ෆ්‍රෙන්ඩ්සෝන් එකට වැටිලත් හිතට හරි නැතිද? එහෙමනම් මෙන්න හිත හොඳින් ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න ටිප්ස් 7ක්

බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ. ආන්න ඒ නිසා තමයි මේ උපදෙස් ටික දෙන්නේ. කියවලා හැදෙන්නයි තියෙන්නේ!

 

1. ඉන්නවද යනවද කියන එක තීරණය කරන්න
Source – ryanlamont.com

මෙන්න මේක බොහොම වැදගත්. තමන් හිතලා බලන්න ඕන තමන් ඇත්තටම මේ පුද්ගලයාගේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න එක වටිනවද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අදාළ ගෑණු ළමයා තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් එකට දාන්නේ අපිට එයා ගැන හැඟීම් තියෙනවා කියලා නොදැන නෙවෙයිනේ. ඉතින් එතකොට ඔයා ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න හදන්නේ කවදාහරි එයා කැමති වෙයි කියලා නම්, එහෙම නැතිනම් කවදා හරි මට එයාව කැමති කරගන්න ලැබෙයි කියලා හිතලා නම් වැඩේ හරියන්නෙ නෑ. අන්න ඒ නිසා මුලින්ම ඉන්නවද යනවද කියන තීරණේ ගන්න ඕන හැංගිච්ච න්‍යාය පත්‍ර නැතුව.

 

2. තමන්ගේ ලිමිට්ස් හරියට තියාගන්න
Source – thoughtco.com

මෙන්න මේක අනිවා පිළිපදින්න ඕන දෙයක්. එයා කියන්නේ තවත් එක යාලුවෙක් විදියට ඉන්න කියලනේ. වෙන මොකුත් ඉල්ලන්නෙ නැහැනේ. අන්න එහෙමනම් කරුණාකරලා තව එක යාලුවෙක් විදියට විතරක් ඉන්ඩ. ඒ කියන්නේ මෙහෙමයි. අපි ෆ්‍රෙන්ඩ්සෝන් එකේ හරි ඉන්න හිතන්නේ අපිට ඒ කෙනා යාලුවෙක් විදියට හරි තියාගන්න ඕන කියලා හැඟීමක් තියෙන නිසානේ. අනික් පැත්තෙනුත් ෆ්‍රෙන්ඩ්සෝන් එකට දාන්නේ අන්න ඒ නිසානේ. එතකොට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉඳන් බෝයිෆ්‍රෙන්ඩ්ගේ භූමිකාව කරන්න යන්න එපා කරුණාකරලා. උදාහරණයක් විදියට ගත්තොත් කොල්ලා අප්සට් ගියපු ගමන් රෑ දවල් නැතුව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න ඔයාට නං කතා කරන්නේ, ඒක ඔයාගේ වැඩකටයුතු වලට බාධාවක් නොවෙන තැන තියාගන්න. එහෙම නැතුව වැඩ පාඩු කරගෙන දුක අහන්න ඔයා එයාගේ කොල්ලා නෙවෙයි කියන එක මතක තියාගන්න.

 

3. තමන්ගේ ලිමිට් පන්නලා දේවල් ඉල්ලන්නත් නොයන්න
Source – rebloggy.com

අනික් පැත්තට මෙන්න මේකත් වැදගත්. තමන් ඉන්නේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ නං, ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න එක තමන්ටත් ඕකේ නං, බෝයිෆ්‍රෙන්ඩ්ගේ තැන ඉල්ලන්න යන එක වැරදියි. තමන්ට එහෙම තව එක යාලුවෙක් විදියට ඉන්න බැහැයි කියලා හිතෙනවා නං කරුණාකරලා ෆ්‍රෙන්ඩ්සෝන් එකේවත් නොහිට යන්න. මොකද එහෙම නැතුව ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉඳන් ඊට වඩා දේවල් ඩිමාන්ඩ් කරන්න යන එක දෙන්නටම කරදරයක්.

 

4. හිතෙන් අමතක කරන්න බෑ ෆ්‍රෙන්!
Source – selfishworlds.com

ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න ගමනුත් මෙයා මට කැමති නැහැනේ කියලා හිතින් දුක් විඳ විඳ ඉන්නවා නම් ඒත් ෆ්‍රෙන්ඩ් සෝන් එකෙන් අයින් වෙලා යන්න දැනගන්න ඕන. මොකද, අපේ හිතේ තදට ‍රැඳුණු කෙනෙක්ව අමතක කරන්න එයාව දිනපතා දකින එක බාධාවක්. අන්න ඒ නිසා එයාව හිතෙන් අමතක කරන්නත් බැරි නම්, එයාව යාලුවෙක් විදියටත් ඕන නම් කරන්න තියෙන්නේ එක දෙයයි. මේ ගැන එයත් එක්ක කෙලින් කතා කරන්න. ටික කාලෙකට ඔයා සයිලන්ස් වෙනවා කියලා කියන්න. ඊට පස්සේ පොඩ්ඩක් එයාව අමතක කරලා දාලා ඉන්න. කාලයක් යනකොට අර හිතේ තියෙන බලවත් හැඟීම් ටික ටික තුරන් වෙලා යනවා. අන්න එතකොට ඕන නම් ආයෙමත් ෆ්‍රෙන්ඩ් වෙන්න පුලුවන්.

 

5. මූදේ ඉන්නෙ එක මාලුවා නෙවෙයි
Source – wifflegif.com

ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න ගමන් වුනත් මගේ ජීවිතේ මෙයා විතරයි කියලා හිත හිතා ඉන්න එකත් කරදරයක්. අන්න ඒ නිසා මතක තියාගන්න මූදේ තව මාලු ඉන්නවා කියන එක. එතකොට ඒ මූදේ ඉන්න මාලුන්ගෙන් හිතට අල්ලන මාලුවෙකුත් කවදාහරි සෙට් වෙයි කියන එක මතක තියාගන්න. හැබැයි තව දෙයක්. මූදේ ඉන්න මාලු ලඟට පීනගෙන ඇවිත් ඇ‍ඟේ හැපෙයි කියලා ඉඳලා හරියන්නෙත් නෑ. අන්න ඒ නිසා තමන්ගේ සුදුසුකම් එහෙමත් පොඩ්ඩක් වැඩිදියුණු කරගත්තට අවුලක් නෑ. ඊට පස්සේ තමන්ට ගැලපෙන පාට තියෙන, තමන්ට සෙට් වෙන වරල් තියෙන, තමන්ට හිත යන විදියට පීනන මාලුවෙක් ගැන පොඩ්ඩක් රේඩාර් එක දාගෙන හිටියට අවුලක් නෑ!

 

6. කොමියුනිකේෂන් හරියට තියාගන්න
Source – playbuzz.com

අපේ හිත ගියපු කෙනා අපිට කැමති නැතුව අපිව ෆ්‍රෙන්ඩ් සෝන් කරනවා කියන්නේ සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්නේ. හැබැයි ඒ ගැන හාඩ් ෆීලින්ග්ස් හිතේ තියාගෙන ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්න එපා. ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඉන්නකොටත් අපිව පාවිච්චි කරන්න හදනවා වගේ තේරෙනවා නම් ඒ ගැනත් කට පියාගෙන අවුලෙන් ඉන්න එපා. මේ හැම මොහොතකම කතාබහ කරලා තමන්ගේ අවංක හැඟීම් එළියට දාන්න. ෆ්‍රෙන්ඩ් සෝන් එකේ බලෙන් ඉන්න හදන්නවත්, බලෙන් නවත්තගන්න හැදුවා කියලා නවතින්නවත් ඕන නැහැනේ. ඒක තමන්ගේ ‍තෝරාගැනීමක්. හැබැයි තමන් ඉන්න ලිමිට් මොනවද වගේ දේවල් පවා බොහොම සෘජුව සහ පැහැදිලිව සන්නිවේදනය කරන එක වැදගත්.

 

7. යාලුකමට අවංක වෙන්න
Source – amuserr.com

මේක අන්තිමට කොහොමත් කියන්න ඕන දෙයක්. ෆ්‍රෙන්ඩ් සෝන් වෙනවා කියන්නේ කොහොමත් කිසිම අවුලක් නැතුව පිළිගන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ. හිත රිදෙනවා. හැබැයි තමන්ට අසාධාරණයක් වුනා කියලා හිතෙනවා නම්, තමන්ව පාවිච්චි වෙනවා කියලා හිතෙනවා නම් කරන්න ඕන දේ ෆ්‍රෙන්ඩ් සෝන් එකට වෙලා ඉන්න එක නෙවෙයි. එකක් අර උඩ කිව්වා වගේ තමන්ගේ හිතේ තියෙන ඇත්ත අවුල් පැහැදිලිවම අනික් පාර්ශවයට කියන්න ඕන. ඒ ගැන අනික් පාර්ශවයට කියන්න දෙයක් තියෙනවා නම් ඒකත් අහන්න ඕන. එතනිනුත් හිත හරියන්නෙ නැතිනම් ෆ්‍රෙන්ඩ් සීන් නැතුව අයින් වෙලාම යන්න ඕන. හැබැයි එහෙමත් නැතුව ෆ්‍රෙන්ඩ් සෝන් එකේ යාලුවෙක් විදියට ඉන්න ‍තෝරගන්නවා නම්, ඒ යාලුකමට අවංක වෙන්න ඕන. ඒ කියන්නේ පස්සේ කාලෙක ගේම දෙන්න හිතාගෙනවත්, හිත රිද්දන්න හිතාගෙනවත් යාලුවෙක් විදියට ඉන්නෙ නැතුව අවංක හිතින්, අවංක යාලුවෙක් විදියට ඉන්න දැනගන්න ඕන. එතනදී අනික් පැත්තෙන් අපෙන් යාලුවෙක්ට වඩා දේවල් බලාපොරොත්තු වෙමින් අපිව යාලු ලෙවල් එකේම තියන්න උත්සාහ කරනවා කියලා තේරුණොත් කරබා ගෙන ඉන්නෙ නැතුව ඒකට විරුද්ධ වෙන්න පුලුවන් තරමට පවා අවංක වෙන්න ඕන. අන්න එතකොට ලව් නැතත් යාලු කම හරි තියේවි.

 

 

Cover Image Source – shin-ai.deviantart.com