තරුණියන්ට වගේම මැදිවියේ කාන්තාවන්ටද ගැලපෙන අලුත්ම බොලිවුඩ් ෆැෂන් සහ මේකප් ට්‍රෙන්ඩ්ස්

කාලෙන් කාලෙට එක එක ෆැශන් ට්‍රෙන්ඩ්ස්, මේකප් ට්‍රෙන්ඩ්ස් කරළියට එනව. දැන් දැන් අන්තර්ජාල පහසුකම් එක්ක මේ අළුත් අළුත් ට්‍රෙන්ඩ්ස් කල් පනින් නැතුවම අපේ රටටත් සේන්දු වෙනව. හැබැයි ඉතින් කොහොම මොන ට්‍රෙන්ඩ්ස් ආවත් හොලිවුඩ් වලට වඩා බොලිවුඩ් ට්‍රෙන්ඩ්ස් තමා අපේ රටේ අයට වැඩියෙන් ගැලපෙන්නෙ සහ අපේ කට්ටිය වැඩියෙන් කැමතිත්. වෙඩින් එහෙකට එහෙම ගියාම මේ ලංකාවද ඉන්දියාවද කියල හිතාගන්න බැරි වෙන වෙලාවලුත් නැත්තෙම නෑනෙ. මේ කියන්නෙ අළුත්ම බොලිවුඩ් ෆැශන් ඇන්ඩ් මේකප් ට්‍රෙන්ඩ්ස් ගැන. හැමදාම තරුණ පාර්ශවේටම වැඩි තැනක් දෙන නිසා අද අපි අපේ හැඩට ඉන්න කැමති ආන්ටිලට ගැලපෙන ෆැශන් සහ මේකප් ගැනත් පොඩ්ඩක් කියන්න හිතුව.

 

තරුණියන්ට ෆැශන් ට්‍රෙන්ඩ්ස්
1. Unusual Colour Combinations
Source – pinimg.com, dmcdn.net

පාට ගලපල අඳින එකනෙ මෙච්චර කල් කලේ. දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක එකකට එකක් කැපී පෙනන කලර් කම්බිනේශන් අඳින එක.

 

2. Graphic T shirts with Denim
Source – pinimg.com, bollywoodshaadis.com

අනූ ගණන් වල වගේ ග්‍රැෆික් ටීශර්ට්ස් ට්‍රෙන්ඩ් උනා. ඊටත් පස්සෙ කාලයක් ට්‍රෙන්ඩ් එක උනේ ප්ලේන් ටීශර්ට්ස් අඳින එක. තනි පාට ටීශර්ට් එකයි ඩෙනිම් එකයි ක්ලාසි ලුක් එකක් ගෙනාවට දැන් අලුත් ට්‍රෙන්ඩ් එක ෆන්කි ලුක් එක. මේ නිසා තමා ග්‍රැෆික් ටී ශර්ට්ස් ආයෙමත් ට්‍රෙන්ඩ් වෙන්නෙ. එක එක මීම්ස්, කාටූන්ස්, කෝට්ස් වගේ දේවල් ප්‍රින්ට් කරපු ටී ශර්ට්ස් එක්ක ඩෙනිමක්, ශෝර්ට් ස්කර්ට් එකක් අඳින එක තමා අළුත්ම ෆන්කි ලුක් එක.

 

3. Off Shoulder tops and Dresses
Source – boldsky.com

මේ ඕෆ් ශෝල්ඩර් ෆැශන් ට්‍රෙන්ඩ් එකත් කාලෙන් කාලෙට ඇවිත් ඇවිත් යන ට්‍රෙන්ඩ් එකක්. 1800 ගණන් වල උපත ලබපු මේ ඕෆ් ශෝල්ඩර් ෆැශන් එක ආයෙමත් කරලියට ආවෙ හැට ගණන් වලදි. ඇවිත් ඇවිත් යන ෆැශන් වලින් ඉහලින්ම තියෙන නිසා අල්මාරියෙන් අහකට දාන්න ඕනෙම නෑ.

 

4. Velvet
Source – pinterest.co.uk, pinimg.com

වෙල්වට් රෙද්දෙන් මහපු ඇඳුම් කියන්නෙත් අනූ ගණන් වල මුල් කාලෙ ට්‍රෙන්ඩ් උන ෆැශන් එකක්. ඔන්න දැන් වෙල්වට් ආයෙමත් කල එළි බැහැල. වෙල්වට් ටොප්ස්, වෙල්වට් ස්කර්ට්ස් විතරක් නෙවෙයි සාරි ජැකට් එකට වගේම සාරියටත් වෙල්වට් රෙදි ගන්න එක තමා අළුත්ම ෆැශන් එක.

 

මැදිවියේ කාන්තාවන්ට ෆැශන්ස්

කෙල්ලො කරන ෆැශන්ම කරන එක ටිකක් විතර නොගැලපෙන ගතියක් තියෙනව වගේම වැඩිහිටියෙක් උනාම ඉතින් කරන ෆැශන් එකක ක්ලාසි ගතියක් පේන්නත් ඕන නිසා මේ කියන්නෙ අපේ වැඩිහිටි කාන්තාවන්ට එහෙමත් නැත්නම් ආන්ටිලට ලස්සනට අඳින්න පුළුවන් ෆැශන්ස් ටිකක්.

 

1. High Neck Kurta Top
Source – highheelconfidential.com

චයිනීස් කොලර් එක එන හයිනෙක් කුර්තා ටොප් එකට ඒ රෙද්දෙන්ම එන ජීන්ස් එක ඇන්දම හරිම වැදගත් පාටයි. ටිකක් විතර මහත ඇඟක් තියෙන කෙනෙක්ට උනත් ඒ මහත ගතිය කැපිල යන්න මේ වගේ ඇඳුමක් ගැලපෙනව.

 

2. Denim with Scarf
Source – boldsky.com

සැහැල්ලු ගමනකට කුර්තා ඇඳන් යන්න බෑනෙ. ඇඟටම හිර නැති ඩෙනිම් කලිසමට ටිකක් ලූස් ටී ශර්ට් එකත් ඒකටම ගැලපෙන කොට්න් කමිසෙකුත් ඔළුවට ස්කාෆ් එකක් එක්ක නිළි රැජිණ ඇඳන් ඉන්න මේ විලාසිතාව ඇත්තටම වැඩිහිටි කතකට කැත නැති විලාසිතාවක්. හිරට හිරේ ඩෙනිම් ජීන්ස් ඇඳන් යනවට වඩා වැඩිහිටි කාන්තාවකට මේ විදියට අඳින එක පිළිවෙලයි සැහැල්ලුයි.

 

3. Kurta Top with Shawl
Source – pinimg.com, myntra.com

එහෙන් මෙහෙන් කරයි පිටයි ඇරපු ඇඳුම් ඇත්තටම ටිකක් වැඩිමහල් කාන්තාවකගෙ පෙනුමට එකතු කරන්නෙ අවලස්සනක්. මේ විදියට සැටින් රෙද්දෙන් මහපු කර වැහෙන්න අඳින කුර්තා ටොප් එකට ශෝල් එකකුත් එකතු කරගත්තම පොඩි උත්සව අවස්ථාවකට උනත් ගැලපෙනව.

 

තරුණියන්ට මේකප් ට්‍රෙන්ඩ්ස්

 

1. Blue Smokey Eye Makeup
Source – pinimg.com

ස්මෝකි අයි මේකප් එක අවුරුදු දෙක තුනක ඉඳන් තාම ට්‍රෙන්ඩ් වෙනවනෙ. මේ ඒකෙම අළුත් වර්ශන් එක. බ්ලූ ස්මෝකි අයි මේකප් එක. රෑ සාදයකට කැපී පෙනෙන පෙනුමක් එකතු කරන්න මේ මේකප් ස්ටයිල් එක සමත්.

 

2. Shimmering Eyes with Bold Lips
Source – beautyeditor.ca

ඇස් වලට දිලිසෙන ස්වභාවයක් එන ශිමරින් මේකප් එකක් එක්ක ලිප්ස් කැපී පෙනන තරම් තද සහ මතු වී පෙනන පාටකින් හැඩ කිරීම තමා මේ මේකප් ස්ටයිල් එක. මේක රාත්‍රී සාදයකට වගේම ශාලාවක් තුල තියෙන උදෑසන හෝ දහවල් උත්සවේකටත් ගැලපෙනව.

 

3. Half Lined Eyes
Source – pinimg.com

අයි ලයිනර් එක සම්පූර්ණ ඇස වටාම ගාන්නෙ නැතුව යටි පිල්ලමෙන් කොටසකට පමණක් අයි ලයින් කිරීම හෝ එක කොටසක් තද පාටකිනුත් අනිත් කොටස ලා වර්ණයකිනුත් අයි ලයිනර් කිරීම තමයි මේ මේකප් ක්‍රමය. ඇස් වලට වැඩි අවධානයක් මේකප් කරන කොට කොහොමත් යොමු වෙනව. මේ ස්ටයිල් එක ඒ අවධානය තවත් වැඩි කරන බවකුයි බැලු බැල්මට හිතෙන්නෙ.

 

4. Arabic Eyes
Source – pinimg.com

ඇස් කෙලවර උඩින් සහ යටින් දිගු වන්නට අඳින අයි ලයිනර් එක සෑහෙන කාලෙක ඉඳන් තිබුණ මේකප් ස්ටයිල් එකක්. මේ ස්ටයිල් එක තාමත් ට්‍රෙන්ඩ් වෙනව. හැබැයි ඉස්සර තිබුණට වඩා වැඩි පෙනුමක් ඒ කියන්නෙ බෝල්ඩ් ලුක් එකක් එන විදියට තමයි මේ අයි ලයිනර් එක අඳින්නෙ.

 

මැදිවියේ කාන්තාවන්ට මේකප්

 

1. Naked Makeup
Source – 49pics.com

මැදිවියේ කාන්තාවන්ට චාම් වෙන තරමට ලස්සනයි වගේම ඒ චාම්කම ඇයට එක් කරන්නෙ වැදගත් පෙනුමක්. නේකඩ් මේකප් ට්‍රෙන්ඩ් එක තරුණියන්ට වගේම වැඩිහිටි කතුන්ටත් එක ලෙස පාවිච්චි කරන්න පුළුවන් අළුත්ම මේකප් ට්‍රෙන්ඩ් එකක්. යන්තමට ගාන අයි ලයිනර් එකත් සමේ පැහැයටම ලඟ ලිප්ස්ටික් එකත් අවශ්‍ය නම් ලිප් ග්ලොස් එකත් එක්ක හමේ පැහැයෙන්ම සම්පූර්ණ මේකප් එකම කරගන්න එක තමා මේ මේකප් එකේදි කෙරෙන්නෙ.

 

2. Rose Gold Makeup
Source – amuserr.com

ලා රෝස පැහැයත් රන්වන් පැහැයත් මුසු කරගෙන සම්පූර්ණ මේකප් එකම නිම කරගැනීම මේ මේකප් ට්‍රෙන්ඩ් එකයි. ලා පැහැයන් වීමත් වැඩි විච්ඡූරණ නැති වීමත් නිසාම මේ මේකප් එකත් අපේ වැඩිහිටි කාන්තාවන්ට ඉතාම අපූරුවට ගැලපෙනව.

 

3. Bold Look Makeup
Source – pinterest.com, wikipedia.org

චාම්වට මේකප් කරනවයි කියලත් හැම තැනම හැම උත්සවේටම එහෙම මේකප් කරන්න බෑනෙ. තද පාට අයි ශැඩෝ එකට මැච් වෙන තද පාට ලිප්ස්ටික් එකක් එක්ක එන මේ මේකප් ට්‍රෙන්ඩ් එක වැඩිහිටි කතකට උනත් බෝල්ඩ් ලුක් එකක් ගෙන දෙන්නට සමත්. මේ මේකප් ට්‍රෙන්ඩ් එකත් කාලයක් තිස්සෙ තියෙන කවදාවත් ට්‍රෙන්ඩ් එකෙන් පිට නොගිය මේකප් එකක්.

 

 

Cover Image Source – pakimag.com, pisanieprac.info, koovs.com, stylecraze.com