90 – 2000 කාලේ හිට් වුණ MTV හින්දි සින්දුවල හිටපු අපේ හිත ගත්ත ලස්සන කෙල්ලො 10ක්

ඔන්න මේ කියන්න යන්නෙ හින්දි කතාවක්. දැන් ඔය හින්දි ෆිල්ම්වල ඉන්නවනෙ ලස්සන නංගිලා. දැන් මේ ලස්සන නංගිලාට හිත ගිය අපිට මියුසික් මොන අඳෝනාවක් වුනත් කන් වහගෙන ඇසුයි කටයි ඇරගෙන බලං ඉන්නව. ඉතිං ඒ කාලේ ඒ විදිහට අපි ආසාවෙන් බලං ඉඳපු ගෑණු ළමයි ටිකක් ගැන තමයි අපි අද කතා කරන්නෙ. එයාලා හිටපු මියුසික් වීඩියෝ එකත් දාන්නෙ ඒ සින්දුත් බලන්න කියන ගමන්මයි. හැබැයි පුතෝ කෙල්ලොන්ගෙ ලස්සන වගේම තමයි සින්දුත්.

 

1. අයේෂා ටාකියා/ට්‍රිෂා

මෙරි චුනර් උඩ් උඩ් ජායේ – ෆල්ගුනි පතක්

Source – youtube.com/Falguni Pathak – Meri Chunar Udd Udd Jaye

මේකෙ ඉන්නෙ පස්සෙ කාලෙක ජනප්‍රිය නිළියක් වෙච්ච අයේෂා ටාකියා. තව ජනප්‍රිය දමිල නිළියෙක් වෙච්ච ට්‍රිෂාත් මේ වීඩියෝ එකේ ඉන්නවා. මේ සින්දුව අති ප්‍රසිද්ධ වෙනවා වගේම මේ සින්දුවෙ ගායිකාවගේ රංගනයත් මියුසික් වීඩියෝ එකේ තියෙනව. ෆල්ගුනි පතක්ගෙ අනිත් සින්දු ටිකත් ගොඩ. විෂුවල් එකේ පොඩි අතාත්වික ගතියකුත් තිබ්බට ඉතිං ගති.

 

2. නවීඩා මෙහ්දි

දිල් ක්යා කරේ -ඉන්ස්ටන්ට් කර්මා

Source – youtube.com/Dil Kya Kare – Instant Karma | Shaan, Naveeda Mehdi

මේ සින්දුව ඒ කාලෙ පට්ට හිට් එකක් උනා. ඒකට ඉතිං සුපිරි මියුසික් වගේම වීඩියෝ එකත් බලපෑවා. සින්දුවෙ හිටපු කෙල්ල වගේම කොල්ලත් ෆේමස් උනා. කෙල්ලව පෙන්නන්නෙ බ්ලැක් ඇන්ඩ් වයිට් රූපරාමු වලින් උනත් දැකපු අය තාම හීන ඇතුළෙ කෙල්ලව මතක් කරන තරමට කෙල්ලගෙ ලස්සන ප්‍රබලයි. කෙල්ලව බ්ලැක් ඇන්ඩ් වයිට් පෙන්නලා අනිත් ටික කලර් පෙන්නන එකේ පොඩි වෙනස් ගතියකුත් තියෙනව ඉතිං.

 

3. රාගේෂ්වරී
Source – youtube.com/Duniya – Raageshwari

මෙයා ගායිකාවක් සහ MTV VJ කෙනෙක්. ඒ කියන්නෙ වීඩියෝ ජොකියෙක්. මෙයා තමන්ගෙ සින්දු වලට රංගනයෙනුත් දායක වුණා. මයිකල් ජැක්සන් ටයිප් ඩාන්ස් මූව්ස් වගේකුත් තිබ්බා. ඒ වගේම මෙයාගෙ වෙස්ටනයිස් පෙනුම නිසා මෙයාට වැඩි ආකර්ෂණයකුත් ලැබුනා. පෙනුමත් ලස්සන ගායිකාවක් වුනාම හම්බෙන ඇටෙන්ෂන් වැඩියි මහත්තයො.

 

4. අලීෂා
Source – youtube.com/Alisha Chinai – Made In India

මෙයත් ගායිකාවක්. මෙයත් එයාගෙ සින්දුවලට පෙනී හිටියා වගේම ෆේමස් උනා. ඒ කාලෙ මෙයාගෙ පිස්සුවක් වගේ හිට් වුන සින්දුවක් තමයි “මේඩ් ඉන් ඉන්ඩියා” කියන්නෙ. සරාගී ගායිකාවක් වගේම තමුන්ගෙම සින්දුවෙ මේන් කැරැක්ටරේ විදියට හිටපු නිසා මෙයාට නියම අගයක් ලැබුනා.

 

5. අදිති ගොවිත්‍රිකාර්

දේකෝ බාරිෂ් හෝ රහීහේ – අනූ මලික්

Source – youtube.com/Anu Malik – Baarish

ඉස්සර අනූ මලික්ගෙ බාරිෂ් සින්දුව යද්දි අපි බලන් හිටපු එක ප්‍රධාන අවස්ථාවක් තිබුනා. ඒ තමයි අදිති ඉන්න සීන් එක. අනූ මලික්ගෙ සින්දුවෙ ලස්සන පරද්දන අදිතිගෙ රූපෙ ඒ වීඩියෝවට නියම වෙනසක් එක් කලා. ගස් දෙකේ බැඳපු නෙට් ඇඳේ කහ ගවුම ගහල ලස්සන කෙල්ලෙක් නිදියද්දි, වැස්සක් වැටෙද්දි, මැවෙන ලස්සන බලහංකො මචං!

 

6. ප්‍රීති ජංගියානි

චුයිමුයි සි තුම් ලග්ති හෝ – මිලින්ද් ඉන්ග්ල්

Source – youtube.com/Chhuimui Si Tum Lagti Ho – Preeti Jhangiani & Abbas

මේ සින්දුවට වගේම මේකෙ හිටපු කෙල්ලගෙ අහිංසක පෙනුමටත් ගොඩක් කොල්ලො කැමති වුණා. මේ නිළිය පස්සෙ සිනමාවටත් එකතු වුණා. අනික් මේක ෆුල් සුදු සින්දුව. කොටිම්ම ජීප් එකේ සීටුත් සුදුයි. කෙල්ලත් සුදුම සුදුයි. ඒ වගේම ලස්සනයි. සීට් දෙකේ ජීප් එකක පිටිපස්සෙ සීට් එකේ කෙල්ලක් ඉන්නව වගේ අභව්‍ය සීන් මැවෙන්න තරං මේ කෙල්ල ලස්සනයි.

 

7. ෂයිලා ලෝපෙස්
Source – youtube.com/Baahon Mein Chale Aao – Instant Karma | Shyla Lopez, Shahwar Ali

මෙයා “ආජා පියා”, “බාහොන්මෙ චලි ආවෝ” වගේ සින්දු කීපෙකම හිටියා. 1992 අවුරුද්දෙ මිස් ඉන්දියා තරඟයකිනුත් ජයගත්තු ෂයිලා ඔය අනිත් කෙල්ලොන්ට වඩා නැචුරල් ලුක් එකෙනුත් ඉස්සරහින් හිටියා. ඔවු ඉතිං එහෙම නැතුව රූප සුන්දරී තරඟ දිනන්න බෑනෙ.

 

8. මේග්නා නායිදු

කලියෝන් කා චමන් – UMI 10

Source – youtube.com/Kaliyon Ka Chaman

2000 අවුරුද්දෙ ආපු මේ සින්දුව වගේම මේකට මේග්නා නායිදු දාපු ඩාන්ස් පාරත් නියමෙටම හිට් වුණා. පස්සෙ කාලෙක මෙයා සිනමාවටත් ආව. මේ සින්දුවෙ අති ප්‍රසිද්ධ සීන් ගොඩක් තිබ්බා. මේග්නා වගේම අනිත් කෙල්ලොත් ලස්සනයි. මේ නැටුම් අධ්‍යක්ෂණයත් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනා. ලංකාවෙ කෙල්ලො දවල්ට කලා බඩ බහින්නත් මේ නැටුම නැටුවා. අනික මේ වීඩියෝ එකේ පාට එහෙමත් නැත්තං කලර් එකෙත් පොඩි ග්ලැමර් එකක් තිබ්බා වගේම ඒක මේග්නාට නියමෙට ගැලපුනා.

 

9. අනයිදා
Source – saavn.com

මෙයත් ගායිකාවක්. ඒ වගේම එයාගෙම සින්දු වීඩියෝ වලටත් පෙනී හිටියා. මෙයාගෙ ගොඩක්ම ජනප්‍රිය වුණේ “ඌව ඌව” කියන සින්දුව. ඒක ඒ දවස්වල ටී. එන්. එල් වල පෙන්නපු MTV මියුසික් වීඩියෝ අතරේ වැඩිපුරම විකාශය වෙච්ච එකක්. ඒ ඉතිං ලංකාවෙ මිනිස්සු වැඩිපුරම ඒකට කැමති නිසානෙ. මුලින් පොඩි ගොන් පාට් බෝල සෙල්ලමක් ගියාට කෙල්ලයි සින්දුවයි දෙකම ලස්සනයි.

Cover Image Source – youtube.com