ලක්ෂ ගණන් වියදම් නොකර වෙඩිමක් ගන්න, මේ උපදෙස් 8 අවධානෙන් කියවන්න

 

දැන් ඔය වෙඩිං තියෙනවනේ. වෙඩිමක් ගන්න ගියහම උපරිම ෂේප් එකේ කලත් ලංකාවේ විදියට නං අඩුම ගාණේ ලස්ස කීපයක් කුඩුවෙනවාමනේ. ඒ කියන්නේ ලෝන් ගහලා, අතමාරු අරගෙන, ඉඩකඩං උගස් තියලා තමයි දවසක නැත්නම් දවස් දෙකක වෙඩින් ආතල් එක ගන්න වෙන්නේ. හැබැයි ජීවිතේ සතු‍ටුම අවස්ථාව වෙනුවෙන් කියලා ලක්ෂ ගණන් පුච්චන්නම ඕනද? ඊට වඩා බොහොම අඩුවෙන් වියදම් කරලා, ලස්සනට, එන මිනිස්සුන්ගේ හිත් සතු‍ටු වෙන්නත් එක්ක වෙඩිමක් ගන්න බැරිද? ඇත්තම කිව්වොත් බැරි නෑ. හැබැයි සකසුරුවම් වෙඩිමක් ගන්නවා කියන්නේ පොඩ්ඩක් ශ්‍රමයෙන් වැඩි දායකත්වයක් දෙන්න වෙනවා. ඒත් මොකෝ, හැමදාම බඳින්නෙත් නැහැනේ. ඉතින් මේ කියන්න යන්නේ බොහොම සකසුරුවම් කමට, හැබැයි හොඳ කල එලියට වෙඩිමක් කරන්න අනිවා වැදගත් ටිප්ස් ටිකක් තමයි.

 

1. කාඩ් එකත් අපිම ගහමුද?
Low Cost Wedding Creatives
Source – youtube.com

අපි ඉස්කෝලේ කලා උළෙලවල් වලට එහෙම ඉන්විටේෂන් කාඩ් අතින් ඇන්දා මතකද? ඔය වැඩේම වෙඩිමකදීත් කරන්න බැරිද? ඒ කියන්නේ අර පොඩි එකාගේ චිත්‍රේ වගේ වෙන්න නෙවෙයි. හැබැයි වෙනස් විදියේ නිර්මාණශීලී වැඩක් කරන්න බැරි කමක් නෑනේ. කාඩ් සීයක් දෙසීයක් අතින් අඳින එක කරන්න බැරි ගේමක් නං අපිට කාඩ් එක ඩිසයින් කරලා ප්‍රින්ටින් වැඩේට විතරක් දෙන්න පුලුවන්. ඒකෙන් පොඩි හරි ගාණක් ඉතුරු වෙනවනේ.

 

2. පෝරුව එහෙමත් වෙනස් විදියකට
Low Cost Wedding Creatives
Source – greatamericancountry.com

අපේ යාලුවෙක් හිටියා, මිනිහා වෙඩිමට පෝරුව ගැහුවේ එළිමහනේ, ගහක් යට. පෝරුව කිව්වට ඇත්තටම යටින් ලී තට්‍ටුවයි, ගහේ හයි කරපු මල් සැරසිලියි තමයි. සිම්පල් වැඩේ, පොඩි ගාණක් ගියේ. හැබැයි උපරිම ලස්සනයි. ගොඩක් වෙලාවට ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්ස් කරන අයමනේ පෝරුව කරන්නේ. ඒ අය අපිටම කියලා විශේෂයෙන් පෝරුවක් හදන්නෙ නෑ. ඇරේන්ජ්මන්ට්ස් වෙනස් කරනවා විතරයි. ඉතින් එහෙම නැතුව වෙන කොහේවත් නැති විදියේ ක්‍රියේටිව් පෝරුවක් අපිට රුපියල් තුන්හාරදාහකින් ගොඩදාගන්න පුලුවනි නම් කොච්චර සාර්ථකද?

 

3. තැන තමයි කේස් එක
Low Cost Wedding Creatives
Source – fodors.com

ගොඩක් වෙලාවට හෝල් එකක් බුක් කරනකොට සල්ලි යන්නේ පිඟන් වලටනේ. ඒ කියන්නේ කෑම වලට. හැබැයි අපිට කෑම එපා, හෝල් එක විතරක් දෙන්න කියන්න බැහැනේ. ඒත් සමහර වෙලාවට ඔය පරණ තාලේ බංගලා ටයිප් එකේ බූටික් හොටෙල් එහෙම කෑම නැතුව ගන්න පුලුවන්. එහෙම නැතිනම් ප්‍රයිවට් බීච් එකක්? එහෙමත් නැතිනම් ලස්සන සීනරි එකක් තියෙන කොළපාට තැනිතලා, ෆයිනස් ගස් එහෙම තියෙන ඌව පළාතේ, මධ්‍යම පළාතේ එහෙම පොඩි බූටික් බංගලාවක්? කෑම ගැන ඊලඟට බලමු.

 

4. කෑම අපිට ඕන විදියට
Low Cost Wedding Creatives
Source – businessinsider.com

වෙඩිමකදී කෑම බීම කෙරෙන්නේ හොටෙල් එකේ තියෙන මෙනු එකේ විදියටනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුෆේ ඔප්ෂන් කීපයක් දෙනවා. හැබැයි ප්ලේට් ගාණට බලනකොට සෑහෙන්න වියදමක් යනවා. සමහර වෙලාවට සමහර අයිටම්ස් ගෙදර හදලා ගෙනාවනම් ඊට වඩා රසයි කියලත් හිතෙනවා. දැන් මේකට කරන්න පුලුවන් මෙහෙම වැඩක්. අපි වෙඩිම ගන්න තැනින් කෑම ගන්නෙ නෑ. කෑම ගන්න සුපිරි කොලිටියට වැඩේ කරන, ඒත් ගාණ සාපේක්ෂව අඩු කේටරින් තැනක් හොයලා බලනවා. විශ්වාස කරන්න, සුපිරි හෝටලේක කොලිටියට, ඒත් ඒ ගාණෙන් පහෙන් එකක ගාණට වැඩේ ගොඩදාලා දෙන කේටරින් බුවාලා ඉන්නවා. දැන් ඕන නං හෝටලෙන් වේටර් මල්ලිලා දෙන්නෙක් හයර් කරන්න වෙයි. ඩිසර්ට් එහෙම ඕන නම් අපිට ඩිසර්ට් එක්ස්පර්ට් ඇන්ටි කෙනෙක්ට කියලා හදවගන්නත් පුලුවන්. හැබැයි මේ වගේ කරනකොට වෙඩිමේ කෑම පැත්ත රන් කරන්න එකෙක් නැත්තං දෙන්නෙක් තියන්න වෙනවා. ඒත් කමක් නෑ, වැඩේ අඩුවට ඒත් කොලිටියට කෙරිලනේ.

 

5. කිට් එකත් අපිට ඕන විදියට
Low Cost Wedding Creatives
Source – youtube.com

දැන් වෙඩිමකට ඇඳුම් කිව්වහම ගොඩක් වෙලාවට මනමාලයගෙ කිට් එක විතරයි ගිහින් ගන්නේ. මනමාලිගේ සහ දෙවෙනි මනමාලියන්ගේ, මල් කුමාරයින්ගේ, මල් කුමාරියන්ගේ විතරක් නෙවෙයි, සමහර වෙලාවට අම්මගේ නැන්දගේ ඇඳුම් එහෙමත් බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන අක්කාට ඕන විදියට තමයි. හැබැයි ඇත්තටම ඇඳුම් පැළඳුම් වලටත් ඩිසයිනර්ලා කියන කියන විදියට සල්ලි විසි නොකර ඉතුරුවක් කරගන්න පුලුවන් තමන්ට ඒ ගැන අදහසක් තියෙනව නං. ඕන නං ඔන්ලයින් පොඩ්ඩක් රිසර්ච් පාරක් දාලා අලුත් ඇඳුම් පැටර්න් ඩවුන්ලෝඩ් කරගන්නත්, පිටකොටුවෙන් ලාබෙට ඕනම විදිහක රෙදි ගන්නත්, ඉන් පස්සේ ෂුවර් කොලිටි ටේලර් කෙනෙක්ට දීලා ඒ විදියට මස්සගන්නත් පුලුවන්. ඔය තියෙන්නේ නිකම්ම ඩිසයිනර් ඇඳුමක් වෙඩිමට!

 

6. ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්ස්
Low Cost Wedding Creatives
Source – scentimentsflowers.com

දැන් පෝරුවත් අපිම ගොඩදාගත්තනං, මල් සැරසිලි අපිට කරගන්න බැරිද දොරේ! කරන්නේ මෙහෙමයි. මුලින්ම වෙඩින් එකේ සම්පූර්ණ ඇරේන්ජ්මන්ට්ස් වලටම තේමාවක්, හොඳ තීම් එකක් තීරණය කරගන්න. දැන් ඒ තීම් එකට ගැලපෙන විදියට නිර්මාණශීලී ඩිසයින් ටිකක් හිතලා හදාගන්න. දැන් ඔය ඩිසයින් වලට අනුව සම්පූර්ණ වෙඩිමටම මල් ඇරේන්ජ් කරන්න යන මල් සහ වෙනත් දේවල් ලිස්ට් එකක් අරගෙන ඒවා හොයන්න. මල් ඕන නං පිටකො‍ටුවෙන් සල්ලි වලට ගන්නත් පුලුවන්. නැචුරල් මල් ඕන නං ඒවත් නුවර එළිය පැත්තේ ඉඳලා කොළඹට මල් එවන ඩයල් එකක් අල්ලගෙන ගන්න පුලුවන්. එහෙම නැතුව ඔය මානෙල් මල්, නෙලුම් මල් වගේ සීන් එකක් නං ඒවත් හොයාගන්න පුලුවන්.නයිට් කීපයක් ගහලා කට්ටක් කන්න වෙයි. හැබැයි වියදම ඉතුරුයි.

 

7. බෑන්ඩ් එකක් ඕනමද?
Low Cost Wedding Creatives
Source – excelleratordj.com

මේක ඉතින් එක එක්කෙනාගේ චොයිස් එක තමයි. අපි වෙඩින් බෑන්ඩ් ගැන කලිනුත් කියලා තියෙනවනේ. ලංකාවේ ගොඩක් වෙඩින් බෑන්ඩ් වලින් වෙඩිමකට අමතර ආලෝකයක් ලබලා දෙන්න එක එක විදියේ අයිටම් නම්බර්ස් අරන් එනවා. හැබැයි එහෙම ඕන නෑ කියලා හිතෙනවා නං අපිට ඩීජේ කෙනෙක්ව ගෙන්නගන්නත් පුලුවන් වඩා අඩු මුදලකට. එහෙමත් නැතුව අපිට ඕන කරන සිංදු ප්ලේලිස්ට් එකක් තමයි වෙඩිම ඉවර වෙනකල් ප්ලේ කරන්නේ කියලා හිතෙනවා නං, මුලින් හදනවා ප්ලේ ලිස්ට් එකට ඕන සිංදු ලිස්ට් එක. දැන් ඒවල ආතල් එක, පන්ච් එක, අවස්ථාවට සුදුසු වීම වගේ දේවල් දිහා බලලා අනුපිළිවෙලට ලිස්ට් එක හදාගන්නවා. දැන් තියෙන්නේ ඔය ප්ලේ ලිස්ට් එක ප්ලේ කරන්න සවුන්ඩ් සිස්ටම් ගැන දන්න බුවෙක්ව හොයාගන්න එක. දැන් කුලියට ගන්න ඕන වෙන්නේ හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් විතරයි. සිම්පල් ප්ලෑන්.

 

8. සර්ප්‍රයිස් ඩාන්ස්
Low Cost Wedding Creatives
Source – youtube.com

දැන් දැන් ලංකාවේ වෙඩින්ග් වල සර්ප්‍රයිස් එකක් නැති තරමටම සර්ප්‍රයිස් ඩාන්ස් වැහි වැහැලා. හැබැයි ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්. ඇයි? අර වෙඩින්ග් එක අන්තිමට බ්‍රේක් ඩාන්ස් දානවටත් වඩා වෙඩින්ග් එකට සම්බන්ධ වෙන්න අනික් අයටත් හොඳ අවස්ථාවක් ඒක. ඒ වගේම තමයි ඩාන්සින්ග් කණ්ඩායම් වලට අමුතුවෙන් වියදම් කරන්න ඕන නෑ. දැන් අපේ ඕනම සෙට් එකක ඉන්නවනේ ඩාන්ස් එකක් දාන්න පුලුවන් හැකියාව තියෙන කොල්ලෝ කෙල්ලෝ. ආන්න ඒ කොල්ලො කෙල්ලො කීප දෙනෙක්ව එකතු කරගෙන වැඩේ ගොඩදාගන්නයි තියෙන්නේ. ඕන නං වෙඩින්ග් එකට එන්ට්‍රි ඩාන්ස් එකකුත් සෙට් කරන්න පුලුවන්. තවත් ඕන නං වෙඩිම මැද්දේ ෆ්ලෑෂ් මොබ් එකක් එහෙමත් ඕගනයිස් කරන්න පුලුවන්.

 

මෙතනින් එහාටත් ගොඩක් වෙලාවට ගොඩක් දේවල වියදම් අඩුකරගන්න පුලුවන් තමන්ට ඕන දේ මොනවද, ඒකට යන වියදම කොහොමද කියලා අපිට දැනුමක් තියෙනවා නං. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි මේ කියන්නේ බ්‍රයිඩල් ඩ්‍රෙසින්ග් කරන අය, ෆ්ලවර් ඇරේන්ජ්මන්ට්ස් කරන අය, හොටෙල්ස් මේ කවුරුත් අසාධාරණ විදියට ගාණ කපනවා කියලා නෙවෙයි. හැබැයි අතිශයින්ම සාධාරණව අය කරන එක්ස්පර්ට් කෙනෙක් ගත්තත්, එයා තමන්ගේ නමේ ජනප්‍රියත්වයටත් ගාණක් අය කරනවා. ඉතින් ක්‍රියේටිව් පාට් එකත්, මහන්සි වෙන ටිකත් අපිම කරගත්තො ඒ ගාණ අපිටම ඉතුරුයි. එතනින් ගියහම වෙඩිමකදී අනිවා වෙඩින් මැනේජර් කෙනෙක්ව තියන්න ඕන. නිර්මාණශීලී හැකියාවක් කපල් එකට හරි, ඒ නැතත් වෙඩිම ප්ලෑන් කරන අයට හරි තියෙන්න ඕන. ආන්න එතකොට ඒ වෙනුවෙන් ගෙවන ගණන් ඉතුරු කරගන්න පුලුවන්.

 
Cover Image Source – lensman.co.in