ලංකාවෙ සමහර මිනිස්සු තමන්ට ඕනෙ ඕනෙ විදිහට වචන වෙනස් කරන්නෙ මෙහෙමයි

මිනිස්සු කතා බහ කරද්දි එක එක උදාහරණ කතා වගේම, තමුන්ගෙ පොඩි පොඩි මත ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ආව වගේ කියනවා. හැබැයි ඒ කතාවලට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී තවත් කතාත් සමාජයේ තියෙනවා. මේ වගේ කතා ජාති දෙකම එකම කෙනා කියනවනං ඔන්න ඉතිං වැඩේ අවුල්. අපි අද කියන්නෙ ඒ කතා ගැන. ඔයාල අඳුරන කෙනෙකුත් මේ විදියෙ කතා ජාති දෙකෙන්ම කියනවනං එයාව මේවට ටැග් කරන්නෙපා. පවුනෙ. එහෙම දෙපිටකාට්ටුවෙක් වෙන්නෙපා කියල එයාට කියල දෙන්න.

 

1. ප්‍රමාදෙ

ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ/කාලය හැමදේම විසඳාවි

Source – funnyjunk.com

ඔන්න ප්‍රසිද්ධම කතාවක්. හැමෝම අපි මොකක් හරි කරන්න පටන්ගනිද්දි කියනව මචං ඕකට කල් ඇර ඇර ඉන්නෙපා ඩෝං ගාලා අත දාපං වැඩේට, කෙළවුනොත් කෙළ වුනා. හරි ගියොත් හරි ගියා කියල. හැබැයි කෙළවුනාට පස්සෙ කියන්නෙ ඉවසපං මචං කාලය හැමදේම විසඳාවි වගේ බයිලා. ඇයි කෙළවුනාට පස්සෙ හරියන්නත් ඉක්මන් උපදෙස් දෙන්නෙ නැත්තෙ?

 

2. ෆෝන් ෆෝන් ෆෝන්

හැම තිස්සෙම ෆෝන්වල එල්ලිලා ඉන්න එක මහ කරුමයක්/තාක්ෂණයෙන් අප්ඩේට් නොවෙන එකනං කරුමයක්

Source – youtube.com/Uhulanna Bari Tharam – Sudesh Rajitha

මේකත් එහෙමයි. කොයි වෙලේ බැලුවත් ෆෝන් එකේමයි කියල කුනු කුනු ගාන අයම, මොනාද අනේ කිසිම නිවුස් එකක් ගැන ඔයා අප්ඩේට් නැහැනෙ කියලත් දොස් කියන එක අවුල්. දැන් කාලෙ නිවුස් දැනගන්න හොඳම ක්‍රමය වෙන ඉන්ටර්නෙට්වලට ලේසිම පිවිසුම තියෙන්නෙ ෆෝන් එකෙන් කියල හැමෝම දන්නවනෙ.

 

3. සල්ලි

සල්ලිම නෙමෙයි ජීවිතේ/සල්ලි දෙයියන්ගෙ මල්ලි

Source – billmoyers.com

ඔන්න ඉතිං තමුන්ට වාසියක් සිද්ධ නොවෙන හෝ තමුන්ට අදාළ නැති දෙයක් ගැන සල්ලි කතාවක් ඇදුනම මිනිස්සු කියන දේ තමයි සල්ලිම නෙමෙයිනෙ මචං ජීවිතේ කියන එක. හැබැයි තමුන්ට ගාණක් එන්න තියෙනවනං ඔය තියරි අහලකවත් නැහැ. ඒක ඉතිං ලොකු අවුලක්. කට්ටිය ඒ වෙලාවට කියන්නෙ සල්ලි දෙයියන්ගෙ මල්ලි කියලයි.

 

4. කටු කෑම

අද කට්ට කෑවොත් හෙට මදේ කන්න පුළුවන්/හෙටක් කියල දෙයක් අපේ හිතේ නෑ මල්ලී

Source – tenor.com

දැන් ඔය සමහර සීන් හරි විදියට ජීවිතේට ඉම්ප්ලිමන්ට් කරගන්න ලොකු කට්ටක් කන්න වෙනවනෙ. එහෙම ලොකු කට්ටක් කන්න වෙන දේක තියෙන එකම බලාපොරොත්තුව තමයි අනාගතේ කවදා හෝ දවසක ආතල් එකේ ඉන්න ලැබේවි කියන බලාපොරොත්තුව. ඉතිං කටු කන වෙලාවට කොහොමහරි මේ කට්ට කාපන් කියල තල්ලු කරන එකා, ඌට කට්ටක් කන්න වුනාම අපි නං ඔය අනාගතේ ගැන වද වෙන්නෙ නැහැනෙ වගේ ටෝක් දීලා ෂේප් වෙන එකනං නරකයි.

 

5. ඉවසීමේ සීමාව

ඉවසීමෙන් සැනසීම ලැබේ/තවත් ඉවසුවොත් ඔලුවටම අත හෝදාවි

Source – youtube.com/Mathak Wenawa – Sithum Nimantha

අපි හිතමුකො දැන් ඔය මොකක් හරි ලැබෙනකං අපිට ඉවසං ඉන්න බැරි නිසා අපි ඒ දේ ලංකරගන්න කෙටි ක්‍රම හොයනව කියල. ඒ වෙලාවට අපිට උපදෙස් දෙන්න එන අයියලා කියන ප්‍රධානම දෙයක් තමයි ඉවසීමෙන් සැනසීම ලැබෙනව කියන එක. හැබැයි ඉතිං අපි හිත‍මුකො අපි ඔහොම ඉවසුවෙ කෙල්ලෙකුගෙ සීන් එහෙකට හෝ හතුරෙකුගෙ සින් එහෙකට කියල. ඒ වෙලාවට ඉවසලා ඉවසලා වෙලාව පහුවුනාම ඔය ඉවසපන් කියපු අයියලම තවත් ඉවසන්නෙපා කියල කියන්නත් ඉඩ තියෙනවා. එතකොට පුතේ පරක්කු වැඩියි. එනිසා ‍මුලින්ම ඔය දෙපිටකාට්ටු ටෝක් දාන අය අඳුනගන්න.

 

6. පෝෂණේ

පළතුරු කන එක ඇඟට ගුණයි/වැඩිය පළතුරු කෑවොත් සීනි – බත් කියන්නෙ තනිකරම මහත් වෙන දෙයක්/ ඔය වෙනිං ජාති කාලා හරියන්නෙ නෑ ඇඟට හොඳ බත් ටිකක් හොඳට කෑවොත් තමයි

Source – buzzfeed.com

පෝෂණේ ගැන ටෝක් දෙන අයියල ඉන්නවනෙ. ඔය අයියලත් කාලෙන් කාලෙට මේ වගේ දෙපිටකාට්ටු ටෝක් ඉෂූ කරනවා. ඔන්න කාලෙකට කියනව පුරාණ සිංහලයො ඇඟ හැදුවෙ මේ බත් කොස් කාල තමයි කියල. ආයෙ වෙලාවකට කියනව ඔහොම ඇඟට පිෂ්ඨය පුරවන්නෙ නැතුව පළතුරක් කාලා එක්සයිස් කරපං කියල. ඒ වෙලාවට ඒ අයියලට අමු අන්නාසි ගෙඩියකින් මූණ පුරෝලා ගහන්න හිතෙනවා.

 

7. කෝ නෑයෝ… කෝ හිතමිතුරෝ…

කාත් එක්කවත් සම්බන්ධයක් නැති තරමටම හොඳයි/මැරුණු දාට කවුද පෙට්ටියටවත් අතගහන්නෙ?

Source – accuris-networks.com, newsfirst.lk

දැන් ඔය වෙලාවකට ආපෝ මටනං මොකෙක්වත් දිරවන්නෙ නෑ, මට ඉන්නෙ මං විතරයි වගේ ටෝක් දෙන බුවාලා තමුන්ගෙ කවුරුහරි ගැන කතාකරද්දි මැරුණ දාකට කවුද පෙට්ටියටවත් අතගහන්නෙ වගේ ටෝක්ස් ඉෂූ කරනව. ඒ කියන්නෙ එයාගෙ හිත යටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. ඒත් එයා දෙපිටකාට්ටු ටෝක්ස් දීලා තියෙන නිසා ඒව අයින් කරගන්න බැරුව ඉන්නෙ.

 

Cover Image Source – smjbuzz.com