මොකක්ද මේ කවුරුත් කතාවෙන Black Friday? එදාට ලංකාවෙ මොනවද වෙන්නෙ?

මෙයට අනුග්‍රහය:

Pepsi

 

 

Black Friday” එහෙමත් නැත්නම් සිංහල තේරුමෙන් ගත්තොත් “කළු සිකුරාදා” කියන්නේ මේ වෙද්දි ලෝකයේ ජනප්‍රියම ෂොපිං දවසක් බවට පත්වෙලා. එක්සත් ජනපදයෙන් ඇරඹුන මේ Black Friday ෂොපිං උන්මාදය මේ වෙද්දි ලෝකය පුරාමත් පැතිරිලා අපේ රටටත් ඇවිල්ලා ඉවරයි. ඉතාම ලාභදායී මිලකට බඩු භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව උදාවෙන මේ Black Friday සමය අද හෙටම අපේ රටේදිත් ඇරඹෙන්න නියමිතයි. ඉතින් ඒ නිසා අපි හිතුවා මේ Black Friday වල ඇරඹුම සිද්ධ වෙච්ච හැටිත්, ඒ ගැන තවත් තොරතුරු රැසකුත් ඔයාලට කියල දෙන්න.

 

1. කවදද හැබෑටම Black Friday දවස?
Source – express.co.uk

හැම අවුරුද්දෙම ඇමරිකා එක්සත් ජනපදයෙ තෑන්ක්ස් ගිවින් (Thanksgiving) උත්සවය සමරන නොවැම්බර් මාසෙ 4 වැනි බ්‍රහස්පතින්දා දවසට පස්සෙ දවස තමයි Black Friday හැටියට සැලකෙන්නෙ. නත්තලට කලින් ලැබෙන අන්තිම නිවාඩුව වෙන තෑන්ක්ස් ගිවින් දවසෙන් පස්සේ තමයි නත්තල් ෂොපිං සීසන් එක ඇරඹෙන්නෙ. අමෙරිකාවේ සමහර ප්‍රාන්ත වලට Black Friday දවසට නිවාඩුත් හම්බුවෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් 24 වැනි සිකුරාදාට තමයි Black Friday දවස වැටෙන්නෙ.

 

2. මොකක්ද මේ දවසෙදි වෙන්නෙ?
Source – standard.co.uk

තෑන්ක්ස් ගිවින් උත්සවේ ආහාර වලින් හොඳ හැටි සන්තර්පනය වෙච්ච උදවිය හිතේ සන්තෝසෙන් සාප්පු සවාරියෙ යන දවසක් තමයි මේ Black Friday දවස. මේ දවසට ගොඩක් වෙළඳ සැල් වෙනදාට වඩා කලින් විවෘත කරනව. ඒ වගේම වැඩි කාලයක් විවෘත කරලත් තියනවා. සෑම භාණ්ඩයකටම පාහේ සුවිශාල වට්ටමුත් ලබා දෙනවා. Black Friday දවසින් පස්සෙ උදාවෙන සඳුදාව හඳුන්වන්නෙ සයිබර් මන්ඩේ (Cyber Monday) නමින්. මේ දවසෙදි ඔන්ලයින් ෂොපිං වලට තමයි වැඩි අවධානයක් යොමු වෙන්නෙ. ඉතින් Black Friday දවසේ ඉඳන් Cyber Monday දවස වෙනකම් දවස් හතරම මේ ෂොපිං විනෝදය සඳහා මිනිස්සු වෙන් කරගන්නවා.

 

3. ලංකාවෙ Black Friday වල පටන් ගැන්ම
Source – dailymirror.lk

මුල් කාලෙදි ෆිලඩෙල්ෆියා ප්‍රාන්තය ඇතුළෙදි විතරක්ම සැමරුණ Black Friday වෙළඳ සැණකෙලි අමෙරිකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙන්නෙ 1980/90 ගණන් විතර වෙනකොටයි. එහෙම පැතිරීගෙන ඇවිත් මේ වෙද්දි ලෝකය පුරාම නත්තල්/අලුත් අවුරුදු ෂොපිං කරන උදවිය අතරෙ උන්මාදයක් වෙන්න Black Friday සමත්වෙලා තියනවා.

අපේ රටේ Black Friday දවසේ ෂොපිං උන්මාදය ඇරඹෙන්නෙ ගිය අවුරුද්දෙ ඉඳල තමයි. Daraz.lk තමයි අපේ රටට Black Friday ෂොපිං සැණකෙළිය හඳුන්වල දීමේ පුරෝගාමියො වෙන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර් 25 සිට 28 වැනිදා දක්වා තමයි මේ Black-Friday ෂොපිං පැවතුණේ. ඉතාම සිත්ගන්නාසුළු වට්ටම් සහිතව බඩු භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව උදාවුණ ගියවර Black-Friday ඉවෙන්ට් එක බොහොම සාර්ථක එකක් වුණා.

 

4. මේ පාරත් වෙනදාටත් වඩා ඉහලින්ම පවත්වන්න සියල්ල සූදානම්

වසරේ දැවැන්තම වෙළඳ සැණකෙළියක් වෙන Black Friday ඉවෙන්ට් එක මෙවරත් වෙනදාටත් වඩා දැවැන්ත සහ පාරිභෝගිකයින්ට වැඩිපුර වාසිදායක අන්දමට පවත්වන්න Daraz.lk සියළු කටයුතු සූදානම් කරල අවසානයි. මෙවර Black Friday සැමරීම වෙනුවෙන් නොවැම්බර් 20 සිට 27 දක්වා සතියක කාලයක්ම ඔවුන් විසින් වෙන් කරල තියනව. ඒ විතරක්ද? 85%ක් දක්වා වන දැවැන්ත වට්ටමුත් ඔවුන් අපට ලබා දෙන්න සූදානම්. 5000කට වැඩි අලුත් ඩීල්සුත් Daraz.lk වෙතින් මේ සමයේදී පිරිනැමෙනව. විලාසිතා සහ ආභරණ, ඉලෙක්ට්‍රොනික්, රූපලාවණ්‍ය නිෂ්පාදන, ගෘහ උපකරණ ආදී ඔබට අවශ්‍ය කරන සියල්ල එකම වහලක් යටින් ඉතාම වාසිදායක විදිහට මිලදී ගන්න අපි සැමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ලෝ සුපතල වෙළඳනාම රැසක් යටතේම බඩු භාණ්ඩ මිලදී ගන්න අපිට පුලුවන්කම ලැබෙනවා. දවසින් දවස අලුත් අලුත් කැටගරි යටතේ අලුත් නිෂ්පාදනත් එළි දැක්වෙනවා. වාසි රැසක් එක්ක, සතුට උතුරන ෂොපිං අත්දැකීමක් තමයි අපට ලැබෙන්නට යන්නේ.

 

මතකනේ දවස් ටික? මේ මාසෙ 20 ඉඳන් 27 වෙනිදා දක්වා Daraz.lk වෙතින් තමයි මේ වාසිදායක ෂොපිං අත්දැකීම ලබාගන්න හැකියාව ලැබෙන්නේ. සාප්පු වල තදබද වෙන්නෙ නැතිව, නිවසේ ඉඳන්, සුවපහසු වගේම වාසිදායක විදිහට Daraz.lk වෙතින් Black Friday ෂොපිං වල නියැලෙන්න ඔබට පුළුවන්.

 

 

Cover Image Source – budgetandthebees.com, wirefly.com