දින 2ක් ඇතුළත රස්තියාදු නැතිව නිවාස ණයක් අනුමත කර ගන්න පුලුවන්ද?

 

මෙයට අනුග්‍රහය:

HNB Shanthi Home Loans

වර්තමානයේදී නිවාස ණය සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අසන්නට ලැබුණත්, බොහෝ කොට නිවාස ණයක් අනුමත කරගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දැඩි හිසරදයක් බව බොහෝ දෙනෙක් පවසන කරුණක් බැව් නොකිවමනාය. බොහෝ විට අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් කිසිදු දැනුමකින් තොරව කටයුතු කිරීම නිසාත්, යම් යම් බැංකු ණය අනුමත කිරීමේ ක්‍රියා පටිපාටීන් තුළ ඇති අකාර්යක්ෂමභාවයන් නිසාත් නිවාස ණය සඳහා පාරිභෝගිකයින් අධෛර්යමත් වන්නේ යැයි අනුමාන කළ හැක. කෙසේ වුවත් බොහෝ මධ්‍යම පාංතිකයින් හට නව නිවසක් සෑදීමට හෝ මිලදී ගැනීමට අවශ්‍ය වූ විට ඇති එකම පිළිසරණ වන්නේ නිවාස ණයකට අයදුම් කිරීම නිසාත්, වඩාත් ඉක්මනින් හා කාර්යක්ෂමව නිවාස ණයක් ලබාදීම දෙපාර්ශවයටම වාසිදායක වන නිසාත් වර්තමානය වන විට බොහෝ බැංකු පද්ධතීන් මගින් උත්සාහ කර සිටින්නේ තම නිවාස ණය ලබාදෙන ක්‍රියාපටිපාටීන් හැකිතාක් දුරට පාරිභෝගික මිත්‍රශීලී කිරීමට සහ කාර්යක්ෂම කිරීමට බව කිව යුතුවේ. කෙසේ වෙතත් ඒ සඳහා පාරිභෝගිකයා හටද වගකීමක් පැවරේ. මෙම උත්සාහය, නිවාස ණයක් ලබාගැනීම හැකිතාක් අවම කාලයකින් සහ උපරිම කාර්යක්ෂමතාවයකින් ඉ‍ටු කරගැනීම සඳහා පාරිභෝගිකයා හට උපදෙස් මාලාවක් ලබාදීමටයි.

 

1. ඔබට සැබවින්ම නිවාස ණයක් අවශ්‍යමදැයි සිතා බලන්න
Source – pinsdaddy.com, upadlosc.pl

බැංකුවකින් ඔබට නිවාස ණයක් ලබාදීමේදී, අධීක්ෂණ චාරිකාවක්ද සිදුකරනු ලබන්නේ සැබවින්ම එම මුදල් නිවාසයක වැඩකටයුතු වෙනුවෙන් භාවිතා වන්නේදැයි සොයා බැලීමට වේ. එනිසා නිවාස ණයක් අයදුම් කර එයින් වෙනත් කාර්යයක් ඉ‍ටු කරගැනීමට සිතන්නෙකුට දෙවරක් ඒ ගැන සිතීමට සිදුවනු ඇත. එසේම නිවසක් මිලදී ගැනීමට හෝ සෑදීමට බොහෝ කාලයකට කලින් නිවාස ණය අයදුම් කිරීමද මෙහිදී නිශ්ඵල ක්‍රියාවක් වනු ඇත. එපමණක් නොව, නිවාස ණයක් කෙසේ හෝ අනුමත කරගැනීමෙන් පසු එම මුදලින් වෙනත් වැඩකටයුතු කරගැනීමට යෑමෙන් තමන්ටම මූල්‍යමය අවාසියක් සිදුවීමේ ඉඩක් තිබෙනා බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ. එනිසා බැංකු ණයක් අයදුම් කිරීමට පෙරාතුව කළ යුතු මූලික කරුණ වන්නේ තමන්ට සැබවින්ම නිවාස ණයක් අවශ්‍ය වේද, එසේ අවශ්‍ය නම් ඒ කුමන මුදල් ප්‍රමාණයක්ද, එය ගෙවීම සඳහා ඔබට සැබවින්ම ශක්‍යතාවය තිබේද යන කරුණු කාරණා සුපරීක්ෂාකාරීව විමසා බැලීමයි.

 

2. ණය ලබාගත යුතු බැංකුව තීරණය කිරීම
Source – vobmapping.vn

මෙම කාරණයේදී බොහෝ දෙනෙකු යොමුවන්නේ දැන හඳුනන්නවුන්ගෙන්, හිත මිතුරන්ගෙන් නිර්දේශයන් ලබාගැනීමට වුවත්, අප අවවාද කර සිටින්නේ මේ සම්බන්ධව තමන් විසින්ම විමසුමක් කිරීම වඩා ප්‍රායෝගික වන බවටයි. මේ වනවිට ලංකාවේ සෑම සියළු ප්‍රධාන අප්‍රධාන බැංකුවකින්ම පාහේ නිවාස ණය ලබාදෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු කරුණක් නොවේ. එමෙන්ම වර්තමානය වන විට මෙම සෑම බැංකුවක්ම පාහේ උත්සාහ දරන්නේ තමන්ගේ පාරිභෝගිකයින් හට ණය අනුමත කරනා ක්‍රියාපටිපාටිය වඩාත් විධිමත් සහ සුමට කිරීමටයි. එනිසාවෙන්ම බැංකු ණයක් අයදුම් කිරීමට ප්‍රථම පාරිභෝගිකයන් ලෙසින් අප කළ යුතු වන්නේ විධිමත් සොයා බැලීමකින් අනතුරුව අපට වඩාත් පහසු, ණය ලබාගැනීමේ පටිපාටිය වඩාත් පහසු මෙන්ම ණය සඳහා වඩාත් ආකර්ෂණීය පොලී අනුපාතයක් අය කරනා බැංකුව ‍තෝරාගැනීමයි. මෙහිදී ප්‍රධාන පෙළේ බැංකු ආයතන මෙන්ම, හොඳ ස්ථාවරයක් සහිත ප්‍රාදේශීය බැංකු සම්බන්ධයෙන් වුව සලකා බැලීම වටී.

මෙම ගුණාත්මක විමසුම සිදුකළ හැක්කේ කෙසේද? බොහෝ බැංකු ශාඛාවල ණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහාම වූ නිලධාරීන් සිටිනා අතර, ඔවුන් දුරකථන මාර්ගයෙන් හෝ පැමිණ හමුවීමෙන් ණය පිළිබඳව විමසුම් කරන්නන් හට අදාළ තොරතුරු හා උපදෙස් ලබාදීම සඳහා සූදානමින් සිටී. විශේෂයෙන්ම ශාන්ති නිවාස ණය ක්‍රමය සම්බන්ධයෙන් සිටිනා බැංකු නිලධාරීන් හමුවූ විට ඔවුන් ඔබට අදාළ ණය ඉල්ලුම් කිරීම සඳහා සැපයිය යුතු ලිපි ලේඛණයන් හා සහතික සම්බන්ධව, අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව මෙන්ම ණය ගෙවීමේදී සැළකිලිමත් විය යුතු කරුණු, ණය ලබාගැනීමෙන් අනතුරුව සිය මූල්‍ය කළමනාකරණ කටයුතු සිදුකරගත යුතු ආකාරය යනාදී බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් නිරවද්‍ය හා පැහැදිලි උපදෙස් සපයා දෙනු ඇත.

 

3. පාවෙන පොලී සහ ස්ථිර පොලී
Source – thestar.com

බැංකුවකින් ණයක් ගැනීමට පෙර පාවෙන පොලී සහ ස්ථිර පොලී අනුපාතිකයන් සම්බන්ධයෙන් දැන සිටීම වැදගත් වනු ඇත. මන්ද යත් විවිධ බැංකු වල පාවෙන පොලී අනුපාතික ක්‍රමයක් (Floating Interest Rate) සමගින් ලබාදෙන නිවාස ණය මෙන්ම ස්ථිර පොලී අනුපාතික ක්‍රමයක් (Fixed Interest Rate) සමග ලබාදෙන නිවාස ණයද තිබෙනා බැවිනි. මේ අතරේ තවත් ණය ක්‍රමයකදී තමන්ට පහසු පොලී අනුපාතික ක්‍රමය ‍තෝරාගැනීමේ නිදහස ඔබට ලබාදෙනු ඇත. ශාන්ති නිවාස ණය ක්‍රමය ඊට එක් උදාහරණයකි.

ස්ථාවර පොලී අනුපාතික ක්‍රමයක් සහිත නිවාස ණයක් අයදුම් කිරීමේ ප්‍රධානතම වාසිය වන්නේ අවුරුදු ගණනාවක් ගෙවී ගියද ඔබට ගෙවීමට සිදුවන්නේ ස්ථාවර වාරිකයක් වීමයි. එනම් පොදුවේ පොලී අනුපාතික වෙනස් වූවත්, වාරිකය වෙනස් නොවීමයි. මෙනිසාම ඔබේ ආදායම් වියදම් ගණනය කර ගැනීමේදී පහසුවක් ලැබෙනු ඇත. මෙහි අවාසියක් වන්නේ ස්ථාවර පොලී අනුපාතික ක්‍රමයේදී පොලිය මඳක් වැඩි වීමයි. අනෙක් අතට පාවෙන පොලී අනුපාතික ක්‍රමයේදී පොලිය අඩු වූවත්, පොදුවේ පොළී අනුපාතික වෙනස් වන ආකාරය අනුව ගෙවිය යුතු වාරිකයද වෙනස් වනු ඇත.

 

4. වඩාත් පහසු බැංකු සේවාව
Source – richvisionssb.co.uk

වර්තමානයේදී සෑම බැංකු සේවාවක්ම උත්සාහ කරන්නේ තමන්ගේ පාරිභෝගිකයින් හට වඩාත් පහසු සහ කාර්යක්ෂම සේවා සැපයීමේ පටිපාටීන් හඳුන්වාදීමට වේ. මෑත අතීතයේදී වුවත් ණයක් අනුමත කරගැනීමට යෑම එක්තරා ආකාරයක හිසරදයක් බවට බොහෝ පාරිභෝගිකයින් විසින් පැමිණිලි කිරීම නිසාවෙන් සහ බැංකු සේවාවන් පොදුවේ වඩාත් කාර්යක්ෂම කිරීමේ වුවමනාවත් මෙම නව ක්‍රියා පටිපාටීන් පැනවීමට හේතු සාධක වන්නට ඇත. කෙසේ හෝ මෙම නව පහසුකම් මගින් පාරිභෝගිකයින් හට ලැබෙනා සහනය සුළු ප‍ටු නොවේ. එනිසා ඔබේ නිවාස ණය ඉල්ලුම් කිරීම සඳහා වඩාත් ගැලපෙන බැංකුවක් සොයා යෑමේදී මෙම කරුණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසින් යෝජනා කළ හැක.

මෙයට එක් උදාහරණයක් ලෙසින් දැක්විය හැක්කේ හැටන් නැෂනල් බැංකුවේ ශාන්ති නිවාස ණය ක්‍රමයයි. මෙහිදී ඔබ නියමිත ලිපි ලේඛණයන් සහ අවශ්‍යතාවයන් සැපයූ විට දින දෙකක් ඇතුළතදී ණය අනුමත කර දෙන අතර, මෙය සැලකිය යුතු මට්ටමේ පහසුවක් බව අමුතුවෙන් කිව යුතු නොහේ.

 

5. ආකර්ෂණීය වැඩිමනත් වාසි
Source – financetwitter.com

වර්තමානයේදී බැංකු සේවාවන් අතරත් ඇත්තේ ඉමහත් තරඟයක් බව ඔබ දන්නා කරුණකි. මෙහිදී සෑම බැංකුවක් විසින්ම උත්සාහ කරන්නේ තමන්ගේ බැංකු සේවාව වඩාත් පාරිභෝගික ආකර්ෂණයකින් යුක්ත බව පෙන්වීමටයි. ඒ සඳහා ඔවුන් ණය ලබාදීමේදී වුවත් ආකර්ෂණීය අමතර පහසුකම් හා විශේෂාංග තම ණය පැකේජයන්ට එකතු කර සිටී. ඔබට සුදුසු බැංකු ණය ක්‍රමය සම්බන්ධයෙන් විමසුම් කිරීමේදී මෙම අමතර දිරිගැන්වීමේ පහසුකම් පිළිබඳවද සලකා බැලීම යහපත් වූවත්, එහිදී තුලනාත්මක විශ්ලේෂණයක් කිරීම වඩාත් සාර්ථක වනු ඇත.

හැටන් නැෂනල් බැංකුවෙන් ලබාදෙන ශාන්ති නිවාස ණය ක්‍රමයේදීද මෙවැනි දිරිගැන්වීමේ විශේෂාංගයන් කිහිපයක් පාරිභෝගිකයා හට ලබාදේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ඔවුන්ගේ ‘ලෝයල්ටි කාඩ්’ ක්‍රමය දැක්විය හැක. එනම් මෙම කාඩ්පත ඉදිරිපත් කළ විට ‍තෝරාගත් වෙළෙඳ ආයතන වලින් ලබාගන්නා ‍තෝරාගත් බඩුභාණ්ඩ සඳහා ආකර්ෂණීය වට්ටම් හිමිවනු ඇත. මෙහිදී බොහෝ විට නිවාස ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන වෙළෙඳ ද්‍රව්‍ය සඳහා ප්‍රමුඛතාවයක් හිමිවී තිබෙනුද දැකිය හැක. මෙවැනි අමතර වටිනාකමක් සහිත අංගයක්, සැබවින්ම නිවාස ණය ලබාගන්නෙකු හට දීර්ඝ කාලීනව වාසිදායක වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

6. ණය ගෙවීමට පහසු ක්‍රමවේදයන්
Source – giphy.com

බොහෝ විට ප්‍රමුඛ පෙළේ බැංකු ආයතනයන්ගෙන් පවා ණය ලබාගන්නවුන් හට ඇති අමිහිරි අත්දැකීමක් වන්නේ, ණය වාරිකයන් ප්‍රමාද වන විට එය අයකරගැනීම සඳහා බැංකු නිලධාරීන් විසින් භාවිතා කරනු ලබන ක්‍රමවේදයන් වේ. මෙය සෑම බැංකුවකටම පොදු නොවනා බවද කිව යුතුවේ. කෙසේ නමුත් මෙසේ ණය අයකර ගැනීමේ ක්‍රමවේදයන් මෙන්ම ණය ගෙවීම පැහැර හැරීමද දෙපාර්ශවයටම ගැටළුකාරී තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. මෙනිසා වර්තමානයේදී බැංකු සේවාවන් මගින් උත්සාහ කරන්නේ තම ණය ලබාගත් පාරිභෝගිකයින්ගෙන් ප්‍රායෝගික තත්ත්ව යටතේ ණය අයකර ගැනීමටයි. කෙසේ වුවත් මෙම ප්‍රායෝගික මට්ටමේදී වුවද ණයක් ලබාගන්නෙකු හට එය ගෙවීමට සිදුවනු ඇත්තේ බැංකුව මගින් නියම කරනා කාලසීමාවන් සහ කොන්දේසි මධ්‍යයේදී වේ. කෙසේ නමුත් මෙයට වඩා නම්‍යශීලී ප්‍රතිපත්තීන් අනුගමනය කරනා බැංකු ණය ක්‍රමයක් සොයා ගැනීමට හැකියාව තිබේද?

ශාන්ති නිවාස ණය ක්‍රමය සැබවින්ම එවැනි නම්‍යශීලී ප්‍රතිපත්තියකින් යුතු බැංකු ණය ක්‍රමයක් ලෙසින් හැඳින්වීමේ වරදක් නොමැත. එනම් මෙම ණය ක්‍රමයේදී පාරිභෝගිකයෙකුට ස්ථාවර පොලී අනුපාතික හෝ පාවෙන පොලී අනුපාතික යන ක්‍රම දෙකෙන් තමන්ට පහසු, තමන්ට අභිමත ක්‍රමයක් ‍තෝරාගැනීමට නිදහස තිබේ. එපමණක් නොව අවුරුදු 25 ක් දක්වා කාලයක් තුළදී ලබාගන්නා ණය ගෙවාදැමීම සඳහා තමන්ට අභිමත වේගයක් සහිත සැලසුමක් සම්බන්ධයෙන්ද සමථයකට පැමිණීමටද නිදහස තිබේ. එපමණක් නොව නිවෙසක් තනන අවධියේදී ඔබට ණය වාරික නියමිත පරිදි ගෙවා දැමීමට නොහැකි වුවහොත්, ඒ සඳහා මාස 12 ක සහන කාලයක්ද ඔවුන් විසින් ලබාදෙනු ඇත. අවශ්‍ය නම් නියමිත කාලයට පෙරාතුව ණය ගෙවා දැමීම සඳහා ණය ගෙවීමේ සැලසුම් වෙනස් කර ගැනීමද ඔවුන් හා සාකච්ඡා කොට ඉෂ්ට කර ගැනීමට හැකිවනු ඇත.

අභිනවයෙන් නිවසක් තැනීමේදී හෝ, නව නිවසක් මිලදී ගැනීමේදී හෝ ඉඩමකට ආයෝජනය කිරීමේදී ගැටළු සහගත තත්ත්වයන් ඇති නොවූවත්, මහල් නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගැනීම සඳහා නිවාස ණයක් ඉල්ලීම වැනි යමක් වඩාත් සංකීර්ණ කටයුත්තකි. කෙසේ වුවත් ශාන්ති නිවාස ණය ක්‍රමයේ ඇති පහසුව වන්නේ එවැනි දේකට වුවද පහසුකම් සලසා තිබීමයි. එසේම වෙනත් රටක සිට ශ්‍රී ලංකාවේ නිවසක් ඉදිකිරීම සඳහා ශාන්ති නිවාස ණයක් ලබාගන්නා අයෙකුට වුවත්, දෙමාපියන්ට හා දරුවන්ට හවුල් ණයක් ලබාගැනීමට අවශ්‍ය මොහොතක වුවත් ශාන්ති නිවාස ණය ක්‍රමය මගින් අවශ්‍ය පහසුකම් සපයා දෙනු ඇත.

 

7. අවශ්‍ය ලිපි ලේඛණයන්
Source – wrightslaw.com

නිවාස ණයක් ලබාගැනීමේදී සාමාන්‍යයෙන් අදාළ වන ලිපි ලේඛණයන් ගණනාවක් ඉදිරිපත් කිරීමට වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙයට හඳුනාගැනීමේ ලිපිලේඛණයන්, පදිංචිය සනාථ කරන ලිපිලේඛණයන්ට අමතරව, ‍රැකියාව සම්බන්ධ සහ ආදායම් තත්ත්වයන්, මාසික වියදම් සම්බන්ධ ලිපිලේඛණයන්ද ලබාදීමට සිදුවනු ඇත.

මෙයට අමතරව තමන්ගේ ‍රැකියාවේ තත්ත්වය, වැ‍ටුප, වැ‍ටුපින් අඩුවන මුදල් ප්‍රමාණයන් යනාදී සියලුම විස්තර අඩංගු වූ ලිපියක්ද ‍රැකියා ස්ථානයෙන් ලබා ගැනීමට සිදුවනු ඇත. එසේම තම වැ‍ටුප අදාළ ණය ලබාදෙන බැංකු ආයතනය වෙත යොමු කිරීමට එකඟ වන බවද මෙහිදී සනාථ කිරීමට සිදුවනු ඇත. විදේශ ‍රැකියාවක නිරත වන්නෙකුටද උක්ත සඳහන් ලියකියවිලි මෙන්ම සේවා ගිවිසුමේ පිටපත් යනාදී ලේඛණයන්ද ලබාදීමට සිදුවනු ඇත.

මෙයට අමතරව ඔබට ණයට ඇපයක් ලෙසින් ඉඩම් ඔප්පුවක් බැංකුව භාරයේ තැබීමටද සිදුවනු ඇත. මේ සඳහාද නිරවුල් ඔප්පුවක්, මිනින්දෝරු සැලසුමක මුල් පිටපත් හා තවත් ලිපි ලේඛණයන් වුවමනා වනු ඇත. මීට අමතරව පළාත් පාලන ආයතනයෙන් හා වෙනත් අදාළ ආයතනයන්ගෙන්ද ලිපි ලේඛණයන් හා සහතික කීපයක්ම අවශ්‍ය වනු ඇත. මේ නිසා ඔබ විසින් කළ යුතු මූලිකම කර්තව්‍යය වන්නේ අදාළ ණය මුදල අනුමත කරවාගැනීම සඳහා අවශ්‍ය සියලුම ලිපිලේඛණ හා සහතික මොනවාදැයි ලැයිස්තුවක් ලබාගෙන, ඒවා එක් ‍රැස් කරගැනීමයි. ඔබට හැටන් නැෂනල් බැංකුවේ ශාන්ති නිවාස ණය ක්‍රමය වඩාත් සුදුසු යැයි හැ‍ඟෙන්නේ නම්, ණය අයදුම් පත්‍රය ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බාගත කරගැනීමට හැකියාව ඇත.  ණය අනුමත කරගැනීම සඳහා අවශ්‍ය වන සියලුම ලිපි ලේඛණයන් ලැයිස්තුවක් එම ණය අයදුම්පත්‍රයේ අවසානයට සඳහන් කොට ඇත.
 


මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඔබේ ප්‍රගතියේ සහකරු, හැටන් නැෂනල් බැංකුවේ සාදර අනුග්‍රහයෙනි. හැටන් නැෂනල් බැංකුවේ ශාන්ති නිවාස ණය ක්‍රමය, නව නිවසක් පිළිබඳ ඔබේ සිහිනය ඉ‍ටු කරදෙනු ඇත.

ශාන්ති නිවාස ණය ක්‍රමය ඔබට ගැලපේද? වැඩි විස්තර දැනගැනීමට මාර්ගයන්:

මේ සඳහා ක්‍රම කිහිපයක්ම තිබේ. අවශ්‍ය නම් ඔබට ලඟම ඇති හැටන් නැෂනල් බැංකු ශාඛාවට ගොස්, ශාන්ති නිවාස ණය ක්‍රමය සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන අදාළ බැංකු නිලධාරියා සම්බන්ධ කරගැනීමෙන් ඔබට ශාන්ති නිවාස ණය ක්‍රමය හරහා කළ හැකි ‍තෝරාගැනීම් හා වැඩි විස්තර සාකච්ඡා කරගැනීමට අවකාශය ලැබෙනු ඇත.

එසේත් නැතිනම්  මෙම සබැඳිය හරහා ගොස් ණය ඉල්ලුම්පත බාගත කරගෙන, එහි දක්වා ඇති ලිපිලේඛණයන් හා සහතික සියල්ලම සම්පූර්ණ කරගැනීමෙන් අනතුරුව සෘජුවම ණය ඉල්ලීම සිදුකිරීම සඳහා බැංකුවට යා හැක. කෙසේ නමුත් අපගේ පෞද්ගලික අදහස වන්නේ ශාන්ති නිවාස ණය ක්‍රමය සම්බන්ධයෙන් ඔවුන් හා වැඩිදුර සාකච්ඡාවකින් පසුව මෙම පියවරට යෑම දෙපාර්ශවයටම වඩාත් පහසුවක් සලසනු ඇති බවයි.


 
Cover Image Source – banknotenews.com, vakilhousing.com