දෙන්නත් එක්ක හනිමූන් යන්න ලෑස්තියිද? එහෙමනම් හරියටම ලක ලැහැස්ති වෙන්න, මේ උපදෙස් කියවන්න!

 

හනිමූන් යන්න හැමෝම ආසයිනේ. සමහරු කසාද බඳින්න බලාගෙන ඉන්නේම හනිමූන් යන්න කියලා හිතාගෙන. හැබැයි ඇත්තටම හනිමූන් කියන්නේ මොකද්ද? ලංකාවේ හැටියට කසාද බැන්ද කපල් එකක් මුලින්ම සෙක්ස් කරන්න යන එකද? වැරදියි. හනිමූන් කියන්නේ අලුත විවාපත් වුණු යුවලක් තමන්ගේ ආදරේ සහ කෑදරේ (ඒ කිව්වේ ලව් ඇන්ඩ් සෙක්ස් තමා) නිදහසේ තනියම විඳින්න කියලා ගන්න සතියක දෙහෙක සාම්ප්‍රදායික නිවාඩුවක්. මොකද ආය කසාදෙන් පස්සේ සති ගණන් නිවාඩු ගන්න ලැබෙන්නේ කලාතුරකින්නේ. හැබැයි අපි මේ කතාකරන්නේ හනිමූන් එකේ හැබෑ පරමාර්ථය සහ හනිමූන් එකේ ලංකාවේ විදිය කියන දෙකම අල්ලලා, කොහොමද සුපිරියටම හනිමූන් එක ප්ලෑන් කරගන්නේ කියන එක ගැන තමයි. මතක තියාගන්න, මේ කියන්න යන්නේ හනිමූන් ගිහිල්ලා මොනවද කරන්නේ, කොහොමද හැසිරෙන්නේ වගේ දේවල් ගැන නෙවෙයි. ඒවා ඉතින් තම තම නැණ පමණින් අවබෝධෙන් කරන්න ඕන දේවල්.

 

1. කොයි පැත්තටද අපි යන්නේ සුදූ?
Making Your Honeymoon Special
Source – rd.com

දැන් හනිමූන් එක යන්නේ කොහාටද කියලා මුලින්ම ප්ලෑන් කරන්න ඕනනේ. මෙතනදී එක්කෝ කඳුකරය හරි වෙරළාසන්නය හරි තමන් හදපු අලුත් ගෙදර හරි එක් එක් කෙනා තමන්ගේ කැමැත්තේ විදියට ‍තෝරගන්න පුලුවන්. සමහරු වෙන රටකට වුනත් යන්න හිතන්න පුලුවන් හනිමූන් එකට. හැබැයි මෙතනදී හිතන්න ඕන දෙන්නම එකතු වෙලා. තමන්ට හනිමූන් එකේ ආදරේ රසවිඳිනවා ඇරෙන්න කරන්න ඕන මොනවද? හයික් යන එක, කඳු නගින එක වගේ ඇඩ්වෙන්චර් වැඩ කරන්න ඕනද? එහෙම නැතිනම් දෙන්නත් එක්ක අරමුණක් නැතුව ලස්සන පලාතක ඇවිදින්න යනවද? එහෙමත් නැතිනම් ලස්සන තැනක ලස්සන හොටෙල් එකක දෙන්නත් එක්ක නතර වෙලා කම්මැලි පූසෝ දෙන්නෙක් වගේ තුරුල් වෙලා අලස සුවය එක්ක මික්ස් කරලා ආදර සුවය විඳින එකද හනිමූන් ආතල් එක?

දැන් මේ විදියට දෙන්නටම ඕන දේවල් කතාබහ කළාට පස්සේ තමන් යන්නේ කොහෙද, නවතින්නේ කොහෙද කින්ද මන්ද දේවල් තීරණය කරන්න පුලුවන්. හැබැයි යන්න කලින්තීරණය කරන්න. මොකද හනිමූන් එකට ගිහින් තැන් හොයන්න අරවා මේවා කරන්න තියාගන්න එක කචල් නේ. එතකොට ෆන් එකත් ඉවරයිනේ.අනික හොටෙල් බුක් කරනකොට මාසයක්වත් කල් ඇතුව බුකින්ග් එක දාන්න.

 

2. බජට් එක හරියට සෙට් නේද සුදූ?
Making Your Honeymoon Special
Source – fullonwedding.com

හනිමූන් එකට කියලා යන්නේ දෙන්නත් එක්ක පූර්ණ නිදහස අත්විඳින්නනේ. ඇත්තටම හනිමූන් වගේ දවසක් ආයි එන්ජෝයි කරන්න එන්නේ අවුරුදු ගාණකට පස්සේ වෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමන්ගේ වියදම් ගැන හනිමූන් ගිහිල්ලා හිත කරදරකරගන්න තියාගන්න එපා. සුපිරි හොටෙල් වලටම හනිමූන් යන්න ඕන නෑ. ඒත් තමන්ට සුවපහසුව තියෙන තැනකට යන්න අතේ මුදලක් තියාගන්න. එතකොට ගිහිල්ලා සිද්ධ වෙන්න පුලුවන් අමතර වියදම් ගැනත් හොඳ හැටි කල්පනා කරලා බලලා, ඒවලටත් සෑහෙන්න මුදලක් අතේ තියාගන්න.

 

3. කලින් කතා කරගෙන ඉමු සුදූ!
Making Your Honeymoon Special
Source – tartoh.com

අපි දන්නවා ලංකාවේ හැදිච්ච කොල්ලෙක් කෙල්ලෙක් වුහනම හෙනට ලැජ්ජා බයට තමයි හැදිලා තියෙන්නෙ කියලා. ඒත් හනිමූන් යන්න කලින් දෙන්නත් එක්ක චැට් එකක් දාන්න වෙනවා මොකද ගිහිල්ලා කරන්නේ කියන එක. ඔව්, බලන්න යන තැන් එහෙමත් මෙහෙමම කතා කරගන්න. හැබැයි ඊට කලින් හනිමූන් ගිහින් කරන නොකරන දේවල් කතාබහ කරගන්න. එතකොට දෙන්නම දන්නවනේ සෙක්ස් වගේ දේකදී දෙන්නට දෙන්නා අතරේ තියෙන සීමාවන් සහ අසීමාවන් ගැන.

එතකොට මෙතන තියෙන තව පැත්තක් තමයි තමන්ගේ මුල්ම ලිංගික එක්වීම ගැන අලුත බඳින මනමාලි බය වෙලා ඉන්න එක. ඕක ගොඩක් වෙලාවට වෙන දෙයක්නේ. ආන්න ඒ නිසා ඒ ගැන දෙන්නත් එක්කම කතා බහ කරන්න. අනුගමනය කරන්න ඕන දේවල් ගැන කතාබස් කරන්න. මේ කතාබහ වැදගත් වෙන්නේ සන්නිවේදනයට විතරක් නෙවෙයි. තරුණියගේ හිතේ බය නැතිකරන්නත් මේ කතාබහ වැදගත්.

 

4. මිඩ්වයිෆ් හරි ෆැමිලි ඩොක්ටර් හරි හම්බුවෙමු සුදූ!
Making Your Honeymoon Special
Source – nearsay.com

දැන් උඩ බිම බලන්න එපා. මේක කරුණු කීපයක් සම්බන්ධයෙන්ම වැදගත්. එකක් තමයි උපත් පාලනය. කසාද බැඳලා හනිමූන් ගිහින් එහෙමම දරුවෙක් හදන්න හිතනවා නං උපත් පාලනය ගැන වොරි වෙන්න ඕන නෑ. හැබැයි එහෙම නැතිනම් කොන්ඩෝම හරි මෝනින්ග් ආෆ්ටර් පිල් හරි නැතුව වඩාත් ස්ථාවර උපත් පාලන ක්‍රමයකට යන්න ඕන. හැබැයි ඒකත් කසාදෙට දවස් දෙකක් තියලා ප්ලෑන් කරල හරියන්නෙ නෑ. මේවා සිද්ධ වෙන්න ඕන ටිකක් කලින්. අනික් කාරණාව තමයි මනමාලියට ආර්තවය සිදුවෙන දවස් හනිමූන් එකත් එක්කම පෙළගැහෙන්න පුලුවන්. ඒකත් අවුලක් නෑ, ඒ දවස් ඉවර වෙනකල් ඉන්න පුලුවන් කියලා හිතනවා නං කමක් නෑ. හැබැයි එහෙම බැරි නම් ආර්තවය ප්‍රමාද කරන ටැබ්ලට් එකක් එහෙම ගන්න වෙනවා. ඔය දේවල් ඔක්කොම මිඩ්වයිෆ් හරි පවුලේ දොස්තර හරි එක්ක කතා කරලා කරගන්න පුලුවනි නම් බොහෝම හොඳයි.

 

5. බෑග් හරියට පැක් කරන්න සුදූ!
Making Your Honeymoon Special
Source – osmiva.com

ඇයි මීට කලින් බෑග් පැක් කරලා නෑ කියලා හිතුවද කියල නේද අහන්න ගියේ? අපි කතා කරන්න යන්නේ බෑග් පැක් කෙරිල්ල ගැන නෙවෙයි, බෑග් වල පැක් වෙන්නේ මොනවද කියන එක ගැන.

හනිමූන් එක දවසේ රෑට සෙක්සි විදියට අඳින්නෙ නැතුව වෙන කවදා සෙක්සි විදියට අඳින්නද නංකි. ආන්න ඒ නිසා හනිමූන් රාත්‍රිය වෙනුවෙන් පොඩ්ඩක් විශේෂ ඇඳුමක් කැඩුමක් පැක් කරගත්තට කමක් නෑ. අර ලොංෂරී කියන ජාතියේ ඒවා එහෙම හනිමූන් එකට මරු.

දැන් මෙහෙමයි. හනිමූන් එකනේ, ඉස්පෙෂල් නයිට් කීපයක්නේ, සූදානම් සරීරේ හොඳයිනේ. ආන්න එහෙම හිතලා ඔය උපත් පාලනයට අවශ්‍ය කරන ටැබ්ලට් අනං මනං, අවශ්‍යම නං කොන්ඩෝම් එහෙම දාගන්න. එතකොට මතක් කරලා ෆාමසියකින් ගන්න හොඳ ලුබ්‍රිකන්ට් එකකුත්. දැන් අහන්න එපා ඕක ගාගන්නේ කොහෙද කියලා නං. හැබැයි මතක තියාගන්න, පළවෙනි ලිංගික එක්වීම නම් සිද්ධ වෙන්නේ ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන එක අනිවා ප්‍රායෝගිකයි කියලා. එහෙම නැතත් ඉතින් ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන එකේ වෙනම මෙව්වා එකක් තියෙනවා.

මීට අමතරවත් බෑග් වල තුවා, අමතර ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය කරන හැම දෙයක්ම හිතලා මතලා පැක් කරගන්න. සීතල පැත්තකට යනවා නං ස්වේටර්ස්, තද ඉර එළිය තියෙන පැත්තකට යනවා නං සන්ස්ක්‍රීන් වගේ ප්‍රායෝගිකව ඕන වෙන හැම දෙයක්ම හිතලා පැක් කරගන්න.

 

6. අපේ ආතල් එක අපි ගමු සුදූ!
Making Your Honeymoon Special
Source – superbreak.com

ඇත්තටම හනිමූන් කියන්නේ කපල් එකේ ආතල් එක කිසිම දෙයක් ගැන වොරි නොවී කපල් එකට ගන්න තියෙන කාලේ. අන්න ඒ නිසා තමන්ගේ හනිමූන් එකේ ෆන් එක උපරිමයෙන් ගන්න අමතක කරන්න එපා. ඒ නිසා ඔ‍ෆිස් වැඩ අනං මනං අනිවා ඕර්ගනයිස් කරලා, පවරන ඒවා වෙන අයට පවරලා එන්න. ඕන නං ෆෝන් ඕෆ් කරලා තියාගන්න. කොටින්ම කිව්වොත් යාලුවෙක්ටවත් ඇවිත් හනිමූන් එකට බාධා කරන්න බැරි විදියට පියවර ගන්න.

සාමාන්‍යයෙන් ඉතින් හනිමූන් එක දවසට වෙනම වද තිස් දෙකක් දීලා ‍රැග් එක දෙන්න එහෙමත් යාලුවෝ ලැහැස්ති වෙලා ඉන්නවනේ. ඒවා නං ඉතින් වැඳලා කිව්වත් අපේ ඉන්න යාලුවෝ නොකර ඉන්නෙ නෑ. ඇත්තටම ඔය ආතල් ‍රැගක්, හනිමූන් හොටෙල් එකට ගේට් ක්‍රෑෂ් කිරිල්ලක් අවුලක් නෑ. ඒ ෆන් එකනේ. හැබැයි ඊට වඩා දෙන්නටම අපහසුතාවයට පත්වෙන්න සිද්ධ වෙන ‍රැග්, හනිමූන් එක චකබ්ලාස් වෙන ‍රැග් එහෙම අවුල්. ඒ නිසා කරන්න තියෙන්නේ ‍රැග දෙන්න තියෙන ඉඩ නැති කරන එක. ඒ කිව්වේ බෑග් පැක් කරලා යාලුවන්ගේ බාරේ නොතියන එක, පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න එක තමයි.

 

දැන් ඉතින් දෙන්නත් එක්ක තමන්ගේ ෆන් එකේ සුපිරි හනිමූන් එකක් ගත කරන්න!

 
Cover Image Source – cheapaireticketsindia.blogspot.com