ඉස්සර බොලිවුඩ් වල සරාගී නිළියන් හෙවත් සෙක්ස් සිම්බල්ස් විදියට හැඳින්වූ 7 දෙනෙක් මෙන්න

 

අපි මීට කලිනුත් කථා කලානේ ලෝක සිනමාවේ සෙක්ස් සිම්බල්ස් විදියට ලෝක ප්‍රකට වුණු සරාගී නිළියන් කිහිප දෙනෙක් ගැන. හැබැයි දැන් කියන්න යන්නේ අපිට බොහොම කිට්‍ටුවන්ත බොලිවුඩ් ලෝකේ හිටපු සෙක්ස් සිම්බල්ස් ගැන. හැබැයි අපි මේ කතා කරන්නේ අපේ තාත්තලා සීයලා හින්දි පිචර් බලන කාලේ හිටපු සරාගී නිළියෝ ගැන නෙවෙයි. අපි ටීවී බලන කාලේ හිටපු සරාගී නිළියෝ ගැන.ඒ කියන්නේ අසූව, අනූව දශකවල වගේ හිටපු සරාගී නිළියෝ ගැන. මේ අපේ හිත් ගත්තු සරාගී නිළියෝ ලිස්ට් එකේ සමහරු නිකම්ම සෙක්ස් සිම්බල්ස් නෙවෙයි. බොහොම කෘතහස්ත නිළියෝ. එහෙමනම් මෙන්න ලිස්ට් එක!

 

1. මධුරි ඩික්සිත්
Classic Bollywood Sex Symbols
Classic Bollywood Sex Symbols

මෙන්න අනූව දශකයේ හින්දි ‍ෆිල්ම් බලපු පොඩි කොල්ලන්ගේ ලෝකේ රජකරපු ග්ලැමර් ගර්ල්. මධුරි ඩික්සිත්. ඒ කාලේ කී දෙනෙක්ගේ කාමරවල මධුරිගේ පෝස්ටර් තිබුණද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මධුරි හිටපු දිල්, සාජන් වගේ ‍ෆිල්ම් කොහොමද අප්පා අමතක කරන්නේ. හැබැයි මධුරිගේත් සරාගීත්වය ආවේ ඇගේ පෙනුම, සුන්දරත්වය වගේ දේවල් වලටත් වඩා ඇගේ සරාගී නර්තනයන් නිසා තමයි. විශේෂයෙන්ම කල්නායක් ‍ෆිල්ම් එකේ චෝලී කේ පීචේ ක්යාහේ වගේ ගීත වල ඈ කරපු ඩාන්සින්ග් අයිටම්ස් අමතක කරන්න බෑ බෑමයි!

 

2. රේඛා
Classic Bollywood Sex Symbols
Source – dnaindia.com

බොලිවුඩ් ලෝකේ චිත්‍රපටි 180ක් වගේ සෑහෙන විශාල ප්‍රමාණයක රඟපාලා තියෙන රේඛා පහුකාලීනව ගොඩක් අය දැක්කේ මුහුකුරා ගියපු චරිත වලින් වුනත් මුල් කාලේ රේඛා බොහොම සරාගී චරිත වලට පණ පොවලා රසිකයින්ව පිස්සු වැට්‍ටුවා. විශේෂයෙන්ම රේඛාගේ ඇස්, දෙතොල් සහ පිරිපුන් සිරුරත් එක්ක ඇය රඟපාපු මුකද්දර් කා සිකන්දර් නැත්නම් උම්රාවෝජාන් වගේ ‍ෆිල්ම් වල ඇගේ සරාගීත්වය ගැන තාමත් අපිට මතකයි.

 

3. ශ්‍රී දේවි
Classic Bollywood Sex Symbols
Source – elicuze.com

ශ්‍රී දේවි කියන්නේ ලේසියෙන් ඇඟ පේන ඇඳුමක් ඇඳලා රඟපෑවේ නැති, වැඩිහරියක් අර සාරිය ඇඳලා ඉන්න නියම ඉන්දියානු කාන්තාව චරිතය කරපු  විශිෂ්ට නිළියක්. එහෙමනම් ඇයි ඇයව සෙක්ස් සිම්බල් එකක් විදියට මිනිස්සු අඳුනගත්තේ? ඇගේ සිරුරේ හැඩය, අහිංසක ඒත් සරාගී මුහුණ, බැල්ම වගේම සාරිය අඳින විදිය ඇතුළු සෑහෙන දේවල් නිසා. ඒ විතරක් නෙවෙයි, ශ්‍රී දේවි නටනකොටත් ෆෑන්ස්ලා පිස්සු වැටිලා කටවල් ඇරගෙන බලාගෙන හිටියේ!

 

4. උර්මිලා මතොන්ද්කාර්
Classic Bollywood Sex Symbols
Source – indiatoday.intoday.in

සාමාන්‍යයෙන් 90 දශකයේ ත්‍රිලර් හින්දි ‍ෆිල්ම් බලන කෙනෙක්ට උර්මිලා මතොන්ද්කාර්ව මිස් වෙන්න විදියක් ඇත්තෙම නෑ. ඒ වගේම තමයි ඇගේ සරාගී රංගනයන් අමතක වෙන්න විදියකුත් නෑ. රන්ගීලා වගේ බොහොම ප්‍රසිද්ධ වුණු චිත්‍රපට වලත් ප්‍රධාන චරිත කරපු උර්මිලාගේ ඩ්‍රෙස් සෙන්ස් එක, පෙනුම වගේම රංගනයේ තිබුණු සරාගී බවත් නිසා හින්දි ‍ෆිල්ම් ටැබ්ලොයිඩ් වලින් ඉතාම ඉක්මනට උර්මිලාව සෙක්ස් සිම්බල් එකක් විදියට හඳුන්වන්න පටන් ගත්තා. හැබැයි උර්මිලා සෙක්ස් සිම්බල් එකක් විදියටම හිර වෙලා ඉන්නෙ නැතුව, ඉන්දියානු සිනමාවේ හයි ප්‍රොෆයිල් නිළියක් විදියට ඉස්සරහට එන්න පාර හදාගත්තා කියන එකත් කියන්නම ඕන.

 

5. ඩිම්පල් කපාඩියා
Classic Bollywood Sex Symbols
Source – pyrite.club

ඇත්තටම ඩිම්පල් කපාඩියා කියන්නේ 80, 90 දශක වල සෑහෙන්න රසික පිරිසකගේ සිහින කුමාරි කිව්වොත් වැරදි නෑ. බොලිවුඩ් වල මේ කාලේ අග්‍රගණ්‍ය සරාගී නිළිය විදියටත් සමහරු ඩිම්පල් කපාඩියාව අභිෂේක කලා. නිකම්ම නෙවෙයි. නැෂනල් සෙක්ස් සිම්බල් එක විදියට.ඇත්තටම ඇගේ බැල්මේ, හිනාවේ තමයි ඒ සරාගීත්වය ‍රැඳිලා තිබුණේ.හැබැයි තමන්ගේ රංගන වෘත්තිය ගැන බොහොම සීරියස් හිතපු ඩිම්පල් සෙක්ස් සිම්බල් එකක් විතරක් නොවී අග්‍රගණ්‍ය නිළියක් වෙන්න පාර හදාගත්තා, බොහොම දක්ෂ විදියට චරිත ‍තෝරාගැනීමත් එක්ක. හැබැයි ඒ කොහොම වුනත් ඩිම්පල්ගේ බිකිනි දර්ශන එහෙම තාමත් අමතක කරන්න බැහැ. එතකොට අර දිල් චාතා හේ චිත්‍රපටියේ අවුරුදු හතළිස් ගණනක කෙනෙක් විදියට ඈ කරපු චරිතෙත් අපිව පිස්සු වැට්‍ටුවා කිව්වොත් හරි.

 

6. මම්තා කුල්කර්නි
Classic Bollywood Sex Symbols
Source – indiatimes.com

මම්තා කුල්කර්නි කියන්නේ දැවැන්ත නමක් බොලිවුඩයේ හදාගත්තු නිළියක් නෙවෙයි. විශේෂයෙන්ම ඒ කාලේ තිබුණු දැඩි තරඟයත් එක්ක මම්තා පස්සෙන් හිටියේ. ඒත් මම්තා කුල්කර්නිගේ සිරුර, පෙනුම, සරාගී බැල්ම නිසා ඈව අපිට මතක තිබුණා කරන් අර්ජුන්, සබ්සේ බඩා කිලාඩි, බාසි වගේ චිත්‍රපටි වලින්. කොහොම හරි මම්තා ශාරුක්, සල්මාන් වගේ තරු එක්කත් එකට රඟපෑවා. හැබැයි මම්තා කුල්කර්නි කෙලින්ම සෙක්ස් සිම්බල් එකක් විදියට මිනිස්සු භාරගත්තේ ස්ටාර්ඩස්ට් මැගසින් එකේ කවර් පේජ් එකට උඩුකය නිරුවත් ඡායාරූපයකට පෙනී හිටියට පස්සේ තමයි!

 

7. පූජා බේදි
Classic Bollywood Sex Symbols
Source – pinterest.com, twitter.com/poojabeditweets

ජෝ ජීතා වොහී සිකන්දර්, ලුතේරේ වගේ ‍ෆිල්ම් වලින් අපේ කාලේ ජනප්‍රිය වුණු පූජා බේදි පහුකාලේක ගොඩක් දෙනා අඳුනගත්තේ රියැලිටි වැඩසටහන් නිවේදිකාවක් විදියට. හැබැයි අනූව දශකයේ පූජා බේදිගේ රංගනයන්, ඇගේ කිසිම දෙයක් ඕනවට වඩා ගණන් නොගන්න නිදහස් කාමී ගතිය වගේම පෙනුම නිසාත් ඇයව එක ‍රැයින් සරාගී නිළියක් විදියට ගොඩනැඟුනා. ඒකට අමීර් ඛාන් එක්ක කරපු ජෝ ජීතා වොහී සිකන්දර් රංගනයත් හේතුවක් කිව්වොත් හරි.

 
Cover Image Source – Aniwa.lk