකුණන ආයතන වගේ තොරතුරු සහ සේවා රාශියක් මේ අඩවිය හරහා ලබාගන්න හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පළකිරීමට මුදල් අය නොකරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van

 

7. Auto-lanka.com
Car Sale Website
Source – auto-lanka.com, autolanka.com

අපි 04 වැනි අංගයේ කියපු වෙබ් අඩවියටත් මේ නමම තිබුනත් මේ අඩවිය වෙනස් එකක්. ඒ වුනත් මෙහිත් ඔබේ දැන්වීම පළකලොත් ප්‍රතිඵල වරදින්නේ නම් නැහැ. ඒ වගේම මෙහිත් බොහොම පහසුවෙන් ඔබ කැමති වාහනය තෝරා ගන්නට හැකියාව පවතිනවා. අනෙක් අතට මේ වෙබ් අඩවියෙත් ලියාපදිංචි වීම නොමිලයේ නිසා ඔබේ වැඩ කටයුතු බොහොම පහසුවෙන් කරගන්නට හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පළකිරීමට මුදල් අය කරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van
  • දුරකථන – 0772262751

 
Autodeals.lk

Car Sale Website
Source – yelp.com, autodeals.lk

ඔටෝ ඩීල්ස් වෙබ් අඩවිය කියන්නේ වාහනයක් විකුණනවාට මිලදී ගන්නවාට වඩා වැඩි යමක් කරගන්නට හැකි වෙබ් අඩවියක්. අපි මෙහෙම කියන්නේ, ඔබේ සියලුම වාහන සඳහා වෙන උවමනාවන් සහ වාහන ගැන නවතම දැනුම ඔවුන් තමන්ගේ බ්ලොග් පෝස්ට් හරහාත් අපට ලබාදෙන නිසා. ඔවුන් පිරිනමන නොමිලයේ තැනිය හැකි ගිණුම හරහා ඔබේ දැන්වීම ප්‍රචලිත කර හැකි අතර ඔවුන් ඒ සඳහා අය කරන්නේ බොහොම සාධාරණ මිලකුයි.

  • දැන්වීමක් පළකිරීමට මුදල් කරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van

 

9. Autobay.lk
Car Sale Website
Source – autobay.lk, autobay.lk

වාහනයක් මිලදී ගන්නට, විකුණන්නට විතරක් නෙවෙයි. ජපානයේ වාහන වෙන්දේසි වලින් කැමති වාහනයක් ඉල්ලුම් කල විට එය ගෙනවිත් දෙන්නත් ඔටෝ බේ ආයතනය කටයුතු යොදන බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් පැවසෙනවා. ඒ වගේම බොහොම පහසුවෙන් තත්ත්වයෙන් උසස් වාහන පෙළක් ඔවුන් ලැයිස්තු ගත කර තිබෙන නිසා ඔබට ඔබේ සිහින වාහනය පහසුවෙන්ම සොයාගන්නට මේ හරහා හැකියාව තිබෙනවා.

  • දැන්වීමක් පළකිරීමට මුදල් අය කරයි.
  • වෙබ් අඩවිය සඳහා ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම් නැත.
  • නොමිලයේ ගිණුම් තැනීමේ හැකියාව පවතී.
  • අඩවියේ පවතින වාහන වර්ග : Bus/ Car/ Motorcycle/ Pickup/ SUV/ Truck/ Van

 

 
Cover Image Source – patpat.lk, ikman.lk, carmudi.lk, autolankaonline.com, automart.l