මල් ටෙලි නළුවෙක් දොස්තර කෙනෙක් වුනොත්??

 

Teledrama Actor as a Doctor
Source – topsante.com

ලෙඩා – ගුඩ් ඊව්නිං ඩොක්ටර් මගේ පපුව ටිකක් රිදෙනවා

ඩොකා – ජීවිතේ තමයි මිස්ටර්.. ජීවිතේ තමයි..

ලෙඩා – ඇහ්

ඩොකා – දැන් ඉතිං මොනව කරන්නද මිස්ටර්. අපි හැමෝම පතන විදියෙ ජීවිතයක් මිස්ටර් ගත කළා. මිස්ටට වයස කීයද?

ලෙඩා – පනහයි. ඩොක්ට දැන් බෙහෙත් දෙන්නෙ නැද්ද.

ඩොකා – නොදිත් බැහැනෙ. අපි ඒත් මේ ගැන කතා කරමු.

ලෙඩා – මොනවද?

ඩොකා – පපුව මුලින්ම රිදෙන්න කලින් ලැබිච්ච දරුණු හැඟීම මොකද්ද? ළමයි නරක වැඩ කළාද? වයිෆ්ගෙ වෙනිං සම්බන්ධයක්වත්

ලෙඩා – පිස්සුද ඩොක්ට? උදේ ඇහැරෙද්දි පපුව හොඳටම රිදුනා.

 

Teledrama Actor as a Doctor
Source – youtube.com/Husmatath Vada – Dilnuk Ranmila

ඩොකා – එහෙනං රෑ හීනයක්වත්

ලෙඩා – සනීප නැද්ද ඩොක්ට

ඩොකා – ඇත්ත කියන්න මිස්ටර් වසන් කළත් ඔය දේවල් සසරෙහිදි එළියට ඒවි

ලෙඩා – ඩොක්ටර් මේ… මගේ පපුව රිදෙනවා. මට බෙහෙත් දෙනවද නැත්තං ‍මං වෙනිං තැනකට යන්නද?

ඩොකා – ඔවු ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබේවි

ලෙඩා – මොනවද ඩොක්ට කියවන්නෙ

ඩොකා – ඊලඟ ආත්මෙදි හරි අපි හම්බෙයි මිස්ටර්

ලෙඩා – ඩොක්ට ඔයා හොඳින්ද? ඇයි මේ අඬන්නෙ

ඩොකා – මේ පපුව මේ දේට අලුත්. පුංචි දේටත් ඒක රිදෙනවා.

ලෙඩා – ඩොක්ටගෙත් පපුව රිදෙනවද?

 

Teledrama Actor as a Doctor
Source – youtube.com/Ma Nethu – Kavikara Viradaka

ඩොකා – මේක විහිළුවක් නෙමෙයි මිස්ටර්. මේ මගේ ජීවිතෙ.

ලෙඩා – ඕකමනෙ මෙච්චර වෙලා මාත් කිවුවෙ

ඩොකා – යන තැනකට මාව අරං යන්න මිස්ටර්

ලෙඩා – ගිහින්

ඩොකා – අපි සිද්ධ වෙන දේකට මුහුණ දෙමු මිස්ටර්…

ලෙඩා – &*^%$W##$#$^%^&*^(^^&%%

 
Cover Image Source – indomed.com.ua