අධිබල යතුරුපැදියකින් ඇත්තටම ඔබට බලාපොරොත්තු වෙන්නට පුලුවන් දේවල් 8ක්

මෙයට අනුග්‍රහය:

Bajaj Dominar 400

 

දැන් මෝටර් සයිකලයක් ගන්න නැතිනම් අඩු ගාණේ මෝටර් සයිකලයක් පදින්න හරි හීනයක් නැති කොල්ලෙක් ඉන්න පුලුවන්ද? නෑනේ. එහෙම හිටියත් එකෙක් දෙන්නෙක් තමයි. ඒ තරමටම කොල්ලෙක්ගේ හිත් වලට යකඩ අස්සයෝ කිට්‍ටුවන්තයි. හැබැයි මෝටර් බයික් එකක් ගන්නවා කියන්නේ තියෙන ලොකුම සයිස් බයික් එක ගන්න එකවත්, තමන්ට හිතෙන විදියට ලස්සනම බයික් එක ගන්න එකවත් නෙවෙයි. ඊට වඩා හිතලා බලන්න ඕන දේවල් තියෙනවා. හැබැයි දැන් ඔය මාකට් එකේ තියෙනවනේ සෑහෙන්න බලසම්පන්න එන්ජින් කැපෑසිටි එකක් තියෙන, සුපිරියට පර්ෆෝමන්ස් තියෙන, සුවපහසුවත් ලෙසටම තියෙන, ඔය ඔක්කොටම උඩින් පාරේ යනකොට දකින එවුන් හැරිලා බලන විදියේ නියම යකඩ අස්පයා පෙනුමක් තියෙන මෝටර් සයිකල්. ආන්න ඒ වගේ පවර් බයික් එකක් ගන්න එක මෝටර් සයිකල් පිස්සුව තියෙන පොරකට සෑහෙන්න වටිනවා. එහෙම වටින්නේ ඇයි? මෙන්න හේතු.

 

1. තැනේ හැටියට ඇණේ
Source – youtube.com

දැන් ඔය මෝටර් බයික් එකක් ගන්නකොට ගොඩක් දෙනෙක් කරන පොදු වැ‍රැද්දක් තමයි මෝටර් සයිකලයක් තමන්ට ඕන මොනවා කරන්නද කියලා දන්නෙ නැතිකම. ඒ කියන්නේ මෙහෙමයි. සමහර මෝටර් සයිකල් තියෙනවා හදලා තියෙන්නේම දුර ගමන්, රළු පාරවල් වලට ඔරොත්තු දෙන්න. හැබැයි තව මෝටර් සයිකල් තියෙනවා එදිනෙදා කෙටිදුර ධාවනයට ගැලපෙන්න හදලා තියෙන. දැන් ඉතින් දවසකට උපරිම කිලෝමීටර් විස්සක් තිහක් කඩින් කඩ දුවන ඩයල් එකක් අර දීර්ඝ ගමන් වලට හරියන්න හදපු බයික් එකක් ගත්තා කියලා වැඩක් නෑ. ඒ වගේම තමයි සැහැල්ලු කෙටි දුර ධාවනයට හදලා තියෙන බයික් එකකින් ඕෆ් රෝඩ් ගේම් ගහන්න හැදුවත් වැඩක් වෙන්නෙ නෑ.

හැබැයි හොඳ පවර් මෝටර් බයික් එකක විශේෂත්වය තමයි මේ වැඩ කීපයටම හරියන එක. ඒ කියන්නේ එදිනෙදා කෙටිදුර ධාවනයට වගේම දුර ගමන් වලටත් පවර් බයික් එකක් සුපිරි. හැබැයි ඒ විතරක් නෙවෙයි, බයික් රයිඩ් එකක හැබෑ එක්ස්පීරියන්ස් එක විඳගන්නත්, ඒ කියන්නේ පර්ෆෝමන්ස් රයිඩ් එකකට පාවිච්චි කරන්නත් හොඳ පවර් මෝටර් බයික් එකක් තමයි ගැලපෙන්නේ.

 

2. පෙනුම නං අනිවා!
Source – youtube.com

කොල්ලෙක් බයික් එකක් ගන්න ගියහම ඒකේ පෙනුමට විශේෂ තැනක් දෙන්නෙ නෑ කිව්වොත් ඒක බොරු. ඇත්තටම පවර් මෝටර් බයික් එකකට නැග්ගත් කොල්ලෙක්ට හෙන ගැම්මක් එනවා. මොකද බලසම්පන්න මෝටර් බයිසිකල් හදන්නෙම කලිනුත් කිව්ව විදියට අර ‘යකඩ අස්පයා’ ෆීල් එක දෙන්නම තමයි. ඒ නිසා බොහොම හැඩි දැඩි විදියේ පෙනුමක් තියෙන විදියට, ටිකක් දැවැන්ත ප්‍රමාණයකින් තමයි ඕනම පවර් බයික් එකක් එන්නේ. ගොඩක් වෙලාවට පවර් බයික් එකක අර මාර යකා ලුක් එක එන්නේ තෙල් ටැංකිය සහ මූණ නිර්මාණය කරලා තියෙන විදියෙන් තමයි.  අනික ඔය පවර් බයික් වල එන පාටවල් එහෙමත් අඳුරු පැත්තට බර වගේ ඒවනේ. පවර් බයික් එකක තියෙන මේ පාට, ෆ්‍රේම් එක, මූණ, හැඩය වගේ හැමදෙයක්ම හොඳ “පිරිමි” ලුක් එකක් තමයි දෙන්නේ. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. මේ වගේ හැඩිදැඩි යකඩ අස්පයෙක් පාලනය කරන්නත් ඒ විදියටම ගැලපෙන කොල්ලෙක් වෙන්න ඕන.

 

3. හැටට හැටේ යන්න ඕන!
Source – youtube.com

දැන් ගොඩක් අය මෝටර් බයික් වලට බයයිනේ. ඒ කියන්නේ කොල්ලෙක්ට මෝටර් බයික් එකක් ගන්න ගියහම ඔක්කොටම කලින් ගෙදර අම්මව ඊට පස්සේ කෙල්ලව ෂේප් කරන්න ඕන. ඒ අය බයයි මෝටර් බයික් එකකින් පිඹගෙන ගිහින් අනතුරක් කරගනියි කියලා. හැබැයි මෝටර් බයික් එකක් ගන්න කොල්ලෙක් තේරුම් ගන්න ඕන එක ඇත්තක් තියෙනවා. මෝටර් බයික් එකක් අතට ගත්තට පස්සේ වැඩ දාලා, රඟලා, උපරිම වේගෙන් එළවන එක නෙවෙයි හපන්කම. ඒකේ ඇති ආතල් එකක් නෑ. ඊට වඩා ආතල් බයික් එකේ නියම පර්ෆෝමන්ස් එක දැනෙන විදියට, තමන්ගේ ආරක්ෂාව තියෙන විදියට රයිඩ් කරන එක. ඇත්තම කතාව තමයි සුපිරි මෝටර් බයික් වැඩ්ඩෙක් කොහොමටවත් අනතුරක් කරගන්නෙ නැහැයි කියන එක.

හැබැයි මේකෙන් කියන්නේ මෝටර් බයික් එකක් ගත්තහම විස්සෙන් එහා යන්න එපා කියන එක නෙවෙයි. පවර් බයික් එකක අඩු ගාණේ පැයට කිලෝමීටර් 140කවත් ටොප් ස්පීඩ් එකක් තියෙනවනේ. එතකොට පවර් බයික් එකකට තත්පර 8.2ක් වගේ ඇතුළත කෙලින්ම පැයට කිලෝමීටර් සීයට යන්න පුලුවන් පර්ෆෝමන්ස් එකකුත් තියෙනවා. හැබැයි ඔය ස්පීඩ් එකෙන් යන්න පුලුවන් තැන් තියෙනවා. බැරි තැනුත් තියෙනවා. අන්න ඒක ඔලුවේ තියාගෙන හොඳ එන්ජින් කැපෑසිටි එකක් තියෙන පවර් බයික් එකක් ගත්තනම් හරි.

 

4. ආරක්ෂාවත් ෂුවර් වෙන්න ඕන
Source – motoroids.com

අපි කලිනුත් කිව්වා වගේ බලසම්පන්න මෝටර් බයික් එකක් සල්ලි දීලා ගන්නේ ගේ ඉස්සරහා ලස්සනට පාක් කරලා තියන්න නෙවෙයි. හැබැයි යකා වගේ පිඹගෙන යන්න නම් එකක්, බයික් එක පදින මනුස්සයට හොඳ කොන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන. හදිසියක් වුණු වෙලාවක බයික් එක පාලනය කරගන්න පුලුවන්, මිලිතප්පර කීපයකින් තීරණයක් ගන්න පුලුවන්, හදිසියකදී බය නොවෙන ඩයල් එකක් වෙන්න ඕන. අන්න එහෙම අය ඇරුණහම නිකම් බයික් අරන් රඟන බුවාලා නං පවර් බයික් වලට අත නොතිබ්බට කාරියක් නෑ. හැබැයි දෙවෙනි දේ තමයි බයික් එක පැත්තෙනුත් ආරක්ෂාවට හොඳ සපෝට් එකක් ලැබෙන්න ඕන.

පවර් බයික් එකක අනිවා බ්‍රේකින් සිස්ටම් එකත් ටිප් ටොප් එකට තියෙන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. විශේෂයෙන්ම පවර් බයික් එකකට ABS Braking system එකක් තියෙනවා නම් ඒකේ වාසි කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් ඇන්ටි-ලොක් බ්‍රේකින්ග් සිස්ටම් එකක් (ABS) තියෙනවා නම් ඕනම විදියේ මතුපිටක් තියෙන පාරක බොහොම ස්ථාවරව තිරිංග යෙදවීමක් වෙනවා කියලා කියන්න පුලුවන්. ඒ නිසා බයික් එක බ්‍රේක් ගහපු ගමන් පෙරළෙන්න තියෙන ඉඩ අඩුයි. එතකොට පාරත්, ටයර් එකත් අතර ඝර්ෂණයත් ABS Braking system එකකින් අඩු කෙරෙනවා. ඒ කියන්නේ ටයර් වල කාර්යක්ෂමතාවයත් වැඩි වෙනවා. කොහොමත් වාහන ගැන දන්න මනුස්සයෙක් දන්නවා ABS Braking system එකක් තියෙන වාහනයක්, ABS Braking system එකක් නැති වාහනයකට වඩා අඩු දුරකදී බ්‍රේක් කරලා නවත්තගන්න පුලුවන් කියලා. හැබැයි මෙතනදී වාහනේ පාලනය ගිලිහෙන්නේ නෑ. ඒ නිසාම ABS Braking system එක නිසා ඇක්සිඩන්ට් වීම් සෑහෙන්න අඩු වෙනවා කියලා කියන්න පුලුවන්.

හොඳ බ්‍රේක් සිස්ටම් එකක්, හොඳ සස්පෙන්ෂන් සිස්ටම් එකක් වගේම කොයි තරම් හැඩිදැඩි වුනත් බයික් එක හදිසියකදී හසුරුවා ගන්න බයික් එක පැත්තෙනුත් සපෝට් එකක් එන්න ඕන. මෙන්න මේ කොලිටි එක සාමාන්‍යයෙන් හොඳ පවර් බයික් එකක දකින්න තියෙන දෙයක්. ඒ කියන්නේ පවර් බයික් එකකට නැග්ග ගමන් දැනෙන පළවෙනි දේ තමයි මේ යකඩ ගොඩ කොයි තරම් බරයිද කියන එක. හැබැයි බයික් එක ස්ටාට් කරලා ගත්තට පස්සේ ඒක රයිඩර්ගේ අතේ මාර සැහැල්ලු වෙනවා.

 

5. එල්. ඊ. ඩී. හෙඩ්ලයිට්ස්
Source – india.com

මෝටර් බයික් එකක ප්‍රධාන ලයිට් වලට අමතරව සිග්නල් ලයිට් අනං මනං කොයිවා තිබුණත්, හෙඩ්ලෑම්ප් එකට විශේෂ අවධානයක් ලබාදෙන එක පවර් බයික් එකක් හොයන කෙනෙක් අනිවා කරන්න ඕන දෙයක්. හේතුව සරලයි. රාත්‍රී කාලයේදී බයික් එකක ආරක්ෂාව සහතික වෙන්න නම් හොඳ දීප්තිමත්, පැහැදිලි එළියක් තියෙන ඉදිරිපස ආලෝක ධාරාවන් තියෙන්නම ඕන. විශේෂයෙන්ම ෆුල් එල්. ඊ. ඩී. ලයිට් තියෙනවා නම් කල්පැවැත්මත් හොඳයි, ක්‍රියාකාරිත්වයත් හොඳයි. එතකොට නවීන බයික් වල හෙඩ්ලයිට් ගැන කියනකොට AHO නැත්නම් Always Headlight On කියලා විශේෂාංගයක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? එකක්, කොයි වෙලාවකවත් හෙඩ්ලයිට් ඔන් කරන්න අමතක වෙන්නෙ නෑ. දෙක, පැහැදිලි ඉර එළිය තියෙන වෙලාවක වුනත් මෝටර් බයිසිකලයක් පහසුවෙන් පේනවා හෙඩ්ලයිට් ඔන් එකේ තියෙනකොට. ඉතින් ආරක්ෂාව ගැන හිතනකොට මේ දේවල් අමතක කරන්න බැහැ. මේ හෙඩ්ලයිට්ස් වලට ඇරෙන්න ඉස්සරහා ඉඳන් පිටිපස්සට යනකල් තියෙන හැම ලයිට් එකක්ම, සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් විතරක් නෙවෙයි, ඉන්ස්ටෘමන්ට් ලයිට්, ඩයල් ලයිට් මේ කොයිකත් එල්. ඊ. ඩී. නම් වඩා හොඳයි.

 

6. ආතල් රයිඩ් එකක් වෙන්නත් ඕන
Source – youtube.com

පවර් බයික් එකකට අපි යකඩ අස්පයෙක් කියලා කිව්වට ඇත්තටම පවර් බයික් එකක් හදන්නේ රයිඩර්ගේ සුවපහසුවත් ගැන හිතලා තමයි. ඒ කියන්නේ මෙහෙමනේ. පවර් බයික් එකක් ගන්නේ එදිනෙදා ළඟ පාත ගමන් වලට විතරක් නෙවෙයි කියලා අපි කිව්වනේ. එතකොට රළු පාවිච්චියට, දුර ගමන් වලට බයික් එකක් ගහනකොට රයිඩර්ට උපරිම සුවපහසුවක් දෙන විදියට තමයි ඒක හදන්න ඕන. නැත්තං වෙන්නේ බයික් පැදිල්ල එපා වෙන එක. අන්න ඒ නිසා හොඳ පවර් බයික් එකක අනිවා සැපපහසු සීට් එකක්, පහසුවෙන් රයිඩ් කරන්න පුලුවන් ප්‍රශස්ත ප්‍රමාණයේ හැන්ඩ්ල් බාර් එකක්, මිනිහෙක්ගේ ඇඟකට උපරිම සුවපහසුව දෙන හැඩයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පවර් බයික් එකක නැග්ගට පස්සේ ඇත්තටම යනවා දැනෙන්නෙ නැති තරම්.

හැබැයි පවර් බයික් එකක රයිඩ් එක ආතල් වෙන්න තව තව දේවල් තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ගියර් ෂිෆ්ට් වෙන එක එහෙම ඇඟට දැනෙන්නෙ නැති විදියේ ස්මූත්නස් එකකින් වෙන්න ඕන. අන්න එතකොට පට පට ගාලා ගියර් කඩලා ටොප් ස්පීඩ් එකට තත්පර 8.2 කින් යන එක ගේමක් නෙවෙයි.

 

7. රළු පාවිච්චියටත් එමම තමයි
Source – news.atimanarj.com

ඇත්තටම පවර් බයික් එකකින් රයිඩර්ට බලාපොරොත්තු වෙන්න පුලුවන් ප්‍රධානතම දෙයක් තමයි ඕනම මටසිළු‍ටු පාරක වුනත්, ඕනම රළු පාරක වුණත් ගේමක් නැතුව යන්න පුලුවන්කම. පවර් බයික් එකක් මාරම දුෂ්කර ඕෆ් රෝඩ් ට්‍රිප් වලට ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒත් ලංකාවේ අපි දකින අවුල්ම, කැඩුණු පාරක වුනත් කරදරයක් නැතුව යන්න පවර් බයික් එකකට පුලුවන්. අන්න ඒක නිසා තමයි ඕනම පාරකට ඔරොත්තු දෙනවා කියලා ඔය පවර් බයික් ඇඩ්වටයිස් කරන්නේ. හැබැයි රළු පාවිච්චිය වගේම බයික් එකක් හරියට මේන්ටේන් කරන්නත් ඕන. පවර් බයික් එකක් මේන්ටේන් කරන එක අමාරු නෑ.

 

8. සුපිරි බයික් එකක තියෙන සුපිරි ගැම්ම තියෙන්න ඕන
Source – youtube.com

මෙන්න මේකනම් ඇත්තටම මෙහෙමයි කියලා ටෙක්නිකල් විදියට විස්තර කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි කියමු අපි අස්සයෙක්ව පදිනවා කියලා. නියමෙට අස්සයෙක්ව පදින්න නං අස්සයා සහ අසරුවා අතර මාරම සම්බන්ධයක්, වටහාගැනීමක් ඇතිවෙන්න ඕනනේ. අන්න ඒක යකඩ අස්පයෙක් සහ යකඩ අස්පයාව පදින අසරුවා අතරත් තියෙන්න ඕන කිව්වොත් විශ්වාස කරනවද? මේක ඇත්තටම බයික් පදින කොල්ලෙක්ට විතරයි තේරෙන්නේ. හොඳ බයික් එකක් පදිනකොට බයික් එක සහ රයිඩර් අතරේ හොඳ තේරුම් ගැනීමක් ඇතිවෙනවා. ඒ කියන්නේ බයික් එක ගියර් ෂිෆ්ට් වෙන රිදම් එක පවා රයිඩර්ගේ ඇඟට දැනෙනවා. ආන්න එහෙම යකඩ අස්පයා සහ අස්පයාව පදින යකඩයා අතරේ ඒ අවබෝධය ඇතිවුනහම තමයි බයික් රයිඩ් එකේ නියම ත්‍රිල් එක තියෙන්නේ.

ඉතින් බලසම්පන්න යකඩ අස්පයෙක් එක්ක ඒ වගේ හැඟීමකින් රයිඩ් එකක් යන එක ජීවිතේට ලැබෙන මාරම එක්ස්පීරියන්ස් එකක් වෙන එකක් නැද්ද?

 


 

 

අපි මේ කිව්ව විදියේ එදිනෙදා ලඟ දුවන්නත්, ඕනෑ තරම් දුර දුවන්නත්, යතුරුපැදියක ජවය ඇඟට දැනෙනා නියම ප්‍රබල යතුරු පැදි ධාවන අත්දැකීමක් ලබාදෙන්නත් හැකියාව තියෙන පවර් බයික් එකක් ඔබත් හොයනවා නම්, Bajaj Dominar 400 කියන්නේ මේ කිව්ව හැමදේම එකතු කරපු සුපිරි යතුරුපැදියක් කියන එක කියන්නම ඕන. ඩේවිඩ් පීරිස් මොටර් කම්පැනි ලිමිටඩ් විසින් ගෙන්වා බෙදා හරින මෙම Bajaj Dominar 400 බලසම්පන්න යතුරුපැදිය, හැඩිදැඩි ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම ජවසම්පන්න හැකියාවන්ගෙන්ද යුක්තයි කියලා සහතික කරන්න පුලුවන්.

Bajaj Dominar 400 පවර් බයික් එකේ තියෙන බීම් ටයිප් එකේ දැවැන්ත ෆ්‍රේම් එකත්, ස්ටෑම්ප්ඩ් මෙටල් ස්වින්ග් ආම්, ස්ලිපර් ක්ලච් වගේම වයිඩ් ඇන්ඩ් ලෝ ප්‍රොෆයිල් රේඩියල් ටයර් නිසාත් බයික් එකේ ශක්තිය සහ දරාසිටීමේ හැකියාව වැඩිවෙනවා විතරක් නෙවෙයි, ස්ලිපර් ක්ලච් පද්ධතිය නිසා එන්ජිමෙන් ලබාදෙන ඕනෑම RPM අගයකදී වුනත් හරියටම ගියර් මාරු කරන්නත්, ඒ නිසාම වැඩි පාලනයක් ලබාගන්නත් ඉඩ ලැබෙනවා. ඒ වගේම බයික් එකේ ගුරුත්ව කේන්ද්‍රය බොහොම පහතින් තියෙන නිමාව හින්දාත් ධාවකයාට මේ තරම් හැඩිදැඩි බයික් එකක් වුනත් පාලනය කරන්න ලැබෙන පහසුතාවය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

එතකොට මේකේ එන්ජින් බලය ගැනත් අපිට කියන්න පුලුවන් සුපිරියි කියලා. 373CC fuel injected, triple spark 4-valve DTS-I එන්ජින් එක හදලා තියෙන්නේම පවර් බයික් එකකට අවශ්‍ය කරන ප්‍රබලත්වය ලබාගැනීම වෙනුවෙන්මයි. හැබැයි කොයි තරම් ප්‍රබල වුනත් වඩාත් ඉහළ මට්ටමේ liquid-cooling පද්ධතිය සහ air flow design එක නිසා එන්ජිම අනවශ්‍ය විදියට රත්වෙන්නේ නැතුව සෑහෙන්න දුර යන්න පුලුවන්. මේකට තත්පර 8.2ක් ඇතුළතදී පැයට කිලෝමීටර් සීයක වේගයක් ලබාගන්න පුලුවන් කියලා කිව්වහම තේරෙනවනේ කොයි තරම් ජවයක් තියෙනවද කියලා! හැබැයි කොයි තරම් ජවසම්පන්න වුනත් ABS Braking system එකත් එක්ක බයික් එකේ පාලනය ගිලිහෙන්නේ නැතුව අඩු දුරකදී නවත්තගන්නත් පුලුවන්!

මීට අමතරව පවර් බයික් එකකට තියෙන්න ඕන නියම හැඩි දැඩි පිරිමි ලුක් එකත් Bajaj Dominar 400 බයික් එකේ සුපිරියටම තියෙනවා. ඒකට ෆුල් එල්.ඊ.ඩී. හෙඩ්ලයිට් සිස්ටම් එකත්, මුහුණත සුවිශේෂී නිමාවත් හේතුවෙලා තියෙනවා. කොහොමත් මේ බයික් එකේ හෙඩ්ලයිට් එකේ ඉඳන් ටේල් ලයිට් වලට යනකල්ම, මීටර් වලට පවා තියෙන්නේ එල්.ඊ.ඩී තමයි.

ඉතින් පවර් බයික් එකක් හොයන කෙනෙක්ට Bajaj Dominar 400 කියන්නේ සුපිරි තේරීමක් කියන්න තව විස්තර ඕනද? නැහැනේ!

වැඩිදුර තොරතුරු සඳහා click කරලා Dominar සයිට් එක පොඩ්ඩක් බලන්න.


Source – thrustzone.com