ඉස්සර ටීවී ඇඩ් වල හිටපු, අපි පිස්සු හැදිලා ලව් කරපු කෙල්ලෝ 7 දෙනෙක්

 

ඉස්සර කාලේ ඉතින් අපි හිතින් ලව් කරපු උදවිය හිටියා නොවැ. ඔය අනූව දශකේ පොඩි කොල්ලෝ දන්නවා ඒ කාලේ අපි “කවදාහරි කසාද බඳින්න වුනත් ඕකේ සුදූ” ලෙවල් එකෙන් පිළිබඳ සිත් ඇතිකරගෙන හිටපු පුංචි තිරේ, රිදී තිරේ ගෑල්ලමයි ගැන. ඉතින් මේ කියන්න යන්නේ ඔය වගේ අපේ හද සොරාගත්තු ගෑල්ලමයි හිටපු ෆේමස්ම ඇඩ්වර්ටීස්මන්ට් කීපයක් ගැන. දැන් වුනත් ඒවා බලනකොට හාට් එකේ බීට් එක පොඩ්ඩක් ලඟ ලඟ ගියර් වැටෙනවා වගේ බ්‍රෝ!

 

1. පරණ සන්ලයිට් ඇඩ් එකේ නංගි
Source – youtube.com/Very Old Sri Lankan Advertisement

ඉස්සරම ගියපු සන්ලයිට් ඇඩ් එකේ හිටියේ අක්කයි නංගියි දෙන්නෙක්. මෙතනින් අක්කා පොඩ්ඩක් මෝරපු පෙනුමක් තිබුණු නිසා, අපි හැමෝම ලව් කරපු චරිතේ තමයි ගමේ පෙනුමට, හරි චාම් සුන්දරත්වයක් තිබුණු සන්ලයිට් නංගි. කොහොම හරි ඇඩ් එක යනකොට අපි ඇස් ලයිට් වගේ පත්තු කරගෙන බලං හිටියේ නංගි ඉන්න එක ෆ්‍රේම් එකක් බලාගන්න. එක තැනක තත්පරේකට නංගි ඔසරියක් ඇඳලා හැඩබලනවා පෙන්නනවා. ඒක දැක්ක ගමන් තමයි අපි හිතාගත්තේ හම්බුණොත් අනිවා මගුල තීන්දුයි කියලා!

 

2. නින්ජා මදුරු කොයිල් නංගි ඩබල

Source – youtube.com/Ninja Coils [Bodima 2] Commercial 1998
ඔන්න සනත් අයියා දිල් ‍තෝ පාගල් හේ ‍ෆිල්ම් එකේ ඒ කාලේ බොක්කටම වැදිලා තිබුණු සිංදුවක් විසිල් කරගෙන බෝඩිමට එනවා. එතකල් නැලවි නැලවි බලාගෙන ඉන්නවා කාංචනා මෙන්ඩිස් එක්ක නිමන්ති පෝරගේ නංකිලා දෙන්නා. දෙන්නා ඉන්නේ මදුරු කොයිල් එකක් ඉල්ලගන්න. ඔය පස්සෙ කාලෙක සෑහෙන ජනප්‍රිය වුණු කාංචනායි, නිමන්තියි රඟපාන්න ආපුම කාලේ වගේ. අපි ඉතින් ‘ඔයා දැකලා දිල් ‍තෝ පාගල් හේ’ කියන්න කවදහරි කාංචනා හම්බුවෙනකල් බලාගෙන හිටියා. මගෙ යාලුවා බලාගෙන හිටියේ නිමන්ති හම්බුවෙනකල්.

පස්සෙ කාලෙක ඔය ඇඩ් එකේම දෙවෙනි ඇඩ් එකකුත් ආවා.ඒකේ සනත් අයියා හෙන දුක්මූඩ් එකෙන් කියනවා “අපිව බලාගන්න කවුරුවත් නෑනේ” කියලා. ඔය කෑල්ල අපිත් අල්ලගත්තේ එතනින්. හැබැයි ඒ ඇඩ් එකේ සනත් අයියා එක්ක නිමන්ති නංකි දාන කොමලෙට මගෙ යාලුවා නං හිටියේ සනත් අයියව හම්බුණොත් සෙනිකවම කොටන මූඩ් එකේ.

 

3. නියම කුකුලා!

Source – youtube.com/Keells Meat Balls [kukula] Commrcial – 2000
මෙන්න දෙන්නගෙන් කාවද ‍තෝරගන්නේ කියලා හිතාගන්න බැරුව අපිව මඤ්ඤං කරපු ඇඩ් එකක්. මේකේ ඉන්න කොල්ලා සුපර් මාකට් එකේ ඉන්න කෙල්ලෙක්ට සූව දාන්න ගිහින් චා වෙනවා. ආයෙ ඉතින් අපිටත් කොල්ලෙක්ට ඔහොම විනාසයක් වෙනව වගේ ආතල් එකක් තියේද. ඔන්න එතකොට අපිට ඒ ආතල් අමතක වෙනවා. මේ නංකිලා දෙන්නගේ ලස්සනටයි, කටකාරකමටයි ඉතින් වහ වැටෙනවා. පස්සෙ සැක හිතෙනවා මුන් දෙන්නා අපිටත් එක්කද කුකුලා කිව්වෙ කියලා!

 

4. ලිප්ටන් ලාඕජී තේ ගෙනාපු රෝසා

Source – youtube.com/Lipton Laogi [punchi] Commercial 2002
එම්.එස්.ප්‍රනාන්දුගේ “උණට කොත්තමල්ලි දුන්නු රෝසා” සිංදුව අහලා තිබුණු නැති ගොඩක් අය ඒ ටියුන් එක අල්ලගත්තේ ලිප්ටන් ලාඕජී තේ හදපු රෝසාගේ ඇඩ් එකෙන් කිව්වොත් හරි. හැබැයි ඒ ඇඩ් එකේ හිටපු පොඩි කෙල්ල රෝසා අපිට තේ නොබීම පිස්සු හැදෙව්වා කිව්වොත් හරි. ප්‍රශ්නේ තිබුණේ ඒ ඇඩ් එක යන කාලේ අපි හෙන ඇටිකිචි කොල්ලෝ වෙච්ච එක. ඇයි ඉතින් එතකොට අපිට රෝසා අක්කා වගේනේ. හැබැයි පුතාලා අපි ඒවලින් සැලුනේ නෑ. පස්සෙ පස්සෙ තේ අරගෙන මොන අක්කලා නංකිලා ආවත් අපි රෝසාව අමතක කලේත් නෑ!

හැබැයි කණගා‍ටුවට කාරණාව තමයි අපි ආදරේ කරපු පරණම තේ හදනව රෝසා ලිප්ටන් ලාඕජී ඇඩ් එක කොහේවත් හොයාගන්න නැතිකම. ඒ නිසා ඒ වෙනුවට මෙන්න ඉන්නවා රෝසගේ නෑනා!

 

5. සුපර් ක්‍රීම් ක්‍රැකර් ගර්ල්
Source – youtube.com/Super Cream Cracker – Enawa Seeya

මෙන්න මේ ඇඩ් එකත් අපේ හිත් වලට මාරම අමුතු ෆීලිං එකක් ගෙනාපු ඇඩ් එකක්. ඒක සමහර වෙලාවට පොෂ් නංකියෙක් ලස්සන කහපාට චීත්ත ගවුමක් ඇඳලා නිදහසේ පාවී පාවී ඉන්න එකේ තියෙන ලස්සන නිසා වෙන්න පුලුවන්. හැබැයි අන්තිමට නංකි සීයත් එක්ක ඩාන්ස් කරන එකෙන් තමයි අපිට නංකි ගැන අමුතුම ආදරයක් ඇතිවෙන්නේ.

 

6. ලින්ක් කේෂා ලස්සන ඇස්
Source – youtube.com/Link Kesha Oil commercial (SIN) 1998

ලින්ක් කේෂා ඇඩ් එකේ ඉන්ද්‍රානි ගේ කටහඬටයි, බැක්ග්‍රවුන්ඩ් ස්කෝර් එකටයි ගැලපෙන්න නෙවෙයි නංකිගෙ දාංගලේ. හැබැයි අපිට හිත ගියෙත් ඒ දාංගලේටම තමයි. කොහොම හරි ලින්ක් කේෂා නංකි කොටටම කොටට ඔ‍ෆිස් කිට් එකක් ඇඳලා කාර් එකෙන් බැහැලා යනකොට අපේ ඇස් නිකං රබර් ඇට සයිස් වෙලා. ඇයි ඕයි ඒකාලේ ඕවා මැජික් තමයි. ඉන්පස්සේ ලැසිගමනින් යන ගමන් නංකි දෙනව ලුක් එකක්, සුහ්. අපි මේම මේම කැරකිලා යන්නේ ඒකට.ඇඩ් එක දැම්මේ නංකිගේ කොණ්ඩේ අපිට පෙන්නන්න වුනත්, අපි වශීවෙලා හිටියේ නංකිගේ ඇස් දෙකට කිව්වොත් බොරු නෙවෙයි හිටං.

 

8. මිහිරි මතකයන් ගෙන එන අක්කා
Source – youtube.com/mihiren mathakaye rande – Orange Barley CCS TVC

මේ එලිෆන්ට් හවුස් ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක බලලා අපිට වෙනස්ම හැඟීමක් ඇතිවුනේ. බොහොම හැඟුම්බර විදියට නිර්මාණය කරලා තිබුණු මේ ඇඩ් එක දැකල ඒකේ හිටපු අක්කාට අපිත් ආදරේ කලා. හැබැයි අපේ අක්කෙක් වගේ. තවමත් මේ ඇඩ් එක දකිනකොට මතක් වෙන ඒ ආදරණීය හැඟීම වෙනුවෙන් අපි මේ ඇඩ් එකත් ලිස්ට් එකට දානවා.


Cover Image Source – youtube.com/Lipton Laogi [punchi] Commercial 2002