ජපන් කොරියන් ෆැෂන් වලට කැමති කොල්ලෙක්ට ට්‍රයි කරල බලන්න පුලුවන් අලුත්ම ෆැෂන් ට්‍රෙන්ඩ්ස් මෙන්න

සමහර වෙලාවට පාරේ යනකොට ඔබත් දැකලා ඇති පෙම් රැල්ලක් දාලා යන කොල්ලෝ, ස්ට්‍රෙච් ජීන්ස් අඳින කොල්ලෝ එහෙම. ඒ වගේ ෆැෂන් ට්‍රෙන්ඩ් එන්නේ කොහෙන්ද කියලා එහෙම හිතලා බැලුවේ නැද්ද? මේ සියල්ල කොරියන් සහ ජපාන ජනප්‍රිය සංස්කෘතියේ කොටස්.
ඔබත් ටීවී එකෙන් ඔය කොරියන් ජපාන වැඩසටහන් එහෙම බලනකොට බොහොම සුකුමාර පෙනුමට ඉන්න තරුණයෝ එහෙම දකිනවා ඇති. ඔබේ හිතෙත් එහෙම ෆැෂනබල් පෙනුමකට කැමැත්තක් තිබ්බා නම් මේ ලිපිය ලියවෙන්නේ එහෙම ෆැෂන් කරන්න කැමැති ඔබ වෙනුවෙන්ම තමයි.

 

1. ජැපනීස් හෙයා ස්ටයිල්ස්
Source – asianfanfics.com, pinterest.com, stylesatlife.com
  • පැස්ටල් බ්ලූ මිඩ් ලෙන්ත් හෙයාස්ටයිල් (Pastel Blue Mid Length Hairstyle)
    මේ හෙයාස්ටයිල් එක මිඩ්ල් ලෙන්ත් ඒ කියන්න තරමක් කොණ්ඩය දිගට තියෙන කෙනෙක්ට තමා කරන්න පුළුවන්. අළු පාට සහ නිල්පාට මික්ස් උන හෙයා කලර් එකක් එක්ක ඉදිරිපසට පීරා පැත්තට කල සරල විලාසිතාවක්. පැහැපත් හමක් තියෙන තරුණයෙක්ට හොඳින්ම ගැලපෙනව.

 

  • ෆ්රන්ට් ශිෆ්ටඩ් ලේයර්ස් (Front Shifted Layers)
    ජපානයේ බොහොම ජනප්‍රිය හෙයා කට් එකක්. දෙපසින් කොණ්ඩය පීරලා, හිස ඉහලින් තිබෙන කෙස් රොද පොයින්ට් කිරීම මෙහි ක්‍රමය වෙනවා. ගොඩක් වෙලාවට කැෂුවල් අවුට් එකකට යන ජපාන තරුණයින් තමන් අඳින ඇඳුමට ගැලපෙන විදියට මේ ස්ටයිල් එක කරනවා.

 

  •  සමුරායි බන් (samurai Bun)
    ජපානයේ විතරක් නෙවෙයි ලංකාවේ වුනත් හැම තැනකම Man Bun එකක් ගහගත්තම පොඩි කඩවසම් ගතියක් එනවා තමා. ඉතින් මේක ජපානයට විතරක් වෙනස් වෙන්න විදියක් නැහැනේ.

 

2. ජැපනීස් ෆැෂන් ට්‍රෙන්ඩ්ස්
Source – pinterest.com, sweatshirtxy.com, fashioncombine.us
  • ග්‍රීන් ඇන්ඩ් ග්‍රේ (Green and Gray)
    මේක ෆැෂන් ට්‍රෙන්ඩ් එකක්ම නෙවෙයි. මේක කලර් තීම් එකක්. ගොඩක් වෙලාවට ග්‍රේ පාටට ගැලපෙන්න ගොඩක් ජපාන ජාතිකයින් කොළ වර්ණය භාවිතා කරනවා. අපිටත් ඕනේ නම් ට්‍රයි කරලා බලන්න පුළුවන්.

 

  • බොම්බර් ජැකට් (Bomber Jacket)
    ඇත්තටම මේ ජැකට් ස්ටයිල් එක ලෝකය පුරාම ජනප්‍රියයි. දෙවන ලෝක යුධ සමය දක්වා දිවෙන අපූරු ඉතිහාස කතාවක් මේ ජැකට් එකට තියෙනව. ජපානයේ ට්‍රෙන්ඩ් උනාට මේ ස්ටයිල් එක අපිට ගැලපෙන්නෙ සීතල කාලගුණයක් තියෙනව නම් තමා. උණුසුම රඳවගන්න විදියට ඉණටත් අත් වල කෙලවරටත් ඉලාස්ටික් සහිතවත් ඉදිරිපස පොකට් සහිතවත් තමා නිමවිලා තියෙන්නෙ. මේක යුනිසෙක්ස් ෆැශන් එකක්.

 

  • ෂෝර්ට් පෑන්ට්ස් (Short Pants)
    සරල විලාසිතාවක්. දණහිස වැහෙන තරමට පමණක් දික්වූ කොට කලිසම් දැන් දැන් ජපානෙ ට්‍රෙන්ඩ් වෙනව. තනි පාට වගේම මුද්‍රිත රෙදිත් මේකට යොදා ගන්නව. මේ ශෝර්ට් එකට ටීශර්ට්ස් වගේම ශර්ට් සහ ජැකට් විලාසිතාවනුත් ඔවුන් අවස්ථානුකූලව අඳින්න ගන්නව.

 

3. කොරියන් හෙයා ස්ටයිල්ස්
Source – pinterest.com, mdemulher.abril.com.br
  • කොලේජ් බෝයි (College Boy)
    ෂෝට් සයිඩ්ස් වලින් කොණ්ඩේ දෙපැත්තට පීරලා හිසේ ඉතුරු වෙන උඩ කෙස් කැරැල්ල, කොණ්ඩය මතම රඳවාගෙන ඉහලට පීරා ගැනීම තමයි මේ. එහෙම කලාට පස්සේ ඉතින් ඕනෙම කෙනෙක් ඉස්කෝලේ යන ලාබාලයෙක් වගේ පේනවා කියන එකේ පුදුම වෙන්න දේකුත් නැහැ.

 

  • රෙඩ් මීඩියම් හෙයා (Red Medium Hairstyle)
    ටිකක් වැවුණු කොණ්ඩයක් මෙයට අවශ්‍ය වෙනවා. ඒ වගේම කොණ්ඩය මදක් ස්ට්‍රේට් කරලා තිබීමත් මේ ස්ටයිල් එක කරන්න පහසුවක් වේවි. මේ රෙඩ් මීඩියම් හෙයා ස්ටයිල් එක හුඟක්ම බ්‍රයිට් රෙඩ් එකක් නෙවෙයි නිසා අපේ හමට ගලපගන්න එකේ එතරම් අවුලකුත් නෑ.

 

  • කොරියන් ස්පයිකි පන්ක් හෙයාස්ටයිල් (Korean Spikey Punk Hairstyle)
    මේ හෙයාස්ටයිල් එකට නම් ස්ට්‍රේට් කරපු හෝ ස්වභාවිකවම ස්ට්‍රේට් කොණ්ඩයක් තියෙන්න ඕනෙ. මුළු කොණ්ඩයම ස්පයික් කරල කැමති නම් හෙයා කලර් එකකුත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විලාසිතාව කොරියන් ෆිල්ම් එහෙම බලන ඔයාලට අමුතුවට පේන එකක් නෑ.

 

4. කොරියන් ෆැෂන් ට්‍රෙන්ඩ්ස්
Source – topman.com, warosu.org, pinterest.com
  • ඇත්ලීශර් (Athleisure)
    නමින්ම තේරෙනවනෙ පොඩි ඇත්ලටික් ලුක් එකක් එක්ක ලෙශර් වෙයාර්ස් වල ෆියුශන් එකක් කියල. කොරියන් ජාතිකයන් කවදත් එකම විදියක කොටු නොවී අළුත් අළුත් අත්හදාබැලීම් කරන අය. පහසු කොට කලිසමක්, සරල ටීශර්ට් එකක් එක්ක ඩෙනිම් ජැකට් එකක් සහ කැප් එකක් මේ විලාසිතාවට එකතු වෙනව. ස්පෝර්ට් ශූස් තමා මේ ස්ටයිල් එකට ගැලපෙන්නෙම.

 

  • ඩබල් ජැකට් (Double Jacket)
    අපි ඉහතින් කියපු ජැකට් එකට උඩින් ලෙදර් වගේ ජැකට් එකක් අඳින අවස්ථා තිබෙනවා. නිල් ඩෙනිම් ජැකට් එක පෙනෙන්න ඊට උඩින් කළු ලෙදර් ජැකට් එක ඇන්දම ලස්සනයි.

 

  • එයිටීස් ෆැෂන් ෆෝ මෙන් (80’s Fashion for Men)
    ෂෝර්ට් පෑන්ට් එකට ෂර්ට් එක යට කරලා බෙල්ට් එක දාලා බෝට් ශූ දෙකක් දැම්මම ඇඳුම සම්පුර්ණයි. හැබැයි ඔබ අනිවා පොඩ්ඩක් සිහින් සිරුරැති වෙන්න ඕනේ. එහෙම වුනොත් තමයි මේ ඇඳුම ලස්සන වෙන්නේ.

 

ලංකාවෙ තරුණියන්ට අනුගමනය කරන්න පුළුවන් කොරියානු සහ ජපන් විලාසිතා ගැනත් අපි ලිපියක් ලිවුවා. ඒ ලිපිය මෙතැනින් කියවන්න පුළුවන්.

 

Cover Image Source – kpopstuff.com