අනාගතයේ කොන්සර්ට් එකක් අද රසවිඳින්න නම් එන්න මිස්ටර් නෝවා ලයිව් ඉන් කොන්සර්ට් බලන්න!

අනාගතය මොන වගේද කියලා දැනගන්න නම් ඉතින් ටයිම් මැෂින් එකක් හදාගෙන අනාගතේට ගිහිල්ලම බලන්න වෙනවා. එහෙමත් නැතිනම් බුදුන්ට වගේ තුන්කල් දක්නා නුවණ පහළ කරගන්න වෙනවා. එහෙමත් නැතිනම් නොත්‍රදාමුස්ට වගේ අනාගතය දකින්න හැකියාවක් ඇතිකරගන්න වෙනවා. ඔය එකක්වත් කරන්න බැරි නිසාම අනාගත ලෝකේ ගැන හිතලා ලියලා තියෙන විද්‍යා ප්‍රබන්ධයක්වත් බලලා හිත හදාගන්න වෙනවා.

හැබැයි සංගීතයත් එක්ක අනාගතය පෙර දකින්න පුලුවන් කියලා කවදාවත් හිතලා තියෙනවද? ඒකට උත්තරේ නැහැ කියන එක නම්, මිස්ටර් නෝවා ලයිව් ඉන් කොන්සර්ට් බලන්න එන්න ඒකත් අනිවා හොඳ හේතුවක්. ලංකාවේ පළමුවෙනි වතාවට අනාගත තේමාවකින්, සංගීත වේදිකාවක අනාගතය ප්‍රතිනිර්මාණය කරන්න යන මේ කියන්නේ 1000 entertainment සාඩම්බර ඉදිරිපත් කිරීමක්. 2017 නොවැම්බර් 25 වෙනිදා හවස 6.30 ඉඳන් ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ තමයි මේ MR. NOVA Live In Concert කොන්සර්ට් එක තියෙන්නේ. මේ කොන්සර්ට් එකට තමන්ගේ දායකත්වය ලබාදෙන සංගීත ශිල්පීන් ගැනත් විශේෂයෙන්ම කියන්න ඕන. මේ අය ලංකාවේ සංගීතයේ වර්තමානය වගේම අනාගතයත් නියෝජනය කරන කීප දෙනෙක්. මේ ඒ අය ගැන වැඩි විස්තර ටිකක්!

  1. සනුක වික්‍රමසිංහ

සනුක වික්‍රමසිංහව මුලින් එහෙන් මෙහෙන් ඇහිලා, යූටියුබ් එකෙන් හොයලා දැනගත්තු අංකුර ගායකයෙක් වුනාට, මේ වෙනකොට නම් සනුක කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තමන්ගේ නම සටහන් කරපු දක්ෂ ගායකයෙක් සහ සංගීතවේදියෙක්. ලංකාවේ ඉන්න සුපිරිම බේස් ගිටාර් වාදකයෙක් වුණු සංගීත් වික්‍රමසිංහගේ පුතා විදියට මුල් කාලයේදී සනුකව කට්ටිය අඳුනගත්තත්, මේ වෙනකොට නම් සනුක වික්‍රමසිංහ තමන්ගේ නම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තියලා ඉවරයි.

  1. ලහිරු පෙරේරා

ලහිරු පෙරේරා කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් වුනත්, ගොඩක් දෙනෙක් දන්නෙ නැති දේ තමයි ලහිරු පෙරේරා කියන්නේ සංගීතය සහ ශ්‍රව්‍ය සංකලනය විෂයක් විදියට වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් හදාරපු, දක්ෂ සංගීතඥයෙකුත් කියන එක. ගොඩක් වෙලාවට දැන් ලහිරු කියනවට වඩා ලා සිංඤෝරේ කියලනේ දැන් ගොඩක් අය ලහිරුව අඳුනගන්නේ. කොහොම වුනත් ලහිරුගේ මුලින්ම අති ජනප්‍රිය වුණු ගීත වල පද රචනා හරි අමුතුයි කියන එක ගැනත් ගොඩක් දෙනෙක් කතා කලා. ඔව්, රන්බරී කියපං උඹෙ නොම්බරේ තමයි! හැබැයි ලහිරුගේ ගීත ඊට එහා පුළුල් පරාසයක විහිදිලා තියෙනවා කියන එක කියන්නම ඕන.

  1. ජය ශ්‍රී

ජය ශ්‍රී කියන්නේ ලංකාවේ සංගීතයට නැවුම් වෙනසක් හඳුන්වා දුන්නු සංගීත කණ්ඩායමක් කියන එක වැරදි නෑ. ගොඩක් දෙනා ජයශ්‍රී ලව අඳුනගන්නේ රෙගේ ශෛලිය ලංකාවේ මියුසික් එක්ක සංකලනය කරපු බෑන්ඩ් එකක් විදියට. සමහර වෙලාවට ජයශ්‍රීලා අඳින පළඳින විදිය සහ එයාලගේ ගොඩක් ජනප්‍රිය වුණු ගීතත් ඒකට හේතු වෙන්න පුලුවන්. හැබැයි ජයශ්‍රී සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙත් ඒ අයගේ මියුසික් ශ්‍රී ලංකන් රෙගේ වල විතරක් නතර වෙලා නැහැ කියලා තමයි. ඇත්තටම ජයශ්‍රීලා හඳුන්වලා දෙන්නේ දේශසීමාවන් නැති සංගීතයක්. මිල්ලේ සොයා ‍ෆිල්ම් එකේ මියුසික් ඒකට හොඳ උදාහරණයක්.

  1. රයිනි චාරුකා

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුරේ ජනප්‍රිය ගායිකාවක් වෙන රයිනි තාරුකා මුලින්ම වේදිකාවට එනකොට හැමෝම ඇයව ආදරයෙන් වැළඳගත්තා. ඒකට එක හේතුවක් තමයි රයිනි කියන්නේ ලංකාවේ අපි හැමෝම අදටත් ආදරය කරන සංගීතවේදී/ගායක රූකාන්ත ගුණතිලක සහ ගායිකා චන්ද්‍රලේඛා පෙරේරාගේ දියණිය වීම. හැබැයි ප්‍රධානතම හේතුව තමයි රයිනි චාරුකාගේ පවුල් පසුබිම ගැන කතා කරන්න අවශ්‍ය නැති තරමටම ඇය අති දක්ෂ ගායිකාවක් බව ඇය අපිට පසක් කරලා දීම. මේ වෙනකොට රයිනි චාරුකාත් ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තමන්ගේම ගමනක් ආරම්භ කරලා හමාරයි. ඇත්තටම ලංකාවේ සංගීතයේ අනාගතයේ ලෙජන්ඩ්ස් වෙන්න ඉන්න වර්තමාන තරු අතර රයිනි ඉහළින්ම ඉන්නවා කියන එක වැරදි නැහැ.

  1. සෙන්ටිග්‍රේඩ්ස්

ඉස්සර ලව් කරන කාලෙත්, ලව් කැඩිලා විරහ වේදනාවෙන් ඉන්න කාලෙත් අහපු සිංදු අතරේ සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ සිංදු ඉස්සරහින්ම තිබුණා. ඒ තරමටම ඒවා යෞවන යෞවනියන් වුණු අපේ හිතට දැනුණු සිංදු කිවුවොත් හරි. කොහොමත් ආරම්භයේ ඉඳලම සෙන්ටිග්‍රේඩ්ස් කියන්නේ ‍රැල්ලට යනවා වෙනුවට තමන්ටත්, තමන්ගේ රසිකයින්ටත් දැනෙන විදියේ වෙනස් සංගීත වැඩ කරපු බෑන්ඩ් එකක්. ඒ නිසාම තමයි තවමත් යොවුන් පරපුරේ ආදරය දිනාගත් ජනප්‍රිය සංගීත කණ්ඩායම් අතරේ ඉහළම තැනක සෙන්ටිග්‍රේඩ්ස් ‍රැඳී ඉන්නේ. ඒ වගේම තමයි, සෙන්ටිග්‍රේඩ්ස්ලගේ මුල් කාලේ නිර්මාණය වුණු ගීත වුනත් අදටත් අපි ආදරයෙන් අහන්නේ ඒ වෙනස නිසාම තමයි.

 

එහෙමනම් අමතක කරන්න එපා!

දවස: 2017 නොවැම්බර් 25 සෙනසුරාදා

වෙලාව: හවස 6.30 ඉඳන්

තැන: ගම්පහ සිරිකුරුස විදුහල් ශ්‍රවණාගාරය (හෝලි ක්‍රොස් විද්‍යාලය)