ජාත්‍යන්තරේ ශ්‍රී ලංකාවේ නම රැන්දූ සුරූපිනියන් 10 දෙනෙක් මේ… කී දෙනෙක්ව ඔබ දන්නවාදැයි බලමුද?

 

රූප රාජිණියන් ගැන මතක් කල සැණෙකින් සිහියට නැගෙන්නෙ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව තරමටම ජාත්‍යන්තර ජයග්‍රහණයන් සනිටුහන් නොකලත් අපේ මේ පුංචි රටෙනුත් සොඳුරු රුවැත්තියන් ජාත්‍යන්තර රූප රාජිණී තරඟ වලට සහභාගි වෙලා ජයග්‍රහණයන් ලබාගෙන තියෙනව. මේ කියන්න හදන්නෙ එහෙම ජයගත්තු සහ ජාත්‍යන්තරේට අපේ රටේ නම අරන් යන්න ඉදිරිපත් උන මතක හිටින චරිත ටිකක් ගැන.

 

1. රෝසි සේනානායක
Sri Lankan Beauty Queens
Source – miss-india-world-universe.blogspot.com, elakiri.com

ලංකාවට හිමි උන ප්‍රථම සහ එකම ජාත්‍යන්තර මට්ටමේ රූ රැජිණි ජයග්‍රහණය මෙයයි. 1985 පැවැත්වුන ප්‍රථම ලෝක විවාහක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුන රෝසි සේනානායක මහත්මිය එහි ජයග්‍රාහිකාව ලෙස කිරුළු පැලඳුවා. 1980 මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු දිනූ ඇය 1980දී ලෝක රූ රැජිණ (Miss World) තරඟයේදී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදුනු අතර, 1981 මිස් ඒශියා පැසිෆික් තරඟයෙන්ද ජය ලැබුවා. සිනමා රංගන කිහිපයකට සිය දායකත්වය ලබා දුන් රෝසි සේනානායක මහත්මිය වර්තමානයේ ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වෙනව.

 

2. මානෙල් ඉලංගකෝන්
Sri Lankan Beauty Queens
Source – elanecdotario.com

රූ රැජිණ තරඟයක ප්‍රථම ශ්‍රී ලංකා නියෝජනය මානෙල් ඉලංගකෝන් මෙනවිය. 1951 ආරම්භ වුණ ලෝක රූ රැජිණ එහෙමත් නැත්නම් මිස් වර්ල්ඩ් තරඟයට ලංකාව නියෝජනය කරමින් ඇය තරඟ වැදුනේ 1953දි. තරඟයේ 4වන ස්ථානයේ තම නම සනිටුහන් කිරීමට ඇය එහිදී සමත් වෙනව.

Miss Manel Illangakoon, 1953 Miss Ceylon and Miss World contender (4th place) trying out a RHD Volkswagen Convertible in…

Nai-post ni Strictly Vintage VW's noong Huwebes, Hulyo 24, 2014

 

3. මොරීන් හින්ගර්ට්
Sri Lankan Beauty Queens
Source – tumblr.com, glamourgirlsofthesilverscreen.com

1955 මිස් සිලෝන් කිරුළ පැළඳි ඇය විශ්ව රූ රැජින තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නව. 1955 වසරේ පැවති විශ්ව රූ රැජිණ තරඟයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තෙවෙනි ස්ථානය හිමි කර ගැනීමට ඇය සමත් වෙනව. විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වීමෙන් පසු 20th Century Fox සහ Universal International Studio චිත්‍රපට නිෂ්පාදකයන් සමඟ ගිවිසුම් අත්සන් කරන ඇය, ඇමරිකානු චිත්‍රපට කීපයකටම රංගනයෙන් සිය දායකත්වය ලබා දීමටද හැකියාව ලබනව.

 

4. ජෙනිෆර් ඈන් ෆොන්සේකා
Sri Lankan Beauty Queens
Source – youtube.com/Miss World 1963 – Top 14 Semifinalists in Swimsuit

1955ත් 1962ත් අතර කාලයේ පැවති මිස් වර්ල්ඩ් තරඟ වලට ලංකාව නියෝජනය කරමින් කිසිවෙකු ඉදිරිපත් උනේ නැහැ. ඉන්පසු 1963 පැවති මිස් වර්ල්ඩ් තරඟයට සහභාගී වුන ජෙනිෆර් ඈන් ෆොන්සේකා මෙනවිය රටවල් 40ක තරඟකාරියන් අතරින් අවසන් 15 දෙනා අතරට තේරී පත් වෙනව.

 

5. යෝලන්ඩා ශෙහ්සාදි ආහ්ලිප්
Sri Lankan Beauty Queens
Source – thesundayleader.lk

1963න් පසු 1970 මිස් වර්ල්ඩ් රූ රැජිණ තරඟයක අවසන් 15 දෙනා අතරට තේරී පත් වෙන්නට වරම් ලබන්නේ යෝලන්ඩා ආහ්ලිප් මෙනෙවියයි. එහිදී ඇය තරඟ වදින්නේ රටවල් 58ක සුරූපිනියන් සමඟින්. ඇය පසු කලෙක විවාහ වන්නේ ගායන ශිල්පියෙක්, රචකයෙක් වගේම චිත්‍රපටය නිෂ්පාදකයෙක් වන ඇල්ස්ටන් කොච් සමගයි.

 

6. මනෝහාරි වනිගසූරිය
Sri Lankan Beauty Queens
Source – miswor.blogspot.com

1978 වර්ෂයේ පැවති ලෝක රූ රැජිණ තරඟයේ අවසන් 15 දෙනා අතරට ඒමට ඇය සමත් වුනා. රටවල් 68ක සුන්දර තරඟකාරියන් අතරින් තමයි මනෝහාරි වනිගසූරිය මෙනවිය අවසන් පහලොස් දෙනා අතරට තේරෙන්නෙ.

http://www.geocities.ws/komw3/MW1978Delegates.html

http://miswor.blogspot.com/2010/09/1978-miss-world-silvana-suarez.html

 

7. ශිරන්ති වික්‍රමසිංහ
Sri Lankan Beauty Queens
Source – lankagossip9lk.blogspot.com

1973 වසරේ ලක් රූ රැජිණ ලෙස කිරුළු පළඳින ඇය 1973 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගි වෙනව. ඇයව වත්මනෙහි නම් ඔබ අප කවුරුත් හඳුනන්නෙ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හැටියටයි.

 

8. සබ්‍රිනා හර්ෆ්ට්
Sri Lankan Beauty Queens
Source – tommybeautypro.wordpress.com, nickverrreos.blogspot.com

2012 වර්ශයේ මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳි ඇය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් සහ නිරූපිකාවක්. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වුන ඇය එහිදී හොඳම ජාතික ඇඳුම නිරූපණයෙන් අවසන් 5 දෙනා අතරට තේරී පත් වෙනව.

 

9. ජැකලින් ෆර්නැන්ඩස්
Sri Lankan Beauty Queens
Source – pageanttvchannel.blogspot.com

2006 වසරේ මිස් ශ්‍රී ලංකා තරඟයෙන් රූ රැජිණක ලෙස කිරුළු පලන් ඇය 2006 වසරේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී උනා. එහිදී හොඳම ජාතික ඇඳුම නිරූපණයෙන් අවසන් 20 දෙනා අතරට ඇය තේරී පත් උනා. බොලිවුඩ් සිනමාවේ රංගනයට වරම් ලද ඇය මේ වන විට කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිනියක් වී හමාරයි.

 

10. අනර්කලී ආකර්ශා
Sri Lankan Beauty Queens
Source – wikipedia.org, srilankanmodelmiss.blogspot.com

ළමා නිළියක ලෙස ඉටි පහන් ටෙලි නාට්‍යයේ රංගනයේ නිරත වුන ඇය 2004 වර්ශයේ මිස් ශ්‍රී ලංකා තරඟයට ඉදිරිපත් වී ජයග්‍රහණය ලබා 2004 දීම ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමිස් සහභාගී වුනා. සිනමා රංගනයටද, නිරූපණ ක්ෂේත්‍රයටද පැමිණි ඇය පසු කලෙක දේශපාලන කරලියටද පිවිසුනා.

 
Cover Image Source – zimbio.com