නිදහසේ සෙට් එකටම ගිහින්, ෂොට් එකක් දාලා, කෑම ටිකක් කාලා, කයියක් ගහගෙන ඉඳලා එන්න පුලුවන් තැන් 7ක්

 

සෙට් එක ස්ටෙලා වෙනවා කිව්වහම ඒ කියන්නේ බොන්න යනවා කියන එකම නෙවෙයි. ෂොට් එකකුත් දාලා, කෑම ටිකක් එහෙම කාලා, කයියක් එහෙම ගහගෙන ඉඳලා, පූල් එකෙන් නාන්න හිතුනොත් නාලා එන එක. දැන් යාලුවෝ කට්ටිය හැමදාම මුණගැහෙන්නෙ නැහැනේ. ඒ නිසා මාසෙකට හමාරකට පාරක් එක්කෝ දවසක් දාගෙනම සෙට් වෙනවා. එහෙමත් නැත්තං ඔ‍ෆිස් ඇරුනට පස්සේ සෙට් වෙලා රෑ වෙනකල් ඉඳලා එනවා. මේ කියන්න යන්නේ ඔය දෙවිදියෙන් කොයි විදියකට හරි සෙට් වෙන්න හිතන කෙනෙක්ට ‍තෝරගන්න හොඳ තැන් කීපයක් ගැන. විශේෂයෙන්ම මේ තැන්වල ඕන තරම් වෙලාවක් කයියක් ගහගෙන ඉන්න පුලුවන්. ගෑණු ළමයි සෙට් එකේ හිටියත් කිසි ප්‍රශ්නයක් නෑ.

 

1. මචං
Great Hangouts
Source – facebook.com/MachangPubs

මචං රෙස්‍ටුරන්ට් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මචං. යාලුවෝ සෙට් එක ගෑණු පිරිමි බේද නැතුව ගිහිල්ලා, නිදහසේ බියර් එකක් ගහලා, හොඳට කාලා, චැට් එකකුත් දාගෙන ඉඳලා එන්න පුලුවන් නියම තැනක්නේ මචං. හැබැයි මචං රෙස්‍ටුරන්ට් වල තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සර සෑහෙන ජනප්‍රිය පොට් වෙලා තිබුණු මචං රෙස්‍ටුරන්ට් කීපයක්ම දැන් වැහිලා ගිහිල්ලා. ඒත් තාමත් මචං රෙස්‍ටුරන්ට් සෑහෙන ප්‍රමාණයක් ලංකාව වටේ තියෙනවා. වෙලාවක සෙට් වෙමු මචං!

දුරකථන අංක: ඕන බ්‍රාන්ච් එකේ නොම්බරේ මෙතනින්

තැන මෙතන: තියෙන තැනුත් මෙතනින්

 

2. Club House – Uswetakeiyawa
Great Hangouts
Source – facebook.com/clubhouseuswetakeiyawa.lk

උස්වැටකෙයියාවට කොළඹ ඉඳන් මහ දුරක් නෑනේ. ඒ හින්දා යාලුවෝ සෙට් එක දවසේ ට්‍රිප් එකක් දාගෙන සෙට් වෙන්න යනව නං මෙන්න තැන. නේවි එකෙන් කරන රෙස්‍ටුරන්ට් එකක් වෙන මෙතනට අපිට බෝතල් ගෙනියන්න පුලුවන්. ඕන නං එතන බාර් එකෙන් කොක්ටේල් එකක් එහෙම දාගන්නත් පුලුවන්. ඉස්සරහින් මුහුද. එළියේ පොට් එකක හුළං වැදි වැදී නිදහසේ ඉඳලා, කාලා බීලා එන්නයි තියෙන්නේ. ඕන නං පූල් එකත් තියෙනවා. රිසර්වේෂන් දාලා යන්න ඕන හැබැයි.

දුරකථන අංක: 0112985168

තැන මෙතන:

 

3. The Steuart
Great Hangouts
Source – facebook.com/The Steuart by Citrus – &Co Pub and Kitchen

පරණ ඕලන්ද ඉස්පිරිතාලේ කොණේම තියෙන ස්‍ටුවට් එක ඇත්තටම හොටෙල් එකක්. ඒත් හවස් අතේ යාලුවෝ සෙට් එකත් එක්ක ගිහින් පොඩි අඩියක් ගහලා, බඩ පිරෙන්න කෑම ටිකක් කාලා, රෑ දොළහ විතර වෙනකල් චැට් එකක් දාගෙන ඉඳලා එන්න මෙතන මරු. සැර බීමකට කැමති නැතිනම් මොහි‍තෝ වගේ කොක්ටේල් ජග්ගුවක් මෙතනින් ඕඩර් කරන්න පුලුවන්. හැපි අවර්ස් වල ගියොත් නං එකක ගාණට දෙකක්ම හම්බුවෙයි. ඒ ඇරෙන්න මෙතන කෑමත් ඉස්තරම්. විශේෂයෙන්ම බිග් සිටි බාබක්‍යු රිබ්ස් එක දෙන්නෙක්ට ඇති තරම් වුනත්, තව කෙනෙක්ට දීලා කන්න හිතෙන්නෙ නැති තරමට රසයි.

ඒ වගේම තමයි විස්සක් ගියොත්, විස්සටම වුනත් සර්ව් කරන්න ස්‍ටුවර්ට් එකේ කට්ටිය ලෑස්තියි. හැබැයි සේනාවක් යනව නං රිසවේෂන් කලින් දාලා යන්න.

දුරකථන අංක: 0115575575

තැන මෙතන:

 

4. The Shore By O!
Great Hangouts
Source – facebook.com/TheShoreByO, tasty.lk

ගල්කිස්ස බීච් එක පැත්තේ කෙල්ලෝ කොල්ලෝ කරදරයක් නැතුව කෑමකටයි, බීමකටයි, චැට් එකකටයි සෙට් වෙන්න තැනක් හොයනවා නං ෂෝ බයි ඕ එක මරු. මේ අයගේ බියර් කොක්ටේල් ගැන නං ඉතින් ආයෙ අහන්න දෙයක් නෑ. පොල් අඩි වගේ අරක්කු කොක්ටේල් ගැනත් එමම තමයි. ඒ වගේම තමයි මේ අයගේ මෙනු එකත්. කන්දෙනුත් මුහුදෙනුයි අමුතු අමුතු මෙනු අයිටම් ටිකක් සෙට් කරලා තියෙන්නේ. චැට් එක ගැනනම් සීයෙට සීයක් සහතික වෙන්න බෑ, සිංදු සද්දේ නිසා. හැබැයි ඒක යන වෙලාව අනුව තමයි. ගොඩක් රෑ නොවී හවස් අතේ ගියා නම් මරු.

දුරකථන අංක: 0114389438

තැන මෙතන:

 

5. The Station
Great Hangouts
Source – facebook.com/thestationrestaurantandbar

දෙහිවල බීච් සයිඩ් එකේ ඉතින් ගල්කිස්සට යනකල්ම බීච් රෙස්‍ටුරන්ට් වැහි වැහැලනේ. මේ හැම එකකම බොන්නත් තියෙනවා. හැබැයි ඉතින් ස්ටේෂන් එකට ගොඩක් අය යන්න කැමති හේතුවක් තියෙනවා. ගෑණු ළමයෙක්ව වුනත් එක්ක ගෙන බය නැතුව ගිහිල්ලා, නිදහසේ කෑම ටිකක් කාලා, බීම ටිකක් බීලා ඉඳලා එන්න පුලුවන් කම. ඕන නං ඇතුලේ මේසයකට යන්න පුලුවන්. එහෙම නැතිනම් මුහුදු හුළං වැදි වැදී බීච් එකේ දාපු ටේබල් එකකට වෙලා ඉන්න පුලුවන්. මෙතන සාමාන්‍යයෙන් කොයි වෙලාවෙත් සෙනඟ. හැබැයි නිදහසට බාධාවක් නෑ. හැබැයි ඉතින් අනික් බීච් රෙස්‍ටුරන්ට් එක්ක බලනකොට ගණං පොඩ්ඩක් වැඩිද මන්දා!

දුරකථන අංක: 0112715232

තැන මෙතන:

 

6. Water’s Edge
Great Hangouts
Source – facebook.com/WatersEdgeSL

දියත උයන එහාපැත්තේ තියෙන වෝටර්ස් එජ් එකට ගොඩක් වෙලාවට සෙට් වෙන්න යාලුවෝ යන්නෙ නෑ. ඒකට හේතුවකුත් නෑ. මොකද වෝටර්ස් එජ් එකට තමන්ගේ බෝතල් ගෙනියන්න බැරි වුනත්, කොක්ටේල් පාරක් දාලා, කෑම ටිකක් කාලා එන්න කියාපු තැන. වෝටර්ස් එජ් එකේ ලෝන්ග් බාර් එක තියෙනවා. එතකොට ප්‍රැන්සෝ රෙස්‍ටුරන්ට් එක, ගින්සා රෙස්‍ටුරන්ට් එක නැත්තං බ්‍රෝඩ්වෝක් රෙස්‍ටුරන්ට් එක තියෙනවා. ඕන නං බේකරියත් එතනමයි. හැබැයි හොඳම දේ තමයි අර තණකොළ පිට්ටනිය පැත්තේ එළියේ මේසෙක සෙට් වෙලා නිදහසේ කතා කර කර ඉන්න ඇරේන්ජ් කරගන්න පුලුවන් එක. එතකොට කෑම බීම ඔක්කොම එතනටම ගෙනැල්ලා දෙයි.

දුරකථන අංක: 0112863863

තැන මෙතන:

 

7. Mintage
Great Hangouts
Source – facebook.com/mintage.lk, mintage.lk

සාමාන්‍යයෙන් ඔය ඔ‍ෆිස් ඇරිලා යාලුවෝ ටිකත් දක්කගෙන ගිහින් සෙට් වෙන අයගේ ප්‍රියතම පොට් එකක් තමයි බො‍රැල්ලේ මින්ටාජ් එක. සමහරු මින්ටේජ් කියලත් කියනවා. කොයි විදියට කිව්වත් මෙතන නිදහසේ ෂොට් එකක් දාන්න මරු පොට් එක. මෙතන බොහොම සැප පහසුවට ඕන නං කුෂන් කරපු සෝපාවක වාඩි වෙලා කයියකට සෙට් වෙන්න, එහෙම නැතිනම් ලී මේසෙක වාඩි වෙලා බොන්න සෙට් වෙන්න පුලුවන්. නැත්නම් වී. අයි. පී රූම් එකක් ගත්තත් පාඩුවක් නෑ. මොකද ගොඩක් සෙනඟ වැඩි දවසකට ඒකෙන් වැඩි නිදහසක් ලැබෙන නිසා. බීමටම සෙට් වෙන්න මින්ටාජ් එකේ කෑමත් හොඳයි. බීම වල ගණන් හිලවු එහෙමත් සාපේක්ෂව සනීපයි කියතෑකි.

දුරකථන අංක: 0112680171

තැන මෙතන:

 
Cover Image Source – facebook.com/TheShoreByO