චණ්ඩි කෙල්ලොන්ට කැමති අයට මෙන්න සුපිරිම හොලිවුඩ් කාන්තා වීර චරිත 9ක්

චිත්‍රපට වල නිළි චරිත තුලින් අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නෙ. ප්‍රේමණීය, උත්සාහවන්ත, ළඳ බොළඳ අහිංසක ටයිප් චරිත තමයි. හැබැයි නාහෙට අහන්නැති, යකෙක්ටවත් බය නැති කාන්තා චරිත තියන චිත්‍රපටත් අපිට ඉඳහිට හෝ හමුවෙනවා. අන්න ඒ විදිහෙ වීර කාන්තා චරිත වල තියෙන්නෙත් අමුතුම ආකර්ෂණයක්. වැඩිපුරම මේ විදිහෙ චිත්‍රපට බිහිවෙන්නෙ හොලිවුඩ් වල කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

ඉතින් මේ කියන්න යන්නේ හොලිවුඩ් සිනමාපට වලින් බිහිවුණු සුපිරි කාන්තා වීර චරිත 9ක් ගැන තමයි. මෙතැනදී අපි ප්‍රබන්ධිත චරිත විතරයි අපේ ලිපියට ඇතුළත් කරගෙන තියෙන්නේ. සිනමාවට නැගුණු සැබෑම වීර චරිත ගැනත් අපි ළඟදීම වෙනමම ලිපියක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

 

1. Lara Croft
Source – digitaltrends.com

චිත්‍රපටය –  Lara Croft: Tomb Raider

ලාරා ක්‍රොෆ්ට් කියන්නෙ සුපිරි ගැහැණියක්. සුපිරි මොළයක්. පුරාවිද්‍යාඥවරියක්. සුපිරි නම්‍යශීලී සිරුරක් සහිත ලස්සන ගැහැණියක්. ටෙලිවිෂනයේදිනං මේ විස්තර ටික කිවුවම මතක් වෙන්නෙ රෙලික් හන්ටර්ස්වල සිඩ්නි ෆොක්ස්ව. හැබැයි පුතෝ සිනමාවෙදි නං මේ ඉන්නෙ වන් ඇන්ඩ් ඔන්ලි ඇන්ජලීනා ජොලී කෙල්ල. ටූම්බ් රේඩර් ෆිල්ම් එකේ එයා දාන වැඩ කිඩ ටික නිසාත්, එයාගෙ ලස්සන සිරුර නිසාත්, තාමත් ඒ ෆිල්ම් පෝස්ටර් ටික නැගලම යනවා. ඔරිජිනල් කැරැක්ටරේ හැදෙන්නෙ වීඩියෝ ගේම් එකකින්.

 

2. Black Widow
Source – screenrant.com

චිත්‍රපට – Iron Man 2/The Avengers/Captain America: The Winter Soldier

මේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ සරාගී නිළි ස්කාලට් ජොහැන්සන්. මාවල් කොමික්ස්ලගේ මේ කැරැක්ටරේ සුපිරි වීර චිත්‍රපටවලට සෙට්වෙච්ච ගැහැණු කැරැක්ටර් අතලොස්සෙන් ඉදිරියෙන්ම ඉන්නවා. බ්ලැක් විඩෝව මුලින්ම ගේන්නෙ අයන් මෑන් ෆිල්ම් වලින්. හැබැයි බ්ලැක් විඩෝ ඒ තුළ වෙනසක් කරන්නෙ සාමාන්‍යයෙන් කණ්ඩායම් සුපිරි වීර චිත්‍රපට ඇතුළෙ තනි කැරැක්ටර් ගොඩ නැගුනෙ නැතත් ඒ දේට සාධාරණයක් කරමින්. කොහොමත් ඉතිං ඇවෙන්ජර්ස්ලගෙයි ශීල්ඩ්ලගෙයි සෙට් එකේ ඉන්නව කියන්නෙ ඉතින් මෙයාගෙ තරම හිතාගන්න පුළුවන්නෙ.

 

3. The Bride
Source – independent.co.uk

චිත්‍රපට – Kill Bill: Volume 1 සහ Kill Bill: Volume 2

කැරැක්ටරේ ක්වන්ටින් ටැරන්ටිනෝ මහත්තයාගෙ කිල්බිල් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය. තමුන්ගෙ වෙඩින් රිහසල් එකේ ඇවිල්ලා මහා විනාශයක් කරපු අයගෙන් පළිගන්න මේ චරිතයේ නම බියට්‍රික්ස් කිඩෝ. එයාගෙ කෝඩ් නේම් එක “බ්ලැක් මම්බා”. බ්‍රයිඩ් කියන්නෙ එයාව මේකෙදි හඳුන්වන ප්‍රධාන නම. කැරැක්ටරේ රඟදක්වන්නෙ උමා තර්මන්. එයා මේක මැද්දෙ ආර්ලීන් කියලත් තැනක හඳුන්වනවා. මේ ලිස්ට් එකේ ඉන්න දක්ෂම කෙනෙක් වෙච්ච මෙයා දාන වැඩ ටික නිසා මේ කැරැක්ටරේ එම්පයර් මැගසීන් එකේ ශ්‍රේෂ්ටතම චිත්‍රපට කැරැක්ටර් 100 අතරටත් එක්වෙනවා.

 

4. Princess Leia
Source – instinctmagazine.com

චිත්‍රපට – Star Wars

හොලිවුඩ් කාන්තා වීරවරියො ගැන කතා කරද්දි සුප්‍රකට ස්ටාර් වෝර්ස් චිත්‍රපට වලින් අපි හමුවට ආපු ලේයා කුමරියවත් අපිට අමතක කරන්න බැහැ. ලේයා කියන්නෙ ලූක් ස්කයිවෝකර්ගේ නිවුන් සොයුරිය. මේ චරිතයට පණ පෙවුවෙ කැරී ෆිෂර්. ලේයා චරිතය රඟපාන්න කලින් කැරී රඟපාල තිබ්බෙ එකම එක ෆිල්ම් එකක් විතරයි. ඒ උනත් කිසිම ආධුනික බවක් නැතිව තමන්ගෙ චරිතයට සාධාරණයක් ඉටු කරන්න ඇය සමත්වෙනව. 80 ගණන් වල ජනප්‍රියම සිනමා චරිතයක් හැටියට වැජඹෙන්නත් ඇය සමත්වෙනව.

 

5. Ellen Ripley
Source – skiffyandfanty.com

චිත්‍රපට – Alien

ඒලියන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙච්ච එලන් රිප්ලි චරිතයත්, ඒ චරිතය වෙනුවෙන් සිගෝනි වීවර් කරපු රංගනයත් ඔයාලට අමතක නැතිව ඇති. නලුවොම විසින් ප්‍රධාන වීර චරිත රඟපාන හොලිවුඩ් ෆිල්ම් වලට දැනෙන වෙනසක් කරන්න මේ කාන්තා චරිතය සමත්වුණා. භයානක පිටසක්වල ජීවියාගේ ප්‍රහාර වලින් තමන්ගෙ සඟයො එකින් එක මැරෙද්දි ඒ උවදුරට එරෙහිව අභීතව සටන් කරන මේ කාන්තාව ගැන ඒ කාලෙ පොඩි ළමයි හැටියට ඒලියන් බලපු අපිට පුදුමත් හිතුන.

 

6. Cataleya Restrepo
Source – latribuna.hn

චිත්‍රපටය – Colombiana

කොලොම්බියානා චිත්‍රපටයේ මේ චරිතය නිරූපණය කරන්නෙ සෝ සල්ඩානා විසින්. ඇගේ පුංචි කාලෙම මියයන දෙමවුපියන් ඇයට තෑගි කරන කැටලියා ඕකිඩ් මලට සමාන ගෙල පළඳනාව ඇගේ චරිතය නිර්ණය කරනවා. මේ චිත්‍රපටයෙදි ඇසසින් කෙනෙක්ගේ චරිතය ඉතා සාර්ථකව රඟදක්වන්නට සල්ඩානා සමත් වෙනවා. ෆිල්ම් ටික කරන්නෙ ටේකන් මාලාව වගේම ට්‍රාන්ස්පෝටර් චිත්‍රපටයකුත් නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් නිසා ඇගේ චරිතයේ වීරත්වය ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

 

7. Trinity
Source – matrix.wikia.com

චිත්‍රපටය – The Matrix

මේට්‍රික්ස් චිත්‍රපට මාලාවෙ කැරී-ඈන් මෝස් රඟපාන ට්‍රිනිටිගෙ කැරැක්ටරේ ගැනත් මේ ලිස්ට් එකට ඇතුළත් කරන්න ඕනමයි. මෙතන තියෙන චරිතවලට වඩා වෙනස් වුනත් එහි ඇති ක්‍රීඩාශීලී ලක්ෂණ සහ චිත්‍රපටයේ විද්‍යාත්මක පසුබිමකුත් සමග මුසු වෙන සටන් නිසා මේ චරිතයට ලැබෙන ඉඩ වැඩියි. ප්‍රධාන චරිතයෙන් වැසී යතැයි සිතුනත් මේ චරිතය හැකර් කෙනෙක් විදියටත් ඉදිරියට එන නිසා නියම කික් එකක් තියෙනවා.

 

8. Elektra
Source – sneakpeek.ca

චිත්‍රපටය – Elektra

කොමික් කැරැක්ටර් එකක් වෙච්ච ඉලෙක්ට්‍රා කැරැක්ටර් එක ආදරයත් සාහසික බවත් මුසු වෙච්ච වෙනස්ම කැරැක්ටර් එකක්. කොමික් කැරැක්ටර් එක චිත්‍රපටයට එද්දි එය රඟපාන්නට තෝරාගන්නේ ඒ කාලෙ හිටපු සරාගීම නිළියක් වන ජෙනිෆර් ගානර්ව. දැන් අවුරුදු 45ක් වුනාට ජෙනිෆර් මේ කැරැක්ටරේ කරන කාලෙ අතිශය සරාගී කාන්තාවක්. සැකයිනං එයාගේම Alias ටෙලි සීරීස් එක බැලුවත් පාඩු නැහැ. මාවල් කැරැක්ටර් එකක් වෙච්ච ඉලෙක්ට්‍රා ෂීල්ඩ් කණ්ඩායමටත් අයිතියි.

 

9. Lilah Black
Source – prop-replica.weebly.com

චිත්‍රපටය – Jonah Hex

සුප්‍රසිද්ධ ජෝනා හෙක්ස් චිත්‍රපටයේ මේගන් ෆොක්ස්ගේ මේ කැරැක්ටර් එකත් අපි මේ ලැයිස්තුවට එක් කරනවා. DC Comicsලගේ ෆිල්ම් එකේ සපෝටින් කැරැක්ටර් එකක් විදියට ආවට බවුන්ටි හන්ටර් කෙනෙක් විදියටයි ඇය ප්‍රසිද්ධ වෙන්නෙ. ඇයගේ වටපිටාව සහ ඉතිහාසය කුමක් වුවත් ඇය ඉතා මානුෂීය සහ ආදරය පිරි කාන්තාවක් බවත් මෙම චරිතයෙන් පෙන්වනවා.

 

Cover Image Source – matrix.wikia.com, vsbattles.wikia.com, sideshowtoy.com, playbuzz.com, losandes.com.ar