කොළඹ අවට රස කොත්තුවක් ගන්න පුළුවන් ප්ලේස් 7ක්

කොත්තු කියන්නෙ ශ්‍රී ලාංකික අපේ ජීවිත වලට ඉතාම සමීප කෑමක්. ඉස්සර මස්, මාලු සහ බිත්තර කොත්තු හැටියට සරළ රස කීපයකින් පටන් ගත්තු කොත්තුව දැන් සෑහෙන වෙනස්කම් වලට ලක්වෙලා. කොත්තු කඩේකට ගියහම අද කන්නෙ මොන කොත්තුවක්ද කියල තීරණේ කරන්න බැරුව අසරණ වෙන තරමට වෙනස් වෙනස් රසයන්ගෙන් යුතු කොත්තු රැසක් දැන් බිහිවෙලා. මේ විදිහට අපි කවුරුත් එපා නොකියන කොත්තු වලට ෆේමස්ම ස්පොට්ස් වැඩිපුරම තියෙන්නෙ කොළඹ අවට කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ නිසා අපි මේ කියන්න යන්නෙ ෂේප් ගාණකට, නිදහසේ සෙට් වෙලා කොත්තු පාරක් දාල එන්න පුලුවන් කොළඹ අවට තියන හොඳම කොත්තු ස්පොට් 7ක් ගැනයි.

 

1. හොටෙල් ඩි ප්ලාසා
Source – google.lk/maps, facebook.com/Hotel De Plaza

ප්ලාසා කොත්තුවලටම අති ප්‍රසිද්ධයි. චීස් කොත්තු, පාලන්දි කොත්තු, ඩොල්ෆින් වගේම සේවරි රසට මසාල කොත්තුව කන්නත් හොටෙල් ඩි ප්ලාසා මරු. මෙයාලගෙ කිරි මාළු කොත්තුවත් සුපිරි. දැවිල්ලට සෝස් රසට කනවනං ඩෙවිල්ඩ් කොත්තුත් තියෙනව. අයිස් කැට ක්‍රෂ් වෙලා හැපි හැපි මයිලෝ එකක් එක්ක කැලති කැලති උගුරට බස්සගන්න ගමන්ම කොත්තුව කෑවනං තමයි ගති. තියෙන්නෙ කොල්ලුපිටියෙ. ගාලු පාරෙ.

දුරකථන – 011 4852600

තැන මෙතන –

 

2. ප්‍රනීත
Source – google.com/maps

තියෙන්නෙනං කොල්ලුපිටියෙ අස්සක. ප්‍රනීත ඉස්සර තිබ්බෙ බේරෙ වැව කිට්ටුව. දැන් තැන වෙනස් වුනාට කට්ටිය තාම ඒකට කියන්නෙ ලේක් විවු කියලයි. ඒ වගේම ප්‍රනීත ගමේ බත් කඩේ කියලා නම තිබ්බට මේකෙ කොත්තු අති ප්‍රසිද්ධයි. පැත්තට පොල් සම්බෝල ටිකකුත් තියල දෙන ඉඳිආප්ප කිරි මාළු කොත්තුව තමයි අපි සුපිරියටම රෙකමන්ඩ් කරන්නෙ. ඒ නැතත් ප්‍රනීතෙ පෝක් කොත්තුව වගේම රුපියල් පන්සීයෙ කිරි වෑහෙන චීස් කොත්තුවටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. මස්, මාලු, ඉස්ටු වගේම කකුළුවො වගේ කෑමත් තියෙන නිසා නූඩ්ල්ස් කොත්තුවක් වුනත් වෙන තැන්වලට වඩා රසට කන්න පුළුවන්.

දුරකථන – 011 2333399

තැන මෙතන –

 

3. සප්පායම
Source – google.lk/maps

තියෙන්නෙ බේබෘක් පාරෙ සිරසෙ අල්ලපු වැටේ. මෙතනත් තියෙනව කෑම ජාති ගොඩක්. කට දැවිල්ලට කන්න කැමති ඕන කෙනෙකුට අපි රෙකමන්ඩ් කරන්නෙ සප්පායම තමයි. වට්ටියට නෙළුම් කොලේ දාලා දුං දාන දැවිල්ල කොත්තුවයි හොද්දයි එක්ක දෙන සප්පායමේ හින්දලා උයපු බීෆ් කරිය නිසා කොත්තු බඩට බහිනව දැනෙන්නෙ නෑ.

දුරකථන – 011 4848238

තැන මෙතන –

4. නිවු මැජස්ටික්
Source – zomato.com, google.lk/maps

නමෙන්ම තේරෙනවනෙ පොට් එක තියෙන්නෙ මැජස්ටික් සිටිය ඉස්සරහ. මේ කොත්තුවෙ පාට මේගොලොන්ටම අනන්‍යයි. ඒ කොත්තුවෙ රොටියෙ තියෙන රසට මස් කෑලි හැපුනොත් අපරාදෙ කියලත් හිතේවි. ඒ තරමට රසයි රොටිය. චීස් කොත්තුව හවසකට වගේ බඩට දාගන්නවනං දෙන්නෙකුට සුපිරියට ඇති. ඇඟිලි සූප්පන්න බලාගෙන යන්න.

දුරකථන – 0778996716

තැන මෙතන –

 

5. ටොයිනා නානාස්
Source – tripadvisor.com, migrationology.com

නානල ඉන්නෙ කොහෙද කියල දන්නවනෙ. නානාලා ඉන්නෙ ගෝල්ෆේස් එකේ. එතනින් අපි රෙකමන්ඩ් කරන තැන තමයි මේ ටොයිනා නානා ගෙ පොට් එක. ටොයිනා කියන්නෙ පුතා. කනවනං කන්න මෙයාලා ගාව රොටි ජාතියෙ කෑම ගොඩයි. හැබැයි නානලාගේ වේලෙන්න ගහන කොත්තුවත් ප්‍රසිද්ධයි. හොදි ගතියට හැමෝම කන්න කැමති කොත්තුවට නියම වෙනසක් ටොයිනාගෙ කඩේ කොත්තු බාස් ගේනවා. ඉඳිආප්ප කොත්තු නැති වුනාට මෙතන තියෙන මස් මාලු ජාති වගේම ඉස්සො කකුළුවො දාලත් සුපිරි දැවිල්ල කොත්තුවක් ගහගන්න පුළුවන්.

තැන මෙතන-

 

6. හොටෙල් ඩි පිලාවුස්
Source – zomato.com

කොත්තුවලට ලංකාවෙ ප්‍රසිද්ධම තැන තමයි මේ. සින්දුවලත් තියෙනවනෙ නම. හැබැයි ඒ සින්දුවල වගේ හොරෙන් කන චාටර් සීන් කරන්න හදන්න එපා. මාළුමිරිස් රසට වගේ දැවිල්ල ඉතිරෙන කිරි බේරෙන මස් චීස් කොත්තුව ගහගන්න පුළුවන් වගේම පාන් ගෙඩියක් ගෙනල්ල දුන්නොත් මෙයාලා පාන් කොත්තුවත් නියම රසට ගහල දෙනවා. රස වෙනසකට ඕනනං මෙයාලගේ ඉඳිආප්ප චීස් කොත්තුවත් මරු.

දුරකථන – 011 2580125

තැන මෙතන –

 

7. රහීමා
Source – zomato.com

මේ කඩේ ගැන අමුතුවෙන් වර්ණනා ඕන නෑ. මිනිස්සු දුර තියෙන ඔෆිස්වලට ගියත් ටයි දාගෙන ලොකු ලොකු වාහනවලින් බැහැලා තමුන්ට කන්න පුරුදු තැනකට එනවනං ඒ මෙතන තමයි. බුරියානි රසටත් ප්‍රසිද්ධයි. ඒත් මේ කොත්තුවෙ තියෙන අමුතු දිව පිනවන රස බීම එකක් බිබී කද්දි මරු. මෙතනට නං අපි රෙකමන්ඩ් කරන්නෙ හොට් මයිලෝ එක තමයි. මෙතන හොට් මයිලෝ එකේ රසට ගහන්න තැනක් ඔය පොෂ් කඩවලවත් නෑ, ඒ වගේම ලයිම් ජූස් එකත් මරු.

දුරකථන – 071 0623371

තැන මෙතන –

 

මේ කියපු තැන් වලට අමතරව ටිකක් වෙනස් රසයක කොත්තු පාරක් දාන්න කැමති අයට ද කොමන්ස් සහ චොප් චොප් කොත්තුත් ට්‍රයි කරල බලන්න පුලුවන්. මේ කියපු ප්ලේසස් වලට අමතරව තව හොඳ කොත්තු ප්ලේසස් ගැන ඔයාල දන්නවනම් කමෙන්ට් එකකින් අනිවා අපිට ඒ ගැන කියන්න.

 

Cover Image Source – youtube.com/Chicken Kottu Roti – Sri Lankan Style